කර්මය පිලිබද මගේ ගැටලු Karma Questions

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
සබ්බේ සත්ථා කම්මස්සකා කම්මදායාදා, කම්මයෝනි, කම්මබන්ධු, කම්මපටිස්සරනා, යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති.

සබ්බේ සත්ථා කම්මස්සකා : සත්වයන් කුමන තැනක ඉපදුනද කො‍යි ආකාරයෙන් කොයි තරම් දුරක් සංසාරයේ ගමන් කරන්නේද ඔවුන් සිදු කරන හොඳ හා නරක ක්‍රියාවන් ඔවුන්ගේ දේපල ලෙසට පවතී.
එනම් කෙනෙකුගේ හොඳ ‍හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දේපල වන බවයි.

කම්මදායාදා : එසේම එය ඔවුන්ගේ උරුමය වේ. එනම් කෙනෙකුගේ හොඳ ‍හෝ නරක කර්මය (කුසල්/අකුසල් කර්මයන්) ඔහුගේ දායාදය වන බවයි.

කම්මයෝනි : කෙනෙකුගේ හොඳ හෝ නරක ක්‍රියා සසර පුරා සැරි සැරීමට ඔහුට හේතුව වේ.

කම්මබන්ධු : සසර පුරා සැරි සැරීමේදී ඔවුන්ගේ නෑයින් හා සැබෑ යාළුවන් වන්නේ හොඳ හෝ නරක ක්‍රියාවන් පමණි.

කම්මපටිස්සරනා : සසර පුරා සැරි සරද්දී ඔවුන්ට සරණ වන්නේ ඔවුන්ගේ හොඳ හෝ නරක ක්‍රියා පමණි.

යම් කම්මම් කරිස්සන්ති කල්යානම් වා පාපකම් වා තස්ස දායාද බවිස්සන්ති : කයින්, වචනයෙන් හා සිතුවිලි වලින් ක්‍රියාවක් සිදු කරනු ලද්දේ ද එය හොඳ හෝ නරක වේවා එම කර්මය සසර සැරි සරන්නට හේතු වන්නා සේම ඔවුන්ගේ උරුමය ද වේ.

කර්මය පිළබඳ දැනීම නිර්වාණාවබෝධය ලඟා කර ගැනීම සඳහා අපිට බොහෝ දුරට උපකාර වෙනවා. ඇත්තටම අපි කර්මය පිළිබඳව දැන ගෙන තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒ එහෙන් මෙහෙන් ඇහිඳගත්ත දේවල් නෙමේ. අපි දෙයක් දැනගන්නවා නම් ඒ දේ අපේ අවසන් අරමුණට ඒ කියන්නේ සත්‍යාවබෝධයට ලඟා වෙන්න හේතු වෙන දෙයක් වෙන්න ඕනා. එහෙම නැතුව අපි මොන පී.එච්.ඩී ගැහුවත් වැඩක් නෑ. ඒ ඇයි? ඒ හැම දේකින්ම අපි සසරට ඇදලා බැඳලා තියෙනවා මිසක් සසරෙන් ගැලවෙන්න උදව්වක් නොවෙන නිසා. කර්මය ගැනත් එහෙමයි. කර්මය ගැන අපි නිවැරදි දැකීම ඇති කරගන්නා තාක් කල් අපි සසරේ සැරි සරනවා හරියට යන්න ඕනා තැන හොයා ගන්න බැරිව අතරමංවුන අනාථයෝ වගේ. ඒත් අපි කර්මය ගැන නිවරදි දැකීම ඇති කරගන්නවා කියන්නේ නිවැරදි මාර්ගයේ යනවා කියන එකයි. දන්නවානේ නිවන් දකින්න මොන මාර්ගයේ ගියත් වැඩක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ නැතුව. මෙච්චර කල් ඒ මාර්ගයේ ගිය අය විතරයි සැනසීමට පත් වුනේ. අදත් යමෙක් සැනසීමට පත් වෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කෙනෙක් විතරයි. අනාගතේ කෙනෙක් සැනසීමට පත් වෙනවා නම් ඒත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන කෙනෙක් විතරයි. මේ ආර්යාෂ්ටාංගික මාර්ගයේ පළමු මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය..

මේ සම්මා දිට්ඨියේ ආකාර තුනක් තියෙනවා. ඒ තමයි කම්මස්සකතා සම්මා දිට්ඨි, දසවත්ථුක සම්මා දිට්ඨි හා චතුසච්ච සම්මා දිට්ඨි. පේනවාද මේ කියපු ඒවයින් පළමුවැන්න සම්බන්ධ වෙන්නේ කර්මය පිළිබඳ දැකීමට. ඔයාලා දැන ගන්න ඕනා ඒකයි. ඒ බව අමතක කරන්න එපා කවදාවත්. ඔයාලා ඒ බව අමතක කලොත් ඔයාලා අනාථයි. ඇත්තටම.....
 
Last edited:

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Y2K, ඔයාගේ ප්‍රශ්න 'සිරාවටම' අහපුව නම් මගේ thread එකේ ( බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු) ඕව සම්බන්ධ ගොඩක් විස්තර ඇති. මේකේ නම් ගොඩක් වැරදි විග්‍රහ කිරීම් කෙරිලා තියෙන බව දැක්ක (මාත් ඊයේ අහම්බෙන් වගේ මේක බැලුව). මේකේ තියන ඒවා වැරදියි මගේ ඒවා හරියි කියල කතාවක් නැහැ! හැබැයි ඇත්ත බුද්ධ දේශනා වලට පිටින් එක එක්කෙනාට හිතෙන දේවල් අහන්න, පිළිගන්න ගන්න ගියොත් අමාරුවේ වැටෙනවම තමයි. අමාරුවේ වැටෙනවා කියලත් ඇත්තටම කිසිම අමුතු upset එකක් වෙන්නෙත් නැහැ!! ඔය අනික් උදවිය වගේම ජීවත් වෙන්න පුළුවන්, ලෙඩ වෙන වෙලාවට ලෙඩ වේවි, වයසට ගිහින්, මැරෙන දවසට මැරිලා යාවි! එච්චරයි. මලාට පස්සේ ඉතින් අහවල ගාවට යත ඇහැකි කියල එහෙම හිතාගන හිටියට එහෙම කෙනෙක් නැතිබව පෙනේවි, තේරේවි! ඒත් එතකොට time passed !! මෙතන ඇත්තටම ඉගෙන ගන්න ඕනේ දේවල් ගොඩක් තියනවා! අපි හරියටම ලොකු ජලාශයකට වැටිලා ඉන්න පිරිසක් වගෙයි. වැඩි හරියක් ඉඳල තියෙන්නේ යටටම ගිලිලා බොහොම අමාරුවෙන්... මේ ලබපු මනුස්ස ආත්මේ හරියට කියනවා නම් පොඩ්ඩක් උඩට මතුවෙච්ච වෙලාවක්!! දැන් ඉක්මන් කරලා ගොඩබිමක් තියන පැත්ත බලල ඒ පැත්තට පීනන්න ගත්තොත් ගොඩයන්න පුළුවන් වෙයි!!! එක එක්කෙනා කියන තැන්වලට පීනුවට වැඩක් නැහැ!! ගොඩබිමටම පීනන්න ඕනේ!!! නැත්නම් තමන් අමාරුවේම තමයි...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    ඇත්ත .:yes::yes: නමුත් මේ මිනිස්සුන්ගේ මොලේට දල තියන්නේ පොතේ තියන එක විතරක්මයි හරි කියල . කොහොම හරි අමාරුවෙන් හරි අනික් උන්ව පාගාගෙන හරි උඩට වේල්ල ඉන්න බලපන් .එතකොට දෙවියෝ ඇවිල්ල වතුරෙන් උස්සල ගොඩබිමින් තියනවා කියල . අත්තරම පව් මේ මෝඩ මිනිස්සු . එහෙම කරන්න පුළුවන් දෙවිකෙනෙක් හරි එහෙම කරන්න පුළුවන් හැකියාවක් හරි තිබ්බනම් ඕක මුලින්ම කරන්නේ අපේ මහා කාරුණිකයන් වහන්සේ . එහෙමනම් උන්වහන්සේ වතුරේ ගිලිලා උනත් කමක් නැහැ අනෙක් අයව මේකෙන් ගොඩ දානවා . නමුත් එක කරන්න බැරි දෙයක් . එකයි කියන්නේ "තමන් හිසට තම අතමය සෙවනැල්ල "කියල . උන් වහන්සේ ඒ ගොඩබිමට පිනුවා. ගොඩබිම තියන පැත්ත අපිට පෙන්නුවා . ඉතින් ඒ පැත්තට පීනලා ගොඩවෙන එක අපේ වැඩක් . එහෙම නොව්නොත් ගිලෙන්නෙත් අපිමයි . එහෙම නැතුව අපේ පව් වලට දෙවියන් වහසේවත් උන්වහසේගේ පුත්‍රයටවත් , මහා බලගතු විශ්වයේ මැවුම්කාර මැජික් කරයන්ටවත් බහ අපිව මේකෙන් ගොඩ දන්න. එහෙම දාපු කෙනෙක්වත් මෙතුවක් කාලෙකට ඉඳලත් නෑ . ඉන්නෙත් නෑ . ඉතින් දැන් ඉඳලම ගොඩබිම පැත්තට පීනන්න .

    පීනන්න දන්නේ නැත්තම් දමිතගේ පොස්ට් එක බලන්න.
    යම්කිසි උපකාරයක් ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම . අඩුම තරමෙන් පීනන්න පුරුදු වෙනකන් පාවෙන්නවත් උදව්වක් ගැන පුළුවන් වෙයි .
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    එ කියන්නෙ මචන් දැන් කාලෙ ගිහියෙකුට උනත් රහත්වෙන එක හිනයක්

    කවුරුහරි අපි එක්ක විහිලු කරනවාද මන්දා
    ?

    මෙහෙමයි.. ගිහියෙකු වුණාට බණ අහලා දහම් අවබෝධ කරගෙන සෝවාන් වෙලා ඉන්න කෙනෙක් වෙන්න ඕනනේ රහත් වෙන්නනම්... බුදුපියණන්වහන්සේ සංඝ (ගිහි හෝ පැවිදි) කියලා ගන්න පුළුවන් අට දෙනෙක් පෙන්නුවා ... (බුදුපියාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඕන තරම් සෝවාන්, සකෘදාගාමි .. අනාගාමි වෙච්ච ගිහියෝ හිටියා ... දැනුත් ඇති ... )

    "යදිදං චත්තාරි පුරිස යුගානි.. අට්ඨ පුරිස පුග්ගලා.. ඒස භගවතෝ සාවක සංඝෝ"

    ඒකිව්වේ පුද්ගලොයෝ අටක් හෝ යුගල හතරක් වශයෙන්...

    1. සෝවාන් මාර්ග අනුගාමිකයා (චුල්ල සෝතාපන්න පුද්ගලයා) 2. සෝවන් මගඵල ලාභියා
    3. සකෘදාගාමි අනුගාමිකයා 4. සකෘදාගාමි මගඵල ලාභියා
    5. අනාගාමි මාර්ග අනුගාමිකයා 6. අනාගාමි මගඵල ලාභියා
    7. අරිහත් මාර්ග අනුගාමිකයා 8. අරිහත් මගඵල ලාභියා

    ගිහියෙක් ඔය අට දෙනාගෙන් 8 වෙනි එක්කෙනා වුන ගමන් අනිවාරයෙන් පැවිදි වෙන්න ඕන.. නැත්නම් දවස් හතක් ඇතුළත පිරිණිවන් පානවා...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ගිහියෙක් ඔය අට දෙනාගෙන් 8 වෙනි එක්කෙනා වුන ගමන් අනිවාරයෙන් පැවිදි වෙන්න ඕන.. නැත්නම් දවස් හතක් ඇතුළත පිරිණිවන් පානවා...

    පිස්සු කෙලින්න එපා මිනිහෝ! කොයි පොතේද ඔහොම තියෙන්නේ?? ඉස්සෙල්ල තමන් හරියට දැනගන හිටු! අනික් මිනිස්සුන්ව අමාරුවේ දන්නේ නැතුව!
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    පිස්සු කෙලින්න එපා මිනිහෝ! කොයි පොතේද ඔහොම තියෙන්නේ?? ඉස්සෙල්ල තමන් හරියට දැනගන හිටු! අනික් මිනිස්සුන්ව අමාරුවේ දන්නේ නැතුව!

    :) මේක වැරදි නම් හරි එක හේතුඵල සහිතව විස්තර කරනවද ? (මම ලියපු එක වැරදියි කියලා හේතුඵල සහිතවත් පුළුවන්නම් විස්තර කරන්න ;) මොකද වැරදි නම් ඒකට හේතුවක් තියෙන්නෙ එපැයි)...
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :) මේක වැරදි නම් හරි එක හේතුඵල සහිතව විස්තර කරනවද ? (මම ලියපු එක වැරදියි කියලා හේතුඵල සහිතවත් පුළුවන්නම් විස්තර කරන්න ;) මොකද වැරදි නම් ඒකට හේතුවක් තියෙන්නෙ එපැයි)...

    අය්යෝ, නිකම් අවුල් හදා ගන්නේ... බලන්නේ නැද්ද මගේ thread එක? මාත් full try එකක් දාන්නේ තව අයට උපකාරයක් වෙන්න නේ...
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    අය්යෝ, නිකම් අවුල් හදා ගන්නේ... බලන්නේ නැද්ද මගේ thread එක? මාත් full try එකක් දාන්නේ තව අයට උපකාරයක් වෙන්න නේ...

    මට කිසිම අවුලක් නැහැ ... මෙතන කෙටියෙන් කියන්න... වැරදි නම් ඇයි වැරදි කියලා... බොරුවට මැදින් පැනලා... අරක බලන්න මේක බලන්න කියන්න එපා...
     
    Aug 3, 2010
    55
    7
    0
    හරියට හරි . ඔය ගැටලුවම තමයි මටත් තියන්නේ . මම අහන්නම හිටියේ දමිතය කොහොමද තාම ජීවතුන් අතර ඉන්නේ කියල ? උ කියන්න උනම් දැන් නිවන් අවබෝද කරලා ඉන්නේ කියල . මමනම් කියන්නේ උට පිස්සු .

    හැම වෙලාවේම හදන්නේ මිනිහ මහලොකු කෙරුමෙක් කියල පෙන්නන්න . ඕකට පිස්සු . :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට කිසිම අවුලක් නැහැ ... මෙතන කෙටියෙන් කියන්න... වැරදි නම් ඇයි වැරදි කියලා... බොරුවට මැදින් පැනලා... අරක බලන්න මේක බලන්න කියන්න එපා...

    'බක' කෙනෙක් උනොත් නම් වැඩේ කෙලවෙයි... 'මට අවුලක් නැහැ' කියල තියන ටිකෙන්ම මට සැහෙන දේවල් තේරෙනවා!

    මොලයක් තියන කෙනෙක් වෙන්න ඇති නේ... නේද?

    දැන් සාමාන්‍ය සංසාරගත සත්වයා කියන්නේ 'අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනානං'. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා සම්පූර්ණයෙන්ම මුලාවේ ඉන්නේ! ධර්ම මාර්ගය සම්පූර්ණ කළා, අරහත් ඵලය සාක්ෂාත් කළා කියන්නේ 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා'. අවිද්‍යාව සහමුලින්ම දුරු වෙලා, ඉතුරු නැතුව ඉවර වෙලා! මේ පාරක කෙළවරවල් දෙකක් කියල හිතුවොත්, අපිට තියෙන්නේ මොකුත් නොදන්නා, චතුරාර්ය සත්‍ය පිලිබඳ අඥාණය කියන අන්තයේ ඉඳල පරිවර්ථ තුනකින්, ආකාර දොළසකින්, චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධය කරා යන ගමනක්! අවබෝධය සම්පූර්ණ උන දවසට එයා දැනගන්නවා දැන් ඉතින් හරි නේද? ආයේ තව කරන්න දෙයක් නැහැ නේද? කියල. එච්චරයි, එතනින් සම්පූර්ණ කතන්දරේම ඉවරයි!

    මේ ගමනේදී ලබන අවබෝධය අනුව, සක්ඛාය දිට්ඨි, විච්කිච්චා, සීලබ්බත පරාමාස දුරුවීම දක්වා කොටස සෝතාපන්න. ඒ කොටසේ කෙලවර තමයි සෝතාපන්න ඵලය! ඊළඟ කොටස කාමාශ්‍රව වලින් නිදහස්වීම, සකෘදාගාමි. ඒ කොටසේ කෙලවර සකෘදාගාමි ඵලය! ඊළඟට ඝවාශ්‍රාව වලින් නිදහස් වීම, කෙලවර අනාගාමී ඵලය! ඊළඟට අවසාන කොටස අවිජ්ජාශ්‍රව දුරුවීම, කෙලවර අරහත් ඵලය!! මේ සේරම 'කෙලෙස් සහිත සිත' සම්පූර්ණයෙන්ම 'නිකෙලෙස් වීම' සඳහා තියන වැඩ පිළිවෙලක්! සිත දියුණු කිරීම සම්බන්ධ වැඩපිළිවෙලක්!

    දැන් මේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමයි තමන් ලබා උපන්න ආයුෂයි, ගිහි පැවිදි තත්වයයි අතරේ සම්බන්ධය මොකද්ද??? සම්බන්ධයක් නැහැ!!!

    ඇහුවනේ හේතු ඵල කතාවක්...

    ඔය කියපු, 'ගිහියෙක් ඔය අට දෙනාගෙන් 8 වෙනි එක්කෙනා වුන ගමන් අනිවාරයෙන් පැවිදි වෙන්න ඕන.. නැත්නම් දවස් හතක් ඇතුළත පිරිණිවන් පානවා...' කියන කතාව කියන්න හේතුව තමයි තමන්ගෙයි, ඕක මුලින්ම කියපු පුද්ගලයගෙයි නොදැනුවත් කම එහෙම නැත්නම් මොට්ට කම! ඒ මොට්ට කමේ ඵලය තමයි ඔය විදිය ගොන් කතා කීම!!

    හරිද? පැහැදිලියිද??
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    mchan according to the quntum theory we can see even the reversal of casue and effect (non locality)

    මචන් අපි පුලුවන් තරම් මෙක ගහාමාරාගන්නෙ නැතුව කරගෙන යමු තම කෙනෙකුගෙ මතයකට යම් කෙනෙක් එකග නොවෙන්නෙ නම් "මම ඔබෙ මතයට එකග නොවේ කියලා අදහස් ප්‍රකාශ කරාම ඇති"

    පුලුවන් තරම් අපි විනයක් තුයාගමු අඩුගානේ මෙවගේ ධර්ම සංවාද වලදිත්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි පුලුවන් තරම් මෙක ගහාමාරාගන්නෙ නැතුව කරගෙන යමු ...

    එහෙම කතා මොකුත්ම නැහැ! ඒත් ශ්‍රී සද්ධර්මය සම්බන්ධයෙන් කිසිම 'මත' නැත්නම් 'අදහස්' කියල දෙයක් නැහැ!!! මේ භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා... (භාග්‍යවතුන් වහන්සේයි ධර්මයෙහි මූලය, එහි මුදුන...) එහෙම කියල, පුරාණයේ ඉඳල එන ආර්ය සංඝ පරම්පරාව දිවිහිමියෙන් රැකගෙන ආව දෙයක්. බොහොම දුර්ලභ දෙයක්! සංසාර දුක, භව ගමන කියන 'අති භයානක රෝගයට' තියන එකම ප්‍රත්‍යක්ෂ බෙහෙත! කිළුටු උනොත්, දූෂ්‍ය උනොත් වැඩක් නැහැ!! ප්‍රතිඵල ලබන්න බැරුව යනවා. එහෙම දූෂ්‍ය කලොත් ඒක සියල්ලන්ගේම අයහපත පිණිසම හේතුවෙන නරකම දෙයක්!
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    'බක' කෙනෙක් උනොත් නම් වැඩේ කෙලවෙයි... 'මට අවුලක් නැහැ' කියල තියන ටිකෙන්ම මට සැහෙන දේවල් තේරෙනවා!

    මොලයක් තියන කෙනෙක් වෙන්න ඇති නේ... නේද?

    දැන් සාමාන්‍ය සංසාරගත සත්වයා කියන්නේ 'අවිජ්ජා නීවරනානං තන්හා සංයෝජනානං'. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා සම්පූර්ණයෙන්ම මුලාවේ ඉන්නේ! ධර්ම මාර්ගය සම්පූර්ණ කළා, අරහත් ඵලය සාක්ෂාත් කළා කියන්නේ 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා'. අවිද්‍යාව සහමුලින්ම දුරු වෙලා, ඉතුරු නැතුව ඉවර වෙලා! මේ පාරක කෙළවරවල් දෙකක් කියල හිතුවොත්, අපිට තියෙන්නේ මොකුත් නොදන්නා, චතුරාර්ය සත්‍ය පිලිබඳ අඥාණය කියන අන්තයේ ඉඳල පරිවර්ථ තුනකින්, ආකාර දොළසකින්, චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධය කරා යන ගමනක්! අවබෝධය සම්පූර්ණ උන දවසට එයා දැනගන්නවා දැන් ඉතින් හරි නේද? ආයේ තව කරන්න දෙයක් නැහැ නේද? කියල. එච්චරයි, එතනින් සම්පූර්ණ කතන්දරේම ඉවරයි!

    මේ ගමනේදී ලබන අවබෝධය අනුව, සක්ඛාය දිට්ඨි, විච්කිච්චා, සීලබ්බත පරාමාස දුරුවීම දක්වා කොටස සෝතාපන්න. ඒ කොටසේ කෙලවර තමයි සෝතාපන්න ඵලය! ඊළඟ කොටස කාමාශ්‍රව වලින් නිදහස්වීම, සකෘදාගාමි. ඒ කොටසේ කෙලවර සකෘදාගාමි ඵලය! ඊළඟට ඝවාශ්‍රාව වලින් නිදහස් වීම, කෙලවර අනාගාමී ඵලය! ඊළඟට අවසාන කොටස අවිජ්ජාශ්‍රව දුරුවීම, කෙලවර අරහත් ඵලය!! මේ සේරම 'කෙලෙස් සහිත සිත' සම්පූර්ණයෙන්ම 'නිකෙලෙස් වීම' සඳහා තියන වැඩ පිළිවෙලක්! සිත දියුණු කිරීම සම්බන්ධ වැඩපිළිවෙලක්!

    දැන් මේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමයි තමන් ලබා උපන්න ආයුෂයි, ගිහි පැවිදි තත්වයයි අතරේ සම්බන්ධය මොකද්ද??? සම්බන්ධයක් නැහැ!!!

    ඇහුවනේ හේතු ඵල කතාවක්...

    ඔය කියපු, 'ගිහියෙක් ඔය අට දෙනාගෙන් 8 වෙනි එක්කෙනා වුන ගමන් අනිවාරයෙන් පැවිදි වෙන්න ඕන.. නැත්නම් දවස් හතක් ඇතුළත පිරිණිවන් පානවා...' කියන කතාව කියන්න හේතුව තමයි තමන්ගෙයි, ඕක මුලින්ම කියපු පුද්ගලයගෙයි නොදැනුවත් කම එහෙම නැත්නම් මොට්ට කම! ඒ මොට්ට කමේ ඵලය තමයි ඔය විදිය ගොන් කතා කීම!!

    හරිද? පැහැදිලියිද??

    හ්ම්.. හේතු ඵල ආකාරයට විස්තර කරන්න කිව්වාම කරල තියෙන්නෙ ඔබතුමාගෙ මතයක් ප්‍රකාශ කරන එකයි....

    දැන් මේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමයි තමන් ලබා උපන්න ආයුෂයි, ගිහි පැවිදි තත්වයයි අතරේ සම්බන්ධය මොකද්ද??? සම්බන්ධයක් නැහැ!!!

    මෙතන සම්බන්ධයක් නැති එක ඇත්ත.. මම කිව්වෙ රහතන්වහන්සේට ගිහිගෙයි ඉන්න බැහැ දවස් හතකට වැඩිය.. ඒක වැරදි නම හේතු කියන්න කියල... මිසක්.. ඔයගේ මතය නෙමෙයි... මම කිව්ව දේට හේතුව මම කියන්නම්..

    රහතන්වහ්න්සේ කියන්නෙ.. වීතරාගි වීතද්වේශි වීතමෝහි උත්තමයෙක්.. ඉතින් උන්වහ්න්සේට රාග, ද්වේශ , මෝහ තියෙන පරිසරයක් ... ඒ පරිසරයේ ඉන්න එක ඒකේ තියෙන කෑම අනුබව කරන එක ප්‍රත්‍ය වෙන්නේ නැහැ (අංගුත්තර නිකායෙ එන නවාංග උපෝස්ථ සූත්‍රය.. අෂ්ඨාංග උපෝසථ සූත්‍රය .. අරගෙන බලන්න රහතන්වහ්න්සේ කෙබඳු කෙනෙක් ද කියලා තේරෙයි) .. මනුස්ස කයකට දවස් හතකට වැඩිය ඉන්න බැහැ ආහාර .. නැතුව .. ඒකයි පිරිණිවන්පානවා කිව්වෙ (නිරෝධ සමාපත්තියෙන් උපරිම දවස් හතකට වැඩිය ඉන්න බැරි හේතුවත් මේකයි.. මුගලන් මහරහතන් වහන්සේ විශ්වයේ කොන හොයන්න ගිහින් බුදුපියාණන් වහන්සේ ගෙන්වා ගත්තෙත් මේ හේතුව හන්දයි.. උන්වහ්නසේ අතරමං වුණ නිසා නෙමෙයි.. ආපහු එන්න කල්මදිවන නිසා) .. පැවිදි බිමට ඇතුල්වෙනවා කිව්වේ .. උන්වහන්සේට ගැලපෙන පරිසරය නිසා ආයුෂ ගෙවන කන් ඉන්න පුළුවන්.. (මේ පරිසරය ගැලපීමට කියනව සමනන්තර .. අන්නන්තර ප්‍රත්‍ය .. කියලා... [අභිධර්මය අදාල පොත්බලන්න මේ ටික තේරෙයි])

    අනාගාමි වෙනකන් ගිහිගෙයි ඉන්න පුළුවන් වෙන්නෙ ..තව රාග ද්වේෂ මෝහ ඉතුරු නිසා ...

    මම මේ කියපු දේවල් මගේ මත නෙමෙයි.. ධර්මයට ගැලපෙනවා.. වැරදි නම් ඒ ආකරයෙන් පෙන්වන්න...
     
    බොහොම හොදයි references දිලා තියෙන්නෙ thanks :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ බුදු කෙනෙකු කියන නිසා කෙසිම දෙයක් පිලිගන්න එපා ඕබම විමසා බාලා දෙයක් පිලිගන්න කියලා. පොඩඩක් හිත්න්න ඒ මොකද?

    මචන් ඔබ මට කිව්වනෙ මම අනයාගම් කරයෙක් කියලා , ඔව් නමුත් මම බුද්ධ දර්මය කියවනව, බන අහනවා මොකද එ දහම මුලු සතවයටම දෙශනා කරල තියෙනවා කියලා ත්මයි මම අහාල තියෙන්නේ.

    ඉතින මුලින්ම මම බන අහනවා/කියවනවා එක නිකමම හිස් මුදුනෙන් පිලිගන්නෙ නැ එ ගැන මගෙ බුද්දියෙන් විමසනවා තවත් දන්න කෙනෙකුගෙ අදහස් විමසනවා අදහස තර්කනුකුලනම් හොද නම් අවබොදය සදහා වැදගත්නම් මම එ දේ ගන්නවා එක තමයි මගෙවිදිය කුඩා දරුවෙක් උනත් යම් හොද දෙයක් කිව්වොත් එක ජිවිත්යට එකතු කරගන්නවා

    එක නිසා දර්මය අපිට අවබොදය කිරිම සදහා reply කරපු සැම දෙනාටම මගේ ප්‍රනාමය පුදකර සිටිනවා, ඇත්තටම ගොඩාක් හොද අදහස් ඉදිරිපත් වුනා තව කෙනෙකුගේ අදහස්ව්ලට නිගරු නොකර

    personally I would like to thank people like unimatrix, Acniantglory
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එහෙම කතා මොකුත්ම නැහැ! ඒත් ශ්‍රී සද්ධර්මය සම්බන්ධයෙන් කිසිම 'මත' නැත්නම් 'අදහස්' කියල දෙයක් නැහැ!!! මේ භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා... (භාග්‍යවතුන් වහන්සේයි ධර්මයෙහි මූලය, එහි මුදුන...) එහෙම කියල, පුරාණයේ ඉඳල එන ආර්ය සංඝ පරම්පරාව දිවිහිමියෙන් රැකගෙන ආව දෙයක්. බොහොම දුර්ලභ දෙයක්! සංසාර දුක, භව ගමන කියන 'අති භයානක රෝගයට' තියන එකම ප්‍රත්‍යක්ෂ බෙහෙත! කිළුටු උනොත්, දූෂ්‍ය උනොත් වැඩක් නැහැ!! ප්‍රතිඵල ලබන්න බැරුව යනවා. එහෙම දූෂ්‍ය කලොත් ඒක සියල්ලන්ගේම අයහපත පිණිසම හේතුවෙන නරකම දෙයක්!

    බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ බුදු කෙනෙකු කියන නිසා කෙසිම දෙයක් පිලිගන්න එපා ඕබම විමසා බාලා දෙයක් පිලිගන්න කියලා. පොඩඩක් හිත්න්න ඒ මොකද?

    මචන් ඔබ මට කිව්වනෙ මම අනයාගම් කරයෙක් කියලා , ඔව් නමුත් මම බුද්ධ දර්මය කියවනව, බන අහනවා මොකද එ දහම මුලු සතවයටම දෙශනා කරල තියෙනවා කියලා ත්මයි මම අහාල තියෙන්නේ.

    ඉතින මුලින්ම මම බන අහනවා/කියවනවා එක නිකමම හිස් මුදුනෙන් පිලිගන්නෙ නැ එ ගැන මගෙ බුද්දියෙන් විමසනවා තවත් දන්න කෙනෙකුගෙ අදහස් විමසනවා අදහස තර්කනුකුලනම් හොද නම් අවබොදය සදහා වැදගත්නම් මම එ දේ ගන්නවා එක තමයි මගෙවිදිය කුඩා දරුවෙක් උනත් යම් හොද දෙයක් කිව්වොත් එක ජිවිත්යට එකතු කරගන්නවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    obathumanla hari wenna athi!! references thiyanawane... ohoma karan yanna... bye!

    මචන් යන්න එපා මම ප්‍රශ්නයක් යොමු කරන් නම් මට උත්තරෙ හොයලා කියන්නවද? තරහ ගන්න එපා හැම කෙනාටම අපි ගරු කරනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Thank you for sharing. This is what I'm looking for also. But I'm yet not entirely clear about the concept.

    Yeah Mchan :yes: sometime I think it is because of our ego mchan i mean the idea of self but if there is no self who get liberated? the answer may be just the though process which comes to an end not self (because there is no self) i guess here again my "oneness" concept is come to play, there is no person call "Buddha" we called him by that name to identify the thought process