Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය යනු කුමක්ද?

කර්මය

ලෝකය විවිධයි විෂමයි.ලෝකයේ වාසය කරන සත්වයන් අතර උස් පහත් බවක් දක්නට තියනව. ලෝකයේ සිටින සත්වයන් අතරින් එක සමාන වූ අය දක්නට ලැබෙන්නෙ නැහැ රෑපයෙන් සමාන වුනත් චරිත වශයෙන් ගත්විට ඒ අය වෙනස්. මේ වෙනසට හේතු රාශියක් ඇතත් ප්‍රධාන වශයෙන් මෙවැනි වෙනස්වීම් වලට හේතුව කර්මය කියලයි බුදු දහමෙ සඳහන් වෙන්නෙ.

තමන්ගේ උස් පහත් බවට හේතුවත් තමන් මයි. තමාව මවන්නේත් තමාමයි. තමාව නසාගන්නෙත් තමාමයි. දෙව්ලොව මවා ගන්නෙත් නිරය මවා ගන්නෙත් තමන්මයි. තමාගේ මැවුම් කරැවාත් ගැලවුම් කරැවාත් තමාමයි. තම තමන්ගේ ක්රියානුකූලව හෙවත් කර්මානුරෑපව තම තමාගේ වෙනස තම තමන්ම ඇතිකර ගන්නව. සර්ව බලධාරී දෙවි කෙනෙක් වෙනුවට බොහෝ බල දරමින්, යුක්ති සහගත තත්වයන් හසුරවමින්, පාලනය කරමින්, පවතින්නාවූ කුසල අකුසල කර්ම සමූහයක් එක් එක් සත්වයාට අදෘෂ්‍යමානව බල පවත්වනව. ඇසට නොපෙනෙන නිසා සමහර අය මෙවැන්නක් ඇතැයි කියා පිළිගැනීමක් නැහැ. කාන්දමක ඇති චුම්භක ශක්තිය නොපෙනෙනව වගේම අප තුල තියන කර්ම ශක්තියත් අපට දෘෂ්‍යමාන වෙන්නෙ නැහැ. ඒක මිනිස් චින්තනයට ගෝචරවන්නෙ නැති දෙයක්. ඒකයි බුදු රජාණන් වහන්සේ කියුවෙ කර්ම විෂය අචින්ත්‍යයි කියල.

කර්මය යනු?

කම්ම නැතහොත් කර්ම යන්නෙන් "කිරීම"යන අර්ථය තමයි ලැබෙන්නෙ. බුදුන් වහන්සේ චේතනාව කර්මය වන බව දේශනා කලා (චේතනාහං භික්කවේ කම්මං වදාමි) හුදෙක් චේතනාව පමණක් නෙමෙයි එය සමඟ එකට යෙදුන සියළුම චෛතසිකයන් කර්මය ලෙස සැලකිය යුතු වුනත් චේතනාවම අහිසංස්කරණයේදී එනම් පිළියෙල කිරීමේදී ප්‍රධාන වන බැවින් එයම කර්මය යැයි දෙශනා කළා. මෙම සියළු කරැණු සැලකීමෙන් පසු චේතනාත්මකව කරන දේවල් කර්මය යනුවෙන් අර්ථ දක්වාගත හැකිවෙනව. මෙහිදී චේතනාත්මකව කයෙන්ම යමක් සිදු කළ යුතු යයි අදහස් කරන්නෙ නැහැ. චේතනාත්මකව සිතින් ද දේවල් කරන්න පුළුවන්. පටලවා ගැනීමෙන් තොරව නුවණින්ම මෙය අවබෝධ කරගත යුත්තක්.

කර්මවල ඵලය විපාක ලෙස හඳුන්වනව. ගොඩක් දෙනෙක් විපාකයට කර්මය (කරැමය) කියන්න පෙළඹිලා ඉන්නව ඒක වැරදි අදහසක්. කර්මය අඹ ඇටය වගේ විපාකය අඹ ගෙඩිය වගේ. අකුසල කර්ම කුසල කර්ම කියල කර්මය කොටස් දෙකකට වෙන් කරනව. කුසලාකුසල පිළිබඳ හේතු ඵල ධර්මය "කර්මය" කියල අර්ථ දක්වන්නත් පුළුවන්. තමන්ගේ අකුසල කර්මවල විපාකයන් උත්සාහයෙන් වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරිනම් කරල තියන දේවල් වල හැටියට කවදාවත් අපිට නිවන් දකින්න බැරි වෙනව.

කර්මයට මුලක් තිබේද?

ලෝකයේ තියන අනෙකුත් ධර්ම ස්වභාවයන් වගේම කර්මයටත් මුලක්, පටන්ගැන්මක් තිබිය නොහැකියි. උදාහරණයක් ලෙස විදුලි බලය ගුරැත්වාකර්ශණ බලය ආදී බලයන් මෙතැන් සිට නැතිනම් මේ කාලයේ සිට පටන් ගත්ත කියල කාටවත් කියන්න බැහැ. විදුලි බලය වගේ දේවල් විද්‍යාවෙන් සොයාගත්ත වෙන්න පුළුවන් ඒත් සොයා ගන්න කලිනුත් ඒව විශ්වයේ පැවතුනු දේවල්, කර්මයත් ඒවගෙයි. "හේතු ඵල" ධර්මයක මුල් හේතුව සෙවිය නොහැකියි. හේතුව- ඵලයද, ඵලය - හේතුවද වන්නාවූ චක්රාකාර වූ ක්‍රියාවලියක පටන්ගැනීම කොතැනකදැයි සෙවිමට නොහැකි වීම මෙයට හේතුවයි.

කර්මය කරන තැනැත්තෙක් සිටීද?

විසුද්ධිමාර්ගයේ සඳහන් වන ආකාරයට කර්මය කරන තැනැත්තෙක් නැහැ. විපාකය විඳින්නෙක්ද නැහැ. ආත්මයක් පුද්ගලයෙක් නොමැති පංචස්කන්ධ ධර්මයන් පමණක් පවතිනව. පරමාර්ථ වශයෙන් බැලීමේදී මිනිසෙක් සත්වයෙක් දෙවියෙක් කියා කෙනෙක් නැහැ. එය සම්මුති මාත්‍රයක් පමණයි. මිනිසා,දෙවියා, සත්වයා, යනු කිසියම් ක්‍රියාවලියකට,ගොඩනැංවීමකට කියන්නාවු නමක්. ගඩොල් බදාම උළු ආදියෙන් යුත් යම් ගොඩනැංවීමකට නිවසක් කියල කියනව නමුත් වෙන් වෙන් වශයෙන් ගත් විට එතන නිවසක් නැහැ සත්වයාත් ඒ වගේ. චේතනා නැමති සිතේ හටගන්න චෛතසිකය කර්ම රැස් කරනව. වේදනා නැමති චෛතසිකය සැප දුක විඳිනව. මෙතනදී කළේ සරල විස්තරයක් දීර්ඝව ගැඹුරට මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට අභිධර්මය හැදෑරීමෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්.

කර්මය පවතින්නේ කොහේද?

කර්මය පවතින තැනක් නැහැ. නමුත් සම්මුති වශයෙන් පංචස්කන්ධය ඇසුරැකරගෙන පවතීයයි පවසන්න පුළුවන්. විපාක දෙන්න හේතු සකස් වුන ගමන් විපාක දෙනව උදාහරණයකින් කියනවනම් සුළං හෝ ගින්න රැස්වී තිබෙන ස්ථානයක් නැහැ එහෙත් නිසි පරිදි හේතු සම්පාදනය වුනහම ගින්න සුළඟ ඇතිවෙනව.

කර්මය හා කර්ම පථය යනු කුමක්ද?

ක්‍රියාව කර්මය ලෙස හඳුන්වනව. දුගතියකට හෝ සුගතියකට යාමට හේතුවන ක්‍රියාව කර්ම පථය ලෙස හඳුන්වනව. සතෙක්ව මරන්න හිතාගෙන තුවක්කුවක් රැගෙන සතා පිටුපස යාම කර්මයක් (ක්‍රියාවක්) සතාට වෙඩිතබා මැරෑවිට එය කර්ම පථයක් වෙනව.

හැම දේම කර්මයෙන්ම සිදු වේද ?

සියළු දේවල් කර්මයෙන් විස්තර කරන්න බැහැ ඒවාට හේතුවන ධර්මතා පහක් තියනව ඒවා නියාම ධර්ම ලෙස හඳුන්වනව. කර්මය එම නියාම ධර්මවලින් එකක් පමණයි. උණ තිබෙන පළාතකට ගිය විට පරිස්සම් නොවුනහොත් උණ හැදෙන්න පුළුවන් මේක කර්මය හින්ද සිදුවුනා කියල කියන්න බැහැ. ඒවගේම දරැවන්ට දෙමව්පියන්ගෙ ආරයෙන් ලැබෙන රැසපුව වැනි දේවල් කර්ම නියාමය නිසා නොව බීජ නියාමය නිසා ලැබෙන දෙයක්.

කර්මය හා ඉරණම කියන්නෙ එකක් නෙමෙයි. ගින්නට අත දැමීමට අපට නිදහස තියනව. අත දැමූ විට පිළිස්සෙන්නේ ඉරණම හේතුවෙන් නොවේ. එවලේ කළ එම ක්‍රියාව හේතුවෙන්. කර්ම කිරීමට හෝ නොකිරීමට අපට නිදහස තියනව. ඒත් ඉඩ ලැබුන ගමන් විපාක විඳින්න සිදුවන බව අමතක නොකළ යුතුයි.

[QUOTE="තොත්තබබා, post: 7462937, member: 266693"] [b]කර්මය යනු කුමක්ද?[/b] [CENTER][SIZE=3][B][SIZE=5]කර්මය[/SIZE] [/B][/SIZE][/CENTER] [SIZE=3] ලෝකය විවිධයි විෂමයි.ලෝකයේ වාසය කරන සත්වයන් අතර උස් පහත් බවක් දක්නට තියනව. ලෝකයේ සිටින සත්වයන් අතරින් එක සමාන වූ අය දක්නට ලැබෙන්නෙ නැහැ රෑපයෙන් සමාන වුනත් චරිත වශයෙන් ගත්විට ඒ අය වෙනස්. මේ වෙනසට හේතු රාශියක් ඇතත් ප්‍රධාන වශයෙන් මෙවැනි වෙනස්වීම් වලට හේතුව කර්මය කියලයි බුදු දහමෙ සඳහන් වෙන්නෙ. තමන්ගේ උස් පහත් බවට හේතුවත් තමන් මයි. තමාව මවන්නේත් තමාමයි. තමාව නසාගන්නෙත් තමාමයි. දෙව්ලොව මවා ගන්නෙත් නිරය මවා ගන්නෙත් තමන්මයි. තමාගේ මැවුම් කරැවාත් ගැලවුම් කරැවාත් තමාමයි. තම තමන්ගේ ක්රියානුකූලව හෙවත් කර්මානුරෑපව තම තමාගේ වෙනස තම තමන්ම ඇතිකර ගන්නව. සර්ව බලධාරී දෙවි කෙනෙක් වෙනුවට බොහෝ බල දරමින්, යුක්ති සහගත තත්වයන් හසුරවමින්, පාලනය කරමින්, පවතින්නාවූ කුසල අකුසල කර්ම සමූහයක් එක් එක් සත්වයාට අදෘෂ්‍යමානව බල පවත්වනව. ඇසට නොපෙනෙන නිසා සමහර අය මෙවැන්නක් ඇතැයි කියා පිළිගැනීමක් නැහැ. කාන්දමක ඇති චුම්භක ශක්තිය නොපෙනෙනව වගේම අප තුල තියන කර්ම ශක්තියත් අපට දෘෂ්‍යමාන වෙන්නෙ නැහැ. ඒක මිනිස් චින්තනයට ගෝචරවන්නෙ නැති දෙයක්. ඒකයි බුදු රජාණන් වහන්සේ කියුවෙ කර්ම විෂය අචින්ත්‍යයි කියල. [B]කර්මය යනු?[/B] කම්ම නැතහොත් කර්ම යන්නෙන් "කිරීම"යන අර්ථය තමයි ලැබෙන්නෙ. බුදුන් වහන්සේ චේතනාව කර්මය වන බව දේශනා කලා (චේතනාහං භික්කවේ කම්මං වදාමි) හුදෙක් චේතනාව පමණක් නෙමෙයි එය සමඟ එකට යෙදුන සියළුම චෛතසිකයන් කර්මය ලෙස සැලකිය යුතු වුනත් චේතනාවම අහිසංස්කරණයේදී එනම් පිළියෙල කිරීමේදී ප්‍රධාන වන බැවින් එයම කර්මය යැයි දෙශනා කළා. මෙම සියළු කරැණු සැලකීමෙන් පසු චේතනාත්මකව කරන දේවල් කර්මය යනුවෙන් අර්ථ දක්වාගත හැකිවෙනව. මෙහිදී චේතනාත්මකව කයෙන්ම යමක් සිදු කළ යුතු යයි අදහස් කරන්නෙ නැහැ. චේතනාත්මකව සිතින් ද දේවල් කරන්න පුළුවන්. පටලවා ගැනීමෙන් තොරව නුවණින්ම මෙය අවබෝධ කරගත යුත්තක්. කර්මවල ඵලය විපාක ලෙස හඳුන්වනව. ගොඩක් දෙනෙක් විපාකයට කර්මය (කරැමය) කියන්න පෙළඹිලා ඉන්නව ඒක වැරදි අදහසක්. කර්මය අඹ ඇටය වගේ විපාකය අඹ ගෙඩිය වගේ. අකුසල කර්ම කුසල කර්ම කියල කර්මය කොටස් දෙකකට වෙන් කරනව. කුසලාකුසල පිළිබඳ හේතු ඵල ධර්මය "කර්මය" කියල අර්ථ දක්වන්නත් පුළුවන්. තමන්ගේ අකුසල කර්මවල විපාකයන් උත්සාහයෙන් වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරිනම් කරල තියන දේවල් වල හැටියට කවදාවත් අපිට නිවන් දකින්න බැරි වෙනව. [B]කර්මයට මුලක් තිබේද?[/B] ලෝකයේ තියන අනෙකුත් ධර්ම ස්වභාවයන් වගේම කර්මයටත් මුලක්, පටන්ගැන්මක් තිබිය නොහැකියි. උදාහරණයක් ලෙස විදුලි බලය ගුරැත්වාකර්ශණ බලය ආදී බලයන් මෙතැන් සිට නැතිනම් මේ කාලයේ සිට පටන් ගත්ත කියල කාටවත් කියන්න බැහැ. විදුලි බලය වගේ දේවල් විද්‍යාවෙන් සොයාගත්ත වෙන්න පුළුවන් ඒත් සොයා ගන්න කලිනුත් ඒව විශ්වයේ පැවතුනු දේවල්, කර්මයත් ඒවගෙයි. "හේතු ඵල" ධර්මයක මුල් හේතුව සෙවිය නොහැකියි. හේතුව- ඵලයද, ඵලය - හේතුවද වන්නාවූ චක්රාකාර වූ ක්‍රියාවලියක පටන්ගැනීම කොතැනකදැයි සෙවිමට නොහැකි වීම මෙයට හේතුවයි. [B]කර්මය කරන තැනැත්තෙක් සිටීද?[/B] විසුද්ධිමාර්ගයේ සඳහන් වන ආකාරයට කර්මය කරන තැනැත්තෙක් නැහැ. විපාකය විඳින්නෙක්ද නැහැ. ආත්මයක් පුද්ගලයෙක් නොමැති පංචස්කන්ධ ධර්මයන් පමණක් පවතිනව. පරමාර්ථ වශයෙන් බැලීමේදී මිනිසෙක් සත්වයෙක් දෙවියෙක් කියා කෙනෙක් නැහැ. එය සම්මුති මාත්‍රයක් පමණයි. මිනිසා,දෙවියා, සත්වයා, යනු කිසියම් ක්‍රියාවලියකට,ගොඩනැංවීමකට කියන්නාවු නමක්. ගඩොල් බදාම උළු ආදියෙන් යුත් යම් ගොඩනැංවීමකට නිවසක් කියල කියනව නමුත් වෙන් වෙන් වශයෙන් ගත් විට එතන නිවසක් නැහැ සත්වයාත් ඒ වගේ. චේතනා නැමති සිතේ හටගන්න චෛතසිකය කර්ම රැස් කරනව. වේදනා නැමති චෛතසිකය සැප දුක විඳිනව. මෙතනදී කළේ සරල විස්තරයක් දීර්ඝව ගැඹුරට මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට අභිධර්මය හැදෑරීමෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්. [B]කර්මය පවතින්නේ කොහේද?[/B] කර්මය පවතින තැනක් නැහැ. නමුත් සම්මුති වශයෙන් පංචස්කන්ධය ඇසුරැකරගෙන පවතීයයි පවසන්න පුළුවන්. විපාක දෙන්න හේතු සකස් වුන ගමන් විපාක දෙනව උදාහරණයකින් කියනවනම් සුළං හෝ ගින්න රැස්වී තිබෙන ස්ථානයක් නැහැ එහෙත් නිසි පරිදි හේතු සම්පාදනය වුනහම ගින්න සුළඟ ඇතිවෙනව. [B]කර්මය හා කර්ම පථය යනු කුමක්ද?[/B] ක්‍රියාව කර්මය ලෙස හඳුන්වනව. දුගතියකට හෝ සුගතියකට යාමට හේතුවන ක්‍රියාව කර්ම පථය ලෙස හඳුන්වනව. සතෙක්ව මරන්න හිතාගෙන තුවක්කුවක් රැගෙන සතා පිටුපස යාම කර්මයක් (ක්‍රියාවක්) සතාට වෙඩිතබා මැරෑවිට එය කර්ම පථයක් වෙනව. [B]හැම දේම කර්මයෙන්ම සිදු වේද ?[/B] සියළු දේවල් කර්මයෙන් විස්තර කරන්න බැහැ ඒවාට හේතුවන ධර්මතා පහක් තියනව ඒවා නියාම ධර්ම ලෙස හඳුන්වනව. කර්මය එම නියාම ධර්මවලින් එකක් පමණයි. උණ තිබෙන පළාතකට ගිය විට පරිස්සම් නොවුනහොත් උණ හැදෙන්න පුළුවන් මේක කර්මය හින්ද සිදුවුනා කියල කියන්න බැහැ. ඒවගේම දරැවන්ට දෙමව්පියන්ගෙ ආරයෙන් ලැබෙන රැසපුව වැනි දේවල් කර්ම නියාමය නිසා නොව බීජ නියාමය නිසා ලැබෙන දෙයක්. කර්මය හා ඉරණම කියන්නෙ එකක් නෙමෙයි. ගින්නට අත දැමීමට අපට නිදහස තියනව. අත දැමූ විට පිළිස්සෙන්නේ ඉරණම හේතුවෙන් නොවේ. එවලේ කළ එම ක්‍රියාව හේතුවෙන්. කර්ම කිරීමට හෝ නොකිරීමට අපට නිදහස තියනව. ඒත් ඉඩ ලැබුන ගමන් විපාක විඳින්න සිදුවන බව අමතක නොකළ යුතුයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom