කර්මාන්ත සඳහා පමණක් පොල් ආනයනයට අවසර..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    කර්මාන්ත සඳහා පොල් ආනයනයට අවසර

    පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමට අවසර හිමි වේ.

    මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි මෙම පොල් ආනයනය සිදුකිරීමට නියමිතය.

    පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සොයා බලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස 2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්ට නියම කරනු ලැබ ඇත.

    ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන), පොල් කිරි/පිටි කළ පොල් කිරි හා දිසිදි පොල් ආනයනයට අදාළව මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබේ.

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කර ඇත.

    https://sinhala.adaderana.lk/news/206248
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    ඇත්තටම ලංකාවේ පොල් හිඟයට හේතුව කුමක්ද?
    පොල් වතු කොටස් කර විකිණීමද?
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    ඇත්තටම ලංකාවේ පොල් හිඟයට හේතුව කුමක්ද?
    පොල් වතු කොටස් කර විකිණීමද?
    Yes. theres no POL or POL THRIKONE now. Also no maintenance + pol cultivation + old techniques. theres no implemented standards and no analytical decisions.

    mun man dakka 3mil da koheda aluthin waga karanna kiala dala tibba (meka no1). oke benefit enne tava aurudu 4,5kin tama. okama thama rice case ekat.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ඇත්තටම ලංකාවේ පොල් හිඟයට හේතුව කුමක්ද?
    පොල් වතු කොටස් කර විකිණීමද?

    පොල් කිරි ටින් කරලා මහා පරිමාණයෙන් රට පටවනවා.ඒ වගේ factory ඵකක් නෙමෙයි නේ තියෙන්නෙත්..ඉතිං රටේ පොල් ඉතුරු වෙයිද..:yes:

    ඵහෙම කරලා උපයන ඩොලර් නම් වෙන රටවල් වලත් ඉන්වෙස්ට් කරනවා අැති..නැත්නම් ඉතිං ඒ ඩොලර් ඔක්කොම රටට අාවනම් රටට මෙහෙම වෙයිද..😑

     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Malaysia වලත් පොල් නෑ. කෝවිල් වලට ගිහින් අඩුවෙන් පොල් ගහන්නලූ.

    Coconut prices have surged in Malaysia amid a shortage caused by unfavourable weather, prompting state and community leaders to urge Thaipusam participants to break fewer coconuts during the colourful Hindu festival this month.

    Batu Caves Hindu temple committee chairman R Nadarajah said he would personally advise devotees to break only one coconut, reported news outlet the Malay Mail on Sunday (Feb 2).

    Link
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Yes. theres no POL or POL THRIKONE now. Also no maintenance + pol cultivation + old techniques. theres no implemented standards and no analytical decisions.

    mun man dakka 3mil da koheda aluthin waga karanna kiala dala tibba (meka no1). oke benefit enne tava aurudu 4,5kin tama. okama thama rice case ekat.
    තව දකුණු පලාතෙ පොල් වලට ලෙඩක් තියනවා Waligama wilt disease කියලා. මේක incurable හැදුනොත් ගහ කපලා අයින් කරන්න වෙනවා
    නැත්තං ගෙඩි බොහොම පොඩ්ඩයි හැදෙන්නෙ. මේක සෑහෙන්න පැතිරිලා තියෙන්නෙ මේ පැත්තෙ නං
    ගහ කපලා අලුත් ගහක් පැල කරාම අවුරුදු 5-6ක් යනවා ගෙඩි හැදෙන්න. ඒක නිසා සමහරු මේ ලෙඩේ හැදුන ගස් කපලා අයින් කරන්න කැමති නැහැ. ඒකෙන් තව පැතිරෙනවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    පොල් කිරි ටින් කරලා මහා පරිමාණයෙන් රට පටවනවා.ඒ වගේ factory ඵකක් නෙමෙයි නේ තියෙන්නෙත්..ඉතිං රටේ පොල් ඉතුරු වෙයිද..:yes:

    ඵහෙම කරලා උපයන ඩොලර් නම් වෙන රටවල් වලත් ඉන්වෙස්ට් කරනවා අැති..නැත්නම් ඉතිං ඒ ඩොලර් ඔක්කොම රටට අාවනම් රටට මෙහෙම වෙයිද..😑


    Business karana okkoma dollars aniwaryen ratata genna ona kiyala ekak naha.
     
    • Like
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    pol wathu thiyena un pol gedi kada kada e ena salli walin pora wath gahanne nathwa wahana wala finance gewanawa! :ROFLMAO:

    ape seeyaata kubburu akkara 20k . akkara 5ka wage pol / kurudu idam thibba. un ewa wikunala damma okkoma..
    eka wallen pol gedi 50-60 kadana gas jathi thibba eeke. naki wala kapala dammata ewa ai hetewwe na. ithin.
    mata e idam dunne na. palule bala ekata dunna. oo ewa wikunala damma!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    පොල් කිරි ටින් කරලා මහා පරිමාණයෙන් රට පටවනවා.ඒ වගේ factory ඵකක් නෙමෙයි නේ තියෙන්නෙත්..ඉතිං රටේ පොල් ඉතුරු වෙයිද..:yes:

    ඵහෙම කරලා උපයන ඩොලර් නම් වෙන රටවල් වලත් ඉන්වෙස්ට් කරනවා අැති..නැත්නම් ඉතිං ඒ ඩොලර් ඔක්කොම රටට අාවනම් රටට මෙහෙම වෙයිද..😑


    හදුන්නෙත්තිට වසන්තට දෙන්නාටම එකපාර අභියෝගයක් දෙන්න පුලුවන් හම්මේ 😄
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    අවරුදු 4කට විතර කලින් කුරුනෙගල පැත්තේ ඉඩම් බලන්ඩ ගියා. එක ඉඩමක් ටිබුනා පර්චස් 15 slots. අක්කර 45ක පොල් ඉඩමක් තමයි කොටස් කරලා තියෙන්නේ. දැනටත් ඉතින් කොටස් කරපු ඉඩම් කියන්නේ පොල් ඉඩම් තමයි.​

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න🤌🤣 මයින්ද මාත්තයා ඩොලර් විතර්ක් නෙවෙයි උගන්ඩාවට පොලුත් පැටෙව්වා🤭 පොල්ගස් පිටින් පැටෙව්වේ ඇට්ටිත් එක්ක වගකීමෙන් කියන්නේ😂

    දැන් අපි පුනරුද පොල් ගේනවා මේ පොල් හරිම වටකුරුයි හරිම ලස්සනයි. මේක නෙවෙයිද පුනරුදය පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤣🤣🤌
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඇත්තටම ලංකාවේ පොල් හිඟයට හේතුව කුමක්ද?
    පොල් වතු කොටස් කර විකිණීමද?
    ඔව් ලොකුම හේතුව ඒක. අනික අලුතින් ඉඩම් වැවීමට යොමු වෙලාම නැහැ වගේ. අනික පොහොර කෘමි නාශක වල මිල ගොඩක් වැඩි නිසා හරියට ප්‍රමිතියට එව්වා කෙරෙන්නේ නැහැ. ඉතින් පලදාව අඩුයි. ලොකුම සාධකයක් තමයි කම්කරුවා සොයා ගැනීමට තියන ගැටලුව. දැන් අලුත් පරම්පරාව ඔව්වට යොමු වෙන්නේ නැහැ. ඉන්න ශ්‍රම බලකාය ඔක්කොම අවුරුදු 60ට වැඩි අය ඉතින් කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි
     
    • Like
    Reactions: Asmodeus