Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කර්මය යනු කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්මය ද?

මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

මුගලන් මහතෙරුන් වහන්සේ සොරුන්ගෙන් පහර ලැබුවේ අතීත කර්මයන් නිසා නම් පහර දුන් සොරුන්ට එයින් පාපයක් වේ ද? ඔවුන්ටත් එයින් විපාකයක් ඇති නො වේ ද?

මුගලන් මහතෙරුන් වහන්සේ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දහම් පිරූ මහෝත්තමයෙකි. පමණ කළ නොහෙන ගුණස්කන්ධයකින් යුත් උන්වහන්සේට අපරාධයක් කිරීම තබා කරන්නට සිතීමත් මහා පාපයෙකි. උන් වහන්සේ මැරවීමට සොරුන් යෙදවීමෙන් පන්සියයක් තීර්ථකයෝ ද, ඔවුන්ගෙන් ලැබෙන මුදල නිසා මුගලන් මහතෙරුන් වහන්සේට පහරදීමෙන් පන්සියයක් සොරු ද බොහෝ කල් දුක් විඳින්නට සිදුවන බරපතල අකුශලයක් කර ගත්හ. කෙනකු කළ පාපය තවත් අයට පව් කිරීමට නොයෙක් විට හේතු වේ. එය ලෝකස්වභාවය ය. මුගලන් මහතෙරුන් වහන්සේ ගේ අතීත අකුශල කර්මයත් පන්සියයක් තීර්ථකයන් හා සොරුන්ට එවැනි ම බරපතළ පාපයක් සිදු කර ගැනීමට හේතු විය. මුගලන් මහතෙරුන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබීමට නිසි අතීත පාපකර්මයක් තිබීම තීර්ථකයන් ගේ හා සොරුන් ගේ ක්‍රියාව පාපයක් නො වීමට හෝ සුළු පවක් වීමට හෝ කරුණක් නො වේ.

සිසිල් වස්තු වන සඳුන් දර ගිතෙල් ආදියෙන් හට ගත්තත් අනික් දරයකින් තෙලකින් හට ගත්තත් ගින්න ගින්න ම වේ. එහි ඇත්තේ දවන ස්වභාවය ම ය. එමෙන් කවර හේතුවකින් ඇතිවුවත් පව පව ම ය. එහි ඇත්තේ කළ තැනැත්තාට අනිෂ්ට විපාක ඇති කරන ස්වභාවය ය. මුගලන් මහරහතන් වහන්සේ මැරවූ තීර්ථකයන්ට හා උන් වහන්සේට පහර දුන් සොරුන්ටත් එයින් ඇතිවූයේ දෙවන ජාතියේ ඒකාන්තයෙන් විපාක දෙන ආනන්තර්‍ය්‍ය කර්මයෙකි. ඒ කර්මය විපාක දීම් වශයෙන් ඔවුන් සෑම දෙනම දෙවන ජාතියේ නරකයෙහි උපදින්නට ඇත. ඔවුනට ඒ පාපකර්මය මරණයට කලින් ඒ ජාතියේදීමත් විපාක දුන්නේ ය. අජාසත් රජතුමා මුගලන් මහතෙරුන් වහන්සේට කළ අපරාධය අසා සොරුන් හා තීර්ථකයන් අල්වා තුනටිය දක්වා ඔවුන් සැම දෙනා ම පොළොවෙහි වළලවා, පිදුරු දමා ගිනිලවා ගිනි නිවුණු පසු යකඩ නගුල්වලින් සාවා ඔවුන් ගේ ශරිර කැබලි කර දැමීය. එය ඔවුනට එයින් වර්තමාන භවයේ ලැබුණු විපාකය ය. රහතන් වහන්සේ මැරීමේ අකුශලය උප ඝාතක කර්මය වීමෙන් ඔවුහු හැමදෙන ම අකාල මරණයට පත්වූහ.

------ Post added on [DATETIME="UT"]1633812382[/DATETIME]

ඇතැමුන් ප්‍රාණඝාතාදි බොහෝ පව්කම් කරන්නේත් ඇතමුන් දානාදි පින්කම් කරන්නේත් පූර්වකර්මයන් ගේ විපාක වශයෙන් ද?

“සියල්ල ම පූර්ව කර්මයෙන් සිදුවෙනවාය” යන හැඟීම ඇති පව් කරන්නා වූ ඇතැම්හු “පූර්ව කර්මය නිසා අපට පිනක් කරන්න සිත දෙන්නේ නැත, අප පව් ම කරනවාය” යි කියති. එය සත්‍යය නො වේ. කර්මය කුමක් ද? යන බව මෙහි අන් තැනක විස්තර කර ඇත. විපාකයයි කියනුයේ බීජයෙන් අංකුරයක් (පැළයක්) උපදවන්නාක් මෙන් කෙළින් ම කර්මයෙන් උපදනා දෙයට ය. බීජය අංකුරයක් මිස බීජයක් ම නූපද වන්නාක් මෙන්, කර්මය විපාකයක් මිස කර්මයක් නූපද වන්නේ ය. ප්‍රාණඝාතාදීහු අකුශලයෝ ය. දානාදීහු කුශලයෝ ය. කුශලාකුශල දෙක කර්ම කොට්ඨාසයට මිස විපාක කොට්ඨාසයට අයත් නැත. අතීත කර්මයෙන් ප්‍රාණඝාතාදිය කැරෙනවා නම්, ඒවා කර්ම කොට්ඨාසයට නොව විපාක කොට්ඨාසයට අයත් විය යුතු ය. කර්මයෙන් මිස විපාකයෙන් විපාකයක් ඇති කිරීමක් නැත. ඉදින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් ප්‍රාණවධාදිය කැරෙතොත් ඒවා විපාක නිසා ඒවායින් මතු විපාකයක් වන බව නො කිය හැකි ය. “මතු විපාකයක් ඇති නො කරන විපාක ම වන ප්‍රාණවධාදියක් ඇතැය” යි කියතහොත්, එය බුදු දහමට විරුද්ධ ය. එබැවින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් පව් පින් කෙරෙනවාය යන්න සත්‍ය නො වන බව දත යුතු ය. කර්මය, විපාක දීමෙන් ගෙවී යන්නකි. කර්ම විපාක වශයෙන් කර්ම ම ඇතිවෙත හොත් වරක් ප්‍රාණඝාතය කළ තැනැත්තකුට නැවත නැවත ප්‍රාණඝාත ම කරන්නට වන්නේ ය. වරක් සොරකම් කළ එකකුට නැවත නැවත සොරකම් ම කරන්නට සිදු වන්නේ ය. කර්ම පරම්පරාව කෙළවර නො වන්නේ ය. එය නො විය හැක්කකි. එබැවින් ද අතීත කර්ම විපාක විසින් පින් පව් කෙරෙනවාය යනු සත්‍යයක් නො වන බව කිය යුතු ය.

අකුශල් කිරීමේ ප්‍රධාන හේතුව ඒ ඒ පුද්ගලයන් තුළ ඇත්තා වූ ක්ලේශයෝ ය. අකුශල් කිරීමට දුරින් හේතු වන තවත් බොහෝ දේ ඇත්තේ ය. අකුශලයෙන් වැළකී ජීවත්විය නො හෙන ඉපදීමක් ලැබීම, පාපකාරීන් ඇසුරු කිරීම, ධර්මය නො දැනීම, මිථ්‍යා ධර්ම ඇසීම, කාරණානුකූලව නුවණින් මෙනෙහි නො කිරීම යන මේවා ද අකුසල් ඇතිවීමේ හේතූහු ය. අතීත භවවල දී අකුශල් කර පුරුදු බවත් සමහරවිට අකුශල් ඇතිවීමට හේතු වේ. වර්තමාන භවයේ පළමු කළ අකුශල් ද පසුව අකුශල් කිරීමට හේතු වේ. යම්කිසි පාපයක් දෙතුන් වරක් කොට එය රස වැටුණු තැනැත්තාට ඒ ගැන තුබූ විලිබිය දුරුවීමෙන් ඒ පාපය නැවත නැවත ද කරන්නට සිත් වේ. ඔහු ඒ පුරුද්දෙන් ඒ පාපය නැවත නැවත ද කරයි. සත්ත්වයා තුළ කෙලෙස් නැති නම් මෙබඳු හේතු කොතෙක් ඇතත් ඒවා නිසා පව් නො කෙරේ. එබැවින් පව් ඇතිවීමේ ප්‍රධාන හේතුව කෙලෙස් බව කිය යුතු ය.

පූර්ව අකුශල් පසුව ඇතිවන අකුශල්වලට පමණක් නොව සමහර අවස්ථාවක දී කුශලයන්ට ද හේතු වේ. බොහෝ අකුශල් කළ සමහරු තමන් කළ අකුශල් ගැන බිය වී ඒවායේ විපාකය වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් සමහර විට බොහෝ කුශල් කරති. එසේ කුශල් කරන්නා වූ තැනැත්තන් ගේ ඒ කුශල් ඇති වීමට කලින් කළ අකුශලය ද එක් හේතුවකි. අකුශලය අකුශලයට මෙන් කුශලයටත් ප්‍රත්‍යය වන බව “අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො” යනුවෙන් පට්ඨාන මහාපකරණයෙහි ද වදාරා තිබේ. කුශලාකුශල අව්‍යාකෘත තුනට ම කුශලයත් අකුශලයත් ප්‍රත්‍යය වන සැටි පට්ඨාන මහාපකරණයෙහි විස්තර වශයෙන් ම වදාරා ඇත්තේ ය. ඒ ප්‍රත්‍ය භාවය හෙවත් හේතුභාවය විපාකයක් නො වේ. කර්ම කර්මවලට දුරින් ප්‍රත්‍යය වෙනවා මිස කර්මයක විපාක වශයෙන් කවදාවත් කර්මයක් ඇති නො වන බව කිය යුතු ය. එබැවින් අතීත කර්මයන් විපාක දීම් වශයෙන් කිසිවකු, දැන් පව් නො කරන බවත් කෙලෙසුන් නිසා ම පව් කරන බවත් ස්ථිර වශයෙන් ම පිළිගත යුතු ය.

------ Post added on [DATETIME="UT"]1633812431[/DATETIME]

[QUOTE="Answer, post: 26970390, member: 577196"] [HEADING=2]කර්මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්මය ද?[/HEADING] මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත. බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක. [HR][/HR] [HEADING=2]මුගලන් මහතෙරුන් වහන්සේ සොරුන්ගෙන් පහර ලැබුවේ අතීත කර්මයන් නිසා නම් පහර දුන් සොරුන්ට එයින් පාපයක් වේ ද? ඔවුන්ටත් එයින් විපාකයක් ඇති නො වේ ද?[/HEADING] මුගලන් මහතෙරුන් වහන්සේ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දහම් පිරූ මහෝත්තමයෙකි. පමණ කළ නොහෙන ගුණස්කන්ධයකින් යුත් උන්වහන්සේට අපරාධයක් කිරීම තබා කරන්නට සිතීමත් මහා පාපයෙකි. උන් වහන්සේ මැරවීමට සොරුන් යෙදවීමෙන් පන්සියයක් තීර්ථකයෝ ද, ඔවුන්ගෙන් ලැබෙන මුදල නිසා මුගලන් මහතෙරුන් වහන්සේට පහරදීමෙන් පන්සියයක් සොරු ද බොහෝ කල් දුක් විඳින්නට සිදුවන බරපතල අකුශලයක් කර ගත්හ. කෙනකු කළ පාපය තවත් අයට පව් කිරීමට නොයෙක් විට හේතු වේ. එය ලෝකස්වභාවය ය. මුගලන් මහතෙරුන් වහන්සේ ගේ අතීත අකුශල කර්මයත් පන්සියයක් තීර්ථකයන් හා සොරුන්ට එවැනි ම බරපතළ පාපයක් සිදු කර ගැනීමට හේතු විය. මුගලන් මහතෙරුන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබීමට නිසි අතීත පාපකර්මයක් තිබීම තීර්ථකයන් ගේ හා සොරුන් ගේ ක්‍රියාව පාපයක් නො වීමට හෝ සුළු පවක් වීමට හෝ කරුණක් නො වේ. සිසිල් වස්තු වන සඳුන් දර ගිතෙල් ආදියෙන් හට ගත්තත් අනික් දරයකින් තෙලකින් හට ගත්තත් ගින්න ගින්න ම වේ. එහි ඇත්තේ දවන ස්වභාවය ම ය. එමෙන් කවර හේතුවකින් ඇතිවුවත් පව පව ම ය. එහි ඇත්තේ කළ තැනැත්තාට අනිෂ්ට විපාක ඇති කරන ස්වභාවය ය. මුගලන් මහරහතන් වහන්සේ මැරවූ තීර්ථකයන්ට හා උන් වහන්සේට පහර දුන් සොරුන්ටත් එයින් ඇතිවූයේ දෙවන ජාතියේ ඒකාන්තයෙන් විපාක දෙන ආනන්තර්‍ය්‍ය කර්මයෙකි. ඒ කර්මය විපාක දීම් වශයෙන් ඔවුන් සෑම දෙනම දෙවන ජාතියේ නරකයෙහි උපදින්නට ඇත. ඔවුනට ඒ පාපකර්මය මරණයට කලින් ඒ ජාතියේදීමත් විපාක දුන්නේ ය. අජාසත් රජතුමා මුගලන් මහතෙරුන් වහන්සේට කළ අපරාධය අසා සොරුන් හා තීර්ථකයන් අල්වා තුනටිය දක්වා ඔවුන් සැම දෙනා ම පොළොවෙහි වළලවා, පිදුරු දමා ගිනිලවා ගිනි නිවුණු පසු යකඩ නගුල්වලින් සාවා ඔවුන් ගේ ශරිර කැබලි කර දැමීය. එය ඔවුනට එයින් වර්තමාන භවයේ ලැබුණු විපාකය ය. රහතන් වහන්සේ මැරීමේ අකුශලය උප ඝාතක කර්මය වීමෙන් ඔවුහු හැමදෙන ම අකාල මරණයට පත්වූහ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1633812382[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2]ඇතැමුන් ප්‍රාණඝාතාදි බොහෝ පව්කම් කරන්නේත් ඇතමුන් දානාදි පින්කම් කරන්නේත් පූර්වකර්මයන් ගේ විපාක වශයෙන් ද?[/HEADING] “සියල්ල ම පූර්ව කර්මයෙන් සිදුවෙනවාය” යන හැඟීම ඇති පව් කරන්නා වූ ඇතැම්හු “පූර්ව කර්මය නිසා අපට පිනක් කරන්න සිත දෙන්නේ නැත, අප පව් ම කරනවාය” යි කියති. එය සත්‍යය නො වේ. කර්මය කුමක් ද? යන බව මෙහි අන් තැනක විස්තර කර ඇත. විපාකයයි කියනුයේ බීජයෙන් අංකුරයක් (පැළයක්) උපදවන්නාක් මෙන් කෙළින් ම කර්මයෙන් උපදනා දෙයට ය. බීජය අංකුරයක් මිස බීජයක් ම නූපද වන්නාක් මෙන්, කර්මය විපාකයක් මිස කර්මයක් නූපද වන්නේ ය. ප්‍රාණඝාතාදීහු අකුශලයෝ ය. දානාදීහු කුශලයෝ ය. කුශලාකුශල දෙක කර්ම කොට්ඨාසයට මිස විපාක කොට්ඨාසයට අයත් නැත. අතීත කර්මයෙන් ප්‍රාණඝාතාදිය කැරෙනවා නම්, ඒවා කර්ම කොට්ඨාසයට නොව විපාක කොට්ඨාසයට අයත් විය යුතු ය. කර්මයෙන් මිස විපාකයෙන් විපාකයක් ඇති කිරීමක් නැත. ඉදින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් ප්‍රාණවධාදිය කැරෙතොත් ඒවා විපාක නිසා ඒවායින් මතු විපාකයක් වන බව නො කිය හැකි ය. “මතු විපාකයක් ඇති නො කරන විපාක ම වන ප්‍රාණවධාදියක් ඇතැය” යි කියතහොත්, එය බුදු දහමට විරුද්ධ ය. එබැවින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් පව් පින් කෙරෙනවාය යන්න සත්‍ය නො වන බව දත යුතු ය. කර්මය, විපාක දීමෙන් ගෙවී යන්නකි. කර්ම විපාක වශයෙන් කර්ම ම ඇතිවෙත හොත් වරක් ප්‍රාණඝාතය කළ තැනැත්තකුට නැවත නැවත ප්‍රාණඝාත ම කරන්නට වන්නේ ය. වරක් සොරකම් කළ එකකුට නැවත නැවත සොරකම් ම කරන්නට සිදු වන්නේ ය. කර්ම පරම්පරාව කෙළවර නො වන්නේ ය. එය නො විය හැක්කකි. එබැවින් ද අතීත කර්ම විපාක විසින් පින් පව් කෙරෙනවාය යනු සත්‍යයක් නො වන බව කිය යුතු ය. අකුශල් කිරීමේ ප්‍රධාන හේතුව ඒ ඒ පුද්ගලයන් තුළ ඇත්තා වූ ක්ලේශයෝ ය. අකුශල් කිරීමට දුරින් හේතු වන තවත් බොහෝ දේ ඇත්තේ ය. අකුශලයෙන් වැළකී ජීවත්විය නො හෙන ඉපදීමක් ලැබීම, පාපකාරීන් ඇසුරු කිරීම, ධර්මය නො දැනීම, මිථ්‍යා ධර්ම ඇසීම, කාරණානුකූලව නුවණින් මෙනෙහි නො කිරීම යන මේවා ද අකුසල් ඇතිවීමේ හේතූහු ය. අතීත භවවල දී අකුශල් කර පුරුදු බවත් සමහරවිට අකුශල් ඇතිවීමට හේතු වේ. වර්තමාන භවයේ පළමු කළ අකුශල් ද පසුව අකුශල් කිරීමට හේතු වේ. යම්කිසි පාපයක් දෙතුන් වරක් කොට එය රස වැටුණු තැනැත්තාට ඒ ගැන තුබූ විලිබිය දුරුවීමෙන් ඒ පාපය නැවත නැවත ද කරන්නට සිත් වේ. ඔහු ඒ පුරුද්දෙන් ඒ පාපය නැවත නැවත ද කරයි. සත්ත්වයා තුළ කෙලෙස් නැති නම් මෙබඳු හේතු කොතෙක් ඇතත් ඒවා නිසා පව් නො කෙරේ. එබැවින් පව් ඇතිවීමේ ප්‍රධාන හේතුව කෙලෙස් බව කිය යුතු ය. පූර්ව අකුශල් පසුව ඇතිවන අකුශල්වලට පමණක් නොව සමහර අවස්ථාවක දී කුශලයන්ට ද හේතු වේ. බොහෝ අකුශල් කළ සමහරු තමන් කළ අකුශල් ගැන බිය වී ඒවායේ විපාකය වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් සමහර විට බොහෝ කුශල් කරති. එසේ කුශල් කරන්නා වූ තැනැත්තන් ගේ ඒ කුශල් ඇති වීමට කලින් කළ අකුශලය ද එක් හේතුවකි. අකුශලය අකුශලයට මෙන් කුශලයටත් ප්‍රත්‍යය වන බව “අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො” යනුවෙන් පට්ඨාන මහාපකරණයෙහි ද වදාරා තිබේ. කුශලාකුශල අව්‍යාකෘත තුනට ම කුශලයත් අකුශලයත් ප්‍රත්‍යය වන සැටි පට්ඨාන මහාපකරණයෙහි විස්තර වශයෙන් ම වදාරා ඇත්තේ ය. ඒ ප්‍රත්‍ය භාවය හෙවත් හේතුභාවය විපාකයක් නො වේ. කර්ම කර්මවලට දුරින් ප්‍රත්‍යය වෙනවා මිස කර්මයක විපාක වශයෙන් කවදාවත් කර්මයක් ඇති නො වන බව කිය යුතු ය. එබැවින් අතීත කර්මයන් විපාක දීම් වශයෙන් කිසිවකු, දැන් පව් නො කරන බවත් කෙලෙසුන් නිසා ම පව් කරන බවත් ස්ථිර වශයෙන් ම පිළිගත යුතු ය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1633812431[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom