කර්‍මය යනු කුමක් ද?

Answer

Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    කර්‍මය ගැඹුරු ධර්‍මයෙකි. එබැවින් එය බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටිති. බුදුසමයෙහි ප්‍ර‍ධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලු ම බෞද්ධයන් විසින් ඇති කර ගත යුතු ය. කර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කර ගත හැකි වීමට අභිධර්මය පිළිබඳ තරමකවත් දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය නො දන්නවුන්ට කර්මය හරිහැටි තේරුම් ගැනීම අපහසු ය. බොහෝ භික්ෂූන් වහන්සේලාට පවා කර්මය ගැන හරි දැනුමක් නැත්තේ අභිධර්මය නො දැනීමේ පාඩුව නිසා ය.

    සාමාන්‍ය ලෝකයා විසින් ක්‍රියාවට හා කරනු ලබන දෙයටත් ‘කර්මය’ යි කියනු ලැබේ. බුදු සස්නෙහි කුශලාකුශල කථාවෙහි “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කරන මානසික බලවේගයටත් ඇතැම් මානසික ක්‍රියාවලටත් කර්මය” යි කියනු ලැබේ. කර්මය යනු කුමක් ද? යන මේ ප්‍ර‍ශ්නයට බුදුසස්නෙහි කුශලාකුශල කථාව අනුව පිළිතුරු දෙත හොත් “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදුකරන මානසික බලවේගයත් පාප විරමණාදි ඇතැම් මානසික ක්‍රියාත් කර්‍ම නම් වේය” යි කිය යුතු ය.

    දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදුකරන බලවේගයට බුදු සස්නෙහි ව්‍යවහාර වන නාමය චේතනා යනුයි. එය දෙපනස් චෛතසික ධර්මයන් අතුරෙන් එක් චෛතසික ධර්මයෙකි. සිතය යන අර්ථය කියවෙන ‘චේත’ ශබ්දයක් ද පාලියෙහි ඇත්තේ ය. ඇතමුන් “චේත, චේතනා” යන මේ වචන දෙක අවුල් කර ගෙන, “සිතීම ම කර්මය” යි වරදවා තේරුම් ගෙන සිටිති. සිත කර්මය නො වන බව විශේෂයෙන් මතක තබා ගත යුතු ය.

    “චෙතනාහං භික්ඛවෙ, කම්මං වදාමි” යනු බෞද්ධයන් අතර ප්‍ර‍සිද්ධ ධර්ම පාඨයෙකි. කර්මය පිළිබඳව ඇති තවත් දේශනා නො දන්නා බොහෝ දෙනා ඉහත කී දේශනා පාඨය බලාගෙන හැම තැනක දී ම චේතනාව පමණක් කර්මය වශයෙන් දක්වති. එයත් මහත් වරදෙකි. චේතනාව හැර කර්මය වශයෙන් ගණන් ගැනෙන තවත් ධර්ම එක් විස්සක් ඇත්තේ ය. බෝධ්‍යංග සතය, මාර්ගාංග අටය, අභිජ්ඣා - ව්‍යාපාද - මිථ්‍යාදෘෂ්ටි යන කර්ම තුනය, අනභිද්‍යා - අව්‍යාපාද - සම්‍යග්දෘෂ්ටි යන තුනය යන මේ එක් විස්ස කර්ම වශයෙන් ගණන් ගන්නා ධර්මයෝ ය. චේතනාවත් සමග කර්මය සැටියට ගණන් ගන්නා ධර්ම දෙ විස්සක් ඇත්තේ ය. සැම තැන දී ම මේ දෙ විස්ස ම කර්ම වන්නේ නො වේ. ඒ ඒ ධර්මය කර්මය වන තැන් වෙ වෙන ම කිය යුතු ය.

    චේතනාව තවත් ක්‍ර‍මයකින් තේරුම් කරත හොත් “දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදු කිරීමේ මානසික උත්සාහ චේතනාවය” යි කිය යුතු ය. අකුශල කර්මපථ දශයෙන් පාණාතිපාත, අදින්නාදාන, කාමෙසු මිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුෂාවාච, සම්ඵප්පලාප යන කර්මපථ සත සිදු කරන්නේ චේතනාවෙනි. එබැවින් ඒවායේ කර්මය වශයෙන් චේතනාව ගනු ලැබේ. අභිද්‍යා අකුශල කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍ර‍යුක්ත ලෝභ චෛතසිකය ය. ව්‍යාපාද අකුශල කර්ම පථයෙහි කර්මය වන්නේ චේතනා සම්ප්‍ර‍යුක්ත ද්වේෂ චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි අකුසල කර්‍ම පථයෙහි කර්‍මය වන්නේ චේතනා සම්ප්‍ර‍යුක්ත දෘෂ්ටි චෛතසිකය ය.

    දශ කුශල කර්ම පථයන් අතුරෙන් පාණාතිපාත විරති අදින්නාදානවිරති කාමෙසුමිච්ඡාචාරවිරති යන කර්මපථ තුනෙහි අවස්ථාවල සැටියට චේතනාවත් කර්මය වේ. සම්මා කම්මන්ත චෛතසිකයත් කර්මය වේ. සමහර අවස්ථාවක දී සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ.

    මුසාවාදවිරති පිසුණාවාචාවිරති ඵරුසවාචාවිරති සම්ඵප්පලාප-විරති යන කුශල කර්මපථ සතරෙහි අවස්ථානුරූපව චේතනාවත් සම්මාවාචා චෛතසිකයත් සම්මා ආජීව චෛතසිකයත් කර්මය වේ.

    අනභිද්‍යා කුශලයෙහි කර්මය වන්නේ අලෝභ චෛතසිකය ය. අව්‍යාපාද කුශලයෙහි කර්මය වන්නේ මෛත්‍රී චෛතසිකය ය. සම්‍යග්දෘෂ්ටි කුශලයෙහි කර්මය වන්නේ ප්‍ර‍ඥා චෛතසිකය ය.

    දානමය කුශලයෙහි කර්මය වන්නේ චේතනාව ය. ශීලමය කුශලයෙහි ප්‍ර‍ධාන වශයෙන් කර්මය වන්නේ සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන විරති චෛතසික තුන ය. එහි චේතනාවත් අප්‍ර‍ධාන වශයෙන් කර්මය ලෙස ගණන් ගනු ලැබේ.

    සාමාන්‍ය භාවනාමය කුශලයෙහි කර්මය වන්නේ චේතනාව ය. භාවනාව දියුණු කළ යෝගාවචරයන් ගේ භාවනාමය කුශලයෙහි චේතනාව හා බෝධ්‍යංග සතත් මාර්ගාංග අටත් කර්මය වශයෙන් සලකනු ලැබේ.

    “කිං පනෙතං කම්මං නාම? චෙතනා චෙව එකච්චෙ ච චෙතනා සම්පයුත්තකා ධම්මා, - පෙ- එවං ඉමෙ ඛො බොජ්ඣංග මග්ගංග පභෙදතො පණ්ණරස ධම්මා කම්මචතුක්කෙන දීපිතා, අභිජ්ඣා ව්‍යාපාදෙ මිච්ඡාදිට්ඨි අනභිජ්ඣා අව්‍යාපාදො සම්මා දිට්ඨි ති ඉමෙහි පන ඡහි සද්ධිං එකවීසති චෙතනා සම්පයුත්තකා ධම්මා වෙදිතබ්බා.”

    (අත්ථසාලිනී ද්වාරකථා)

    අත්ථසාලිනියේ ද්වාරකථාව කියවුවහොත් කර්මය පිළිබඳ බොහෝ කරුණු උගත හැකි ය.

    මිනිසකු විසින් අතින් ගසා කුඩා සතකු මරත හොත් ඒ මිනිසා ගේ සන්තානයෙහි සතා මැරීමේ උත්සාහය වූ අකුශල චේතනාව පහළ වේ. ඒ චේතනාව සමග ම ඒ චේතනාවට අනුකූලව සතා අරමුණු කරන සිතක් ද, තවත් එයට වුවමනා චෛතසික ධර්‍ම සමූහයක් ද පහළ වේ. ඒ සියල්ල ම පහළ වන්නේ චේතනාව හා බැඳී එක ම ධර්මයක් සේ ය. ඒ ධර්ම සමූහයෙහි සිතත් එක් ප්‍ර‍ධාන ධර්මයෙකි. චේතනාවත් ප්‍ර‍ධාන ධර්මයෙකි. ප්‍ර‍දීපයක් දල්වනවාත් සමග එයින් ආලෝකයක් ඇති වන්නාක් මෙන් ඉහත කී චේතනාදි ධර්ම පිණ්ඩය ඇති වෙනවාත් සමග ම අත ඔසවා ගෙන ගොස් සත්ත්වයා ගේ ශරීරය කරා පමුණුවන වේගයෙන් යුක්තවන වායුවක් ඇති වේ. ඒ වායු වේගයෙන් අත එසවී සත්ත්වයා ගේ ශරීරය කරා තදින් යන්නේ ය. අත වේගයෙන් හැපීමෙන් සත්ත්වයා ගේ ශරීරය පොඩි වේ. එයින් සත්ත්වයා ගේ මරණය සිදු වේ. සත්ත්වයා ගේ මරණය වූයේ ශරීරය පොඩිවීම නිසා ය. ශරීරය පොඩි වූයේ අත හැපීම නිසා ය. අත සත්ත්ව ශරීරය කරා ගියේ ශරීරය තුළ හටගත් වායු වේගය නිසා ය. ඒ වායුව හට ගත්තේ මිනිසා ගේ සන්තානයෙහි හටගත් සතා මැරීමේ උත්සාහය වූ වධක චේතනා සම්ප්‍ර‍යුක්ත චිත්තය නිසා ය. වධක චේතනා සහිත චිත්තය ඇති නුවූයේ නම් අත ගෙන යන වායු වේගය ඇති නො වේ. වායු වේගය ඇති නො වූයේ නම් අත සතා ගේ ශරීරය කරා නො යන්නේ ය. අත ශරීරය කරා නො ගියේ නම් සතා ගේ ශරීරය නො තැළෙන්නේ ය. ශරීරය නො තැළුනා නම් සතා නො මැරෙන්නේ ය. මේ කාරණයෙහි සතා ගේ ශරීරය තැළීම අත ශරීරය කරා යාම වායු වේගයෙන් අත තල්ලුකර හැරීම යන මේවා අප්‍ර‍ධාන කරුණු ය. එබැවින් ඒ එකකුදු කර්මය නො වේ. චේතනාව ඇති නොවී අත ගෙන යන වායුව ද ඇති නො වේ. අත ද සතා කරා නො යේ. සතා ගේ ශරීරය ද නො තැළේ. මරණය ද සිදු නො වේ. සියල්ල ම වූයේ චේතනාව නිසා ය. එහි චේතනාව ම ප්‍ර‍ධාන ය. ‘චේතනාව කර්මය’ යි කියන්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යි වදාළේ චේතනාව ප්‍ර‍ධාන වන බැවිනි. පහර ලැබූ සත්ත්වයා ගේ සන්තානයෙහි වූ මරණය පහර දුන් මිනිසා ගේ සන්තානය හා සම්බන්ධ වූවක් නො වන නිසා මිනිසා ගේ සන්තානයෙහි යම් කිසි විපාකයක් ඇති කිරීමට ඒ මරණය සමත් නො වේ. වධක චේතනාව මිනිසා ගේ ම සන්තානයෙහි ඇති වූ බැවින් එය ඒ මිනිසා ගේ සන්තානයෙහි යම් කිසි අනිෂ්ට විපාකයක් අනාගතයෙහි ඇති කිරීමට සමත් වේ.

    ප්‍රාණඝාතය කළ හැකි ක්‍ර‍ම බොහෝ ඇත්තේ ය. සැම ක්‍ර‍මයකින් ම ප්‍රාණඝාතය සිදු කෙරෙන්නේ චේතනාවෙන් ම ය. නොයෙක් ක්‍ර‍මවලින් කෙරෙන ප්‍රාණඝාත කර්ම ගැන විස්තරයක් කරන්නට යතහොත් ඉතා දීර්ඝ ලිපියක් ලියන්නට සිදු වන බැවින් එය නො කළ හැකි ය. මෙහි විස්තර කළ ප්‍රාණඝාත කර්මය අනුව අනික් ක්‍ර‍මවලින් කරන ප්‍රාණඝාතය කර්මයන් හි ද චේතනා ප්‍ර‍ධාන භාවය තේරුම් ගත යුතු ය. අදත්තාදානාදි කර්ම සිදු වන සැටිත් ඒවායේ චේතනා ප්‍ර‍ධානත්වයත් කියන ලද කරුණු අනුව තේරුම් ගත යුතු ය.

    අභිජ්ඣා යනු අනුන් ගේ සම්පත් තමාට වේවා යි පවත්නා ලෝභය ය. මනඃකර්මයෙකි. අභිජ්ඣාව ඇති වන්නේ චේතනාවත් සමගම ය. එහෙත් අභිද්‍යා අකුශල කර්මයේ දී චේතනාව අප්‍ර‍ධාන වේ. එබැවින් එහි කර්මය වශයෙන් ගැනෙන්නේ ලෝභ චෛතසිකය ම ය. ව්‍යාපාදය යනු අන්හු නැසෙත්වා යි උපදිනා ද්වේෂය ය. එයත් උපදිනුයේ චේතනාවත් සමග ය. එහි ද චේතනාව අප්‍ර‍ධාන ය. එහි කර්මය වශයෙන් ගැනෙන්නේ ද ද්වේෂ චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මය යනු වරදවා දක්වා වූ දෘෂ්ටි චෛතසිකය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයෙහි ද චේතනාව අප්‍ර‍ධාන බැවින් දෘෂ්ටි චෛතසිකය ම කර්ම වශයෙන් ගනු ලැබේ. ඉහත කර්මය කොටින් දැක්වීමේ දී “ඇතැම් මානසික ක්‍රියාය” යි කියන ලදුයේ කර්ම වන ලෝභ ද්වේෂාදි චෛතසිකයන් ගැන ය. කුශල පක්‍ෂයේ දී විරති ආදි චෛතසික ධර්ම කර්ම වන සැටි කියන ලද කරුණු අනුව සිතා ගත යුතු ය.

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත ධර්ම විනිශ්චය ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53

    කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?​

    මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

    මුගලන් මහතෙරුන් වහන්සේ සොරුන්ගෙන් පහර ලැබුවේ අතීත කර්මයන් නිසා නම් පහර දුන් සොරුන්ට එයින් පාපයක් වේ ද? ඔවුන්ටත් එයින් විපාකයක් ඇති නො වේ ද?​

    මුගලන් මහතෙරුන් වහන්සේ ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දහම් පිරූ මහෝත්තමයෙකි. පමණ කළ නොහෙන ගුණස්කන්ධයකින් යුත් උන්වහන්සේට අපරාධයක් කිරීම තබා කරන්නට සිතීමත් මහා පාපයෙකි. උන් වහන්සේ මැරවීමට සොරුන් යෙදවීමෙන් පන්සියයක් තීර්ථකයෝ ද, ඔවුන්ගෙන් ලැබෙන මුදල නිසා මුගලන් මහතෙරුන් වහන්සේට පහරදීමෙන් පන්සියයක් සොරු ද බොහෝ කල් දුක් විඳින්නට සිදුවන බරපතල අකුශලයක් කර ගත්හ. කෙනකු කළ පාපය තවත් අයට පව් කිරීමට නොයෙක් විට හේතු වේ. එය ලෝකස්වභාවය ය. මුගලන් මහතෙරුන් වහන්සේ ගේ අතීත අකුශල කර්මයත් පන්සියයක් තීර්ථකයන් හා සොරුන්ට එවැනි ම බරපතළ පාපයක් සිදු කර ගැනීමට හේතු විය. මුගලන් මහතෙරුන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබීමට නිසි අතීත පාපකර්මයක් තිබීම තීර්ථකයන් ගේ හා සොරුන් ගේ ක්‍රියාව පාපයක් නො වීමට හෝ සුළු පවක් වීමට හෝ කරුණක් නො වේ.

    සිසිල් වස්තු වන සඳුන් දර ගිතෙල් ආදියෙන් හට ගත්තත් අනික් දරයකින් තෙලකින් හට ගත්තත් ගින්න ගින්න ම වේ. එහි ඇත්තේ දවන ස්වභාවය ම ය. එමෙන් කවර හේතුවකින් ඇතිවුවත් පව පව ම ය. එහි ඇත්තේ කළ තැනැත්තාට අනිෂ්ට විපාක ඇති කරන ස්වභාවය ය. මුගලන් මහරහතන් වහන්සේ මැරවූ තීර්ථකයන්ට හා උන් වහන්සේට පහර දුන් සොරුන්ටත් එයින් ඇතිවූයේ දෙවන ජාතියේ ඒකාන්තයෙන් විපාක දෙන ආනන්තර්‍ය්‍ය කර්මයෙකි. ඒ කර්මය විපාක දීම් වශයෙන් ඔවුන් සෑම දෙනම දෙවන ජාතියේ නරකයෙහි උපදින්නට ඇත. ඔවුනට ඒ පාපකර්මය මරණයට කලින් ඒ ජාතියේදීමත් විපාක දුන්නේ ය. අජාසත් රජතුමා මුගලන් මහතෙරුන් වහන්සේට කළ අපරාධය අසා සොරුන් හා තීර්ථකයන් අල්වා තුනටිය දක්වා ඔවුන් සැම දෙනා ම පොළොවෙහි වළලවා, පිදුරු දමා ගිනිලවා ගිනි නිවුණු පසු යකඩ නගුල්වලින් සාවා ඔවුන් ගේ ශරිර කැබලි කර දැමීය. එය ඔවුනට එයින් වර්තමාන භවයේ ලැබුණු විපාකය ය. රහතන් වහන්සේ මැරීමේ අකුශලය උප ඝාතක කර්මය වීමෙන් ඔවුහු හැමදෙන ම අකාල මරණයට පත්වූහ.
    ------ Post added on Oct 10, 2021 at 2:16 AM

    ඇතැමුන් ප්‍රාණඝාතාදි බොහෝ පව්කම් කරන්නේත් ඇතමුන් දානාදි පින්කම් කරන්නේත් පූර්‍වකර්‍මයන් ගේ විපාක වශයෙන් ද?​

    “සියල්ල ම පූර්‍ව කර්මයෙන් සිදුවෙනවාය” යන හැඟීම ඇති පව් කරන්නා වූ ඇතැම්හු “පූර්‍ව කර්මය නිසා අපට පිනක් කරන්න සිත දෙන්නේ නැත, අප පව් ම කරනවාය” යි කියති. එය සත්‍යය නො වේ. කර්මය කුමක් ද? යන බව මෙහි අන් තැනක විස්තර කර ඇත. විපාකයයි කියනුයේ බීජයෙන් අංකුරයක් (පැළයක්) උපදවන්නාක් මෙන් කෙළින් ම කර්මයෙන් උපදනා දෙයට ය. බීජය අංකුරයක් මිස බීජයක් ම නූපද වන්නාක් මෙන්, කර්මය විපාකයක් මිස කර්මයක් නූපද වන්නේ ය. ප්‍රාණඝාතාදීහු අකුශලයෝ ය. දානාදීහු කුශලයෝ ය. කුශලාකුශල දෙක කර්ම කොට්ඨාසයට මිස විපාක කොට්ඨාසයට අයත් නැත. අතීත කර්මයෙන් ප්‍රාණඝාතාදිය කැරෙනවා නම්, ඒවා කර්ම කොට්ඨාසයට නොව විපාක කොට්ඨාසයට අයත් විය යුතු ය. කර්මයෙන් මිස විපාකයෙන් විපාකයක් ඇති කිරීමක් නැත. ඉදින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් ප්‍රාණවධාදිය කැරෙතොත් ඒවා විපාක නිසා ඒවායින් මතු විපාකයක් වන බව නො කිය හැකි ය. “මතු විපාකයක් ඇති නො කරන විපාක ම වන ප්‍රාණවධාදියක් ඇතැය” යි කියතහොත්, එය බුදු දහමට විරුද්ධ ය. එබැවින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් පව් පින් කෙරෙනවාය යන්න සත්‍ය නො වන බව දත යුතු ය. කර්මය, විපාක දීමෙන් ගෙවී යන්නකි. කර්ම විපාක වශයෙන් කර්ම ම ඇතිවෙත හොත් වරක් ප්‍රාණඝාතය කළ තැනැත්තකුට නැවත නැවත ප්‍රාණඝාත ම කරන්නට වන්නේ ය. වරක් සොරකම් කළ එකකුට නැවත නැවත සොරකම් ම කරන්නට සිදු වන්නේ ය. කර්ම පරම්පරාව කෙළවර නො වන්නේ ය. එය නො විය හැක්කකි. එබැවින් ද අතීත කර්ම විපාක විසින් පින් පව් කෙරෙනවාය යනු සත්‍යයක් නො වන බව කිය යුතු ය.

    අකුශල් කිරීමේ ප්‍ර‍ධාන හේතුව ඒ ඒ පුද්ගලයන් තුළ ඇත්තා වූ ක්ලේශයෝ ය. අකුශල් කිරීමට දුරින් හේතු වන තවත් බොහෝ දේ ඇත්තේ ය. අකුශලයෙන් වැළකී ජීවත්විය නො හෙන ඉපදීමක් ලැබීම, පාපකාරීන් ඇසුරු කිරීම, ධර්මය නො දැනීම, මිථ්‍යා ධර්ම ඇසීම, කාරණානුකූලව නුවණින් මෙනෙහි නො කිරීම යන මේවා ද අකුසල් ඇතිවීමේ හේතූහු ය. අතීත භවවල දී අකුශල් කර පුරුදු බවත් සමහරවිට අකුශල් ඇතිවීමට හේතු වේ. වර්තමාන භවයේ පළමු කළ අකුශල් ද පසුව අකුශල් කිරීමට හේතු වේ. යම්කිසි පාපයක් දෙතුන් වරක් කොට එය රස වැටුණු තැනැත්තාට ඒ ගැන තුබූ විලිබිය දුරුවීමෙන් ඒ පාපය නැවත නැවත ද කරන්නට සිත් වේ. ඔහු ඒ පුරුද්දෙන් ඒ පාපය නැවත නැවත ද කරයි. සත්ත්වයා තුළ කෙලෙස් නැති නම් මෙබඳු හේතු කොතෙක් ඇතත් ඒවා නිසා පව් නො කෙරේ. එබැවින් පව් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව කෙලෙස් බව කිය යුතු ය.

    පූර්‍ව අකුශල් පසුව ඇතිවන අකුශල්වලට පමණක් නොව සමහර අවස්ථාවක දී කුශලයන්ට ද හේතු වේ. බොහෝ අකුශල් කළ සමහරු තමන් කළ අකුශල් ගැන බිය වී ඒවායේ විපාකය වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් සමහර විට බොහෝ කුශල් කරති. එසේ කුශල් කරන්නා වූ තැනැත්තන් ගේ ඒ කුශල් ඇති වීමට කලින් කළ අකුශලය ද එක් හේතුවකි. අකුශලය අකුශලයට මෙන් කුශලයටත් ප්‍ර‍ත්‍යය වන බව “අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො” යනුවෙන් පට්ඨාන මහාපකරණයෙහි ද වදාරා තිබේ. කුශලාකුශල අව්‍යාකෘත තුනට ම කුශලයත් අකුශලයත් ප්‍ර‍ත්‍යය වන සැටි පට්ඨාන මහාපකරණයෙහි විස්තර වශයෙන් ම වදාරා ඇත්තේ ය. ඒ ප්‍ර‍ත්‍ය භාවය හෙවත් හේතුභාවය විපාකයක් නො වේ. කර්‍ම කර්‍මවලට දුරින් ප්‍ර‍ත්‍යය වෙනවා මිස කර්මයක විපාක වශයෙන් කවදාවත් කර්මයක් ඇති නො වන බව කිය යුතු ය. එබැවින් අතීත කර්මයන් විපාක දීම් වශයෙන් කිසිවකු, දැන් පව් නො කරන බවත් කෙලෙසුන් නිසා ම පව් කරන බවත් ස්ථිර වශයෙන් ම පිළිගත යුතු ය.
    ------ Post added on Oct 10, 2021 at 2:17 AM
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53

    කර්‍මය සත්ත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද?​

    කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත් වධයත් බන්ධනයත් ලැබෙන බව ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

    සත්ත්වයකුට කර්මයෙන් සිදු කරන ප්‍ර‍ධාන දෙය මරණින් මතු යම්කිසි භවයක ඉපදවීම ය. සැම සත්ත්වයකු ම උපදින්නේ ඔහු විසින් අතීතයෙහි කළ කර්මයක් විපාක භවයට පැමිණීම් වශයෙනි. මරණයට ඉතා ළංව ඉන්නා පුද්ගලයා හට ඔහු විසින් අතීතයෙහි කොට යටපත් වී ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ සිහි වේ. සමහර විට කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ඔහු ගේ සිතට පෙනෙන්නට වේ. කර්ම නිමිති නම් විපාකදීමට මතුවී ඇවිත් ඇති, කර්මය කිරීමට උපකාර වූ හෝ උපකරණ වූ හෝ වස්තූහු ය. ගති නිමිත්ත නම් මතුවී ඇති කර්ම හේතුවෙන් උපදනා ස්ථානයෙහි ඇති දේවල් ය. මේවායින් කවරක් හෝ මරණාසන්න සත්ත්වයා ගේ සිතට වැටහිමෙන් පරණ වූ කර්මය එකෙණෙහි කරන ලද්දක් මෙන් අලුත් වේ. මැරෙන සත්ත්වයා ගේ ඒ භවයෙහි අන්තිමට උපදනා සිත ඉපද නිරුද්ධ වනු සමග ම මරණාසන්නයෙහි වැටහුණු කර්ම - කර්ම නිමිත්ත - ගති නිමිත්තයන් ගෙන් එකක් අරමුණු කෙරෙමින් ඒ එළඹ සිටි කර්මයාගේ විපාක වශයෙන් දෙවන භවයෙහි පළමුවන සිත පහළ වේ. එයට ‘ප්‍ර‍තිසන්ධිචිත්තය’ යි කියනු ලැබේ. ඒ ප්‍ර‍තිසන්ධිචිත්තය ඇතිවීම මළ සත්ත්වයා ගේ අලුත් භවයකට පැමිණීම ය. එයට මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය යි ද කියනු ලැබේ.

    ප්‍ර‍තිසන්ධිචිත්තය නිරුද්ධ වීමෙන් පසු විපාක දුන් කර්මයා ගේ ශක්තියේ සැටියට කෙටි කලක් හෝ දික් කලක් හෝ අනික් සිතක් නැත්තා වූ සැම අවස්ථාවෙහි ම ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් ගත් අරමුණ ම ගනිමින්, ප්‍ර‍තිසන්ධි චිත්තයට සමාන සිතක් ප්‍ර‍තිසන්ධිය ඇති කළ කර්මයා ගේ විපාක වශයෙන් නැවත නැවත උපදින්නේ ය. ඒ හේතුවෙන් ඔහු ගේ සිත් පරම්පරාව නො සිඳී පවත්නේ ය. සිත් පරම්පරාව සිඳී ගිය හොත් සත්ත්ව ජීවිතය කෙළවර වන්නේ ය. භවය එයින් කෙළවර වේ. සිත් පරම්පරාව සිඳී ගොස් භවය කෙළවර වන්නට නොදී ආරක්‍ෂා කරන්නේ ඒ සිත ය. එබැවින් එයට ‘භවාංගචිත්තය’ යි කියනු ලැබේ. එය සත්ත්වයා ගේ ප්‍ර‍කෘති සිත ය. මූල සිත ය. එබන්දක් ඇති බවක් අපට නො දැනේ. අපට නොයෙක් දේ දැන ගැනීමට උපකාර වන්නේ ඒ භවාංග චිත්තය ය. දැකීමට උපකාරවන ඇසට, ඒ ඇස නො පෙනෙන්නාක් මෙන් දැනීමට හෙවත් නොයෙක් දේ දැන ගන්නා සිත් ඇතිවීමට උපකාර වන භවාංග චිත්තය ඇති බව සැලකිය යුතු ය. මෙය හොඳට ම තේරුම් ගත හැකි වීමට නම් අභිධර්මය හොඳින් උගත යුතු ය. මේ භවාංගචිත්තයත් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්මයාගේ ම විපාකයෙකි. එබැවින් සත්ත්වයා භවයෙහි උපදින්නේත් උපන් භවය කලක් නො සිඳී පවත්නේත් යම්කිසි එක් කර්මයකින් බව දත යුතු ය.

    කුශල කර්මයකින් උපන් තැනැත්තාහට ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ ජාතියේ දී බොහෝ වූ හෝ මඳ වූ හෝ සැපසම්පත් ඒ කර්මයෙන් ඇති කරනු ලැබේ. අකුශල කර්මයකින් උපන් සත්ත්වයාහට ද ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ කර්මයෙන් බොහෝ වූ හෝ මඳ වූ හෝ දුක් කරදර ඇති කරනු ලැබේ. ඇට බොහෝ ගණනක් එක්වී මහත් එක් ගසක් ඇති නො කරන්නාක් මෙන්, කර්ම බොහෝ ගණනක් එක්වී එක් උත්පත්තියක් ඇති නො කෙරේ. සැම කල්හි ම එක් භවයක උත්පත්තිය සිදු කරන්නේ එක් කර්මයකිනි. සියලු ම සත්ත්වයන්ට කුශල් වූ ද අකුශල් වූ ද බොහෝ අතීත කර්ම ඇත්තේ ය. කුශල වූ හෝ අකුශල වූ හෝ යම් කිසි එක් කර්මයකින් උපන් සත්ත්වයකුට ඒ භවයේ දී ඒ ඒ අවස්ථාවල දී ඔහු විසින් අතීතයෙහි කළ බොහෝ කුශලාකුශල කර්මවල විපාක ද ලැබෙන්නේ ය.

    එක් කර්මයකින් උපන්නා වූ පුද්ගලයකුට ඔහු ගේ ජීවන කාලයේ දී තවත් කුශලාකුශල කර්මයන් ගේ විපාක ලැබෙන්නේ තවත් හේතූන් අනුව ය. වී ඇටයක තවත් වී ඇට ඇති කිරීමේ ශක්තියක් ඇත්තේ ය. එහෙත් වී ඇටයක් තවත් වී ඇට නමැති ඵල ඇති කිරීමට සමත් වන්නේ: උපකාරක හේතූන් ලැබීම ය, බාධක හේතූන් නො පැමිණීමය යන කරුණු දෙක අනුව ය. ජලය හා පෝර ඇති බිම, වී ඇටයකට ඵල ඇති කිරීමට උපකාරක හේතු ය. අධික වර්ෂාව - නියඟ ආදිය වී ඇටයට බාධක හේතු ය. ඵල ඇති කිරීම සඳහා වී ඇටයක ඇත්තා වූ බලය ඉතා සුළු ය. එබැවින් උපකාරක හේතු නො ලදහොත් එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලද ද බාධක හේතුවක් පැමිණිය හොත් එකල්හි ද එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක සම්පූර්ණ වුව ද, කාලයෙහි මිස අකාලයෙහි ඵල ඇති කිරීමට ද සමත් නො වන්නේ ය. එමෙන් ඉතාම බලවත් කුශලාකුශල කර්මයන් හැර සාමාන්‍ය කුශලාකුශල කර්මයන් තම තමා ගේ ඵල ඇති කරන්නේ උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක අනුව ය.

    ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය යන මේ කරුණු සතර කුශල කර්මයන්හට තමන් ගේ විපාකය ඇති කිරීමෙහි උපකාරක හේතූහු වෙති. අකුශල කර්මයන් ගේ විපාක ඇති වීමට බාධක හේතූහු වෙති.

    ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය යන මේ කරුණු සතර අකුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතූහු ය. කුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි බාධක හේතූහු ය.

    ‘ගති සම්පත්තිය’ යනු කුශල කර්ම බලයෙන් ලබන යහපත් ආත්මභාවය ය. මිනිසකු වීම හා දෙවියකු වීම ගති සම්පත්තිය ය. මිනිස්ව දෙවිව ඉපදීම් වශයෙන් යහපත් ආත්ම භාවයක් ලබා සිටින්නහුට ඒ ගතිසම්පත්තිය නිසා අතීතයෙහි කළ නොයෙක් කුශලයන් ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට ඇත්තා වූ අකුශල කර්මයන්හට විපාක දීමට ඒ කාලයේ දී ඉඩ නො ලැබෙන්නේ ය.

    ‘උපධි සම්පත්ති’ යනු හොඳින් වැඩුණා වූ අංග සම්පූර්ණ වූ ශෝභන ශරීරය ය. උපධි සම්පත්තිය ඇති කල්හි කුශල කර්මයන් විපාක දීම් වශයෙන් ගිය ගිය තැන දී සැලකිලි ලැබෙන්නේ ය. ඒ අවස්ථාවේ දී ඒ උපධි සම්පත්තිය නිසා අකුශල කර්මයන්හට විපාක දීමට අවකාශ නො ලැබේ.

    ‘කාල සම්පත්තිය’ යනු හොඳ ආණ්ඩුවක් ඇති, හොඳ මිනිසුන් ඇති, හොඳ සෘතු ගුණය ඇති, ධනධාන්‍ය සුලභ කාලය ය. එබඳු කාලයක උපන්නහුට ඒ කාල සම්පත්තිය නිසා දුබල වූ ද කුශල කර්මයන්ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ කාලයේ දී අකුශල කර්මයන් හට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.

    ‘ප්‍රයෝග සම්පත්තිය’ යන පව්කම්වලින් වැලකීම හා දානාදි යහපත් ක්‍රියා කිරීම ය. ප්‍රයෝග සම්පත්ති ඇති කල්හි ද ඒ නිසා දුබල වූ ද කුශල කර්‍මයන් ගේ විපාක ලැබෙන්නේ ය. පැවිද්දන්ට ගරුබුහුමන් ලැබෙන්නේ, පූජාසත්කාර ලැබෙන්නේ ඒ අය ගේ අතීත කුශල් නිසා ය. එහෙත් ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම නමැති ප්‍රයෝග සම්පත්තිය නිසා ය. දැහැමින් කල් යවන යහපත් ක්‍රියා කරන ඇතැම් ගිහියන්ට ද නොයෙක් විට ඒ ප්‍රයෝග සම්පත්තිය නිසා පොදු ජනයාගෙන් හා රාජාදීන්ගෙන් නොයෙක් සැලකිලි ලැබෙන්නේ ය. ඒ සැලකිලි ප්‍රයෝග සම්පත්තිය නිසා ලැබෙන කුශල කර්ම විපාකයෝ ය. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්හි ඒ නිසා ඇතැම් අකුශලයන්ට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.

    ‘ගති විපත්තිය’ යනු අපාය භවය ය. තිරශ්චීන භවාදි අපායට අයත් භවයක උපන්නහුට ඒ අවස්ථාව අකුශල කර්මවලට විපාක දීමට හොඳ අවස්ථාව ය. එබැවින් අපායක උපන් සත්ත්වයාට ඒ අවස්ථාවෙහි දී දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුශල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුශලයකින් ද ඉතා අල්ප විපාකයෙකි.

    ‘උපධිවිපත්තිය’ යනු ශරීරය යහපත් නො වීම ය. විරූප බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගි ලාදුරු ආදි දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදිය ය. බලවත් කුශල කර්ම ඇත ද උපධිවිපත්තියෙහි සිටියහුට උපධි විපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. රජ වීමට සුදුසු පින් ඇතිව රාජකුලයෙහි ඉපද සිටියත් සමහර විට උපධිවිපත්තිය නිසා රජකම නො ලැබී යන්නේ ය. උපධිවිපත්තියේ සිටියහුට දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ.

    ‘කාලවිපත්තිය’ යනු නරක කාලය ය. හොඳ පාලකයන් නැති කාල, යුද්ධ පවත්නා කාල, නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල, දුර්භික්ෂ කාලාදිය නරක කාලයෝ ය. නරක කාලවල ජීවත්වන්නහුට ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් ලැබීමට නිසි පින් ඇත්තේ ද කාලවිපත්තිය නිසා ඒවා නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ අල්ප වශයෙනි. අතිප්‍ර‍ණීත භෝජනයක් ලැබීමට නිසි පිනෙන් සමහර විට විපත්ති කාලයේ දී ලැබෙන්නේ අල ටිකක් පලා ටිකක් වැනි අමනෝඥ භෝජනයෙකි. හොඳ කාලයේ දී විපාක දීමට තරම් ශක්තියක් නැති දුබල අකුශල කර්මයෝ ද කාල විපත්තියේ දී විපාක දෙන්නාහ.

    ප්‍රයෝග විපත්තිය යනු සූදුව මද්‍යපානය සොරකම කාමමිථ්‍යාචාරය යනාදි පව්කම්වල යෙදීම ය. ශරීරය හා ජීවිතය පරෙස්සම් නො කිරීමත් ප්‍රයෝග විපත්තිය ය. ප්‍රයෝග විපත්තියෙහි සිටියහුට අතීත කුශල බලයෙන් ලැබිය හැකිව තිබෙන උසස් තනතුරු ගරුබුහුමන් ආදිය නොයෙක් විට නො ලැබී යන්නේ ය. ධනවත් වීමට සුදුසු පින් ඇත්තේ ද දිළිඳු වන්නේ ය. දීර්ඝායුෂ්ක වීමට පින් ඇත්තේ ද, අල්පායුෂ්ක වන්නේ ය. ප්‍රයෝග විපත්තියෙහි සිටි තැනැත්තා දුර්වල වූ ද අතීත අකුශල කර්මවලින් දිළිඳු බවටත් රෝගී බවටත් මරණයටත් පමුණුවනු ලබන්නේ ය. තත්ත්වයෙන් පිරිහෙළනු ලබන්නේ ය.
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53

    කර්‍ම බලයෙන් උපදනා සත්ත්වයා ගේ මරණය සිදු වන්නේත් කර්‍මයකින් ද?​

    සත්ත්වයකු ගේ උත්පත්තියට කර්‍මයක් වුවමනා වන්නාක් මෙන් සැම කල්හි ම මරණයට කර්‍මයක් වුවමනා නැත. සමහරවිට සත්ත්වයෝ කර්‍මයන් නිසා ද මැරෙති. කර්‍මය හැර තවත් නොයෙක් හේතුවලින් ද සත්ත්වයෝ මැරෙති. සමහර සත්ත්වයෝ ආයුෂය ගෙවීමෙන් මැරෙති. සමහර සත්ත්වයෝ උත්පත්තියට හේතු වූ කර්‍ම ශක්තිය ගෙවීමෙන් මැරෙති. සමහර සත්ත්වයෝ ආයුඃකර්‍ම දෙක එකවිට ගෙවීමෙන් මැරෙති.

    ඒ ඒ සත්ත්ව ජාතිවලට අයත් සත්ත්වයන් ගේ ශරීර අනුවත්, ඔවුන් ගන්නා ආහාර අනුවත්, ඒ ඒ කාලවල පවත්නා සෘතුගුණය අනුවත් ඒ ඒ ජාතිවල උපදනා සත්ත්වයන් ගේ ශරීර වැඩී දිරා යාමට ගත වන කාල ප්‍ර‍මාණයක් ඇත්තේ ය. ඒ කාලයට “ආයුඃකාලය” යි කියනු ලැබේ. කල් ගත වීමෙන් උපන් සත්ත්වයා ගේ ශරීරය වැඩී දිරා ගිය පසු ජීවිතයට පැවතීමට තැනක් නැතිවීමෙන් සත්ත්වයා මැරෙන්නේ ය. එසේ වන්නා වූ මරණය ආයුඃක්ෂය මරණ නම් වේ. ආයුෂය ගෙවී යාම හැර කර්මාදි තවත් හේතුවක් එයට නැත්තේ ය.

    උත්පත්තියට හේතුවන කර්ම ද ශක්ති ප්‍ර‍මාණයෙන් අනේකාකාර වේ. බලවත් කර්මයෙන් උපන්නහු ගේ ජීවිතය බොහෝ කල් පවතී. දුබල කර්මයෙන් උපන්නහු ගේ ජීවිතය කර්මයාගේ දුර්‍වලත්වය නිසා මඳ කලක් පමණක් පවතී. උපන් සත්ත්වජාතියේ හැටියට ජීවත් විය හැකි කාලය ඉදිරියට බොහෝ ඇතත් දුබල කර්මයෙන් උපනුන්ට කර්ම ශක්තිය ගෙවී යාමෙන් මරණයට පැමිණෙන්නට සිදු වේ. එසේ වන මරණය කර්‍මක්ෂය මරණ නම් වේ. මේ කර්මක්ෂය මරණයට ද කර්මශක්තිය ඉවරවීම හැර අන් හේතුවක් නැත්තේ ය.

    සමහර සත්ත්වයෝ ආයුඃකර්ම දෙක ම එකවිට ගෙවී යාමෙන් මරණයට පැමිණෙති. එය උභයක්ෂය මරණ නම් වේ. ආයුඃකර්ම දෙක එකවිට ගෙවී යාමක් වෙතොත් එය කලාතුරකින් සිදුවන්නක් බව කිය යුතු ය.

    ආයුඃ කාලය ඉදිරියට කොතෙක් ඇතත් කර්මය ගෙවී ගියහොත් පහන් තිරය ඇතත් තෙල් ඉවර වුවහොත් ප්‍ර‍දීපයට නො පැවතිය හැකි වන්නාක් මෙන් ජීවිතයට නො පැවතිය හැකි ය. කර්ම ශක්තිය කෙතෙක් දුරට ඇතත් ආයුඃකාලය ගෙවී ගිය පසු කර්මයට පමණක් ජීවිතය නො පැවැත්විය හැකි ය. පශ්චිම භවික මහාබෝධි සත්ත්වයන් වහන්සේලා උපදින්නේ ඉතා බලවත් කාමාවචර කුශල කර්මයකිනි. එය වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට සමත් කර්මයෙකි. එහෙත් ඒ ඒ කාලවල ඇති සෘතුගුණය හා ආහාර අනුව ශරීරය දිරා යන බැවින් ලොවුතුරා බුදුවරුන්ට ද එතෙක් ජීවත්විය නොහේ.

    “විපස්සී ආදයො පන සබ්බේපි බොධිසත්තා මෙත්තා පුබ්බභාගෙන සොමනස්ස සහගත ඤාණ සම්පයුක්ත අසංඛාරික චිත්තෙන මාතුකුච්ඡිස්මිං පටිසන්ධි ගණ්හිංසු. තෙන චිත්තෙන ගහිතාය පටිසන්ධියා අසංඛෙය්‍යං ආයු, ඉති සබ්බබුද්‍ධා අසංඛෙය්‍යායුකා තෙ කස්මා අසංඛෙය්‍යං න අට්ඨංසු? උතුභොජන වසෙන හි ආයු හායතිපි වඩ්ඪතිප”

    මේ මහාපදාන සූත්‍ර‍ අටුවා පාඨයෙන් විපස්සී ආදි සියලු ම බෝධිසත්වයන් වහන්සේලා මෛත්‍රී පූර්වභාග සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාරික චිත්තයෙන් මව් කුස පිළිසිඳ ගන්නා බවත්, ඒ සිතින් ගත් ප්‍ර‍තිසන්ධියට අසංඛෙය්‍යයක් ආයු ඇති බවත්, එහෙත් සෘතු භෝජනයන් අනුව සත්ත්වයන් ගේ ආයුෂයේ පිරිහීම හා වැඩීම වන බැවින් උන් වහන්සේලා වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් නො වන බවත් දක්වා තිබේ. ආයුඃකාලය ගෙවුණු පසු බලවත් කර්මයෙන් පිළිසිඳ ගන්නා බෝධිසත්ත්වයන්ටත් ජීවත් විය නොහෙන කල්හි ආයුඃකාලය ගෙවුණු පසු තරමක කර්ම ශක්තියක් ඇතත් සාමාන්‍ය ජනයාට ජීවත් විය නො හැකි වීම ගැන කියනුම කිම? බලවත් කර්මවලින් උපන් පුද්ගලයන්ට රසායන බෙහෙත් සේවනය කිරීමෙන් ශරීරයේ දිරීම වලක්වා වැඩි කලක් ජීවත් විය හැකි බව ද කියා තිබේ.

    ආයුඃකාලය ගෙවීමෙන් හෝ කර්‍මය ගෙවීමෙන් හෝ ඒ දෙක ම ගෙවීමෙන් හෝ වන මරණය ස්වාභාවික මරණය ය. එයට කාල මරණය යි කියනු ලැබේ.

    සත්ත්වයා ගේ ජීවිතය කළුගලක්, පළිඟුවක්, වානේ කඳක් සේ ශක්තිමත් දෙයක් නොව ඉතා දුබල දෙයකි. එය බොහෝ හේතූන් නිසා පවත්නා දෙයකි. හේතූන් ගේ උපකාරය නො ලද හොත් දින ගණනක් තබා විනාඩි ගණනකුදු පැවතීමේ ශක්තියක් ජීවිතයට නැත. ජීවිතයේ තත්ත්වය විශුද්ධිමාර්ගයෙහි මෙසේ දක්වා ඇත්තේ ය.

    “ආයු නාමෙතං අබලං දුබ්බලං, තථා හි සත්තානං ජීවිතං අස්සාසපස්සාසූපනිබද්ධං චෙව ඉරියාපථූපනිබද්ධඤ්ච සීතුණ්හූ-පනිබද්ධඤ්ච මහාභූතූපනිබද්‍ධඤ්ච ආහාරූපනිබද්‍ධඤ්ච

    “ජීවිතය නම් වූ මෙය අබලය, දුබලය, සත්ත්වයන් ගේ ජීවිතය ආශ්වාස ප්‍ර‍ශ්වාස නිසා පවත්නක් ය, ඉරියව් පැවැත්වීම නිසා පවත්නක් ය, ශීතෝෂ්ණ දෙක නිසා පවත්නක් ය, මහා භූතයන් නිසා පවත්නක් ය, ආහාරය නිසා පවත්නක් ය” යනු එහි තේරුම ය.

    ජීවිතයට පැවතිය හැකි වන්නේ ආශ්වාස ප්‍ර‍ශ්වාස පවතින හොත් ය. කවර හේතුවකින් හෝ එය නැවතුන හොත් ඉන් ඔබ්බට ජීවිතය නො පවතී. ඉරියව් පැවැත්වීම සුදුසු සේ කෙරෙත හොත් ජීවිතයට පැවතිය හැකි ය. එය නො කෙරෙත හොත් එයින් ද ජීවිතය නස්නේ ය. ශීතෝෂ්ණ දෙක සුදුසු පමණට පවතිත හොත් ජීවිතයට පැවතිය හැකි ය. එකක් අධික වුවහොත් ජීවිතය නො පවත්නේ ය. ධාතු සතර සමව පවතිත හොත් ජීවිතයට පැවැතිය හැකි ය. එසේ නො වුව හොත් ජීවිතයට නො පැවතිය හැකි ය. ආහාරය ලැබෙන තෙක් ජීවිතයට පැවතිය හැකි ය. ආහාරය නො ලැබී ගිය හොත් ජීවිතය නස්නේ ය. තවත් දේවල උපකාරය නැතිව පැවතිය හැකි ශක්තියක් නැති බැවින් ජීවිතය ඉතා දුබල ය. එය කොයි මොහොතේ දී වුව ද නැතිවිය හැකි ය. ඒ නිසා ජීවිතය දිය බුබුලකට පිනිබිඳකට ගසක ඉදී එල්ලෙන කොළයකට ගෙඩියකට ආවරණයක් නැති තැන දැල්වෙන ප්‍ර‍දීපයකට උපමා කොට තිබේ.

    ‘කර්මයෙන් ඇති කළ ජීවිතය කර්ම බලය පවත්නා තෙක් කවර ආකාරයකින්වත් නැති කළ නො හැකිය’ යන අදහසක් සමහරුන් තුළ ඇත්තේ ය. එය වැරදි අදහසකි. කර්මයට එතරම් බලයක් ඇති නම් ජීවිතය පිනිබිඳු ආදියට උපමා කොට නො වදාරන්නාහ. කර්මය අන් කිසිවක් මැඩිය නොහෙන මහ බලයක් නො වේ. සිය වසක් ජීවත් වීමේ ශක්තිය ඇති ගසක් වුවමනා නම් සුළු වේලාවක දී කපා විනාශ කළ හැකි ය. එමෙන් සිය වසක් ජීවත් කරවීමේ ශක්තිය ඇති කර්මයෙන් උපදවනු ලැබූවකු කර්ම ශක්තිය තිබියදී ම මොහොතක දී මරා දැමිය හැකි ය. කර්ම ශක්තියට වඩා බලවත් දෙයක් පැමිණි කල්හි කර්ම ශක්තිය එය මැඩලීමට සමත් නො වේ. කර්මයට ඇත්තේ ආහාරාදි අනික් හේතූන් ගේ අනුග්‍ර‍හය ලැබෙන තෙක්, විපතක් නො එන තෙක් ජීවත් කරවීමේ ශක්තිය පමණෙකි. සත්ත්වයා ගේ ශරීරය ඇතුළේ ද දිවි නැසීමට සමත් බොහෝ හේතු ඇත්තේ ය. සත්ත්වයා හාත්පස බොහෝ ජීවිතනාශක හේතු ඇත්තේය. එබැවින් ඉදිරියට ආයුකාලය ඉතිරිව තිබිය දී කර්මබලය ඉතිරිව තිබිය දී සත්ත්වයාට මැරෙන්නට සිදුවිය හැකි ය. ආයුඃ කාලය හා කර්ම බලය ඉතිරිව තිබිය දී වන මරණය ‘අකාල මරණ’ නම් වේ.

    අකාල මරණයට හේතු ඉතා බොහෝ ය. උපඝාතක කර්මය ද අකාල මරණයට හේතු වේ. ගුණවතුන්ට අපරාධ කිරීම් වශයෙන් වර්තමාන භවයේ කරන ඇතැම් බලවත් අකුශල කර්ම හා අතීත භවවල දී කළ ඇතැම් ප්‍රාණඝාතාදි අකුශල කර්ම ද අකාල මරණයට හේතු වේ.

    කකුසඳ බුදුන් වහන්සේ ගේ ශාසනයෙහි ශ්‍රාවකයනට ‘දූසී’ නම් මාරයා නොයෙක් කරදර කෙළේ ය. දිනක් ඔහු ළමයකුට ආවේශ වී කකුසඳ බුදුන් වහන්සේ හා පිඬු සිඟා වැඩියා වූ ‘විධුර’ නම් ශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගසා උන් වහන්සේ ගේ හිස තුවාල කෙළේ ය. උන් වහන්සේ ලේ ගලන්නා වූ හිසින් ම කකුසඳ බුදුන් වහන්සේ අනුව වැඩි සේක. එකල්හි කකුසඳ බුදුන් වහන්සේ මේ දූසීමාර තෙමේ පමණ ඉක්මවන්නේය යි හැරී බලා වදාළ සේක. එකෙණෙහි ම දූසී මාර මැරී මහා නරකයෙහි උපන්නේ ය. ඔහු ගේ අකාල මරණය වූයේ රහතන් වහන්සේට අපරාධ කිරීම වූ අකුශල කර්මයෙන් ය. පිරිස් මැද බුදුරජාණන් වහන්සේට බොරු චෝදනාවක් කිරීමේ පාපයෙන් ‘චිඤ්ච මානවිකාව’ අකාලයේ මැරී අවීචි මහා නරකයෙහි උපන්නා ය. ‘මහාප්‍ර‍තාප රජුට’ අකාලයේ මැරී අවීචි මහා නරකයෙහි ඉපදීමට මහා බෝධිසත්ත්ව ධර්මපාල කුමාරයන්ට අපරාධ කිරීමේ පාපය හේතු විය.

    උදේන රජු ගේ ‘සාමාවතී’ දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන්ට ගින්නෙන් දැවී අකාලයේ මිය යන්නට හේතු වූයේ පෙර ජාතියක දී නිරෝධ සමාපත්තියට සම වැදී වැඩ හුන් පසේ බුදු කෙනකු ගේ ශරීරය මත දර දමා ගිනි ලෑ පාපකර්මය ය. මුගලන් මහ තෙරුන් වහන්සේට අකාල මරණයට පත්වන්න සිදු වූයේ ද පෙර ජාතියක දී කළ පාපකර්මයක් නිසා ය. උන් වහන්සේ පෙර ජාතියක දී භාර්යාව ගේ වචනය පිළිගෙන මහලු මව්පිය දෙදෙනා වනයට කැඳවාගෙන ගොස් එහි දී පහර දී මරා දැමූහ. ඒ පාපය විපාකදීම් වශයෙන් මුගලන් මහරහතන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබ අකාලයේ පිරිනිවන් පාන්නට සිදු විය. ශාක්‍යයන් හට විඩූඩභ අතින් මැරුම් කා විනාශ වන්නට සිදු වූයේ එකතු වී ගංගාවකට විෂ දැමීමේ අකුශල කර්මය ය. මෙසේ වර්තමාන භවයේ කරන ලද්දා වූ ද අතීත භවවල කරන ලද්දා වූ ද අකුශල කර්මයන්, සමහර විට අකාල මරණයට හේතු වන බව දත යුතු ය.

    “ජිගච්ඡාය පිපාසාය අහිදට්ඨා විසෙන ච
    අග්ගි උදක සත්තීහි අකාලෙ තත්ථ මීයති”
    යනුවෙන් සාගින්නය, පිපාසායවය, සර්පයන් දෂ්ට කිරීමය, වස කැවීමය, ගින්නට හසු වීමය, දියට වැටීමය, ආයුධයෙන් තුවාලවීමය යන කරුණු සතෙන් අකාලයෙහි මැරෙන බව මිළින්දප්‍ර‍ශ්නයෙහි දක්වා තිබේ.

    “වාත පිත්තෙන සෙම්හේන සන්නිපාතෙනුතූහි ච,
    විසමොපක්කම කම්මෙහි අකාලෙ තත්ථ මීයති”
    යනුවෙන් වාතය කිපීමය, පිත කිපීමය, සෙම කිපීම ය, වාතාදියෙන් දෙකක් හෝ තුන ම හෝ එකවර කිපීම ය, සෘතු විපර්‍ය්‍යාසය ය, නො මනා පැවැත්මය, උපක්‍ර‍ම කිරීම ය, කර්‍මය ය, යන කරුණු අටෙන් සත්ත්වයන් අකාලයෙහි මැරෙන බව ද මිළින්දප්‍ර‍ශ්නයෙහි දක්වා තිබේ.

    මේ කරුණු අටෙන් වාතාදි දොස් කිපීම ප්‍ර‍කට ය. වාතාදීන් ගේ කිපීම නොයෙක් කරුණෙන් සිදු වේ. කර්‍මජාබාධ හටගැනීමේ දී ද වාතාදීන් ගේ කිපීම වේ. එබැවින් වාතාදිය කිපීමෙන් ආබාධයක් හටගත් කල්හි එය කර්‍මයෙන් හට ගත්තා ද අනික් හේතුවකින් හට ගත්තා ද කියා තේරුම් ගැනීමට දුෂ්කර ය.

    සෘතුවය යි කියනුයේ තේජෝ ධාතුවට ය. එය විපර්‍ය්‍යාස වන කල්හි එය හා බැඳී පවත්නා අනික් ධාතු තුන ද විපර්‍ය්‍යාස වේ. එයින් සත්ත්ව ශරීරවලත් බාහිර ලෝකයෙහිත් නොයෙක් දේ සිදු වේ. කෙනකු ගේ උත්සාහයෙන් තොරව ලෝකයෙහි ඇතිවන ගිනි ගැනීම්, ජලගැලීම්, ගිනිකඳු පිපිරීම්, භූමිකම්පා, අකුණු ගැසීම්, ගස් කඩා වැටීම් ආදිය සෘතුවෙන් වන උපද්‍ර‍වයෝ ය. ඒවායින් ද බොහෝ සත්ත්වයෝ අකාලයේ මැරෙති.

    පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම්, නුසුදුසු ආහාර ගැනීම්, පමණට වඩා ආහාර ගැනීම්, නො සැලකිලි ලෙස රිය පැදවීම්, නො සැලකිල්ලෙන් මහ මඟ ගමන් කිරීම්, අන්තරාය සහිත තැන්වල නො සැලකිලි ලෙස හැසිරීම යනාදියෙන් වන මරණ නො මනා පැවැත්මෙන් හෙවත් නො නිසිලෙස හැසිරීමෙන් වන මරණයෝ ය.

    තමා ගේ ම හෝ රජුන් ගේ සොරුන් ගේ සතුරන් ගේ නපුරු සතුන් ගේ අමනුෂ්‍යයන් ගේ හෝ ක්‍රියාවලින් වන මරණ උපක්‍ර‍මයෙන් වන මරණයෝ ය. බෙල්ලේ වැල ලා ගැනීම්, දියට පැනීම්, දුම්රිය මඟට පැනීම්, පහර දීම්, පිහියෙන් ඇණීම්, කඩුවෙන් ගැසීම්, වෙඩි තැබීම්, බෝම්බ දැමීම්, විෂ යෙදීම් ආදියෙන් බොහෝ සත්ත්වයෝ පරෝපක්‍ර‍මයෙන් මැරෙති. අමනුෂ්‍යයන් ගේ උපක්‍ර‍මවලින් ද බොහෝ සත්ත්වයෝ අකාලයෙහි මැරෙති.

    කර්මයෙන් අකාළ මරණය වීම ඉහත විස්තර කරන ලදි. උපක්‍ර‍මයෙන් වන මරණයට සමහර අවස්ථාවල දී කර්මය ද සම්බන්ධ විය හැකි ය. මුගලන් මහ තෙරුන් වහන්සේට අකාල මරණය වූයේ සොරුන් ගේ උපක්‍ර‍මයෙනි. එහෙත් අතීත කර්මය නො තිබුණා නම් උන් වහන්සේ සොරුන්ට හසු නො වන්නාහ. ඔවුන්ට අසුවූයේ අතීත කර්මය නිසා ය. එබැවින් මුගලන් මහතෙරුන් වහන්සේ ගේ අකාල මරණය කර්මයෙන් වන අකාල මරණයට ඇතුළත් වේ. සමහරුන් කරන අපරාධ ගැන කිපුණා වූ දේවතාවෝ සමහර විට සම්පූර්ණ රටවල් විනාශ කෙරෙති. එබඳු අවස්ථාවලදී ද ඉදිරියට ජීවත්වීමට කර්ම ශක්තිය ඇත්තා වූ බොහෝ සත්ත්වයෝ අකාලයෙහි මිය යති. සෘතු විපර්‍ය්‍යාසවලින් ද එසේම බොහෝ සත්ත්වයෝ මිය යෙති. සෘතු විපර්‍ය්‍යාසයෙන් හෝ දේවතා කෝපයෙන් හෝ යුද්ධයෙන් හෝ පැමිණෙන බලවත් විපත් වැළැක්වීමට ඒවාට හසුවන සත්ත්වයන් ගේ අතීත කර්ම සමත් නො වේ. කර්ම බලය සෘතු විපර්‍ය්‍යාසාදියෙන් වන මහ විපත්වලට යට වේ. එබඳු විපත් එන කල්හි සමහර විට උපායෙහි දක්ෂ පුද්ගලයෝ ඒවායින් මිදෙති. ජීවත් වීමේ කර්ම ශක්තිය ඇත්තා වූ ද සෙස්සෝ ඒවාට හසු වී අකාලයෙහි මිය යති.

    -රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත ධර්ම විනිශ්චය ඇසුරිණි-

    මේ ධර්ම දාන කුසලය මෙය කියවන සියල්ලන්ටම එක සේ සම්මෝහය දුරුවීම පිණිසම උපනිශ්‍රය වේවා !!
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    Damn nigga elakiri is full of karma threads.what's happening with sinhalu
    බුදුසමයෙහි ප්‍ර‍ධාන කරුණක් වන කර්මය ගැන හොඳ දැනුමක් සියලු ම බෞද්ධයන් විසින් ඇති කර ගත යුතු ය.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    තව කවුරුවත් රහත් වුනා නොවුනා කියලා තමන් ට ඇති ඵලය ක් තියෙනවද?
    මට නම් පලක් නෑ. සියල්ල දත් කියල හිතාගෙන බණ කියල අනිත් උන් මුලාවෙ වට්ටන උන් අදුරගන්න විතරයි ඕන
     
    • Haha
    Reactions: Enthiran

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,478
    113
    එකමත් එක රටක
    කර්මයක් තවත් භවයක පල දෙන එක හේතු පල දහම අනුව පැහැදිලි කරන්න කෝ. කර්මයක් කියල එකක් සත්වයෙක් එක්ක තවත් භාවයකට ගිහින් විපාක දෙන්නේ ඇයි ? මේක පැහැදිලි කරල නැද්ද ?

    කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?​

    මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.
    මෙන්න මේ වගේ උත්තර ඉතින් දෙන්නේ ඇයි ? දැන් ආගමකින් අපිට නියම කරන දේ විතරක් හොයන එක ද කරන්න ඕනේ ?
    එකට කියන්නේ අදහනවා කියලා. මේ වගේ උත්තර සාමාන්‍යයෙන් දෙන්නේ උත්තර නැති උනාම. පොඩි උන් ප්‍රශ්න අහල දන්නේ නැත්නම් කියන්නේ "පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඕනේ , වැඩක් නැති ප්‍රශ්න අහන්නේ නැතුව" කියලා. ඒ වගේ උත්තරක් තමයි ඔය..
    දැන් ඔය සියල්ල අවබෝධ කරගෙන සසර ගමනින් එතෙර වෙනවා කියලා කියන කෙන්ක්වත් මේකට උත්තරේ දන්නේ නැද්ද ?
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    මට නම් පලක් නෑ. සියල්ල දත් කියල හිතාගෙන බණ කියල අනිත් උන් මුලාවෙ වට්ටන උන් අදුරගන්න විතරයි ඕන
    අනිත් අය මුලාවේ වැටෙයි තමන් නොවැටෙයි කියල හිතෙන්නෙ තමන් සියල්ල දන්න හින්ද ද ?ඕකට යටින් තියෙන ව උපුටා ගැනීම කොහෙන් ද මොන පොතෙන් ද කියල. අඳුරගන්න හරි ඒ පොත ගැනත් ඒ ස්වාමීන් වහන්සේ ගැනත් හොයල බලන එකත් වටිනව, ආ තව ඕනෑනම් සූත්‍ර පිටකයත් සමඟ සසඳා බලන්නත් පුලුවන්

    කර්මයක් තවත් භවයක පල දෙන එක හේතු පල දහම අනුව පැහැදිලි කරන්න කෝ. කර්මයක් කියල එකක් සත්වයෙක් එක්ක තවත් භාවයකට ගිහින් විපාක දෙන්නේ ඇයි ? මේක පැහැදිලි කරල නැද්ද ?

    මෙන්න මේ වගේ උත්තර ඉතින් දෙන්නේ ඇයි ? දැන් ආගමකින් අපිට නියම කරන දේ විතරක් හොයන එක ද කරන්න ඕනේ ?
    එකට කියන්නේ අදහනවා කියලා. මේ වගේ උත්තර සාමාන්‍යයෙන් දෙන්නේ උත්තර නැති උනාම. පොඩි උන් ප්‍රශ්න අහල දන්නේ නැත්නම් කියන්නේ "පොඩි එකා පොඩි එකා විදියට ඉන්න ඕනේ , වැඩක් නැති ප්‍රශ්න අහන්නේ නැතුව" කියලා. ඒ වගේ උත්තරක් තමයි ඔය..
    දැන් ඔය සියල්ල අවබෝධ කරගෙන සසර ගමනින් එතෙර වෙනවා කියලා කියන කෙන්ක්වත් මේකට උත්තරේ දන්නේ නැද්ද ?

    මැරෙන සත්ත්වයා එයින් කෙළවර නො වී නැවත නැවත ඉපදීමේ හේතුව කුමක් ද?​

    “යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
    ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති.
    එවම්පි තණ්හානුසයෙ අනූහතෙ
    නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං”
    මේ ධම්මපදයේ තණ්හවග්ගයේ ගාථාවකි.

    “ගසකමුල නිරුපද්‍රැතව ස්ථිරව ම පවත්නා කල්හි උඩින් ඒ ගස කැපුයේ ද නැවත ලියලන්නාක මෙන්, අර්හන්මාර්ගඥානයෙන් නො නසන ලදුව තෘෂ්ණානුශය පවත්නා කල්හි සත්ත්වයා මළේ ද පඤ්චස්කන්ධ සංඛ්‍යාත මේ දුඃඛස්කන්ධය නැවත නැවත උපදීය” යනු එහි තේරුම ය.

    තථාගතයන් වහන්සේ විසින් මේ ගාථාවෙන් දක්වා තිබෙන්නේ මැරෙන සත්ත්වයා ගේ නැවත නැවත ඉපදීමේ හේතුව ඒ සත්ත්වයා තුළ පවත්නා තණ්හාවය කියාය.

    තණ්හාව නිසා සත්ත්වයා නැවත නැවත උපදිනවාය යන මෙය ඉතා ගැඹුරු කරුණෙකි. මෙය තේරුම් ගත හැකි වීමට තරමක් දුරටවත් පරමාර්ථ නාමරූප ධර්ම පිළිබඳ දැනුමක් තිබිය යුතු ය. ඒවා ගැන කොහෙත් ම දැනුමක් නැති අයට මෙබඳු කරුණු ගැන නියම දැනුමක් ඇති කර ගත නො හැකි ය.

    එක සත්ත්වයකුට නාමකාය - රූපකාය කියා දෙ කයක් ඇත්තේ ය. සම්-මස්-ඇට-නහර ආදියෙන් මැවුණු ඖදාරික ශරීරය රූපකාය ය. ඒ රූපකාය පාලනය කරමින් ඒ ඒ ක්‍රියාවල යොදවමින් රූපකාය තුළ ම පවත්නා විඤ්ඤාණධාතු පරම්පරාව නාම කාය ය. ඒ දෙකින් රූපකය දිරා බිඳී යන්නකි. එක් භවයක රූප කය අනික් භවයකට සම්බන්ධවීමක් ද නැත්තේ ය. එබැවින් ඒ රූපකය සත්ත්වයා ගේ අප්‍ර‍ධාන කොටස ය. විඤ්ඤාණ ධාතු පරම්පරාව එසේ දිරා නැතිවී යන්නක් නො වේ. අප මෙහි විඤ්ඤාණ ධාතු නාමයෙන් කියන්නේ චිත්තචෛතසික පරම්පරාව ය. ශරීරය දිරා හොඳට ම දුබල වී ඇති මහල්ලා ගේ සන්තානයෙහි ද තරුණයන් ගේ සන්තානයෙහි මෙන් ම බලවත් වූ චිත්ත චෛතසික ධර්ම පහළ වන්නේ ය. සමහර මහල්ලන් තුළ තරුණයන් තුළ පහළ වන ඒවාටත් වඩා බලවත් තණ්හා - මාන - දෘෂ්ටි - ක්‍රෝධ - ඊර්‍ෂ්‍යාදි චෛතසික ධර්ම හට ගන්නා ලකුණු පෙනේ. රූපකය මෙන් විඤ්ඤාණ ධාතු පරම්පරාව දිරා දුබල නො වන බව එයින් හොඳට ම තේරුම් ගත හැකි ය. ජාතියෙන් ජාතියට භවයෙන් භවයට සම්බන්ධ වන්නේත් ඒ විඤ්ඤාණ ධාතු පරම්පරාව ය. එය කෙළවර වන්නේ සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන්පානා දිනක දී ය. චිත්ත පරම්පරාවක අවසාන සිත රහතන් වහන්සේ ගේ චුති චිත්තය ය. මෙසේ ජාතියෙන් ජාතියට සම්බන්ධ වෙමින් පවත්නා විඤ්ඤාණ ධාතු පරම්පරාව සත්ත්වයකු ගේ ප්‍ර‍ධාන කොට්ඨාසය ය.

    සෑම සත්ත්වයකුට මමය කියා සලකන තමා ගේ පඤ්චස්කන්ධය පවත්වා ගැනීමට මහත් ආශාවක් ඇත්තේ ය. ජීවිතාශාවය කියනුයේ ද එයට ය. එය ආශාවල් අතුරෙන් ඉතාම බලවත් ආශාව ය. කොතෙක් කල් ජීවත් වුවත් සත්ත්වයා හට ජීවත් වීම ඇති වන්නේ නො වේ. එබැවින් ඒ ආශාව සංසාරය සේම දික්ය.

    දිරා දුබල වීමෙන් හෝ රෝගාදි අනික් හේතුවකින් හෝ විඤ්ඤාණ ධාතු පරම්පරාවේ පැවැත්මට නුසුදුසු තත්ත්වයට ශරීරය පැමිණිය හොත් ඒ ශරීරයේ විඥාන ධාතු පහළවීම නවතින්නේ ය. මරණය යි කියනුයේ එයට ය. සත්ත්වයා විසින් ආත්මය කොට සලකා තදින් ඇලුම් කරන පඤ්චස්කන්ධය නැතිවී යාම සිඳී යාම තරම් නපුරක් වශයෙන් සලකන අනිකක් සත්ත්වයකුට නැත. පඤ්චස්කන්ධය සිඳී යාමට තරම් සත්ත්වයා බියවන අන් කරුණක් ද නැත. එබැවින් අවීචිමහා නරකයේ ඉන්නා සත්ත්වයා පවා මරණයට බිය වන බව කියා තිබේ.

    ජීවත් වීමට ආශාව වූ බලවත් තෘෂ්ණාව සත්ත්වයා ගේ විඤ්ඤාණධාතු පරම්පරාව හා නිරතුරුව අනුශය වශයෙන් පවත්නා බැවින් ඒ තණ්හාබලවේගය නිසා ශරීරයට අනතුරු වූයේ ද එය ඇසුරු කොට පැවති විඥානධාතු පරම්පරාව නො සිඳී අලුත් තැනකට පැමිණේ. තෘෂ්ණා බලවේගය නොමැති නම් එය සිදු නො වේ. තෘෂ්ණාව නැවත නැවත ඉපදීමේ හේතුව ය යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ එහෙයිනි. ‘විඤ්ඤාණධාතු පරම්පරාව අලුත් තැනකට පැමිණීමය’ යි කියනුයේ මැරුණ තැනැත්තා ගේ ශරීරයේ පැවති විඥානය ම අනික් තැනකට යාමය. මැරෙන තැනැත්තා ගේ ශරීරයෙහි ඇති වූ අන්තිම විඤ්ඤාණය ළඟට ඇති විය යුතු විඥානය අන් තැනක පහළ ම ය. ඉදිරියට ස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමේ ආශාව ප්‍ර‍හීණ බැවින් රහතුන් ගේ විඥාන ධාතු පරම්පරාව පිරි නිවීමෙන් සිඳී යන්නේ ය.

    නැවත නැවත ඉපදීමෙහි හෙවත් සංසාරප්‍ර‍වෘත්තියෙහි එක ම හේතුව තණ්හාව නො වේ. ඊට තවත් බොහෝ හේතු ඇත්තේ ය. පටිච්චසමුප්පාදාංග සියල් ම සංසාර ප්‍ර‍වෘත්තියේ හේතු ය. තථාගතයන් වහන්සේ විසින් නැවත නැවත ඉපදීමේ හේතුව කොටින් දැක්වීම් වශයෙන් ආර්‍ය්‍ය සත්‍ය දේශනාවෙහි හා තවත් නොයෙක් සූත්‍ර‍වල නැවත නැවත ඉපදීමේ හේතුව වශයෙන් තණ්හාව දක්වා වදාරා තිබේ. තණ්හාව සංසාර ප්‍ර‍වෘත්තියේ හේතුව බව තේරුම් ගෙන එය නැසුවහොත් එයින් නැවත නැවත ඉපදීම් වශයෙන් පවත්නා වූ සංසාර දුඃඛය කෙළවර වේ. තෘෂ්ණාව නැසුවහොත් සංසාර ප්‍ර‍වෘත්තියට ඇත්තා වූ අනික් හේතූහු සත්ත්වයා නැවත ඉපදවීමට සමත් නො වෙති. එබැවින් තෘෂ්ණාව සංසාර ප්‍ර‍වෘත්තියේ ප්‍ර‍ධාන හේතුව බව කිය යුතු ය. අවිද්‍යාවත් නැවත නැවත ඉපදීමේ හේතුවක් බව ද්වයතානුපස්සනා සූත්‍රයෙහි මෙසේ වදාරා තිබේ.

    “ජාති මරණසංසාරං යෙ වජන්ති පුනප්පුනං
    ඉත්ථ භාවඤ්ඤථා භාවං අවිජ්ජා යෙව සා ගතී
    අවිජ්ජාහයං මහා මොහො යෙනිදං සංසිතං චිරං
    විජ්ජාගතා ච යෙ සත්තා නා ගච්ඡන්ති පුනබ්භවං”
    මේ ගාථාවල වචන අනුව ඒවාට අර්ථ දීම දුෂ්කර ය. එසේ කළහොත් කාරණය අවුල් වන්නේ ය. ඒ නිසා ඒවායේ අදහස පමණක් දක්වනු ලැබේ. ඒ මෙසේය:

    “මේ මිනිස් භවය හා තවත් නොයෙක් භව ඇත්තා වූ ඉපදීම මැරීම ඇත්තා වූ සත්ත්වයන් නැවත නැවත පැමිණීමේ හේතුව අවිද්‍යාව ය. අවිද්‍යා නම් වූ මේ මහා මෝහය නිසා චිරකාලයක් සත්ත්වයෝ සසර සැරිසැරූහ. අර්හන්මාර්ගඥාන සංඛ්‍යාත විද්‍යාවෙන් අවිද්‍යාව නැසූ රහත්හු නැවත භවයකට නො යන්නාහු ය.”

    ලෝකෝත්තර මාර්‍ග විද්‍යාව උපදවා අවිද්‍යාව නැසුව හොත් එයින් ද සංසාරය කෙළවර වේ. එබැවින් අවිද්‍යාවත් සංසාර ප්‍ර‍වෘත්තියේ ප්‍ර‍ධාන හේතුවකි. සංසාරය පැවැත්වීමේ උත්සාහය ඇති වන්නේ තණ්හාව නිසා ය. තණ්හාව ඇති වන්නේ අවිද්‍යාව නිසා ය. අවිද්‍යා තෘෂ්ණා දෙකින් සංසාර ප්‍ර‍වෘත්තියට ළඟින් හේතු වන්නේ තණ්හාව ය. අවිද්‍යාව හේතුවන්නේ දුරිනි. එබැවින් සංසාර ප්‍ර‍වෘත්තියට ළඟින් හේතුවන තණ්හාව වඩා ප්‍ර‍ධාන සැටියට සැලකිය හැකි ය. එබැවින් තථාගතයන් වහන්සේ සංසාර ප්‍ර‍වෘත්තියේ හේතුව වශයෙන් තණ්හාව වැඩි ගණනක් ස්ථානවල වදාළ සේක. කර්මයත් නැවත නැවත ඉපදීමේ එක් ප්‍ර‍ධාන හේතුවකි. එබැවින් ද්වයතානුපස්සනා සූත්‍රයෙහි:-

    “උපධිනිදානා පභවන්ති දුක්ඛා
    යෙකෙචි ලොකම්හි අනෙකරූපා,
    යො වෙ අවිද්වා උපධිං කරොති
    පුනප්පුනං දුක්ඛ මුපෙති මන්දො”
    යනු වදාරා ඇත්තේ ය. මේ ගාථාවෙහි උපධි යන නාමයෙන් දැක්වෙන්නේ කර්මය ය. එබැවින් අටුවාවෙහි “උපධිපච්චයාති සාසවකම්මපච්චයා, සාසවකම්මං හි ඉධ උපධීති අධිප්පෙතං” යි කීහ.

    “ලෝකයෙහි අනේක ප්‍ර‍කාර වූ යම් දුඃඛයක් වේ නම ඒ දුක් කර්මය හේතු කොට හටගන්නේ ය. යමෙක් අවිද්‍යාවෙන් කර්ම රැස් කෙරේ නම්, ඒ බාලයා නැවත නැවත දුකට පැමිණෙන්නේය” යනු ගාථාවේ තේරුම ය. මේ ගාථාවෙහි දුඃඛයයි දක්වන්නේ නැවත නැවත ඉපදීම් වශයෙන් ලබන්නා වූ ස්කන්ධපරම්පරාව ය. විශුද්ධි මාර්ගයෙහි එන:-

    “කම්මා විපාකා වත්තන්ති විපාකො කම්ම සම්භවො
    තස්මා පුනබ්භවො හොති එවං ලොකො පවත්තති”
    යන ගාථාවෙන් දැක්වෙන්නේ ද ඒ කරුණ ම ය. “කර්‍මය හේතු කොට විපාකයෝ පවත්නාහ. විපාකය කර්‍මය හේතු කොට ඇතියක. එහෙයින් නැවත ඉපදීම වේය, මෙසේ ලෝකය පවත්නේය” යනු ඒ ගාථාවේ තේරුම ය.

    සත්ත්වයාහට ස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමට කොපමණ ඕනෑකම තුබුණත් තමා ගේ විපාක වශයෙන් නැවත භවයෙහි ප්‍ර‍තිසන්ධි ඇති කරන කර්මයක් නැති නම්, ඔහුට නැවත ඉපදිය නො හැකි ය. මරණින් ඔබ්බට චිත්ත පරම්පරාව ගෙන යාමට කර්මය තිබිය යුතු ය. එබැවින් කර්මයත් නැවත ඉපදීමේ ප්‍ර‍බල හේතුවක් බව කිය යුතු ය. තෘෂ්ණාව ක්ෂය කළ තැනැත්තාට කර්ම තිබියදී ම ඉපදීම කෙළවර වන බැවින් කර්මය තෘෂ්ණාවට වඩා ප්‍ර‍ධාන හේතුවක් වශයෙන් නො කිය හැකි ය. මරණයෙන් චිත්ත පරම්පරාව නො සිඳෙන්නේ තණ්හාවේ බලයෙනි. සුගතියට හෝ දුර්‍ගතියට පැමිණෙන්නේ කර්‍ම බලයෙනි. පුනරුත්පත්තියේ ප්‍ර‍ධාන හේතු වශයෙන් අවිද්‍යා තෘෂ්ණා කර්ම යන තුන ම කිය යුතු ය.

    රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් සම්පාදිත ධර්ම විනිශ්චය ඇසුරිණි-
    ------ Post added on Oct 10, 2021 at 3:27 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,478
    113
    එකමත් එක රටක
    මැරෙන සත්ත්වයා එයින් කෙළවර නො වී නැවත නැවත ඉපදීමේ හේතුව කුමක් ද?

    කතන්දර , උපමා නෙවෙයි ඇහුවේ. හේතු ව.
    ඔය ගථා කෑලි , කොහෙන් හරි හොයාගත්ත හෑලි , එක්ක මැදින් මැදින් "මේවා ගැඹුරුයි" කියලා ප්‍රශ්නෙන් මාරු වෙන උන් නෙවයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අදහස ඇහුවේ. දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න. කිසිම වැඩකට නැති "ගහකින් කොලයක් බිම වැටෙන්නේ යම් සේද" වගේ තේරුමක් නැති කොහේ හරි සිද්දියක් තවත් සිද්දියකට හේතුවක් විදියට දෙන්න එපා . ඒවට කියන්නේ උපමා කියලා .
     
    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    කතන්දර , උපමා නෙවෙයි ඇහුවේ. හේතු ව.
    ඔය ගථා කෑලි , කොහෙන් හරි හොයාගත්ත හෑලි , එක්ක මැදින් මැදින් "මේවා ගැඹුරුයි" කියලා ප්‍රශ්නෙන් මාරු වෙන උන් නෙවයි. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අදහස ඇහුවේ. දන්නේ නැත්නම් දන්නේ නෑ කියන්න. කිසිම වැඩකට නැති "ගහකින් කොලයක් බිම වැටෙන්නේ යම් සේද" වගේ තේරුමක් නැති කොහේ හරි සිද්දියක් තවත් සිද්දියකට හේතුවක් විදියට දෙන්න එපා . ඒවට කියන්නේ උපමා කියලා .
    ඒක තමයි ඔය පිළිවෙලක් තියෙන්නේ, තමන් ට ඕනෙ විදියට උත්තරය නෙමේ උත්තරය තියෙන විදියට යි තේරුම් ගන්න ඕනෙ. හැම ප්‍රශ්නයකටම කෙටි උත්තරම නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,478
    113
    එකමත් එක රටක
    ඒක තමයි ඔය පිළිවෙලක් තියෙන්නේ, තමන් ට ඕනෙ විදියට උත්තරය නෙමේ උත්තරය තියෙන විදියට යි තේරුම් ගන්න ඕනෙ. හැම ප්‍රශ්නයකටම කෙටි උත්තරම නෑ
    මොකද්ද ?? මම ඇහුවේ කර්මයක් සත්වයෙක් එක්ක නැවත භවයක පල දෙන්නේ ඇයි කියලා. හරියට කියවන්න. ප්‍රශ්නේ ඇතුලෙම නැවත භාවයක් ගැන තියනව. මම ඇහුවේ නෑ සත්වයා නැවත ඉපදෙන්නේ ඇයි කියලා.
     
    Last edited:

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    මොකද්ද ?? මම ඇහුවේ කර්මයක් සත්වයෙක් එක්ක නැවත භවයක පල දෙන්නේ ඇයි කියලා. හරියට කියවන්න. ප්‍රශ්නේ ඇතුලෙම නැවත භාවයක් ගැන තියනව. මම ඇහුවේ නෑ සත්වයා නැවත ඉපදෙන්නේ ඇයි කියලා.
    ඒකට හේතුව තමයි චිත්ත විථි සමඟ පවන සිත් ඇතිවීම. කෙටියෙන් කීව ඔන්න විස්තර වශයෙන් චිත්ත විථි ගැන හොයාගන්න, අවශ්‍ය නම් පසුවට ලිපියක් දාන්නම්.

    ඒකට හේතුව තමයි චිත්ත විථි සමඟ පවන සිත් ඇතිවීම. කෙටියෙන් කීව ඔන්න විස්තර වශයෙන් චිත්ත විථි ගැන හොයාගන්න, අවශ්‍ය නම් පසුවට ලිපියක් දාන්නම්.
    ජවන සිත්
    ------ Post added on Oct 10, 2021 at 3:48 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,478
    113
    එකමත් එක රටක
    ඒකට හේතුව තමයි චිත්ත විථි සමඟ පවන සිත් ඇතිවීම. කෙටියෙන් කීව ඔන්න විස්තර වශයෙන් චිත්ත විථි ගැන හොයාගන්න, අවශ්‍ය නම් පසුවට ලිපියක් දාන්නම්.

    ජවන සිත්
    ------ Post added on Oct 10, 2021 at 3:48 AM
    සිත් ඇති වෙන්නේ සත්වයාට නේ. විපාක දෙන්නේ බාහිර ක්‍රියා වලින්.
    දැන් මනුස්සයෙක් යද්දී වාහනයක් ඇවිත් හැප්පෙන්නේ කර්මයක් නිසා නම් , එතනට පුද්ගලයාගේ සිතක් නෙවෙයි තව බාහිර පරිසරයේ දේකුත් එකතු වෙන්ව. ඒ කොහොමද ? කවුද තීරණය කරන්නේ විපාකය ?
    මම ඇහුවේ කරන කර්මයක් අපිත් එක්ක ඊලග භවයකට ගිහින් විපාක දෙන්න ලින්ක් එක හදාගෙන ඉන්නේ කවුද අවශ්‍ය වෙලාවට මේ මේ විදියට විපාකය දෙන්න ඕනේ කියන. බාහිර පරිසරය සම්බන්යක තියනව .

    ගොනා පසුපස කරත්තය එන්නේ ඇයි කියලා අපි දන්නවා නේ. ඒ වගේ මනුස්සය පසුපස කර්මය ගිහින් මේ වෙලේ මේ විදියට විපාකය සිදුවෙනවා කියන එක තීරණය කරන්නේ කවුද ?? ඕක මම ඇහුවේ..
     
    • Like
    Reactions: ek_rosh

    කවුද කියන එකට උත්තරය නම් කිසිවකු විසින් නොවේ, නිකන් සිදු වෙනවා ද නොවේ. හේතු ව සහ ඵලය යන කියා සාධක දෙක මතම සිදු වේ.ඔබ කියන ඔය භාහිර අභ්‍යන්තර සාධක සහ ලොව ඇති තාක් සියල්ල සිදුවෙන හේතු පල ධර්ම තා විස්තරය පට්ඨාන ප්‍රකරණය නම් දීර්ඝ තම දේශනයෙහි විස්තර වෙනව.එහි මුලික ප්‍රත්‍ය ධර්ම 24 ක් සඳහන් වෙනව සහ විස්තර වෙනව ධර්මයෙහි.ඒවා මගින් ප්‍රත්‍යයෝපන්න වන ධර්ම තවත් විස්තර වෙනව. මෙහි විශේෂත්වය මේ පට්ඨාන ය ලියා ඇත්තේ කෙටි ක්‍රමයකින් නමුත් මෙය දිග හැරියහොත් මෙහි විශාල ත්වය අනන්තයි. මෙය දිග හැරිය හැකි ක්‍රම අදටත් උගෙන ගත හැකියි.කෙටියෙන් කීවොත් පට්ඨාන ධර්මය ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැක. නමුත් එය දැනුමක් නොව අවබෝධයක් බැවින් එය අවබෝධ කිරීම පුද්ගල ස්භාවය අනුව තීරණය වේ

    ප්‍රස්ථාන මහා ප්‍රකරණයෙහි දේශනය කොට ඇති හේතු ඵල ක්‍රමය ප්‍රස්ථාන ක්‍රමය ය. ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයෙහි අවිද්‍යාවදිය නිසා සංස්කාරාදීන්ගේ ඇතිවීම පමණක් උගන්වනවා මිස, අවිද්‍යාවෙහි මේ මේ ශක්ති විශේෂ ඇත්තේය, ඒ ශක්ති අතුරෙන් අසවල් අසවල් ශක්තිවලින් අසවල් අසවල් ආකාර වලින් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙනවාය නැතහොත් සංස්කාර උපදනවා ය කියා ඉගැන්වීමක් නැත්තේය. ප්‍රස්ථානයෙහි වනාහි පරමාර්ථ වූද, පරමාර්ථ නො වූ සියලුම ධර්මවල ඇති ප්‍රත්‍යය ශක්තීන් හා හේතු ආරම්මණාදී නොයෙක් ශක්ති වලින් ඒ ඒ ධර්ම ඒ ඒ ධර්මයන් ට ප්‍රත්‍යය වන ආකාරය උගන්වා ඇත්තේ ය.
    ------ Post added on Oct 10, 2021 at 4:25 AM