කරුණාව දක්වන්න

chin sara

Member
Aug 3, 2013
142
37
0
කරුණාව දක්වන්න

කරුණාව දක්වන්න

*හෝවාර්ඩ් කෙළී කියන්නේ කුඩා නගරයක ජීවත් වුන දුප්පත් ළමයෙක්,මෙයා ඉස්කෝලේ
යන්න සල්ලි හොයා ගත්තේ ගෙයින් ගෙට ගිහින් බඩු විකුණලා. දවසක් මෙයා වෙළදාමේ
යනකොට ලොකු බඩගින්නක් ආවා. ඒත් මෙයා ලග ඉතිරි වෙලා තිබුනේ බොහෝම සුලු මුදලක්
නිසා මෙයා හිතුවා ඊලගට යන ගෙදරින් කන්න දෙයක් ඉල්ලනවා කියලා. ඊලග ගෙදරට ගිහින්
දොරට තට්ටු කලාම දොර ඇරියේ ගොඩක් ලස්සන තරුණ ගෑණු ළමයෙක් නිසා මෙයාට කන්න
දෙයක් ඉල්ලන්න ලැජ්ජා හිතිලා බොන්න වතුර​ ටිකක් ඉල්ලුවා. ඇයට හිතුනා මේ පිරිමි
ළමයට ගොඩක් බඩගිනි පාටයි කියලා,ඒ නිසා වතුර වීදුරුවක් වෙනුවට කිරි වීදුරුවක්
ගිහින් හෝවාර්ඩ් කෙළීට දුන්නා.*
*හෝවාර්ඩ් කෙළී බොහෝම ආශාවෙන් මේ කිරි වීදුරුව පානය කරලා ඇහුවා*
*"මැඩම් මම ඔබට කොපමන ණයද" කියලා.*
*"ඔයා මට කීයක්වත් ණය නෑ" මදක් සිනාසුන ඇය කීවා "අපේ අම්මා කියලා තියනවා
කරුණාවෙන් දෙන දෙයට මුදල් ගන්න එපා කියලා".*
*"එහෙනම් මැඩම් මම මගේ හදවතින්ම ඔයාට ස්තූති කරනවා...ඔයාට ගොඩාක් ස්තූතියි
මැඩම්" කිව්ව හෝවාර්ඩ් කෙළී ආපහු යන්න පිටත් උනා.*
*ඒ ගෙදරින් පිට වෙනකොට බීපු කිරි වීදුරුව නිසා එයා ශාරීරිකව පමනක් නෙවේ
මානසිකවත් ගොඩක් ශක්තිමත් වෙලයි හිටියේ.මිනිසුන් ගැන එයාගේ තිබුන විශ්වාසය
ගොඩක් වැඩි උනා ඒ සිද්ධියෙන්.*
*මේ සිද්ධියෙන් පස්සේ වසර ගණනාවක් ගෙවිලා ගියා. හදිසියේම මේ කාන්තාව බරපතල
විදියට අසනීප උනා. ඇය ජීවත් වුන කුඩා නගරයේ වෛද්‍යවරුන්ට ඇගේ රෝගය නිශ්චය
කිරීමට නොහැකි වූ නිසා ඇයව විශාල නගරයක විශාල රෝහලක් වෙත යැවුවා. මේ වෙනකොට
වෛද්‍ය උපදේශකයෙක් ලෙස වෛද්‍ය හෝවාර්ඩ් කෙළී සේවය කලේත් මේ රෝහලේ. රෝහලේ
නේවාසිකව සිටින ගොඩක් දුර්ලභ රෝගයක් ඇති මේ කාන්තාවගේ පදිංචි නගරය තමන් ගේ
නගරයම බව දැන ගත් පසු වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඉක්මනින් ඇයව බලන්න ගියා. ඇය සිටින
කාමරයට ඇතුල් වී ඇයගේ මුහුන දුටු පමනින් වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඇයව හදුනා ගත්තා.
*
*එතැන් පටන් සති ගණනාවක් යන තුරු ඔහු ඇය වෙනුවෙන් කැප වී ඇයගේ රෝගය සුව කිරීමට
මහන්සි ගත්තා.ඔහුගේ මහත් කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇය සම්පූර්ණ සුවය
ලැබුවා,නමුත් තමන්ව සුව කලේ තමන් වසර ගණනාවකට පෙර කිරි වීදුරුවකින් සංග්‍රහ කල
ඒ කොලු ගැටයා බව හදුනා ගැනීමට ඇයට නොහිකි වුනා.*
*අවසානයේ ඇය රෝහලෙන් නික්ම යන දිනය උදා වුනා. ඇයගේ ප්‍රතිකාර සහ නේවාසිකව සිටි
කාලය සදහා වුන බිල් පත අවසන් අනුමැතිය සදහා වෛද්‍ය හෝවාර්ඩ් කෙළී වෙත ගෙන ආවා.
බිල් පත හොදින් පරීක්‍ෂා කල ඔහු එහි කොනක යමක් සටහන් කර ඔහුගේ මුද්‍රාව තබා
නැවත බාර දුන්නා.*
*කාන්තාව වෙත ගෙන ආ බිල් පත ඇයට බාර දුන්නා. ඇය සෙමින් එය විවෘත කලා,ජීවිත
කාලය පුරාම මහන්සි වුනත් ගෙවීමට නොහැකි විශාල මුදලක් එහි සටහන්ව ඇති බව ඇයට
හොදටම විශ්වාසයි. බිල්පත විවෘත කල විට එහි කොනක සටහන්ව ඇති යමක් වෙත ඇගේ
අවධානය යොමු වුනා.*
.
*"සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී"*
*සහතික කලේ,
වෛද්‍ය හෝවාර්ඩ් කෙළී.*
.
*ඔබට ජීවිතයේ හමුවන දුප්පත් පොහොසත් බාල මහලු සෑම කෙනෙකුටම කරුණාව දක්වන්න,
ඔහුට හෝ ඇයට ඔබෙන් ඉටුවිය යුතු යුතුකමක් ඇතිනම් එය ඉටු කරන්න.
යම් දිනක ඔබට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත.*


Coppied from http://prabashitha.blogspot.com