කරුමක්කාර සිතැත්තී

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    කරුමක්කාර සිතැත්තී

    ****************කරුමක්කාර සිතැත්තී**********************

    හන්ගාන උනු කදුලු වස්සානයේ හිනැහෙනා
    පලදවපු සේද සලු ටිකෙන් ටික වැහැරෙනා
    අතීතයේ ආ මගේ සිහින වැල් මියැදෙනා
    සිතැත්තී අපි අපේ නොව අද කිසිම දිනයක ලන් වෙනා....

    මට වඩා නුබ වසර ගනනක් වැඩිමහලු වි ඉපදිලා
    මවක් වි නුබ ආදරේ අඩු සැමියෙක්ට බිරිදක් වෙලා
    නුබේ පුතුගේ සිනහ කැන් අද නුබ ලගම නෑ නැවතිලා
    පොසතුන් පිරි මාලිගාවක නුබත් මෙහෙකාරිය වෙලා....

    සයිප්ප්‍රසයේ අදුරු අහසේ මලානික බව ගුලි වෙලා
    නුබේ දුක ඒ අහසවත් අද අහන්නේ නෑ ලන් වෙලා
    පාසලේදී ඒදා නුබ ඒ සිතූ දේ අද බොරු වෙලා
    නුබට පෙම් කල නුබේ පෙම්වත අද නුබේ ලග නැති නිසා.....

    ආදරේ ගැන තේරුමක් නෑ මගේ සිතුවිලි ගොලු වෙලා
    නුබ මවක් මා පොඩි එකෙක් වග හොදටෝම අමතක වෙලා
    ආදරේ නොලැබෙනා නුබ ගැන මගේ හිත නම් වද වෙනා
    සිතැත්ති අපි කෙදින හෝ වෙන් වේව් මේ ලොකු දුක දරා....

    නුබ ඉන්න තුරු සයිප්‍රසයේ ලගින් එන්නම් ලන් වෙලා
    නුබේ දිවියට පහන වෙන්නම් නුබේ දෙනුවන් සනසනා
    නුබ යලිත් මේ උපන් රට වෙත එන දිනේ අපි දුක දරා
    සිතැත්ති අපි වෙන් වෙලා යමු යලිදු කිසි දින නොම එනා....

    *************************මල් සිරි*****************


    FB එකෙන් ගත්තේ. ශ්‍රීමාල් සහෝගේ වැඩක්.
    මෙහි පුර්ණ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.


    අවසානයට මෙහෙමත් තිබුනා

    තමන්ගේ බිරිද නැගනිය පෙම්වතිය රට රැකියාවල යැවිමට පෙර මදක් සිතිය යුතුය. ඔවුන්ගේ කදුලින් උපයන මුදලින් සැපවත් ජිවිත ගත කරන්නට වෙර දරන නිවටයන් නොවන.දාඩිය මහන්සියෙන් කියක් හො උපයා.එයින් බිරිද,පෙම්වතිය.මව රැකිමට හැකි එල කිරි කොල්ලන් බිහි වේවා...