කලකට පසු කියවූ හොඳ දේශපාලන විග්‍රහයක්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,581
    5,571
    113

    දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු...!​

    -හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි

    Political-Gap.jpg



    (ලංකා ඊ නිව්ස් -2024.ජන.03, ප.ව.10.15)

    2024 අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි. ඒ ඛනිජ තෙල් මිල හා ගෑස් මිල නැවත වැඩි කිරීමෙනි. ඛනිජ තෙල් හා ගෑස් මිල වැඩිවීම ආණ්ඩුවේ වැට් බදු වැඩිකිරීමේ ප්‍රතිපලයකි. මීට සමගාමීව විදුලිය ජලය දුරකථන ඇතුලත් සංනිවේදන, ප්‍රවාහන ආදී සේවාවන් මෙන්ම භාණ්ඩවල ද මිල තවත් වටයකින් ඉහළ යනු ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේම වචන වලින් කියන පරිදි අසීරු තීරණ ලේසියෙන් ගනිමින් සිටියි. ඔහුටම ගැලපෙන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ ගැටලුවට අපූරු විසඳුමක් ජනමාධ්‍ය ඉදිරියේ හෙළි කොට ඇත. ඒ ඉහල යන භාණ්ඩ හා සේවා මිලට හරියන ලෙස ජනතාවගේ ආදායම වැඩි කිරීමයි.විසඳුම හොඳ වුණාට ඒ විසදුම ගෙන එන්නේ කොහොමදැයි ඔහු කිව්වේ නැත.

    අහසේ තරුයි මුහුදේ මඩයි..​

    ඉස්සර අප පුංචි උන් සමයේදී සෙල්ලම් කරද්දී කණාමැදිරියන් ඇල්ලීමට උත්සාහ කරන විට වැඩිහිටියෝ එය වැළක්වූහ. ඒ කණා මැදිරියා කෑවොත් බෙහෙත් කිරීම සඳහා අහසේ තරුයි මුහුදේ මඩයි ගේන්නට ඕනෑ බව කියමිනි. අහසේ තරුයි මුහුදේ මඩයි ගේන හැටි කවුරුවත් දැන සිටියේ නැත. පුංචි උන් වූ අප අහසේ තරුයි මුහුදේ මඩයි ගේන හැටි කල්පනා කරද්දී හද්දා ගැමියෙකු වූ අපේ ලොකු මාමා අපට විසඳුමක් ලබාදුන්නේ අහසේ තරු වෙනුවට කලා මැදිරියාගේ එලිය විහිදුවන පස්සා පැත්තත් මුහුදේ මඩ වෙනුවට ලුණු පොල් කට්ටේ පතුලේ බොරයත් ගත හැකියි කියාය. බේත දන්නා බැවින් ඉන්පසු අප කණා මැදිරියන් ඇල්ලීමට බය වුණේ නැත. දැන් ඉතින් මහ බැංකු අධිපති තුමාගේ ඉහළ යන බඩු මිල ප්‍රශ්නයට විසඳුම වන ආදායම වැඩිකරන ක්‍රමය ගැන අහගන්න අපේ ලොකු මාමා ජීවතුන් අතර නැතිවීම බරපතල පාඩුවකි.

    රනිල්ගේ ආණ්ඩුවට රටේ අර්බුදයට ඇති පිළියම වන්නේ අයි එම් එෆ් එකේ ඉලක්ක සම්පූර්ණ කර ඊට ලබාදෙන සංතෝෂම වන වාරික අටෙන් පංගුව ලබාගෙන ඒක පෙන්නුව පසු ලෝක බැංකුවෙන් දෙන ණය ලබා ගැනීම බව මේ කාලය තුළදී ඔප්පුකර හමාර ය.අයි එම් එෆ් ඉලක්ක හඹා යාමේදී ජනතාව පත්වන දැඩි පීඩනයට විසඳුම් ලෙස 2048 දියුණු රාජ්‍යයක් ඇති කර රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවට පොරොන්දුවක් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඔහුගේ ඇම්බැට්ට සගයනුත් නොපැකිල ක්‍රියා කරති.ඒ හරහා දරුවන් වෙනුවෙන් ඕනෑම දහ දුකක් විඳගැනීමේ දෙමාව්පිය ගුණයත් අවභාවිතා කිරීමට ආණ්ඩුව පෙළඹී ඇත.

    සජබයේ ඇඳුම් නැති සිංහ සෙයියාව...​

    ආණ්ඩුවේ කෙරුවාව එසේ තිබියදී ඒ සඳහා විකල්ප දිය යුතු අනිකුත් දේශපාලන පක්ෂ කරන දේත් සොයා බැලිය යුතු ය. විපක්ෂයේ ලොකුම පංගුව දරා සිටින සජබයේ මහා ආර්ථික විශේෂඥ ආචාර්‍ය හර්ෂද සිල්වාට අනුව අයි එම් එෆ් එක මිසක් වෙන විසඳුමක් නැත. සජබේ නායක සජිත්ට අනුව ආණ්ඩුව අයි එම් එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ හීන දීන ලෙසය. ඔහු කියන්නේ තමා ආවොත් සිංහ සෙයියාවෙන් අයි එම් එෆ් එකත් සමග ගනුදෙනු කරන බව ය. අප කාටත් තේරෙන සිංහ සෙයියාව වන්නේ ඇඳුම් නැතිව සිටීමයි. ඒ නිසා විපක්ෂ නායක අයිඑම් එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සිංහ සෙයියාවෙන් විය යුතු ය.අනික් අතට කොහොමටත් සජබයට ඉදිරියේදී සිටින්න වෙන්නේ ඇඳුම් නැති සිංහ සෙයියාවෙන්‍මය.මක් නිසාද යත් පසුගිය කාලයේ රට ආර්ථිකය අර්බුදයට යැවීම ගැන ශ්‍රේෂ්ථාධිකරණය ඉදිරියට ගොස් මූලික අයිතිවාසිකම්වල කැඩුවේ යැයි කියා ගෝඨාගේ ආණ්ඩුවේ හත් අට දෙනෙකුට විරුද්ධව නඩු දැම්මේ සජබයේ බුද්ධි මණ්ඩලයේ ඉන්නා තුන් දෙනෙකි. මේ තුන්දෙනාගේ නඩුවේ කියා ඇත්තේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු තුනකි.

    1.) 2019 දී ගොඨා ආණ්ඩුව බදු අඩු කිරීම
    2.) අයි එම් එෆ් එකේ උදව්ව නොඉල්ලීම
    3) ඩොලරයේ අගය වෙළඳ පොලේ තීරණය වන්නට නොදී රඳවාගෙන සිටීම

    නඩුව ගැන කියමින් "දැන් සැප දැ?යි" අහන කොට..​

    දැන් ඉතින් ඒ විද්වතුන්ට කිව යුත්තේ බදූ උපරිමයෙනුත් එහාට වැඩිකර අයි එම් එෆ් එක කියන විදියට හැර කිසිම දෙයක් නොකරන හා ඩොලරයේ අගය වෙළඳ පොලෙන් තීරණය වන රටක් හදා ඇති බව ය.ඒ අයගේ නඩුව නිමිත්තට අනුව නම් දැන් ඉතින් අර්බුදය නිම වී උස්මුරුත්තාවට කා බී ප්‍රීතියෙන් සැනහී වදාරණ ජනතාවක් මෙහි සිටිය යුතු ය. නමුත් ඇත්ත තත්වය නම් එදාටත් වඩා ජනතාවට අමාරු ය. එදා අතේ තිබුණු සල්ලි වලට බඩු ගන්න බඩු නැති නිසා පෝලිමේ සිට මියගිය රටේ අද කඩේ තියන බඩු ගන්න අතේ මිටේ සල්ලි නැති නිසා ගෙදර ඉඳගෙනම බඩගින්නේ මිය යන්න සිදුව ඇත්තේ ය. වෙනස ඇත්තේ පෝලිමේදී මළොත් දේශපාලන මිනී මැරුමක් වීමත් ගෙදර මළාම එය ස්වාභාවික මරණයක් වීමත් යන හැඳින්වීමත් පමණි.ඒනිසාම හෙට අනිද්දා ඔය නඩුව ගැන කියමින් "දැන් සැප දැ?යි" අහන කොට සජබෙට ඉන්න වෙන්නේ අර සිංහ සෙයියාවෙන් පස්ස බිම ඇනගෙන ය.

    ජාජබ කියන හැටියට අවුරුදු 75 ක්ම පාලකයන් හොරකම් කළා නම්..​


    ඊළඟට විපක්ෂේ බලවේගය ජාජබය ය.ජාජබය කියන දේ කැටි කර ගත් කළ රටේ මේ සේරම ප්‍රශ්නවලට එකම හේතුව පාලකයින් හොරකම් කිරීම ය .ඔවුන්ට අනුව කෙටි කලක් නොව අවුරුදු හැත්තෑ පහක්ම පාලකයින් හොරකම් කර ඇත. ඒ තියරිය අනුව නම් ඩී එස් සේනානායක, සර් ජෝන් කොතලාවල, ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බන්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන යන පාලකයින් සියල්ලෝම ජනතාවගේ දේවල් හොරකම් කළ අය වෙති. ඩී එස්ගේ ආණ්ඩුව අනුන් ගෙන් සත පහක් වත් ණයට නොගෙන අදත් ලංකාවේ විශාලම වාරිමාර්ග යෝජනා ක්‍රමය වන ගල් ඔය යෝජනා ක්‍රමය අවුරුදු තුනෙන් හදා අවසන් කර අක්කර එක්ලක්ෂ විසි දාහකට යල මහ වවන්න වතුර දී කළේ මහා හොරකමක් විය යුතුය. ඩඩ්ලි සේනානායක හතර වරක් රටේ අගමැතිකම් කර මැරෙන කොට පෞද්ගලික මුදල් ඉතිරිය හැටියට රුපියල් හාරසිය ගණනක් තිබුණේ හොරකම් කළ මුදලේ ශේෂය විය යුතුය. සර් ජෝන් කොතලාවල තමන් ජීවත් වූ නිවසත් ගෙවත්තත් ආණ්ඩුවටම ලියා දී මියගියේ ඒවා හොරකම් කළ ධනයෙන් උපයාගත් ඒවා නිසා විය යුතු ය. බණ්ඩාරනායක බෞද්ධ භික්ෂුවකුගෙන් වෙඩි කා මළේ තම ගජ මිතුරකු වූ මාපිටිගම බුද්ධරක්ඛිතට නැව් කොම්පැනියක් දාගෙන වරායේ බිස්නස් හසුරුවන්න ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම නිසා යැයි උසාවියේ හෙළි වූ කතාව ද අමූලික බොරු විය යුතුය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ අක්කර හාරදහසක් පමණ රජයට අයිති වෙන ලෙස නීති හැදුවේ හොර හිතින් වියයුතු ය.

    හොරකම නැති කිරීමෙන් රට හදනවා යනු හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන් පොරොන්දුව වැනි රැවටිල්ලකි..​

    ජාජබ දර්ශනය අනුව හොරකම හේතුව නිසා විසඳුම හොරකම නැති කිරීම ය. එසේ හොරකම නැතිකර හොරකම් කළ දේ ආපසු ගත් පසු රට ඉබේම දියුණු වේ. ලෝකයේ විධිමත් රාජ්‍යයන් ආරම්භ වීමෙන් පසු හොරකම නැතිකිරීම ඒ සෑම රාජ්‍යකම ප්‍රධානතම උත්සාහයක් විය. හොරු ඇල්ලීමට හා ද‍ඬුවම් දීමට ඒ සෑම රාජ්‍යකම බලවත් රාජ්‍ය තන්ත්‍ර ස්ථාපිත කර ඇත. නමුත් හොරකම මුළුමනින්ම නතර කළ රාජ්‍යයක් නම් සොයා ගත නොහැක. සොරකම ක්‍රෝධය, වෛරය ආදී චේතනාවන් පහල වන්නේ මිනිස් සිත් තුළ. මිනිස් සිතේ පහලවන එබඳු චේතනා ඉටුකර ගැලවී සිටින්නට පුලුවන් පරිසරයක් ඇතැයි සිතෙන්නේ නම් බොහෝ දෙනෙකු හොරකම සිදු කිරීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා හොරකම ඇතුලු සමාජ විරෝධී දේට අහිතකර පාලන තන්ත්‍රයක් නිර්මාණය කිරීම මගින් එබඳු සමාජ විරෝධී දේ අවම කිරීමට ක්‍රියා කරනවා හැර හොරකම නැති කිරීම තුළින්‍ රට හදනවා යනු හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන් පොරොන්දුව වැනි රැවටිල්ලකි. නමුත් මෙය අනුන් රැවටීමක් ද නැතහොත් තමන්ම රවටා ගැනීමක් ද යන්න පැහැදිලි නැත. සිය දේශපාලන ව්‍යාපාරය සඳහා හොරකම, මංකොල්ල කෑම, පොදු දේපල විනාශ කිරීම කළ දේශපාලන ව්‍යාපාරයක් ඒවා ගැන වරද පිළිගෙන නිවැරදි නොවී හොරකම නතර කරනවා කීමම විහිළුවකි.


    පොහොට්ටු මළ ගෙදර ඉතුරුව ඇත්තේ බූරු ගසන්නට සෙට් වූ එවුන් ටික පමණි..​

    පොහොට්ටුව දැන් සිටින්නේ හරහට පත බැවී ගෙන ය.පසුගිය කාලය තුළ සිදු වූ සංවර්ධන ප්‍රයත්නයන් බරපතල ලෙස අවභාවිතා කිරීම සහ නූතනයට කෙසේ වත් නොගැලපෙන වැඩවසම්වාදී දේශපාලන කෝෂයෙන් පිටතට ඒමට නොහැකි වීම ඒ සඳහා වන ප්‍රධාන හේතූන් ලෙස පෙනෙයි. දැන් පැරණි චණ්ඩි කම් තව දුරටත් කළ නොහැකි බව දැනෙමින් පවතී. දැනට පොහොට්ටු මළ ගෙදර ඉතුරුව ඇත්තේ බූරු ගසන්නට සෙට් වූ එවුන් ටික පමණය.ඔවුහු බූරුගහන ගමන් මළ එකා ජීවත්ව සිටියදී කළ වීරවික්‍රම පම්පෝරි සිහිපත් කරමින් ස්වයං මෝහනයට පත්වෙනවාට වැඩි දෙයක් නොකරති. ඊට වැඩි දෙයක් උන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.

    රට ඉදිරියේ ප්‍රබල දේශපාලන හිඩැසක් තිබේ..​

    මේ නිසා රට ඉදිරියේ ප්‍රබල දේශපාලන හිඩසක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය .ශ්‍රී ලංකාව දේශපාලනිකව ස්ථාවර කිරීමටත් ගෝලීය ආර්ථිකය හා සමපාත වන ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමටත් අතිශය වැදගත් ය. එමෙන්ම නීතිය හා සාමය මැනවින් ස්ථාපිත රාජ්‍යයක් බව තහවුරු කිරීමටත් විවිධ ජන සංස්කෘතීන්වලට අයත් සැම කොටසකටම සමාන අවස්ථාවන් හා පිළිගැනීම සහිත රාජ්‍ය පාලනයක් තහවුරු කිරීමටත් අනිවාර්ය වශයෙන් කළ යුතුය. එමෙන්ම අන්තර් ජාතික මහබලවතුන්ගේ අතකොලුවක් නොවූ ස්වාධීන මිත්‍රශීලී නොබැඳි රාජ්‍ය පාලනයක් තහවුරු කිරීම ද කළ යුතුම වේ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ව්‍යාපාරයකට හොඳ ඉඩක් දැන් රටේ නිර්මණය වී ඇත. ඒ උදෙසා නිවැරදි ව්‍යාපාරයක් බිහි නොවුණොත් පවතින අබල දුබල අංග විකල දේශපාලන කඳවුරකින්ම මේ හිඩස පුරවා දැමීමට ජනතාවට සිදුවන්නේ දුර පෙනෙන සුනිල විලට වඩා ළඟ පෙනෙන ගවර වල හොඳය යන න්‍යායට අනුව ය. එය රට අඳුරින් අඳුරටම ඇද දැමීමක් වනු ඇත.

    -සුනිල් කන්නන්ගර​

    හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති

    From LankaEnews
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,247
    12,320
    113
    ලබ්බේ ධෙස්පාලන හිඩැසක් නා
    මිනිස්සුන්ගේ හැටියට තමයි නායකයොත් , මොකද උන් රටින් ගෙන්නන යැයි .

    මේරට කවදාවත් වෙනස් වෙන්නේ නා,
    අද දවසේ දැක්ක දේවල් වලින් තේරුම් ගත්තේ මේ රටේ මේ තියන විදිය වැරදි කියල තේරුම් ගත්තු මිනිස්සු දැන් ටික ටික යනවා
    ඉන්න ගොඩක් උන් කොච්ච්ර කිවත් දෙයක් පිළිගන්නේ නැතුව මේ විදියටම ඉන්නවා
    හැම එකාම අනික් උන් වෙනස් කරන්න හදනවා මිසක් දෙයක් තේරුම් අරං වෙනස් වෙන්නේ නා

    අනික් උන්ට බැන බැන ඉන්නවා ...

    තව අවුරුදු 25-50 යනකොට හොදම මෝඩයෝ ටික විතරක් මේ රටේ ඉතුරු වෙයි
    අනික් උන් එක දෙන්න කොහොම හරි රටින් යනවා :-(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,877
    27,546
    113
    විශ්‍රාම ගිහිං ඉද්දි පාළුව මකා ගන්න ලියන නිසඳැස්. ඔය පරණ ලොක්කන්ට කොච්චර උගත් උනත් ශ්‍රීලංකා, ගූඇන්පී දෙකට තියෙන වහල් ලව් එක අතඇරගන්න බෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,336
    47,074
    113
    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ අක්කර හාරදහසක් පමණ රජයට අයිති වෙන ලෙස නීති හැදුවේ හොර හිතින් වියයුතු ය.

    *ත්ති කෑවා රට කැපිටාල් එක නැති කරලා.
    සල්ලි තිබ්බ උන් රටින් ගියා ඒ කරපු මැටි හරක් වැඩෙන්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,744
    20,053
    113
    ලංකා e news කාගේ ද? කාට ද ඒ අය support 🙄🧐
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,069
    2,711
    113
    Nevermind, we will vote for NPP this time.

    Lets worry about the rest later.

    We cannot keep on electing the same old rogues for ever. For good or for bad, for better or for worse, we will elect the lesser of the evils.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,934
    8,167
    113
    ලංකා e news කාගේ ද? කාට ද ඒ අය support 🙄🧐
    දැන් කරන්නේ සඳරුවන් නෙවෙයි කියලා කතාවක් තියෙනවා නේද බන් , උන්ගේ කාට ද support කියලා හිතාගන්න අමාරුයි වගේ සමහර පොස්ට් වල හැටියට
     
    • Like
    Reactions: B.Chat

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    764
    830
    93
    ලබ්බේ ධෙස්පාලන හිඩැසක් නා
    මිනිස්සුන්ගේ හැටියට තමයි නායකයොත් , මොකද උන් රටින් ගෙන්නන යැයි .

    මේරට කවදාවත් වෙනස් වෙන්නේ නා,
    අද දවසේ දැක්ක දේවල් වලින් තේරුම් ගත්තේ මේ රටේ මේ තියන විදිය වැරදි කියල තේරුම් ගත්තු මිනිස්සු දැන් ටික ටික යනවා
    ඉන්න ගොඩක් උන් කොච්ච්ර කිවත් දෙයක් පිළිගන්නේ නැතුව මේ විදියටම ඉන්නවා
    හැම එකාම අනික් උන් වෙනස් කරන්න හදනවා මිසක් දෙයක් තේරුම් අරං වෙනස් වෙන්නේ නා

    අනික් උන්ට බැන බැන ඉන්නවා ...

    තව අවුරුදු 25-50 යනකොට හොදම මෝඩයෝ ටික විතරක් මේ රටේ ඉතුරු වෙයි
    අනික් උන් එක දෙන්න කොහොම හරි රටින් යනවා :-(
    මේක මාත් විශ්වාස කරනව බන්. democracy කියන්නෙ ඒක තමා. පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ ගොඩක් හොරු, වංචාකාරයො කියන්නෙ මොකද ලංකාවෙ බහුතරයක් හොරු වංචාකාරයො නිසා. උන් චන්දෙ දෙන්නෙ එහෙම මිනිස්සුන්ට. හොඳ මිනිස්සු බහුතරයක් ඉන්නවනම් උන් කවදාවත් එහෙම උන්ට චන්දෙ දෙන්නෙ නෑනෙ. ඒ නිසා මේක හැමදාම දියුණු වෙමින් පවතිනම රටක් විතරයි හැමදාම. ලංකාවෙ මිනිස්සුම තමා මේ රට මෙහෙම වෙනවට වගකියන්න ඕන. පාර්ලිමේන්තුවෙ උන්වත් රාජ්‍ය නිලදාරීන්ටත් වඩා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,744
    20,053
    113
    දැන් කරන්නේ සඳරුවන් නෙවෙයි කියලා කතාවක් තියෙනවා නේද බන් , උන්ගේ කාට ද support කියලා හිතාගන්න අමාරුයි වගේ සමහර පොස්ට් වල හැටියට
    ඒක තමයි. හිතා ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: hi.dushan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,707
    56,227
    113
    දැන් කරන්නේ සඳරුවන් නෙවෙයි කියලා කතාවක් තියෙනවා නේද බන් , උන්ගේ කාට ද support කියලා හිතාගන්න අමාරුයි වගේ සමහර පොස්ට් වල හැටියට
    ena onama anduwaka weradi wiwechanaya karanawa, redi galawanawa.
    rajapakshala lankaenews kiuwoth redde rewenewa a tharan rajapakshala baya, e news eke hitapu prageeth eknaligoda maruweth rajapakshala thamai

    @2osama @netudara @nicjosh83 AKA @John Dutton ehema neda, eknaligoda maruwe rajapakshala neda???
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,471
    113
    දැන් අර හොරා කන සෙට් එක නැති හින්දා ඉතුරු වෙන බිලියන ගණන්වලින් බදු සහන එහෙම දෙන්න බෑලුද? අඩු ගානේ ලුණු ලේවායක් වත් ගහපන්.
     
    • Haha
    Reactions: Janatha Jhon