Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කලකට පසු කියවූ හොඳ දේශපාලන විග්‍රහයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු...!

-හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජන.03, ප.ව.10.15)

2024 අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි. ඒ ඛනිජ තෙල් මිල හා ගෑස් මිල නැවත වැඩි කිරීමෙනි. ඛනිජ තෙල් හා ගෑස් මිල වැඩිවීම ආණ්ඩුවේ වැට් බදු වැඩිකිරීමේ ප්‍රතිපලයකි. මීට සමගාමීව විදුලිය ජලය දුරකථන ඇතුලත් සංනිවේදන, ප්‍රවාහන ආදී සේවාවන් මෙන්ම භාණ්ඩවල ද මිල තවත් වටයකින් ඉහළ යනු ඇත. ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජන රජයේ පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේම වචන වලින් කියන පරිදි අසීරු තීරණ ලේසියෙන් ගනිමින් සිටියි. ඔහුටම ගැලපෙන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ ගැටලුවට අපූරු විසඳුමක් ජනමාධ්‍ය ඉදිරියේ හෙළි කොට ඇත. ඒ ඉහල යන භාණ්ඩ හා සේවා මිලට හරියන ලෙස ජනතාවගේ ආදායම වැඩි කිරීමයි.විසඳුම හොඳ වුණාට ඒ විසදුම ගෙන එන්නේ කොහොමදැයි ඔහු කිව්වේ නැත.

අහසේ තරුයි මුහුදේ මඩයි..

ඉස්සර අප පුංචි උන් සමයේදී සෙල්ලම් කරද්දී කණාමැදිරියන් ඇල්ලීමට උත්සාහ කරන විට වැඩිහිටියෝ එය වැළක්වූහ. ඒ කණා මැදිරියා කෑවොත් බෙහෙත් කිරීම සඳහා අහසේ තරුයි මුහුදේ මඩයි ගේන්නට ඕනෑ බව කියමිනි. අහසේ තරුයි මුහුදේ මඩයි ගේන හැටි කවුරුවත් දැන සිටියේ නැත. පුංචි උන් වූ අප අහසේ තරුයි මුහුදේ මඩයි ගේන හැටි කල්පනා කරද්දී හද්දා ගැමියෙකු වූ අපේ ලොකු මාමා අපට විසඳුමක් ලබාදුන්නේ අහසේ තරු වෙනුවට කලා මැදිරියාගේ එලිය විහිදුවන පස්සා පැත්තත් මුහුදේ මඩ වෙනුවට ලුණු පොල් කට්ටේ පතුලේ බොරයත් ගත හැකියි කියාය. බේත දන්නා බැවින් ඉන්පසු අප කණා මැදිරියන් ඇල්ලීමට බය වුණේ නැත. දැන් ඉතින් මහ බැංකු අධිපති තුමාගේ ඉහළ යන බඩු මිල ප්‍රශ්නයට විසඳුම වන ආදායම වැඩිකරන ක්‍රමය ගැන අහගන්න අපේ ලොකු මාමා ජීවතුන් අතර නැතිවීම බරපතල පාඩුවකි.

රනිල්ගේ ආණ්ඩුවට රටේ අර්බුදයට ඇති පිළියම වන්නේ අයි එම් එෆ් එකේ ඉලක්ක සම්පූර්ණ කර ඊට ලබාදෙන සංතෝෂම වන වාරික අටෙන් පංගුව ලබාගෙන ඒක පෙන්නුව පසු ලෝක බැංකුවෙන් දෙන ණය ලබා ගැනීම බව මේ කාලය තුළදී ඔප්පුකර හමාර ය.අයි එම් එෆ් ඉලක්ක හඹා යාමේදී ජනතාව පත්වන දැඩි පීඩනයට විසඳුම් ලෙස 2048 දියුණු රාජ්‍යයක් ඇති කර රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවට පොරොන්දුවක් දීමට ජනාධිපති රනිල් වික්රමසිංහත් ඔහුගේ ඇම්බැට්ට සගයනුත් නොපැකිල ක්‍රියා කරති.ඒ හරහා දරුවන් වෙනුවෙන් ඕනෑම දහ දුකක් විඳගැනීමේ දෙමාව්පිය ගුණයත් අවභාවිතා කිරීමට ආණ්ඩුව පෙළඹී ඇත.

සජබයේ ඇඳුම් නැති සිංහ සෙයියාව...

ආණ්ඩුවේ කෙරුවාව එසේ තිබියදී ඒ සඳහා විකල්ප දිය යුතු අනිකුත් දේශපාලන පක්ෂ කරන දේත් සොයා බැලිය යුතු ය. විපක්ෂයේ ලොකුම පංගුව දරා සිටින සජබයේ මහා ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂද සිල්වාට අනුව අයි එම් එෆ් එක මිසක් වෙන විසඳුමක් නැත. සජබේ නායක සජිත්ට අනුව ආණ්ඩුව අයි එම් එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ හීන දීන ලෙසය. ඔහු කියන්නේ තමා ආවොත් සිංහ සෙයියාවෙන් අයි එම් එෆ් එකත් සමග ගනුදෙනු කරන බව ය. අප කාටත් තේරෙන සිංහ සෙයියාව වන්නේ ඇඳුම් නැතිව සිටීමයි. ඒ නිසා විපක්ෂ නායක අයිඑම් එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සිංහ සෙයියාවෙන් විය යුතු ය.අනික් අතට කොහොමටත් සජබයට ඉදිරියේදී සිටින්න වෙන්නේ ඇඳුම් නැති සිංහ සෙයියාවෙන්මය.මක් නිසාද යත් පසුගිය කාලයේ රට ආර්ථිකය අර්බුදයට යැවීම ගැන ශ්‍රේෂ්ථාධිකරණය ඉදිරියට ගොස් මූලික අයිතිවාසිකම්වල කැඩුවේ යැයි කියා ගෝඨාගේ ආණ්ඩුවේ හත් අට දෙනෙකුට විරුද්ධව නඩු දැම්මේ සජබයේ බුද්ධි මණ්ඩලයේ ඉන්නා තුන් දෙනෙකි. මේ තුන්දෙනාගේ නඩුවේ කියා ඇත්තේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු තුනකි.

1.) 2019 දී ගොඨා ආණ්ඩුව බදු අඩු කිරීම

2.) අයි එම් එෆ් එකේ උදව්ව නොඉල්ලීම

3) ඩොලරයේ අගය වෙළඳ පොලේ තීරණය වන්නට නොදී රඳවාගෙන සිටීම

නඩුව ගැන කියමින් "දැන් සැප දැ?යි" අහන කොට..

දැන් ඉතින් ඒ විද්වතුන්ට කිව යුත්තේ බදූ උපරිමයෙනුත් එහාට වැඩිකර අයි එම් එෆ් එක කියන විදියට හැර කිසිම දෙයක් නොකරන හා ඩොලරයේ අගය වෙළඳ පොලෙන් තීරණය වන රටක් හදා ඇති බව ය.ඒ අයගේ නඩුව නිමිත්තට අනුව නම් දැන් ඉතින් අර්බුදය නිම වී උස්මුරුත්තාවට කා බී ප්‍රීතියෙන් සැනහී වදාරණ ජනතාවක් මෙහි සිටිය යුතු ය. නමුත් ඇත්ත තත්වය නම් එදාටත් වඩා ජනතාවට අමාරු ය. එදා අතේ තිබුණු සල්ලි වලට බඩු ගන්න බඩු නැති නිසා පෝලිමේ සිට මියගිය රටේ අද කඩේ තියන බඩු ගන්න අතේ මිටේ සල්ලි නැති නිසා ගෙදර ඉඳගෙනම බඩගින්නේ මිය යන්න සිදුව ඇත්තේ ය. වෙනස ඇත්තේ පෝලිමේදී මළොත් දේශපාලන මිනී මැරුමක් වීමත් ගෙදර මළාම එය ස්වාභාවික මරණයක් වීමත් යන හැඳින්වීමත් පමණි.ඒනිසාම හෙට අනිද්දා ඔය නඩුව ගැන කියමින් "දැන් සැප දැ?යි" අහන කොට සජබෙට ඉන්න වෙන්නේ අර සිංහ සෙයියාවෙන් පස්ස බිම ඇනගෙන ය.

ජාජබ කියන හැටියට අවුරුදු 75 ක්ම පාලකයන් හොරකම් කළා නම්..

ඊළඟට විපක්ෂේ බලවේගය ජාජබය ය.ජාජබය කියන දේ කැටි කර ගත් කළ රටේ මේ සේරම ප්‍රශ්නවලට එකම හේතුව පාලකයින් හොරකම් කිරීම ය .ඔවුන්ට අනුව කෙටි කලක් නොව අවුරුදු හැත්තෑ පහක්ම පාලකයින් හොරකම් කර ඇත. ඒ තියරිය අනුව නම් ඩී එස් සේනානායක, සර් ජෝන් කොතලාවල, ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බන්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන යන පාලකයින් සියල්ලෝම ජනතාවගේ දේවල් හොරකම් කළ අය වෙති. ඩී එස්ගේ ආණ්ඩුව අනුන් ගෙන් සත පහක් වත් ණයට නොගෙන අදත් ලංකාවේ විශාලම වාරිමාර්ග යෝජනා ක්‍රමය වන ගල් ඔය යෝජනා ක්‍රමය අවුරුදු තුනෙන් හදා අවසන් කර අක්කර එක්ලක්ෂ විසි දාහකට යල මහ වවන්න වතුර දී කළේ මහා හොරකමක් විය යුතුය. ඩඩ්ලි සේනානායක හතර වරක් රටේ අගමැතිකම් කර මැරෙන කොට පෞද්ගලික මුදල් ඉතිරිය හැටියට රුපියල් හාරසිය ගණනක් තිබුණේ හොරකම් කළ මුදලේ ශේෂය විය යුතුය. සර් ජෝන් කොතලාවල තමන් ජීවත් වූ නිවසත් ගෙවත්තත් ආණ්ඩුවටම ලියා දී මියගියේ ඒවා හොරකම් කළ ධනයෙන් උපයාගත් ඒවා නිසා විය යුතු ය. බණ්ඩාරනායක බෞද්ධ භික්ෂුවකුගෙන් වෙඩි කා මළේ තම ගජ මිතුරකු වූ මාපිටිගම බුද්ධරක්ඛිතට නැව් කොම්පැනියක් දාගෙන වරායේ බිස්නස් හසුරුවන්න ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම නිසා යැයි උසාවියේ හෙළි වූ කතාව ද අමූලික බොරු විය යුතුය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ අක්කර හාරදහසක් පමණ රජයට අයිති වෙන ලෙස නීති හැදුවේ හොර හිතින් වියයුතු ය.

හොරකම නැති කිරීමෙන් රට හදනවා යනු හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන් පොරොන්දුව වැනි රැවටිල්ලකි..

ජාජබ දර්ශනය අනුව හොරකම හේතුව නිසා විසඳුම හොරකම නැති කිරීම ය. එසේ හොරකම නැතිකර හොරකම් කළ දේ ආපසු ගත් පසු රට ඉබේම දියුණු වේ. ලෝකයේ විධිමත් රාජ්‍යයන් ආරම්භ වීමෙන් පසු හොරකම නැතිකිරීම ඒ සෑම රාජ්‍යකම ප්‍රධානතම උත්සාහයක් විය. හොරු ඇල්ලීමට හා දඬුවම් දීමට ඒ සෑම රාජ්‍යකම බලවත් රාජ්‍ය තන්ත්ර ස්ථාපිත කර ඇත. නමුත් හොරකම මුළුමනින්ම නතර කළ රාජ්‍යයක් නම් සොයා ගත නොහැක. සොරකම ක්‍රෝධය, වෛරය ආදී චේතනාවන් පහල වන්නේ මිනිස් සිත් තුළ. මිනිස් සිතේ පහලවන එබඳු චේතනා ඉටුකර ගැලවී සිටින්නට පුලුවන් පරිසරයක් ඇතැයි සිතෙන්නේ නම් බොහෝ දෙනෙකු හොරකම සිදු කිරීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා හොරකම ඇතුලු සමාජ විරෝධී දේට අහිතකර පාලන තන්ත්රයක් නිර්මාණය කිරීම මගින් එබඳු සමාජ විරෝධී දේ අවම කිරීමට ක්‍රියා කරනවා හැර හොරකම නැති කිරීම තුළින් රට හදනවා යනු හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන් පොරොන්දුව වැනි රැවටිල්ලකි. නමුත් මෙය අනුන් රැවටීමක් ද නැතහොත් තමන්ම රවටා ගැනීමක් ද යන්න පැහැදිලි නැත. සිය දේශපාලන ව්‍යාපාරය සඳහා හොරකම, මංකොල්ල කෑම, පොදු දේපල විනාශ කිරීම කළ දේශපාලන ව්‍යාපාරයක් ඒවා ගැන වරද පිළිගෙන නිවැරදි නොවී හොරකම නතර කරනවා කීමම විහිළුවකි.

පොහොට්ටු මළ ගෙදර ඉතුරුව ඇත්තේ බූරු ගසන්නට සෙට් වූ එවුන් ටික පමණි..

පොහොට්ටුව දැන් සිටින්නේ හරහට පත බැවී ගෙන ය.පසුගිය කාලය තුළ සිදු වූ සංවර්ධන ප්රයත්නයන් බරපතල ලෙස අවභාවිතා කිරීම සහ නූතනයට කෙසේ වත් නොගැලපෙන වැඩවසම්වාදී දේශපාලන කෝෂයෙන් පිටතට ඒමට නොහැකි වීම ඒ සඳහා වන ප්‍රධාන හේතූන් ලෙස පෙනෙයි. දැන් පැරණි චණ්ඩි කම් තව දුරටත් කළ නොහැකි බව දැනෙමින් පවතී. දැනට පොහොට්ටු මළ ගෙදර ඉතුරුව ඇත්තේ බූරු ගසන්නට සෙට් වූ එවුන් ටික පමණය.ඔවුහු බූරුගහන ගමන් මළ එකා ජීවත්ව සිටියදී කළ වීරවික්රම පම්පෝරි සිහිපත් කරමින් ස්වයං මෝහනයට පත්වෙනවාට වැඩි දෙයක් නොකරති. ඊට වැඩි දෙයක් උන්ගෙන් බලාපොරොත්තු විය නොහැක.

රට ඉදිරියේ ප්‍රබල දේශපාලන හිඩැසක් තිබේ..

මේ නිසා රට ඉදිරියේ ප්‍රබල දේශපාලන හිඩසක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය .ශ්‍රී ලංකාව දේශපාලනිකව ස්ථාවර කිරීමටත් ගෝලීය ආර්ථිකය හා සමපාත වන ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමටත් අතිශය වැදගත් ය. එමෙන්ම නීතිය හා සාමය මැනවින් ස්ථාපිත රාජ්‍යයක් බව තහවුරු කිරීමටත් විවිධ ජන සංස්කෘතීන්වලට අයත් සැම කොටසකටම සමාන අවස්ථාවන් හා පිළිගැනීම සහිත රාජ්‍ය පාලනයක් තහවුරු කිරීමටත් අනිවාර්ය වශයෙන් කළ යුතුය. එමෙන්ම අන්තර් ජාතික මහබලවතුන්ගේ අතකොලුවක් නොවූ ස්වාධීන මිත්‍රශීලී නොබැඳි රාජ්‍ය පාලනයක් තහවුරු කිරීම ද කළ යුතුම වේ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ව්‍යාපාරයකට හොඳ ඉඩක් දැන් රටේ නිර්මණය වී ඇත. ඒ උදෙසා නිවැරදි ව්‍යාපාරයක් බිහි නොවුණොත් පවතින අබල දුබල අංග විකල දේශපාලන කඳවුරකින්ම මේ හිඩස පුරවා දැමීමට ජනතාවට සිදුවන්නේ දුර පෙනෙන සුනිල විලට වඩා ළඟ පෙනෙන ගවර වල හොඳය යන න්‍යායට අනුව ය. එය රට අඳුරින් අඳුරටම ඇද දැමීමක් වනු ඇත.

-සුනිල් කන්නන්ගර

හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති

From LankaEnews

[QUOTE="1sam, post: 29490934, member: 557062"] [HEADING=3]දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු...![/HEADING] -හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි [IMG]https://s3.lankaenews.com/si_news_image/Political-Gap.jpg[/IMG] (ලංකා ඊ නිව්ස් -2024.ජන.03, ප.ව.10.15) 2024 අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි. ඒ ඛනිජ තෙල් මිල හා ගෑස් මිල නැවත වැඩි කිරීමෙනි. ඛනිජ තෙල් හා ගෑස් මිල වැඩිවීම ආණ්ඩුවේ වැට් බදු වැඩිකිරීමේ ප්‍රතිපලයකි. මීට සමගාමීව විදුලිය ජලය දුරකථන ඇතුලත් සංනිවේදන, ප්‍රවාහන ආදී සේවාවන් මෙන්ම භාණ්ඩවල ද මිල තවත් වටයකින් ඉහළ යනු ඇත. ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජන රජයේ පාර්ලිමේන්තුවෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේම වචන වලින් කියන පරිදි අසීරු තීරණ ලේසියෙන් ගනිමින් සිටියි. ඔහුටම ගැලපෙන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ ගැටලුවට අපූරු විසඳුමක් ජනමාධ්‍ය ඉදිරියේ හෙළි කොට ඇත. ඒ ඉහල යන භාණ්ඩ හා සේවා මිලට හරියන ලෙස ජනතාවගේ ආදායම වැඩි කිරීමයි.විසඳුම හොඳ වුණාට ඒ විසදුම ගෙන එන්නේ කොහොමදැයි ඔහු කිව්වේ නැත. [HEADING=3]අහසේ තරුයි මුහුදේ මඩයි..[/HEADING] ඉස්සර අප පුංචි උන් සමයේදී සෙල්ලම් කරද්දී කණාමැදිරියන් ඇල්ලීමට උත්සාහ කරන විට වැඩිහිටියෝ එය වැළක්වූහ. ඒ කණා මැදිරියා කෑවොත් බෙහෙත් කිරීම සඳහා අහසේ තරුයි මුහුදේ මඩයි ගේන්නට ඕනෑ බව කියමිනි. අහසේ තරුයි මුහුදේ මඩයි ගේන හැටි කවුරුවත් දැන සිටියේ නැත. පුංචි උන් වූ අප අහසේ තරුයි මුහුදේ මඩයි ගේන හැටි කල්පනා කරද්දී හද්දා ගැමියෙකු වූ අපේ ලොකු මාමා අපට විසඳුමක් ලබාදුන්නේ අහසේ තරු වෙනුවට කලා මැදිරියාගේ එලිය විහිදුවන පස්සා පැත්තත් මුහුදේ මඩ වෙනුවට ලුණු පොල් කට්ටේ පතුලේ බොරයත් ගත හැකියි කියාය. බේත දන්නා බැවින් ඉන්පසු අප කණා මැදිරියන් ඇල්ලීමට බය වුණේ නැත. දැන් ඉතින් මහ බැංකු අධිපති තුමාගේ ඉහළ යන බඩු මිල ප්‍රශ්නයට විසඳුම වන ආදායම වැඩිකරන ක්‍රමය ගැන අහගන්න අපේ ලොකු මාමා ජීවතුන් අතර නැතිවීම බරපතල පාඩුවකි. රනිල්ගේ ආණ්ඩුවට රටේ අර්බුදයට ඇති පිළියම වන්නේ අයි එම් එෆ් එකේ ඉලක්ක සම්පූර්ණ කර ඊට ලබාදෙන සංතෝෂම වන වාරික අටෙන් පංගුව ලබාගෙන ඒක පෙන්නුව පසු ලෝක බැංකුවෙන් දෙන ණය ලබා ගැනීම බව මේ කාලය තුළදී ඔප්පුකර හමාර ය.අයි එම් එෆ් ඉලක්ක හඹා යාමේදී ජනතාව පත්වන දැඩි පීඩනයට විසඳුම් ලෙස 2048 දියුණු රාජ්‍යයක් ඇති කර රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන බවට පොරොන්දුවක් දීමට ජනාධිපති රනිල් වික්රමසිංහත් ඔහුගේ ඇම්බැට්ට සගයනුත් නොපැකිල ක්‍රියා කරති.ඒ හරහා දරුවන් වෙනුවෙන් ඕනෑම දහ දුකක් විඳගැනීමේ දෙමාව්පිය ගුණයත් අවභාවිතා කිරීමට ආණ්ඩුව පෙළඹී ඇත. [HEADING=3]සජබයේ ඇඳුම් නැති සිංහ සෙයියාව...[/HEADING] ආණ්ඩුවේ කෙරුවාව එසේ තිබියදී ඒ සඳහා විකල්ප දිය යුතු අනිකුත් දේශපාලන පක්ෂ කරන දේත් සොයා බැලිය යුතු ය. විපක්ෂයේ ලොකුම පංගුව දරා සිටින සජබයේ මහා ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂද සිල්වාට අනුව අයි එම් එෆ් එක මිසක් වෙන විසඳුමක් නැත. සජබේ නායක සජිත්ට අනුව ආණ්ඩුව අයි එම් එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ හීන දීන ලෙසය. ඔහු කියන්නේ තමා ආවොත් සිංහ සෙයියාවෙන් අයි එම් එෆ් එකත් සමග ගනුදෙනු කරන බව ය. අප කාටත් තේරෙන සිංහ සෙයියාව වන්නේ ඇඳුම් නැතිව සිටීමයි. ඒ නිසා විපක්ෂ නායක අයිඑම් එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සිංහ සෙයියාවෙන් විය යුතු ය.අනික් අතට කොහොමටත් සජබයට ඉදිරියේදී සිටින්න වෙන්නේ ඇඳුම් නැති සිංහ සෙයියාවෙන්මය.මක් නිසාද යත් පසුගිය කාලයේ රට ආර්ථිකය අර්බුදයට යැවීම ගැන ශ්‍රේෂ්ථාධිකරණය ඉදිරියට ගොස් මූලික අයිතිවාසිකම්වල කැඩුවේ යැයි කියා ගෝඨාගේ ආණ්ඩුවේ හත් අට දෙනෙකුට විරුද්ධව නඩු දැම්මේ සජබයේ බුද්ධි මණ්ඩලයේ ඉන්නා තුන් දෙනෙකි. මේ තුන්දෙනාගේ නඩුවේ කියා ඇත්තේ ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු තුනකි. 1.) 2019 දී ගොඨා ආණ්ඩුව බදු අඩු කිරීම 2.) අයි එම් එෆ් එකේ උදව්ව නොඉල්ලීම 3) ඩොලරයේ අගය වෙළඳ පොලේ තීරණය වන්නට නොදී රඳවාගෙන සිටීම [HEADING=3]නඩුව ගැන කියමින් "දැන් සැප දැ?යි" අහන කොට..[/HEADING] දැන් ඉතින් ඒ විද්වතුන්ට කිව යුත්තේ බදූ උපරිමයෙනුත් එහාට වැඩිකර අයි එම් එෆ් එක කියන විදියට හැර කිසිම දෙයක් නොකරන හා ඩොලරයේ අගය වෙළඳ පොලෙන් තීරණය වන රටක් හදා ඇති බව ය.ඒ අයගේ නඩුව නිමිත්තට අනුව නම් දැන් ඉතින් අර්බුදය නිම වී උස්මුරුත්තාවට කා බී ප්‍රීතියෙන් සැනහී වදාරණ ජනතාවක් මෙහි සිටිය යුතු ය. නමුත් ඇත්ත තත්වය නම් එදාටත් වඩා ජනතාවට අමාරු ය. එදා අතේ තිබුණු සල්ලි වලට බඩු ගන්න බඩු නැති නිසා පෝලිමේ සිට මියගිය රටේ අද කඩේ තියන බඩු ගන්න අතේ මිටේ සල්ලි නැති නිසා ගෙදර ඉඳගෙනම බඩගින්නේ මිය යන්න සිදුව ඇත්තේ ය. වෙනස ඇත්තේ පෝලිමේදී මළොත් දේශපාලන මිනී මැරුමක් වීමත් ගෙදර මළාම එය ස්වාභාවික මරණයක් වීමත් යන හැඳින්වීමත් පමණි.ඒනිසාම හෙට අනිද්දා ඔය නඩුව ගැන කියමින් "දැන් සැප දැ?යි" අහන කොට සජබෙට ඉන්න වෙන්නේ අර සිංහ සෙයියාවෙන් පස්ස බිම ඇනගෙන ය. [HEADING=3]ජාජබ කියන හැටියට අවුරුදු 75 ක්ම පාලකයන් හොරකම් කළා නම්..[/HEADING] ඊළඟට විපක්ෂේ බලවේගය ජාජබය ය.ජාජබය කියන දේ කැටි කර ගත් කළ රටේ මේ සේරම ප්‍රශ්නවලට එකම හේතුව පාලකයින් හොරකම් කිරීම ය .ඔවුන්ට අනුව කෙටි කලක් නොව අවුරුදු හැත්තෑ පහක්ම පාලකයින් හොරකම් කර ඇත. ඒ තියරිය අනුව නම් ඩී එස් සේනානායක, සර් ජෝන් කොතලාවල, ඇස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බන්ඩාරනායක, ජේ ආර් ජයවර්ධන යන පාලකයින් සියල්ලෝම ජනතාවගේ දේවල් හොරකම් කළ අය වෙති. ඩී එස්ගේ ආණ්ඩුව අනුන් ගෙන් සත පහක් වත් ණයට නොගෙන අදත් ලංකාවේ විශාලම වාරිමාර්ග යෝජනා ක්‍රමය වන ගල් ඔය යෝජනා ක්‍රමය අවුරුදු තුනෙන් හදා අවසන් කර අක්කර එක්ලක්ෂ විසි දාහකට යල මහ වවන්න වතුර දී කළේ මහා හොරකමක් විය යුතුය. ඩඩ්ලි සේනානායක හතර වරක් රටේ අගමැතිකම් කර මැරෙන කොට පෞද්ගලික මුදල් ඉතිරිය හැටියට රුපියල් හාරසිය ගණනක් තිබුණේ හොරකම් කළ මුදලේ ශේෂය විය යුතුය. සර් ජෝන් කොතලාවල තමන් ජීවත් වූ නිවසත් ගෙවත්තත් ආණ්ඩුවටම ලියා දී මියගියේ ඒවා හොරකම් කළ ධනයෙන් උපයාගත් ඒවා නිසා විය යුතු ය. බණ්ඩාරනායක බෞද්ධ භික්ෂුවකුගෙන් වෙඩි කා මළේ තම ගජ මිතුරකු වූ මාපිටිගම බුද්ධරක්ඛිතට නැව් කොම්පැනියක් දාගෙන වරායේ බිස්නස් හසුරුවන්න ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම නිසා යැයි උසාවියේ හෙළි වූ කතාව ද අමූලික බොරු විය යුතුය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ අක්කර හාරදහසක් පමණ රජයට අයිති වෙන ලෙස නීති හැදුවේ හොර හිතින් වියයුතු ය. [HEADING=3]හොරකම නැති කිරීමෙන් රට හදනවා යනු හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන් පොරොන්දුව වැනි රැවටිල්ලකි..[/HEADING] ජාජබ දර්ශනය අනුව හොරකම හේතුව නිසා විසඳුම හොරකම නැති කිරීම ය. එසේ හොරකම නැතිකර හොරකම් කළ දේ ආපසු ගත් පසු රට ඉබේම දියුණු වේ. ලෝකයේ විධිමත් රාජ්‍යයන් ආරම්භ වීමෙන් පසු හොරකම නැතිකිරීම ඒ සෑම රාජ්‍යකම ප්‍රධානතම උත්සාහයක් විය. හොරු ඇල්ලීමට හා දඬුවම් දීමට ඒ සෑම රාජ්‍යකම බලවත් රාජ්‍ය තන්ත්ර ස්ථාපිත කර ඇත. නමුත් හොරකම මුළුමනින්ම නතර කළ රාජ්‍යයක් නම් සොයා ගත නොහැක. සොරකම ක්‍රෝධය, වෛරය ආදී චේතනාවන් පහල වන්නේ මිනිස් සිත් තුළ. මිනිස් සිතේ පහලවන එබඳු චේතනා ඉටුකර ගැලවී සිටින්නට පුලුවන් පරිසරයක් ඇතැයි සිතෙන්නේ නම් බොහෝ දෙනෙකු හොරකම සිදු කිරීමට පැකිලෙන්නේ නැත. ඒ නිසා හොරකම ඇතුලු සමාජ විරෝධී දේට අහිතකර පාලන තන්ත්රයක් නිර්මාණය කිරීම මගින් එබඳු සමාජ විරෝධී දේ අවම කිරීමට ක්‍රියා කරනවා හැර හොරකම නැති කිරීම තුළින් රට හදනවා යනු හඳෙන් හාල් ගෙනත් දෙන බවට දුන් පොරොන්දුව වැනි රැවටිල්ලකි. නමුත් මෙය අනුන් රැවටීමක් ද නැතහොත් තමන්ම රවටා ගැනීමක් ද යන්න පැහැදිලි නැත. සිය දේශපාලන ව්‍යාපාරය සඳහා හොරකම, මංකොල්ල කෑම, පොදු දේපල විනාශ කිරීම කළ දේශපාලන ව්‍යාපාරයක් ඒවා ගැන වරද පිළිගෙන නිවැරදි නොවී හොරකම නතර කරනවා කීමම විහිළුවකි. [HEADING=3]පොහොට්ටු මළ ගෙදර ඉතුරුව ඇත්තේ බූරු ගසන්නට සෙට් වූ එවුන් ටික පමණි..[/HEADING] පොහොට්ටුව දැන් සිටින්නේ හරහට පත බැවී ගෙන ය.පසුගිය කාලය තුළ සිදු වූ සංවර්ධන ප්රයත්නයන් බරපතල ලෙස අවභාවිතා කිරීම සහ නූතනයට කෙසේ වත් නොගැලපෙන වැඩවසම්වාදී දේශපාලන කෝෂයෙන් පිටතට ඒමට නොහැකි වීම ඒ සඳහා වන ප්‍රධාන හේතූන් ලෙස පෙනෙයි. දැන් පැරණි චණ්ඩි කම් තව දුරටත් කළ නොහැකි බව දැනෙමින් පවතී. දැනට පොහොට්ටු මළ ගෙදර ඉතුරුව ඇත්තේ බූරු ගසන්නට සෙට් වූ එවුන් ටික පමණය.ඔවුහු බූරුගහන ගමන් මළ එකා ජීවත්ව සිටියදී කළ වීරවික්රම පම්පෝරි සිහිපත් කරමින් ස්වයං මෝහනයට පත්වෙනවාට වැඩි දෙයක් නොකරති. ඊට වැඩි දෙයක් උන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. [HEADING=3]රට ඉදිරියේ ප්‍රබල දේශපාලන හිඩැසක් තිබේ..[/HEADING] මේ නිසා රට ඉදිරියේ ප්‍රබල දේශපාලන හිඩසක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය .ශ්‍රී ලංකාව දේශපාලනිකව ස්ථාවර කිරීමටත් ගෝලීය ආර්ථිකය හා සමපාත වන ලෙස ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමටත් අතිශය වැදගත් ය. එමෙන්ම නීතිය හා සාමය මැනවින් ස්ථාපිත රාජ්‍යයක් බව තහවුරු කිරීමටත් විවිධ ජන සංස්කෘතීන්වලට අයත් සැම කොටසකටම සමාන අවස්ථාවන් හා පිළිගැනීම සහිත රාජ්‍ය පාලනයක් තහවුරු කිරීමටත් අනිවාර්ය වශයෙන් කළ යුතුය. එමෙන්ම අන්තර් ජාතික මහබලවතුන්ගේ අතකොලුවක් නොවූ ස්වාධීන මිත්‍රශීලී නොබැඳි රාජ්‍ය පාලනයක් තහවුරු කිරීම ද කළ යුතුම වේ. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ව්‍යාපාරයකට හොඳ ඉඩක් දැන් රටේ නිර්මණය වී ඇත. ඒ උදෙසා නිවැරදි ව්‍යාපාරයක් බිහි නොවුණොත් පවතින අබල දුබල අංග විකල දේශපාලන කඳවුරකින්ම මේ හිඩස පුරවා දැමීමට ජනතාවට සිදුවන්නේ දුර පෙනෙන සුනිල විලට වඩා ළඟ පෙනෙන ගවර වල හොඳය යන න්‍යායට අනුව ය. එය රට අඳුරින් අඳුරටම ඇද දැමීමක් වනු ඇත. [HEADING=3]-සුනිල් කන්නන්ගර[/HEADING] හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති From LankaEnews [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom