කලත්මා නෝනගේ වීඩියෝ එක ගැන මගේ මතය

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    එළකිරි එකේ මහත්තුරුන්ට මට මේ ටික කියන්ට ඕන කියල හිතුන

    මහත්තයෝ අපි තනිය එක්ක ඔට්ටු වෙලා, සතා සීපාවගෙන් හේන කුඹුර බොහොම අමාරුවෙන් බේරගෙන ජීවත් වෙන මිනිස්සු

    ඔහෙල වගේ අපි ලස්ස ගණන් පඩි හොයන, කොළඹ රටේ කරක් ගහන මහත්තුරු නෙමෙයි

    අපි ඔහෙට එන්නේ ලෙඩකට දුකකට බෙහෙතක් ගන්න ඕන උනොත්, නැත්තන් දරු මල්ලෙක්ට අවුරුද්දට ඇඳුමක් ගන්න පිටකොටුවට එන්න උනොත් විතරයි.

    එහෙව් එකේ මන් දැක්ක කලත්මා කියල කොළඹ රටේ ඉංගිරීසි කතා කරන වැදගත් නෝන මහත්තයෙක් ටික්ටොක් එකේ අපේ රටේ නළු නිලියෝ ගැන මොනාදෝ විස්තරයක් දාල තිබ්බ .

    ඒකේ කොමෙන්ටු ඔක්කොම ඉන්ගිරීසියෙන් දාල තිබ්බෙ වැදගත් පවුල් වල කොල්ලො කුරුට්ටො . මන් දැක්ක ඒ මහත්තුරු වියලි කලාපේ අපිට ඒව කියවන්න බෑ කියල සිරික්කි කරල තිබ්බ.

    අනේ මහත්තයෝ හේන් කුඹුරු කරන අපිට මොන ඉන්ගිරීසිද

    ඉතින් මන් බොහොම කරුණාවෙන් ඉල්ලනව අනේ මහත්තයෝ අපිට හිනා වෙන්ට එපා. ඔහෙල වගේ වැදගත් පවුල් වල මිනිස්සු නෙමෙයි නොවෑ අපි.

    ඔව් අපිට ඉංගිරීසි බෑ. එහෙම පුළුවන් උනානං අපිත් ආසයි ඉතින් ඔහොම දූපයක් රස විනිදින්න
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,430
    113
    මැදමහනුවර
    RGYNV4P.jpeg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කලිසම ඉරුනට හරියට ඒක පෙන්නෑ
    අම්මා හොදට මහල දුන්නා ඒකට බය නෑ
    උඩ බොත්තමේ ගහලා තියේන කටුව පෙන්නෑ
    සෙරප්පු දෙක හොදට ගෙවිලා දැක්කොත් හරි නෑ