.:: කලාගාරයක් වූ න්‍යෂ්ටික බංකරය ::.
පැරණි යුගෝස්ලාවියාවේ මේ රහසිගත න්‍යෂ්ටික බංකරය දැන් කලාගාරයකි.
මේ බංකරය ඉදි කෙරුණේ යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙනි.
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් මාෂල් ටිටෝ, ඔහුගේ බිරිඳ සහ අනෙක් වැදගත් නිලධාරීන්ට සැඟවීම සඳහා ඉදි කෙරුණු මේ බංකරය හැඳින්වුණේ ‘D-0 ARK ටිටෝ ගේ න්‍යෂ්ටික බංකරය’ යනුවෙනි.
Josip Broz Tito
“ටිටෝ සහ ඔහුගේ බිරිඳ ඇතුළු යුගෝස්ලාවියාවේ වැදගත්ම පුද්ගලයන් 350 ස් දෙනා වෙනුවෙන් මේ බංකරය ඉදිකිරීමට හේතුව සීතල යුද්ධය පිළිබඳව එදා පැවති බිය,” බව D-0 ARK හි මිර්නස් බජිච් ගයිඩ් (Mirnes Bajic Guide) පවසයි.
“සීතල යුද සමයට අයත් මේ බංකරය දශක ගණනාවක් රහසක්ව තිබුණා. දැන් එය සියලු දෙනාටම විවෘතයි, ඒත් න්‍යෂ්ටික බංකරයේ මූලිකාංග තවමත් ඒ විදියටම තියෙනවා.”
වැනිසියේ කලා උළෙලේදී සිය රට නියෝජනය කරනව කලාකරුවන් 76 දෙනෙකු ඇතුලු කලාකරුවන් 106 කගේ කලා කෘති 137 ක් දැන් මේ බංකරය තුළ ප්‍රදර්ශනය කෙරේ.
“සමහර විශේෂඥයන් කියන විදියට ගිනිකොන දිග යුරෝපයේ හොඳම නූතන කලා කෘති එකතුව මේකයි,” මිර්නස් බජිච් ගයිඩ් විස්තර කළේය.
“මේ බංකරය ඇතුළට එන පුද්ගලයන්ට, මේ කලා කෘති හරහා අතීතයට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම අනාගතය හෝ වර්තමානය ගැන හිතන්න මේ කලා කෘති ඔවුන් පොළඹවනවා.”