කලියුග බුදුවරු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කලියුග බුදුවරු

7120_1118544249396_1400719116_30322437_6991881_n%255B1%255D.jpg



ලංකාව වූකලී බුද්ධ සමාජයකින් සජ්ජිත රටෙකි. ඒ අතරම ධර්මය තුලින් සිය ජීවිකාව සරිකරගන්නා වූ අයද සමාජයට දායාද කරවූ රටෙකි. නොයෙක මිත්‍යා විශවාසයන් පෙරදැරි කරගෙන සමාජය තුල මාකට් කරගත හැකි ආකාරයේ මතයක් නිර්මාණය කරගෙන ඊට යම් ආගමක මතයක්ද සම්බන්ධ කිරීමෙන් උක්ත මතයේ විශ්වාසී බව තව තවත් ඔප් නංවා ගත හැකි බව දන්නා අය අතර මේ මෛත්‍රී බුදුන් යැයි කියාගන්නා අයද සිටිති. උදය ගම්මන්පිලගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව නම් මේ වන විට පිස්සන්කොටුවේ ගාල් කර ඇති මෛත්‍රී බුදුවරු ගණන 18කි.., ඒ මීට පෙර කලියුගයේ අකලට පහල වූ අයය. ගම්මන්පිලගේ මතයට අනුව මෙහි 19 වැන්නා ලෙස ගාල් කල යුත්තේ හිමි වරුන් ඡන්දය ඉල්ලනවාට විරුද්ධව පනතක් සම්මත කරගන්නට වෙහෙස වන විජයදාස රාජපක්ෂ ය. එහෙත් රචකයාගේ මතය මීට එදිරිව ගලන්නකි.., ඔහුගේ මතය 19 වැන්නා වියයුත්තේ විජයදාසයන් නොව සිරිවර්ධන අංකල්හු බවයි

සිරිවර්ධන.., තවත් පැහැදිලි කරනවා නම් මෛත්‍රී බුදුන් ලෙස මේ වන විට සත් මහල් ප්‍රාසාදයක [තනමින් පවතින] සිය කාර්යය කරමින් මිනිසුන් වෙත තමාගේ නිර්මාණ ලෙස බුදුබණ ඉදිරිපත් කරන සිරිවර්ධන කේ. ලොකුගේ නම් වන මේ මනුස්සයා පිළිබඳව කෙටියෙන් ලියන මේ බ්ලොගයේ සටහනක් නොතැබුවෝතින්, ඒ බ්ලොගයේ විවිධත්ව ගණපූරණයේ අඩුවක් වනු නිසැකය.


රචකයාට පෙනෙනා ආකාරයට මාකටියර් කෙනෙකු ලෙස සිරිවර්ධන අංකල්හුගේ ඇප්‍රෝචය සුපිරි බවින් අනූනය.., උහු සිය පය තබන්නේ කල් යල් බලා ය, නිදර්ශනයක් ලෙස සමාජය තුලට දැනෙන ලෙස සිරිවර්ධනගේ භූමිකාව එක්වන්නේ ලංකාවට සුනාමිය පැමිණ වෙරළබඩ ජනතාවගේ සියල්ලම සුන්නද්ධූලි කර දැමූ පසුවය.., අනාථවූ ජනතාව සිය හිත සනහා ගන්නට මඟක් සොයනා මොහොතක සිරිවර්ධන පැමිණ අවස්ථාවෙනි නිසි ලෙස ප්‍රයෝජන ගනිමින් සිය ඊනියා ධර්මය ජනතාව අතරට ගෙනයාමට අඩිතාලම දැමීය. අඩියෙන් අඩිය පැමිණි ගමනේ මර්මස්ථානය ලෙස උස්මූර්තියට පත් එක් අවස්ථාවන් නම් ආචාර්ය[?] තිස්ස සේනානායක සහ ඔහුගේ බිරින්දෑව "සිරිවර්ධනං සරණං ගච්චාමී" කියවාලන්නට සියලු කටයුතු සැලැස්වූ පසුවය.
ඔබට සිරිවර්ධන ලෙස සිංහල යුනොකෝඩ් වලින් යතුරු කර ගූගල් හරහා සෙවුමක් දමා සොයා බැලිය හැකිනම් ඔහු ගැන සියල්ලම නොවුනත් බොහෝ තොරතුරු සොයාගත හැකිය.

මෙයට දශක කීපයකට [50හේ දශකය අග හෝ 60 දශකය මුල අතර]පෙර කන්දේ විහාරයේ මේ වැනිම මෛත්‍රී බුදුන් කෙනෙකු සිට ඇත.., එහෙත් ඔහු ගැන ගම් වාසීන් සහ විහාර හිමිනම ගෙන් පමණක් විමසා තොරතුරු සොයාගත හැකිවූ නමුත් එවකට පාසල් යන දැරියකව සිටි අපේ අම්මාගේ මතකයට අනුව නම් පොහොය දිනෙක විහාර බෝධි වෘක්ෂය මතට නැඟි එක්තරා පුද්ගලයෙක් තමා මෛත්‍රී බුදුන් වහන්සේ බවත් තමා මේ ආකාරයෙන් ඇසතු ගසකට නැඟී සිටියේ ජනතාවට ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරදීමට බවත් තමාගේ ක්‍රියාවලින් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි වනු ඇති බව පවසා දෙනෝදාහක් මධ්‍යයේ උහු බෝගසින් බිමට පැන දිවි තොරකර ගෙන ඇත.., මේ තත්ත්වය වාසනාවකට මෙන් සිරිවර්ධන අංකල්හුට උදා නොවුනේ උහු වටා සිටින එහෙයියන් සහ අන්තර් ජාතික කොනෙක්සන් සහිත උවැසියන් සිටිනා නිසා විය හැකිය. දිවි තොර කරගැනීමෙන් තමන්ට කිසිවක් නොවනා බවත් මේ ආකාරයෙන් ධර්මය අවබෝධ කරවීමෙන් යටිමඩිය තර කර ගත හැකි සහ තමා නැති කල එහෙයියන් මෙය ඌණව හෝ ඉදිරියට ගෙනියනු ඇති බවට ඇති අනාගත දැක්ම නිසා බව රචකයාගේ විශ්වාසයයි.


මෙවැනි බුදුවරු තව තවත් සසිරි පිරි මෙ සිරිලක පහල වනු ඇත. එතෙක් අප කලයුත්තේ කලියුගයේ වෙන ගොංකං වලට සාධුකාර දෙමින් තව තවත් බකං නිලාගෙන සිටීමය.

:angry:


ලියන මම Lishan Puwakowita
Code:
http://nonedit.blogspot.com/
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
බුදුවරු කියලා මිනිස්සු පෙනිහිටියට මේ කිසිම කෙනෙක් මිනිස්සුන්ව බලෙන් ඇදලා ගන්නේ නෑ තමන්ගේ දේ අහන්න කියලා. මිනිස්සු යනවා මිසක් මේ අයගේ ඒවා අහන්න. වැරද්ද තියෙන්නේ ඒවා අහන්න යන මිනිස්සුන්ගෙයි. අද ගොඩක් ඉන්නේ නමට බෞද්ධ පන්සල් ගිහින් නෑ සමහර බෞද්ධයෝ අවුරුදු ගාණකින්,
ධර්මයේ තියෙන දේ පිළිපදින්නේ නෑ , එහෙම නොකර වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට බනිනවා සාසනය කනවා කියලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1430366
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බුදුවරු කියලා මිනිස්සු පෙනිහිටියට මේ කිසිම කෙනෙක් මිනිස්සුන්ව බලෙන් ඇදලා ගන්නේ නෑ තමන්ගේ දේ අහන්න කියලා. මිනිස්සු යනවා මිසක් මේ අයගේ ඒවා අහන්න. වැරද්ද තියෙන්නේ ඒවා අහන්න යන මිනිස්සුන්ගෙයි. අද ගොඩක් ඉන්නේ නමට බෞද්ධ පන්සල් ගිහින් නෑ සමහර බෞද්ධයෝ අවුරුදු ගාණකින්,
ධර්මයේ තියෙන දේ පිළිපදින්නේ නෑ , එහෙම නොකර වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට බනිනවා සාසනය කනවා කියලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1430366

තොට ඊයෙ දීපු රෙප් ආපහු ගන්න තිබුනනම්... :D:D:D
 

Similar threads