Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'KA'

"ඔවුන් දෙදෙන එකිනෙකා දෙස බලාගත් අතර, ඔවුන් අතර වූ හැගීම් අතරට හදිසි ගැඹුරු ස්වභාවයක් එක් වී තිබිනි. නිවැසියා සිටගෙන සිටියේ ඔහුගේ දුහුවිලි ඇවිස්සෙන සුළු වියලි බිම් කඩ මතය. තුවක්කුකරු සිටියේ, කාන්තාරය කරා මදින් මද පහත් වී යන කොන්ක්‍රීට් ලෑල්ලක් බදු, කර්කශ සහ දෘඩ පොලොව මතය. ඔහු තම ගිනි ගල ගැනීමට සැරසුනේය.

"ඕං" බ්‍රවුන්, ගෙන්දගම් හිසින් යුතු ගිනි කූරක් කොතැනක හෝ තිබී ඇදගත් අතර, ඔහු එයට දැළිකුණු තැවරුණු ඇණයකින් පහර දුන්නේය. එයින් හටගත් ගිනි දැල්ල කරා තුවක්කුකරු තම දුම් වැටි අගිස්ස යොමුකර, වැටියෙන් නැගුනු දුම ඇද්දේය.

"ස්තූතියි"

"ඔහේට ඔය වතුර මළු පුරවා ගන්න වෙයි" නිවැසියා ඉවත හැරෙමින් කීය. "වතුර බුබුලක් තියනවා ආං අර පිලිකන්නේ වහලේ යට. මම රෑ සප්පායම ලෑස්ති කොරන්න තොලොංචි වෙනවා."

තුවක්කුකරු ඉරිගු ගස් පේලි මතින් පරෙස්සමින් අඩි තබමින්, ගෙපැල පිටුපසට ගමන් කලේය. ජල බුබුල තිබුනේ, අතින් සාරන ලද ලිදක පතුලේය. ලිද වටා එක පෙලට විශාල කළු ගල් අතුරා තිබුනේ, දූහුවිලි සහිත පස ලිද තුලට නොවැටෙනු පිනිසය. ඔහු වැනෙන සෙලවෙන ඉණිගම පහලට බසින්නට විය. ලිද වටා ඇති ගල් වැටිය සෑදීම පිනිස වසර දෙකක් පමන ගෙවී යන්නට ඇතැයි යන්න සිතාගැනීම ඔහුට පහසු කාරියක් විය. මන්ද යත්, ගල් එසේ සකස් කිරීමට ඒවා ඔසවාගෙන විත්, ඇදගෙන විත්, නිවැරදි ස්ථාන වල තැබිය යුතු වූ හෙයිනි. ජලය බොර නොවූ පැහැදිලි ඒවා වුවද, ජල බුබුලෙන් වතුර ගැලුවේ ඉතා සෙමිනි. මෙහෙයින් ජල බෑගයන්ට වතුර පිරවීම බොහෝ කාලයක් ගත වෙන සුළු දුෂ්කර ක්‍රියාවක් විය. ඔහු එසේ කරමින් සිටින විට, සොල්ටන් ලිං ගැටිය මතට පැමින ඇණ තබා ගත්තේය.

"තොටයි තොගෙ බූරුවටයි කෙලවිලා පල" ඌ උපදෙස් දුනි.

තුවක්කුකරු එම හඩින් තිගැස්සී ඉහල බැලීය. ඉණිමග අඩි පහලොවක් පමන දිගු වූයේය: බ්‍රවුන්ට ඔහු මත කළු ගලක් හෙලා, ඔහුගේ ඔළුව පලා, ඔහු සතුව තිබූ සියළු දෑ සොරකම් කිරීමට ඒ ගැඹුර ඉතා ප්‍රමාණවත් විය. පිස්සෙකු හෝ ලාදුරු රෝගියෙකු නම් එසේ නොකරනු ඇත. එහෙත් බ්‍රවුන් යනු ඒ දෙකින් එකකු හෝ වූයේ නැත. එහෙත් ඔහු බ්‍රවුන් ගැන පැහැදී සිටි හෙයින්, එම අදහස හිසින් ඉවත් කර දමා, දෙවියන්ගේ කැමැත්ත පරිදි ලැබුනු ජලයෙන් තම ඉතිරි බෑගයන්ද පුරවා ගති. දෙවියන් කැමැත්ත දැක්වූ වෙනත් කාරණාවන්, ඔහුගේ නොව 'කා' ගේ රාජකාරියකි (පරිවර්තක: 'කා' යනු සරල ලෙස 'දෛවය' ලෙස හැදින්විය හැකිය. සියළු මිනිසුන් සහ සතුන් [මිය ගිය හෝ ජීවත් වන] සිදු කරන දෑ ඔවුන් සිදු කරනුයේ 'කා' යන ගූඩ සහ අභිරහස් බලවේගයේ පෙළඹවීමෙනි. 'කා' යනු උසස් භාෂිතයේ වදනකි. එය ක්‍රියාවන් සිදු කිරීමේ 'සැලැස්මක්' නොවන අතර, එය ජීවිතය පිලිබද නියාමකයක් හෝ ගමනස්ථානයක් හුවා දක්වන්නක් සේ සැලකිය හැකිය. එය යහපත් හෝ අයහපත් හෝ බලයක් ලෙස සැලකිය නොහැකි අතර, එය ඒ දෙ අන්තයෙන්ම ක්‍රියා කරයි. මෙනිසා එයට කුශලාකුශල ලක්ෂණයන් නැත. එමෙන්ම, එය ජීවන ශක්තියද, විඥ්ඥාණයද, කිසිවෙකුගේ ජීවන කර්තව්‍යය සහ දෛවය ලෙසද සැලකිය හැක. පහත් භාෂිතයෙන් නම්, හුදෙක් එහි අර්ථය වන්නේ 'කිසිවෙකු යා යුතු ස්ථානය' යන්නයි.).

ඔහු ගෙපැලෙහි දොරින් ඇතුළු වී, තරප්පු පෙල බැස යන විට (ගෙපැලෙහි සත්‍ය වාසස්ථානය සාදා තිබුනේ බිම් මට්ටමට පහතිනි. එසේ කර තිබුනේ, රාත්‍රියේ ඇති ශිතය ගෙපැල තුල රදවාගෙන, එයින් දහවලේ රශ්මිය අවම කර ගැනීමටය), බ්‍රවුන් පසුවූයේ දැඩි දැවයෙන් කල ගොරහැඩි, පුළුල් 'ස්පැචුලා' පිහියකින් ඉරිගු ගෙඩි මත ඉහලට එසවී ඇති කොල කපමින්, ඒවා කුඩා ගිනිමැලයක ඇති දැවෙන අගුරු මතට දමමිනි. එලා තිබූ අළු-දුඹුරු පැහැති බ්ලැන්කටයක දෙකෙලවරෙහි, කඩතොලු වූ පිගන් දෙකක් තබා තිබිනි. ගින්නට ඉහලින් එල්වා තිබූ සැලිය තුල ඇති බෝංචි මාලුවෙහි ජලය මේ දැන් බුබුළු දමන්නට පටන්ගෙන තිබුනේය.

"මම වතුරටත් ගෙවන්නම්"

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20934681, member: 495054"] [IMG]http://vignette2.wikia.nocookie.net/darktower/images/d/d9/220px-Ka_symbol.svg.png/revision/latest/scale-to-width-down/180?cb=20110301023758[/IMG][SIZE=4]'KA' "ඔවුන් දෙදෙන එකිනෙකා දෙස බලාගත් අතර, ඔවුන් අතර වූ හැගීම් අතරට හදිසි ගැඹුරු ස්වභාවයක් එක් වී තිබිනි. නිවැසියා සිටගෙන සිටියේ ඔහුගේ දුහුවිලි ඇවිස්සෙන සුළු වියලි බිම් කඩ මතය. තුවක්කුකරු සිටියේ, කාන්තාරය කරා මදින් මද පහත් වී යන කොන්ක්‍රීට් ලෑල්ලක් බදු, කර්කශ සහ දෘඩ පොලොව මතය. ඔහු තම ගිනි ගල ගැනීමට සැරසුනේය. "ඕං" බ්‍රවුන්, ගෙන්දගම් හිසින් යුතු ගිනි කූරක් කොතැනක හෝ තිබී ඇදගත් අතර, ඔහු එයට දැළිකුණු තැවරුණු ඇණයකින් පහර දුන්නේය. එයින් හටගත් ගිනි දැල්ල කරා තුවක්කුකරු තම දුම් වැටි අගිස්ස යොමුකර, වැටියෙන් නැගුනු දුම ඇද්දේය. "ස්තූතියි" "ඔහේට ඔය වතුර මළු පුරවා ගන්න වෙයි" නිවැසියා ඉවත හැරෙමින් කීය. "වතුර බුබුලක් තියනවා ආං අර පිලිකන්නේ වහලේ යට. මම රෑ සප්පායම ලෑස්ති කොරන්න තොලොංචි වෙනවා." තුවක්කුකරු ඉරිගු ගස් පේලි මතින් පරෙස්සමින් අඩි තබමින්, ගෙපැල පිටුපසට ගමන් කලේය. ජල බුබුල තිබුනේ, අතින් සාරන ලද ලිදක පතුලේය. ලිද වටා එක පෙලට විශාල කළු ගල් අතුරා තිබුනේ, දූහුවිලි සහිත පස ලිද තුලට නොවැටෙනු පිනිසය. ඔහු වැනෙන සෙලවෙන ඉණිගම පහලට බසින්නට විය. ලිද වටා ඇති ගල් වැටිය සෑදීම පිනිස වසර දෙකක් පමන ගෙවී යන්නට ඇතැයි යන්න සිතාගැනීම ඔහුට පහසු කාරියක් විය. මන්ද යත්, ගල් එසේ සකස් කිරීමට ඒවා ඔසවාගෙන විත්, ඇදගෙන විත්, නිවැරදි ස්ථාන වල තැබිය යුතු වූ හෙයිනි. ජලය බොර නොවූ පැහැදිලි ඒවා වුවද, ජල බුබුලෙන් වතුර ගැලුවේ ඉතා සෙමිනි. මෙහෙයින් ජල බෑගයන්ට වතුර පිරවීම බොහෝ කාලයක් ගත වෙන සුළු දුෂ්කර ක්‍රියාවක් විය. ඔහු එසේ කරමින් සිටින විට, සොල්ටන් ලිං ගැටිය මතට පැමින ඇණ තබා ගත්තේය. "තොටයි තොගෙ බූරුවටයි කෙලවිලා පල" ඌ උපදෙස් දුනි. තුවක්කුකරු එම හඩින් තිගැස්සී ඉහල බැලීය. ඉණිමග අඩි පහලොවක් පමන දිගු වූයේය: බ්‍රවුන්ට ඔහු මත කළු ගලක් හෙලා, ඔහුගේ ඔළුව පලා, ඔහු සතුව තිබූ සියළු දෑ සොරකම් කිරීමට ඒ ගැඹුර ඉතා ප්‍රමාණවත් විය. පිස්සෙකු හෝ ලාදුරු රෝගියෙකු නම් එසේ නොකරනු ඇත. එහෙත් බ්‍රවුන් යනු ඒ දෙකින් එකකු හෝ වූයේ නැත. එහෙත් ඔහු බ්‍රවුන් ගැන පැහැදී සිටි හෙයින්, එම අදහස හිසින් ඉවත් කර දමා, දෙවියන්ගේ කැමැත්ත පරිදි ලැබුනු ජලයෙන් තම ඉතිරි බෑගයන්ද පුරවා ගති. දෙවියන් කැමැත්ත දැක්වූ වෙනත් කාරණාවන්, ඔහුගේ නොව 'කා' ගේ රාජකාරියකි (පරිවර්තක: 'කා' යනු සරල ලෙස 'දෛවය' ලෙස හැදින්විය හැකිය. සියළු මිනිසුන් සහ සතුන් [මිය ගිය හෝ ජීවත් වන] සිදු කරන දෑ ඔවුන් සිදු කරනුයේ 'කා' යන ගූඩ සහ අභිරහස් බලවේගයේ පෙළඹවීමෙනි. 'කා' යනු උසස් භාෂිතයේ වදනකි. එය ක්‍රියාවන් සිදු කිරීමේ 'සැලැස්මක්' නොවන අතර, එය ජීවිතය පිලිබද නියාමකයක් හෝ ගමනස්ථානයක් හුවා දක්වන්නක් සේ සැලකිය හැකිය. එය යහපත් හෝ අයහපත් හෝ බලයක් ලෙස සැලකිය නොහැකි අතර, එය ඒ දෙ අන්තයෙන්ම ක්‍රියා කරයි. මෙනිසා එයට කුශලාකුශල ලක්ෂණයන් නැත. එමෙන්ම, එය ජීවන ශක්තියද, විඥ්ඥාණයද, කිසිවෙකුගේ ජීවන කර්තව්‍යය සහ දෛවය ලෙසද සැලකිය හැක. පහත් භාෂිතයෙන් නම්, හුදෙක් එහි අර්ථය වන්නේ 'කිසිවෙකු යා යුතු ස්ථානය' යන්නයි.). ඔහු ගෙපැලෙහි දොරින් ඇතුළු වී, තරප්පු පෙල බැස යන විට (ගෙපැලෙහි සත්‍ය වාසස්ථානය සාදා තිබුනේ බිම් මට්ටමට පහතිනි. එසේ කර තිබුනේ, රාත්‍රියේ ඇති ශිතය ගෙපැල තුල රදවාගෙන, එයින් දහවලේ රශ්මිය අවම කර ගැනීමටය), බ්‍රවුන් පසුවූයේ දැඩි දැවයෙන් කල ගොරහැඩි, පුළුල් 'ස්පැචුලා' පිහියකින් ඉරිගු ගෙඩි මත ඉහලට එසවී ඇති කොල කපමින්, ඒවා කුඩා ගිනිමැලයක ඇති දැවෙන අගුරු මතට දමමිනි. එලා තිබූ අළු-දුඹුරු පැහැති බ්ලැන්කටයක දෙකෙලවරෙහි, කඩතොලු වූ පිගන් දෙකක් තබා තිබිනි. ගින්නට ඉහලින් එල්වා තිබූ සැලිය තුල ඇති බෝංචි මාලුවෙහි ජලය මේ දැන් බුබුළු දමන්නට පටන්ගෙන තිබුනේය. "මම වතුරටත් ගෙවන්නම්" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom