---- කලු කුළුණ -----
කතෘ: ස්ටීවන් කිං.
---------------------------------------------
1. තුවක්කුකරු (The Gunsligner)
කළුවන් ඇදුමින් සැරසුනු මිනිසා කාන්තාරය මැදින් පලා ගියේය. තුවක්කුකරු (Gunslinger) ඔහු පසු පස හඹා ගියේය.
මෙම කාන්තාරය ලෝකයේ ඇති වෙනත් කාන්තර වල පියා මෙන් විය. එය සුවිශාල වූ අතර, එය සෑම දිශාවකින්ම ආකාශය කරා දිව ගියේ අනන්තයක් නැත්තා සේය. එය ඇස් කණ කොකා ගන්වන ශ්වේතවර්ණයකින් යුතු වූවාක් සේම, එය ජලය විරහිත එකක් විය. මුලුමනින්ම සම බිමක් වූ එහි එකම ලක්ෂණයන් වූයේ, දුරූතින් ඇති ක්ෂිතිජය මත ඇදී තිබුනු නොහැදිලි කදු ප්‍රාන්තයන් සහ යක්ෂ තණකොලයි. එම යක්ෂ තණකොල ප්‍රනීත සහ බියකරු ස්වප්නයන් මෙන්ම, මරණයද ගෙන ආවේය. අතරින් පතර තිබූ සොහොන් කොත් මාර්ගය විහිදෙන දිශාව දැක්වූයේය. මන්දයක්, ඝනැති ක්ෂාර ශාකයන්ගෙන් අවහිරව තිබූ එම පටු මග, එක් කලෙකදී මහාමාර්ගයක්ව තිබූ හෙයිනි. ගැල් සහ අශ්වයින් එම මාර්ගය දිගේ ගමන් කොට තිබිනි. එහෙත් ලෝකය එම අවධිය තුලින් පිටමංව ගොස් තිබිනි. ලෝකය ශූණ්‍යත්වය කරා ඇද වැටී තිබිනි.
තුවක්කුකරු හදිසි ඉස කරකැවිල්ලකට පත් විය. එය, මුලු ලෝකයම අල්පකාලීකවූ, පාරදෘශ්‍ය ස්වභාවයකින් යුතු වූ යැයි පවසන හැගීමක් විය. එහෙත් එය පහව ගිය අතර, කාන්තාර පොලොව මත ඔහු ඇවිද යන්නට විය. ඔහු ගාටමින් වුවත්, දෘඩ භාවයෙන් සහ නොඉක්මන්ම කාන්තාර මයිල ගනන් ඇවිද ගියේය. සමින් කල වතුර බෝතලයක් ඔහුගේ පපුව මැද වැතිරී තිබුනේ, පිමිබී ගිය සොසේජයක් මෙනි. එය සම්පූර්ණයෙන් මෙන්ම ජලයෙන් පිරී තිබිනි.

Last edited: