Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඈ බැරලය හිස් වන තෙක් එයින් බීර වත් කල අතර, ඉන්පසු තවෙකක් ගෙන ආවාය. එයට ශෙබ් ගේ උපකාරය නොඉල්ලීම හොද බව ඈ දැන සිටියාය. ඉන්දයත්, ඔහුට ඇමතුවහොත් ඔහු පැකිලීමකින් තොරව එනු ඇති මුත්, ගොනෙකු වූ ඔහු එක්කෝ තමාගේ ඇගිලි කඩා ගනු හෝ දස අත බීර ඉහිරුවනු ඇති හෙයිනි. ඈ එසේ කරන අතර ආගන්තුකයාගේ දෑස් ඈ මතම රැදී පැවතිනි -- ඈට ඒ බව ඉවෙන් දැනිනි.

"වැඩ ගොඩයි නෙහ්" ඈ ආපිට පැමිනි විට ඔහු කියා සිටියේය. ඔහු තමාගේ විස්කි වීදුරුව පානය කර නොතිබූ අතර, හුදෙක් වීදුරුව රත් කරමින් හුදෙක් එය තම අත්ලවල් අතර රෝල් කරමින් පසුවිය.

"මලගම හින්දා අද මිනිස්සු වැඩී." ඈ කීවාය.

"මම දැක්කා"

"මුන් හිගන පාහරයෝ" ඈ හදිසි කෝපයකින් කීවාය. "ඔක්කොම පාහරයෝ"

"උන් ජොලි පිට ඉන්නේ. අර මිනිහා මැරිලා, උන් තාම මැරිලා නෑ. ඒකයි."

"ඒ මිනිහා ජීවත් වෙලා හිටි කාලේ මිනිහා මුන්ගේ කෝලමා. මිනිහා මලායිනුත් පස්සේ මුන්ගේ කෝලමා වෙච්ච එක සාදාරණ නෑ. ඒක..." ඇගේ හඩ නැවතී ගියේ, එය කුමක් දැයි විස්තර කිරීමටද, එහි අශික්ෂිත භාවය විස්තර කිරීමටද ඈට වචන සොයා ගත නොහැකි වූ හෙයිනි.

"ගංජා කාරයෙක් නෙහ්?"

"එහෙමයි! වෙන මොනාද මිනිහගේ කියලා තිබුනේ?"

ඇගේ හඩ දෝෂාරෝපිත එකක් වුවද, ඔහු ගේ දෑස් ඇගේ දෑස් වලට අගුළු වැටී තිබිනි. ඈට තම මුහුන වෙත රුධිරය ගලා එනු දැනී ගියේය. "සමාවෙන්ඩ ඕන. ඔහේ පූජකයෙක් ද? එහෙම නම් මේ කථාව ඔහේට පිලිකුල් ඇති."

"පූජකයෙකුත් නෙවේ, පිලිකුලකුත් නෑ" හේ විස්කි වීදුරුවම එක පහරින් ගිල දැමූ අතර, එහෙත් එහි සැර රසයෙන් විරිත්තා ගත්තේ නැත. "තව එකක්, කරුණාකරලා. ආදරෙන් වක්කරන්න -- එහා දොරෙන් එපිට ලෝකේ කියන්නා වගේ."

ඈට ඔහු ඒ කියුවේ කුමක්දැයි වැටහුනේ නැති අතර, එහි අර්ථය ඇසීමටද ඈ බිය වූවාය. "සමාවෙන්ට ඕන. මුලින් ඔහේගෙ සල්ලි බලන්න ඕන"

"සමාවෙන්ඩ දෙයක් නෑ" හේ එක් කොනක් මහත සහ අනෙක් කොන සිහින්ව ගිය රළු රිදී කාසියක් කවුන්ටරය මත තැබුවේය. "මේකට මාරු මන් ලග නෑ" මින් පසු දිනකද ඈ කියනු ඇති පරිදි (මේ තුවක්කුකරු තම රත්රන් කාසිය පෙන්වූ විට බව ඔබට මතක ඇති [පරිවර්ථක] ) ඈ කියා සිටියාය.

ඔහු තම හිස සොලවා තමාට මාරු නොඋවමනා බව ඕනෑවට එපාවට හගවද්දී, ඈ තවත් වීදුරුවක් පිරවූවාය.

"ඔහේ ගමනක් යන ගමන් මෙහේ නැවතුනෙයි?" ඈ ඇසුවාය.

ඔහු දීර්ඝ කාලයක් ගතවෙන තෙක් පිලිතුරක් නොසැපයූ අතර, ඈ එම ප්රශ්ණය නැවතත් ඇසීමට සැරසෙද්දී ඔහු නොසන්සුන්ව හිස සැලීය. "අනං මනං ප්රශ්ණ අහන්ඩ ඕනෙ නෑ. නුඹ මෙහේ ජීවත් වෙන්නේ මාරයත් එක්ක"

වේදනාව මුසු විශ්මයකින් ඈ බියෙන් පැකිලී ගිය අතර, ඇගේ පලවැනි සිතුවිල්ල වූයේ, ඔහු තමාව පරීක්ෂාවට ලක් කිරීමට තමා පූජකයෙකු නොවේ යැයි කෙප්පයක් ඇද බෑ බවයි.

"නුඹ මිනිහාට අනුකම්පා කලා නෙව?" ඔහු කීවේ සෙමිනි. "මම කියන්නේ බොරුද?"

"කවුද? නෝර්ට් ද?" ඈ සිනාසුනේ, තම වික්ෂිප්ත බව සැගවීමට තමාගේ සිනාවට කෝප මුසු බවක් එක් කරමිනි. "මම හිතන්නෙ දැන් ඔහේ--"

"නුඹේ හදවත මෙළෙකයි. ඒ වගේම ටිකක් බිය සුළුයි" ඔහු කියාගෙන ගියේය. "මිනිහා යක්ෂ තණ කකා, අපායේ පිටිපස්සේ දොර දිහා බලාගෙන හිටියා. ඔය ඉන්නේ දැන් ඌ. උන් අපායේ දොර පවා වැහුවා. නුඹට ඒ දොර ඇතුලෙන් යන්න වෙලාව ආවාම උන් ඒක අරීද නැද්ද කියලා නුඹ හිතනවා නෙවෙද?"

"මොන කෙහෙම්මලක්ද. තමුසෙට වෙරිද?"

"මිස්ටහ් නොර්ටන්. මිනිහා මලාහ්" කළු හැදගත් මිනිසා රිද්මයානුකූලව පවසා සිටියේ තම හඩට මද උපහාසයක් එක් කරමිනි. "කවුරුත් වගේ මිනිහා මැරිලා. නුඹ වගේ හරි වෙන කවුරුත් වගේ හරි මිනිහගේ පණ ගොහින්"

"මේ ඇහුනද. තමුසේ මගෙ හෝටලෙන් දැන් චුත වෙනවා" සිරුර වෙවුලුවන සුලු පිලිකුලක් ඈ කරා නැගුනද, ඇගේ යටි බඩ දෙසින් තරංග නගමින් පැන නගිමින් පැවති උණුසුම තවමද එහි තිබිනි.

"කලබල වෙන්න එපා" ඔහු කීවේ මෘදු ලෙසය. "කලබල වෙන්න කාරියක් නෑ. ඔහොම ටිකක් ඉන්න."

ඔහුගේ දෑස් නිල් පැහැති බව අවසානයේදී පෙනී ගියේය. කිසියම් මත්ද්රව්යක් ශරීරගත වූවාක් මෙන්, හදිසියේම ඇගේ මනස සන්සුන්ව ගියේය.

"කවුරුත් වගේ මැරිලා" හේ කීය. "පේනවද?"

ඈ මුග්ධ ලෙස හිස වැනූ අතර, හඩ නගමින් සිනාසුනාය. එය අවට සිටියවුන් තම හිස් කරකවා බලන සුළු, උස්, පිරිසුදු සහ ප්රීතිජනක සිනාවක් වින. හදිසියේම ඔහු කරකැවී අවට උන් පිරිස වෙත මුහුන දුන් අතර, කාගේත් අවධානය ඔහු කරා යොමු විය. 'මිල් නැන්දා' ගේ ගී ගැයීම සිදී ගිය අතර, එයින් ඉතිරී වූයේ අවකාශය මත පණ අදින කර්කශ උච්ච ස්වරයක් පමණය. ශෙබ් පියානෝවේ වැරදි ස්වරයක් වැයූවේ, තම වැයීම හිටි තැන නැවතුවේය. ඔවුහු අමුත්තා දෙස නොසන්සුන් ලෙස බැලූහ. ගොඩනැගිල්ලේ හතර කොන මත සුළගින් හමා ආ වැලි කැට වැදී, කට-කට ගාමීන් හඩ නැගුවේය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 21176328, member: 495054"] [SIZE=4]ඈ බැරලය හිස් වන තෙක් එයින් බීර වත් කල අතර, ඉන්පසු තවෙකක් ගෙන ආවාය. එයට ශෙබ් ගේ උපකාරය නොඉල්ලීම හොද බව ඈ දැන සිටියාය. ඉන්දයත්, ඔහුට ඇමතුවහොත් ඔහු පැකිලීමකින් තොරව එනු ඇති මුත්, ගොනෙකු වූ ඔහු එක්කෝ තමාගේ ඇගිලි කඩා ගනු හෝ දස අත බීර ඉහිරුවනු ඇති හෙයිනි. ඈ එසේ කරන අතර ආගන්තුකයාගේ දෑස් ඈ මතම රැදී පැවතිනි -- ඈට ඒ බව ඉවෙන් දැනිනි. "වැඩ ගොඩයි නෙහ්" ඈ ආපිට පැමිනි විට ඔහු කියා සිටියේය. ඔහු තමාගේ විස්කි වීදුරුව පානය කර නොතිබූ අතර, හුදෙක් වීදුරුව රත් කරමින් හුදෙක් එය තම අත්ලවල් අතර රෝල් කරමින් පසුවිය. "මලගම හින්දා අද මිනිස්සු වැඩී." ඈ කීවාය. "මම දැක්කා" "මුන් හිගන පාහරයෝ" ඈ හදිසි කෝපයකින් කීවාය. "ඔක්කොම පාහරයෝ" "උන් ජොලි පිට ඉන්නේ. අර මිනිහා මැරිලා, උන් තාම මැරිලා නෑ. ඒකයි." "ඒ මිනිහා ජීවත් වෙලා හිටි කාලේ මිනිහා මුන්ගේ කෝලමා. මිනිහා මලායිනුත් පස්සේ මුන්ගේ කෝලමා වෙච්ච එක සාදාරණ නෑ. ඒක..." ඇගේ හඩ නැවතී ගියේ, එය කුමක් දැයි විස්තර කිරීමටද, එහි අශික්ෂිත භාවය විස්තර කිරීමටද ඈට වචන සොයා ගත නොහැකි වූ හෙයිනි. "ගංජා කාරයෙක් නෙහ්?" "එහෙමයි! වෙන මොනාද මිනිහගේ කියලා තිබුනේ?" ඇගේ හඩ දෝෂාරෝපිත එකක් වුවද, ඔහු ගේ දෑස් ඇගේ දෑස් වලට අගුළු වැටී තිබිනි. ඈට තම මුහුන වෙත රුධිරය ගලා එනු දැනී ගියේය. "සමාවෙන්ඩ ඕන. ඔහේ පූජකයෙක් ද? එහෙම නම් මේ කථාව ඔහේට පිලිකුල් ඇති." "පූජකයෙකුත් නෙවේ, පිලිකුලකුත් නෑ" හේ විස්කි වීදුරුවම එක පහරින් ගිල දැමූ අතර, එහෙත් එහි සැර රසයෙන් විරිත්තා ගත්තේ නැත. "තව එකක්, කරුණාකරලා. ආදරෙන් වක්කරන්න -- එහා දොරෙන් එපිට ලෝකේ කියන්නා වගේ." ඈට ඔහු ඒ කියුවේ කුමක්දැයි වැටහුනේ නැති අතර, එහි අර්ථය ඇසීමටද ඈ බිය වූවාය. "සමාවෙන්ට ඕන. මුලින් ඔහේගෙ සල්ලි බලන්න ඕන" "සමාවෙන්ඩ දෙයක් නෑ" හේ එක් කොනක් මහත සහ අනෙක් කොන සිහින්ව ගිය රළු රිදී කාසියක් කවුන්ටරය මත තැබුවේය. "මේකට මාරු මන් ලග නෑ" මින් පසු දිනකද ඈ කියනු ඇති පරිදි (මේ තුවක්කුකරු තම රත්රන් කාසිය පෙන්වූ විට බව ඔබට මතක ඇති [පරිවර්ථක] ) ඈ කියා සිටියාය. ඔහු තම හිස සොලවා තමාට මාරු නොඋවමනා බව ඕනෑවට එපාවට හගවද්දී, ඈ තවත් වීදුරුවක් පිරවූවාය. "ඔහේ ගමනක් යන ගමන් මෙහේ නැවතුනෙයි?" ඈ ඇසුවාය. ඔහු දීර්ඝ කාලයක් ගතවෙන තෙක් පිලිතුරක් නොසැපයූ අතර, ඈ එම ප්රශ්ණය නැවතත් ඇසීමට සැරසෙද්දී ඔහු නොසන්සුන්ව හිස සැලීය. "අනං මනං ප්රශ්ණ අහන්ඩ ඕනෙ නෑ. නුඹ මෙහේ ජීවත් වෙන්නේ මාරයත් එක්ක" වේදනාව මුසු විශ්මයකින් ඈ බියෙන් පැකිලී ගිය අතර, ඇගේ පලවැනි සිතුවිල්ල වූයේ, ඔහු තමාව පරීක්ෂාවට ලක් කිරීමට තමා පූජකයෙකු නොවේ යැයි කෙප්පයක් ඇද බෑ බවයි. "නුඹ මිනිහාට අනුකම්පා කලා නෙව?" ඔහු කීවේ සෙමිනි. "මම කියන්නේ බොරුද?" "කවුද? නෝර්ට් ද?" ඈ සිනාසුනේ, තම වික්ෂිප්ත බව සැගවීමට තමාගේ සිනාවට කෝප මුසු බවක් එක් කරමිනි. "මම හිතන්නෙ දැන් ඔහේ--" "නුඹේ හදවත මෙළෙකයි. ඒ වගේම ටිකක් බිය සුළුයි" ඔහු කියාගෙන ගියේය. "මිනිහා යක්ෂ තණ කකා, අපායේ පිටිපස්සේ දොර දිහා බලාගෙන හිටියා. ඔය ඉන්නේ දැන් ඌ. උන් අපායේ දොර පවා වැහුවා. නුඹට ඒ දොර ඇතුලෙන් යන්න වෙලාව ආවාම උන් ඒක අරීද නැද්ද කියලා නුඹ හිතනවා නෙවෙද?" "මොන කෙහෙම්මලක්ද. තමුසෙට වෙරිද?" "මිස්ටහ් නොර්ටන්. මිනිහා මලාහ්" කළු හැදගත් මිනිසා රිද්මයානුකූලව පවසා සිටියේ තම හඩට මද උපහාසයක් එක් කරමිනි. "කවුරුත් වගේ මිනිහා මැරිලා. නුඹ වගේ හරි වෙන කවුරුත් වගේ හරි මිනිහගේ පණ ගොහින්" "මේ ඇහුනද. තමුසේ මගෙ හෝටලෙන් දැන් චුත වෙනවා" සිරුර වෙවුලුවන සුලු පිලිකුලක් ඈ කරා නැගුනද, ඇගේ යටි බඩ දෙසින් තරංග නගමින් පැන නගිමින් පැවති උණුසුම තවමද එහි තිබිනි. "කලබල වෙන්න එපා" ඔහු කීවේ මෘදු ලෙසය. "කලබල වෙන්න කාරියක් නෑ. ඔහොම ටිකක් ඉන්න." ඔහුගේ දෑස් නිල් පැහැති බව අවසානයේදී පෙනී ගියේය. කිසියම් මත්ද්රව්යක් ශරීරගත වූවාක් මෙන්, හදිසියේම ඇගේ මනස සන්සුන්ව ගියේය. "කවුරුත් වගේ මැරිලා" හේ කීය. "පේනවද?" ඈ මුග්ධ ලෙස හිස වැනූ අතර, හඩ නගමින් සිනාසුනාය. එය අවට සිටියවුන් තම හිස් කරකවා බලන සුළු, උස්, පිරිසුදු සහ ප්රීතිජනක සිනාවක් වින. හදිසියේම ඔහු කරකැවී අවට උන් පිරිස වෙත මුහුන දුන් අතර, කාගේත් අවධානය ඔහු කරා යොමු විය. 'මිල් නැන්දා' ගේ ගී ගැයීම සිදී ගිය අතර, එයින් ඉතිරී වූයේ අවකාශය මත පණ අදින කර්කශ උච්ච ස්වරයක් පමණය. ශෙබ් පියානෝවේ වැරදි ස්වරයක් වැයූවේ, තම වැයීම හිටි තැන නැවතුවේය. ඔවුහු අමුත්තා දෙස නොසන්සුන් ලෙස බැලූහ. ගොඩනැගිල්ලේ හතර කොන මත සුළගින් හමා ආ වැලි කැට වැදී, කට-කට ගාමීන් හඩ නැගුවේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom