Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කලු කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]104536[/ATTACH]

XII

ඊලග රාත්රියේදී තැබෑරුම වසා තිබුනි. ඒ තුල් ටවුමෙහි සබත් දිනය නාමයෙන් සිදුකරන අහවල් වතාවතක් පිනිසය. ඇලී සැර විශබීජනාශක යොදා මේස සෝදන අතර, සබන් වතුර යොදා ලන්තෑරුම් චිමිනි පිසදමන අතර, තුවක්කුකරු පල්ලියට ගියේය. පල්ලිය ඇදව ගිය කුඩා එකක් වූ අතර, එය තිබුනේ සොහොන් පිටියට අල්ලලාය.

අස්වාභාවික දම්පැහැති සැන්දෑවක් උදා වී තිබුනි. ඇතුලතින් ආලෝකමත් කොට තිබූ පල්ලිය පාරට දිස්වූයේ ගිනි උදුනක් සේය.

"මම යන්නෙ නෑ" ඇලී කෙටියෙන් කියා තිබිනි. "ඕකේ දර්මදේසනා කරන ගෑනී අදහන්නේ විස ආගමක්. නම්බුකාරයෝ ගියාවේ ඕකට"

ඔහු පල්ලියේ වාහල්කඩ ඡායවන් තුල සැගවී සිටගෙන, ඇතුලත පරීක්ෂා කර බැලුවේය. දිගැති බංකු අතුරුදන් ව තිබූ අතර, සභාව තම දෙපා වලින් සිටගෙන සිටියේය (කෙනලි සහ ඔහුගේ කෙලි රෑන එහි සිටියේය. වියලි ආහාර සහිත ටවුමෙහි කැහැටු "සුපර්-මාරකටයෙහි" අයිතිකරු වූ කැස්ටනර් සහ ඔහුගේ කැහැටු බිරියද සිටියේය. එමෙන්ම බොනයන් කීප දෙනෙක්ද, ඔහු මින් පෙර දැක නොතිබූ "නගරවාසී" ගැහැනුන් කීපදෙනෙක්ද සිටියෝය. පුදුමයකට ෂෙබ් ද සිටියේය). ඔවුහු කර්කශ හඩකින් යාතිකාවක් ගයමින් උන්නෝය. එය කැපෙලාවක් විය. ධර්මාසනයෙහි සිටි කන්දක් වැනි ගැහැනිය දෙස ඔහු කුතුහලයෙන් යුතුව බැලුවේය. ඇලී ඈ ගැන මෙසේ කියා තිබිනි: "ඒ ගෑනී වසන්නේ තනියම. කාත් එක්කවත් ඇගෑළුං කම් නෑ. ඉරිදාට විතරයි එලියට බහින්නේ නරකාදියේ ගින්න ගැන දෙසාබාන්ට. නම සිල්වියා පිට්ස්ටන්. ඒ ගෑනිට පිස්සු. ඒ වුනාට ගෑනි උන් ඔක්කොම දැලේ දාගෙනයි ඉන්නේ. මිනිස්සු ඒකට කැමතියි. උන්ගේ හැටියට ඒක හරියනවා."

වචන වලින් එම ගැහැනු පරානය ගැන නිවැරදිව විස්තර කල නොහැකිය. පවුරු දෙකක් බදු දෙතන. මහා කුළුනක් මෙන් නැගී තිබූ ගෙල මත පැටවී ඇති, සුදුමැලි වටහදක් බදු මුහුන. එම මුහුන මත ඇසිපිය ගසමින් තිබූ දෑස කොතරම් විශාල සහ අන්ධකාර වූයේද යත්, ඒවා පතුලක් නැති ගිරි-විල් බදු විය. ඇගේ කෙහෙකලඹ අලංකාර දුඹුරු පැහැයකින් යුතු වූ අතර, එය ඇගේ හිස මත අවුල් ගොන්නක් ලෙස ගොඩ ගැසී තිබිනි. එහි අමුනා තිබූ හරනලය මස්කූරක් තරමේ යෝධ එකක් විය. ඈ ඇද සිටි ඇදුම හණ වලින් මසා තිබුනාක් මෙනි පෙනුනේ. ධර්ම-මේසය අල්ලාගෙන සිටි දෑත ඝන ලෑලි දෙකක් බදු විය. සම කිරි පැහැයක් ගත් අතර, එය කැලලි වලින් තොර ශෝභන එකක් විය. ගැහැනිය පවුන් තුන්සීයකට වඩා බර විය යුතු බව තුවක්කුකරු කල්පනා කලේය. හදිසියේම ඔහුට ගැහැනිය කෙරෙහි රතුවන් කාමාශාවක් ඇතිව ගිය අතර ඔහු එයින් වෙවුලා ගියේය. ඔහුට තම හිස ඉවත හරවා ගන්නට සිදු විය.

"දැන්, ගංගාව ලග අපි රැස් වෙමු,

සුන්දර, සුන්දර, ගාාාංගාව,

රැස් වෙමු ගංගාව ලග,

දෙවියන්ගේ අධිරාජ්‍යය අසලින් ගලන ගංගාව ලග."

යාතිකාවෙහි අවසාන ස්වරය අතුරුදන්ව ගිය අතර, මද වේලාවකට එතුල සපත්තු ශබ්ධ සහ කහින ශබ්ධ නැගී ගියේය.

ඈ ශබ්ධ නවතින තුරු බලා සිටියාය. පිරිස එකලාසයකට පැමිනුනු තැන, දෙවියන්ගේ ආශිර්වාදය ලබා දීමට මෙන් ඈ තම දෑත ඔවුන් ගේ හිස් වලට ඉහලින් ඔසවා ගත්තාය. එය අවධානය ලබා ගැනීම පිනිස කල සංඥාවක් විය.

"ක්‍රිස්තුස් ට අයිති මගේ කුඩා සහෝදරවරුනි, සහෝදරියනි"

එය ගැඹුරු මතකයන් කැදවන කියුමක් විය. සුළු මොහොතකට තුවක්කුකරුට දැනුනේ අතීතය ගැන සාංකාව මුසු බියමුසු ගතියකි. අතීතය ප්රතිනිර්මානය වන බවට වන ගූඩ හැගීමකින් යුතුව ඔහු මෙසේ සිතුවේය: මම මේක හීනෙන් දැක්කා. එහෙම නෙවේ නම්, මම මීට කලින් මෙතනට ඇවිල්ලා තියනවා. එහෙම නම්, කවදද? මෙජීස් වල නෙවේ. නෑ, එහේ නෙවේ. ඔහු එම සිතුවිල්ල ගසා බසා දැම්මේය. විසි පහකින් පමන සැදුනු සභාව මීයට පිම්බාක් මෙන් නිවඩව ගොස් තිබිනි. සියළුම දෑස් දේශකවරිය මත ඇලිලාය.

"අද රෑ අපි කතා කරන්ට යන්නේ ඉන්ටර්ලෝපරයා ගැනයි." ඇගේ ස්වයර මිහිරි සහ රිද්මයානුකූල එකක් විය. එය කොන්ට්රල්ටෝ ගායිකාවකගේ හොදින් පුහුනු කරන ලද හඩක් බදු වූයේය.

පිරිස අතරින් මද මුනු-මුනු නැගී ගියේය.

"මට දැනෙනවා," සිල්වියා පිට්සන් කල්පනාබරව පැවසුවාය. "දෙවියන්ගේ පොතේ ජීවත් වෙන හෑම චරිතයක්ම මම පෞද්ගලිකව අදුරනවායි කියලා. ගිය අවුරුදු පහ ඇතුලත මම ඒ පොත තුන්පාරක් අකුරක් නෑර කියෙවුවා. මේ සාප ලබාපු ලෝකේ සහ ඊට කලින් තුබුනු නහුතයක් ලෝක වලට ඇති රත්තරං පොත ඒක. මම ඒ කතාවට ආලේ කරනවා, ඒ චරිත වලට ආසා කරනවා. ඩනියෙල් එක්ක අත්වැල් බැදගෙන මම සිංහයාගේ ගුහාවට ගියා. බාතශීබා පොකුනෙන් නානවා දැකලා දාවිත් රාගයෙන් මත්වෙන්න ගිය වෙලාවේ, මම ඔහු එක්ක හිටියා. ශඩ්රාක්, මෙෂාක්, සහ අබෙඩෙන්ගෝ එක්ක මම ගිනි ගහන උදුන ඇතුලේ හිටියා. සැම්සන් හකුඇටේ වනලා දෙදාහක් මරා දානකොට, මාත් ඔහු එක්ක මැරුවා. දමස්කස් වලට යන මාර්ගයේදී සාන්ත පෝල් ඔහුව අන්ධ කරනකොටත් මම එතන හිටියා. ගොල්ගොතාවේදී මරියා එක්ක මම ඇඩුවා."

සභාව මෘදු ලෙස සුසුම්ක් හෙළුවේය.

"මම ඒ හැම කෙනෙක්ම දැන හිටියා, ආදරේ කලා. ඒත් එක චරිතයක්.."--ඈ ඇගිල්ලක් එසවූවාය--"හෑම කතාවකටම වඩා විශිෂ්ට වන මේ කතාවේ, එක චරිතයක් තියනවා මම අදුරන්නේ නැති.

"එක චරිතයක්. ඒ චරිතේ තමන්ගේ මූණ ඡායාවල හංගාගෙන එලියට වෙලා ඉන්නවා.

"මගේ ඇග කිලිපොලා යවන, මගේ ආත්මය ඇකිලිලා යවන එකම චරිතය.

"මම ඔහුට බයයි.

"මම ඔහු හිතන්නේ මොනවාද කියලා දන්නේ නෑ, මම ඔහුට බයයි.

"මම ඉන්ටර්ලෝපරයාට බයයි.

සභාවෙන් තවත් සුසුමක්. එක ගැහැනියක් තම ලේන්සුව තම මුව මත තබාගෙන සිටියේ ශබ්ධයක් නවතා ගැනීමට මෙනි. ඈ සිටියේ දෙපසට පැද්දි පැද්දී ය.

[QUOTE="Dark_Night_of_the_Soul, post: 25925118, member: 495054"] [ATTACH type="full"]104536[/ATTACH] [SIZE=6] XII ඊලග රාත්රියේදී තැබෑරුම වසා තිබුනි. ඒ තුල් ටවුමෙහි සබත් දිනය නාමයෙන් සිදුකරන අහවල් වතාවතක් පිනිසය. ඇලී සැර විශබීජනාශක යොදා මේස සෝදන අතර, සබන් වතුර යොදා ලන්තෑරුම් චිමිනි පිසදමන අතර, තුවක්කුකරු පල්ලියට ගියේය. පල්ලිය ඇදව ගිය කුඩා එකක් වූ අතර, එය තිබුනේ සොහොන් පිටියට අල්ලලාය. අස්වාභාවික දම්පැහැති සැන්දෑවක් උදා වී තිබුනි. ඇතුලතින් ආලෝකමත් කොට තිබූ පල්ලිය පාරට දිස්වූයේ ගිනි උදුනක් සේය. "මම යන්නෙ නෑ" ඇලී කෙටියෙන් කියා තිබිනි. "ඕකේ දර්මදේසනා කරන ගෑනී අදහන්නේ විස ආගමක්. නම්බුකාරයෝ ගියාවේ ඕකට" ඔහු පල්ලියේ වාහල්කඩ ඡායවන් තුල සැගවී සිටගෙන, ඇතුලත පරීක්ෂා කර බැලුවේය. දිගැති බංකු අතුරුදන් ව තිබූ අතර, සභාව තම දෙපා වලින් සිටගෙන සිටියේය (කෙනලි සහ ඔහුගේ කෙලි රෑන එහි සිටියේය. වියලි ආහාර සහිත ටවුමෙහි කැහැටු "සුපර්-මාරකටයෙහි" අයිතිකරු වූ කැස්ටනර් සහ ඔහුගේ කැහැටු බිරියද සිටියේය. එමෙන්ම බොනයන් කීප දෙනෙක්ද, ඔහු මින් පෙර දැක නොතිබූ "නගරවාසී" ගැහැනුන් කීපදෙනෙක්ද සිටියෝය. පුදුමයකට ෂෙබ් ද සිටියේය). ඔවුහු කර්කශ හඩකින් යාතිකාවක් ගයමින් උන්නෝය. එය කැපෙලාවක් විය. ධර්මාසනයෙහි සිටි කන්දක් වැනි ගැහැනිය දෙස ඔහු කුතුහලයෙන් යුතුව බැලුවේය. ඇලී ඈ ගැන මෙසේ කියා තිබිනි: "ඒ ගෑනී වසන්නේ තනියම. කාත් එක්කවත් ඇගෑළුං කම් නෑ. ඉරිදාට විතරයි එලියට බහින්නේ නරකාදියේ ගින්න ගැන දෙසාබාන්ට. නම සිල්වියා පිට්ස්ටන්. ඒ ගෑනිට පිස්සු. ඒ වුනාට ගෑනි උන් ඔක්කොම දැලේ දාගෙනයි ඉන්නේ. මිනිස්සු ඒකට කැමතියි. උන්ගේ හැටියට ඒක හරියනවා." වචන වලින් එම ගැහැනු පරානය ගැන නිවැරදිව විස්තර කල නොහැකිය. පවුරු දෙකක් බදු දෙතන. මහා කුළුනක් මෙන් නැගී තිබූ ගෙල මත පැටවී ඇති, සුදුමැලි වටහදක් බදු මුහුන. එම මුහුන මත ඇසිපිය ගසමින් තිබූ දෑස කොතරම් විශාල සහ අන්ධකාර වූයේද යත්, ඒවා පතුලක් නැති ගිරි-විල් බදු විය. ඇගේ කෙහෙකලඹ අලංකාර දුඹුරු පැහැයකින් යුතු වූ අතර, එය ඇගේ හිස මත අවුල් ගොන්නක් ලෙස ගොඩ ගැසී තිබිනි. එහි අමුනා තිබූ හරනලය මස්කූරක් තරමේ යෝධ එකක් විය. ඈ ඇද සිටි ඇදුම හණ වලින් මසා තිබුනාක් මෙනි පෙනුනේ. ධර්ම-මේසය අල්ලාගෙන සිටි දෑත ඝන ලෑලි දෙකක් බදු විය. සම කිරි පැහැයක් ගත් අතර, එය කැලලි වලින් තොර ශෝභන එකක් විය. ගැහැනිය පවුන් තුන්සීයකට වඩා බර විය යුතු බව තුවක්කුකරු කල්පනා කලේය. හදිසියේම ඔහුට ගැහැනිය කෙරෙහි රතුවන් කාමාශාවක් ඇතිව ගිය අතර ඔහු එයින් වෙවුලා ගියේය. ඔහුට තම හිස ඉවත හරවා ගන්නට සිදු විය. "දැන්, ගංගාව ලග අපි රැස් වෙමු, සුන්දර, සුන්දර, ගාාාංගාව, රැස් වෙමු ගංගාව ලග, දෙවියන්ගේ අධිරාජ්‍යය අසලින් ගලන ගංගාව ලග." යාතිකාවෙහි අවසාන ස්වරය අතුරුදන්ව ගිය අතර, මද වේලාවකට එතුල සපත්තු ශබ්ධ සහ කහින ශබ්ධ නැගී ගියේය. ඈ ශබ්ධ නවතින තුරු බලා සිටියාය. පිරිස එකලාසයකට පැමිනුනු තැන, දෙවියන්ගේ ආශිර්වාදය ලබා දීමට මෙන් ඈ තම දෑත ඔවුන් ගේ හිස් වලට ඉහලින් ඔසවා ගත්තාය. එය අවධානය ලබා ගැනීම පිනිස කල සංඥාවක් විය. "ක්‍රිස්තුස් ට අයිති මගේ කුඩා සහෝදරවරුනි, සහෝදරියනි" එය ගැඹුරු මතකයන් කැදවන කියුමක් විය. සුළු මොහොතකට තුවක්කුකරුට දැනුනේ අතීතය ගැන සාංකාව මුසු බියමුසු ගතියකි. අතීතය ප්රතිනිර්මානය වන බවට වන ගූඩ හැගීමකින් යුතුව ඔහු මෙසේ සිතුවේය: මම මේක හීනෙන් දැක්කා. එහෙම නෙවේ නම්, මම මීට කලින් මෙතනට ඇවිල්ලා තියනවා. එහෙම නම්, කවදද? මෙජීස් වල නෙවේ. නෑ, එහේ නෙවේ. ඔහු එම සිතුවිල්ල ගසා බසා දැම්මේය. විසි පහකින් පමන සැදුනු සභාව මීයට පිම්බාක් මෙන් නිවඩව ගොස් තිබිනි. සියළුම දෑස් දේශකවරිය මත ඇලිලාය. "අද රෑ අපි කතා කරන්ට යන්නේ ඉන්ටර්ලෝපරයා ගැනයි." ඇගේ ස්වයර මිහිරි සහ රිද්මයානුකූල එකක් විය. එය කොන්ට්රල්ටෝ ගායිකාවකගේ හොදින් පුහුනු කරන ලද හඩක් බදු වූයේය. පිරිස අතරින් මද මුනු-මුනු නැගී ගියේය. "මට දැනෙනවා," සිල්වියා පිට්සන් කල්පනාබරව පැවසුවාය. "දෙවියන්ගේ පොතේ ජීවත් වෙන හෑම චරිතයක්ම මම පෞද්ගලිකව අදුරනවායි කියලා. ගිය අවුරුදු පහ ඇතුලත මම ඒ පොත තුන්පාරක් අකුරක් නෑර කියෙවුවා. මේ සාප ලබාපු ලෝකේ සහ ඊට කලින් තුබුනු නහුතයක් ලෝක වලට ඇති රත්තරං පොත ඒක. මම ඒ කතාවට ආලේ කරනවා, ඒ චරිත වලට ආසා කරනවා. ඩනියෙල් එක්ක අත්වැල් බැදගෙන මම සිංහයාගේ ගුහාවට ගියා. බාතශීබා පොකුනෙන් නානවා දැකලා දාවිත් රාගයෙන් මත්වෙන්න ගිය වෙලාවේ, මම ඔහු එක්ක හිටියා. ශඩ්රාක්, මෙෂාක්, සහ අබෙඩෙන්ගෝ එක්ක මම ගිනි ගහන උදුන ඇතුලේ හිටියා. සැම්සන් හකුඇටේ වනලා දෙදාහක් මරා දානකොට, මාත් ඔහු එක්ක මැරුවා. දමස්කස් වලට යන මාර්ගයේදී සාන්ත පෝල් ඔහුව අන්ධ කරනකොටත් මම එතන හිටියා. ගොල්ගොතාවේදී මරියා එක්ක මම ඇඩුවා." සභාව මෘදු ලෙස සුසුම්ක් හෙළුවේය. "මම ඒ හැම කෙනෙක්ම දැන හිටියා, ආදරේ කලා. ඒත් එක චරිතයක්.."--ඈ ඇගිල්ලක් එසවූවාය--"හෑම කතාවකටම වඩා විශිෂ්ට වන මේ කතාවේ, එක චරිතයක් තියනවා මම අදුරන්නේ නැති. "එක චරිතයක්. ඒ චරිතේ තමන්ගේ මූණ ඡායාවල හංගාගෙන එලියට වෙලා ඉන්නවා. "මගේ ඇග කිලිපොලා යවන, මගේ ආත්මය ඇකිලිලා යවන එකම චරිතය. "මම ඔහුට බයයි. "මම ඔහු හිතන්නේ මොනවාද කියලා දන්නේ නෑ, මම ඔහුට බයයි. "මම ඉන්ටර්ලෝපරයාට බයයි. සභාවෙන් තවත් සුසුමක්. එක ගැහැනියක් තම ලේන්සුව තම මුව මත තබාගෙන සිටියේ ශබ්ධයක් නවතා ගැනීමට මෙනි. ඈ සිටියේ දෙපසට පැද්දි පැද්දී ය. ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom