කල ගුණ නොදත් කාලකන්නි
බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත සමාවක් නොදෙන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ (16) අළුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
රජයේ ඇමැතිවරයකුගේ මෙහෙයවීම මත ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනය විසින් මෙය සංවිධානය කර තිබිණි.
කෙසේවුවද , යුද අධිකරණය මගින් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දී තිබුණු දඬුවම අභියෝගයට ලක් කරමින් ඒ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු ඇපෑල ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව එසේ රැස්‌ව සිටි පිරිස විසිර ගියේය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී ඔහුගේ බෑනා කෙනෙකු වන දනුන තිලකරත්න සම්බන්ධකම් පැවැත්වූ "හයිකෝප්" නමැති සමාගමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය භාණ්‌ඩ මිලදී ගැනීම සහ ඒ දෙදෙනා අතර ඥති සම්බන්ධකම් හෙළි කරන්නේ නැතිව එම ගනුදෙනුවලට මැදිහත්වීම ඇතුළු චෝදනා 04 ක් ඔහුට එරෙහිව හමුදා අධිකරණය හමුවේ එල්ලවී තිබුණු අතර නඩු විභාගයෙන් පසුව ඒ චෝදනා 04 ටම වැරදිකරු විය. ෆොන්සේකා මහතා මෙම රිට් පෙත්සම ගොනුකළේ යුද අධිකරණය දුන් නඩු තීන්දුව හා දඬුවමට එරෙහිවය.
ඊයේ පස්වරුවේ අභියාචනාධිකරණය විසින් මිට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක කරු ජයසුරිය, ලේකම් තිස්ස අත්තනායක, ජාතික සංවිධායක රවී කරුණානායක යන මහත්වරුන්ද ටිරාන් අලස් මන්ත්‍රීවරයාද අනෝමා ෆොන්සේකා මහත්මිය හා අපර්ණා ෆොන්සේකා මෙනවියද පැමිණ සිටියහ.