කව්ද මෙච්චර "හොරා කෑවේ"? CEB profits plunge 85-pct in September quarter! LECO ලොක්කන්ට කෝටි 8 වාහන!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    වැඩ බැරි උනත් මාලිමා ජෙප්පෝ නියමෙට "හොරකන්" කරනවා වගේ :lol: 🤌

    "At group level profits were 466 million rupees, down from 29 billion rupees last year. Last year’s profits were boosted by other income and gains."

    කොහොමද ඉනට වැරහැලි කුසට සාගිනි කියාගෙන ආපු මාලිමා JVP පට්ට හොරුන්ගේ වැඩ :lol:


    ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්‍ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති.

    රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට ‘බෙන්ස්’ රථයක් තිබියදී මෙසේ නව ‘බෙන්ස්’ රථයක් ඇනවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවත කිරීමක් බව කියන එහි සේවකයෝ එම සමාගමේ සෙසු නිලධාරීන්ගේ පාවිච්චියට යැයි පවසමින් බීයිඩී වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බව ද සඳහන් කළහ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ කාලයේ මෙම ‘බෙන්ස්’ රථය ඇනවුම් කළ බවත් මෙම ඇනවුම් කිරීමේදී අදාල වාහන ආනයනය කරන සමාගම සතුව ඇති ‘රිදී’ (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් ලක්‍ෂ 700 ක් හෙවත් කෝටි 7 කට සැපයීමට යෝජනා කළ ද කළු පාට කාර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආයතනය කිරීමට සිදුවූ බවත් එහි සේවකයෝ පැවසූහ.


    ‘මාලිමා’ ආණ්ඩුව පත්වීමෙන් පසුව ‘ලෙකෝ’ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා මහතා ඉවත්කර ජනක අලුත්ගේ මහතා පත්කළ බවත් ඉන් පසුව ඔහු ඉවත් කර වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර මහතා පත්කළ අතර ඒ මහතා මීට දින කීපයකට පෙර සභාපති ධුරයේ වැඩ ආරම්භ කළ බවත් සේවකයෝ පවැසූහ.

    ‘ලෙකෝ’ සමාගමේ මීට පෙර සිටි සභාපතිවරුගේ පාවිච්චියට 2009 සහ 2013 වසරවල සුපිරි වාහන මිලදී ගෙන තිබූ බව කියන සේවකයෝ සඳහන් කළේ එම වාහන වර්තමානයේ ද වඩාත් හොඳ තත්වයේ පවතින බවයි.

    ‘ලෙකෝ’ සමාගමේ ඉහළ කළමණාකාරිත්වයේ පාවිච්චියට ඊට පෙර සිටි සභාපතිවරු ඇතුළු උසස් නිලධාරීන් මිලදීගත් අලුත් වාහන ඇති බවත් ඒවා පාවිච්චි නොකර මෙම ආණ්ඩුව යටතේ අධික මිල අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවවත් සේවකයෝ පැවසූහ.

    විදුලිබල අමාත්‍යංශයේ වර්තමාන ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු නිල බලයෙන් ‘ලෙකෝ’ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරන බව කියන ‘ලෙකෝ’ සේවකයෝ මෙවැනි මුදල් නාස්ති වැලැක්වීමට වර්තමාන ආණ්ඩුවට ද උවමනාවක් නොමැති යැයි මෙවැනි සිද්ධීවලින් පැහැදිළි වන බව ද සඳහන් කළහ.

    ‘ලෙකෝ’ සමාගම මේ ආකාරයට මුදල් නාස්ති කළ පසු එම පාඩු පාරිභෝගික ජනතාවගෙන් අයකරගන්නා බව කියන එහි සේවකයෝ ‘ලෙකෝ’ සමාගම සපයන සේවාවල ගාස්තු ඉතාම ඉහළ අගයක් ගන්නා බව ද සඳහන් කළහ.

    ‘ලෙකෝ’ සමාගමේ වර්තමාන සභාපති ඉංජිනේරු කනිෂ්ක ජයසේකර මහතාගෙන් මෙම අති සුඛෝපභෝගී කාර් රථය පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ බෙන්ස් රථයක් ඇනවුම්කර තිබුණ ද එම රථය මේ දක්වා ලැබී නොමැති අතර එය සිය කාලයේ ඇනවුම් කළ රථයක් නොවන බවත් තමන් වැඩ භාරගෙන දින කීපයක් පමණක් ගතවී ඇති බවත්ය.

    එම රථය ගැනීම පිළිබඳව ගැටලුවක් ඇතැනම් එය පාවිච්චි කිරීමෙන් වැළකෙන බවත් එම රථය නියමිත ක්‍රියාපටිපාටියට ගෙන ඇද්දැයි සොයා බලමින් සිටින බවත් ඒ මහතා කීය.

    ඔහු දන්නා කාලයේ සිට සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලයෙක් වීම නිසා මෙම බෙන්ස් රථය පාවිච්චි කිරීමේ උවමනාවක් නොමැති බව කී කනිෂ්ක ජයසේකර මහතා එය වෙනත් කෙනෙකුට අවශ්‍ය නම් දෙන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

    මෙම ‘බෙන්ස්’ රථය පිළිබඳව එහි හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ඒ පිළිබඳව දැන් සිටින නිලධාරීන්ගෙන්ම විමසුවහොත් වඩාත් හොඳ බවත් එම රථය ඇනවුම් කළේ කවුද? ඇනවුම් කිරීමට හේතුව කුමක්ද? යන්න වර්තමාන සභාපති නොව ඉන්න අයිත් අයගෙන්ම අහගත යුතු බවත්ය.

    - https://www.lankadeepa.lk/news/ලක-සභපතට-කට-8-ක-සප-රයක-ඇනවම-කරල/101-683326





    Sri Lanka’s CEB profits plunge 85-pct in September quarter​


    - https://economynext.com/sri-lankas-ceb-profits-plunge-85-pct-in-september-quarter-248771/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    CEB ත් ආපහු පාඩුයි, Ceypetco එකත් ආපහු පාඩුයි, සල්ලි කාබාසිනියා කරන SOE වලට treasury එකෙන් සල්ලි පොම්ප කරනවා, SOE privatization /reforms නවත්තලා, අස්වැසුම තව වැඩි නිකමුන් ගානකට දෙන්න යනවා. රජයේ සේවකයෝ අඩු කිරිල්ලක් නැහැ තව 60,000+ ගන්නවා. රනිල් ගෙනාපු investments ටිකත් කොට උඩ, USD ආපහු දවස ගානේ නගිනවා. රනිල් අමාරුවෙන් ගොඩ ගත්ත ආර්ථිකේ කාලකන්නි වැඩ බැරි ජෙප්පෝ ආයි කනවා.
     

    Similar threads