කව්ද මේ හාදයා?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කොහෙන්ද අප්පා මෙච්චර සල්ලි:eek::baffled:හෝල්වලට නොඑන සදේශ්ගේ චිත‍්‍රපට !

    කලා | April 15, 2012 8:49 am
    SS7.gif

    Srilankamirror – ආර්. සදේශ් කුමාර් නැමැති චිත‍්‍රපට නිෂ්පාදකවරයා මේ දිනවල මෙරට ජනපි‍්‍රය නළු නිළියන්ටත් වඩා ජනපි‍්‍රය චරිතයකි.
    ඒ පසුගිය කාලයේදී නිර්මාණය වූ හා දැනට නිර්මාණය වෙමින් පවතින චිත‍්‍රපට රාශියක නිෂ්පාදකවරයා ලෙස ඔහු කටයුතු කිරීම නිසාය.
    පියාගේ ඇවෑමෙන් ‘සුපර් සික්ස්’ වානිජ සිනමා පටය හරහා සිංහල චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසූ සදේශ් මේ වන විට දැවැන්ත සිනමා නිර්මාණ පහකට නිෂ්පාදන දායකත්වය සපයා තිබේ.
    ඔහු මෙලෙස නිෂ්පාදන දායකත්වය සැපයූ සිනමා නිර්මාණ අතරින් මෙතෙක් ප‍්‍රදර්ශනය වූයේ එක් චිත‍්‍රපටයක් පමණක් වීම විශේෂ සිද්ධියකි.
    ඒ දැනට ප‍්‍රදර්ශනය වෙමින් පවතින ‘කුස පබා’ චිත‍්‍රපටයයි. එය ද ඔහුගේ තනි නිෂ්පාදනයක් නොවන අතර එය හවුල් නිෂ්පාදනයකි.
    සදේශ් විසින් නිෂ්පාදනය කළ පළමු සිනමා පටයවන ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටය මෙතෙක් ප‍්‍රදර්ශනය නොවූ අතර ඒ සඳහා ඔහු වැය කළ මුදල රුපියල් මිලියන 700 ක් පමණ වෙතැයි පැවසේ.
    එම සිනමා පටය ප‍්‍රදර්ශනය නොවී පල්වෙමින් තිබියදී ඔහු තවත් දැවැන්ත නිර්මාණ තුනක් සඳහා අතගසා තිබේ.
    ඒ ප‍්‍රවේගය, මායා හා මෑතකදී අත ගැසූ මනමේ යන සිනමා සිත්තම්ය.
    ප‍්‍රවේගය නිෂ්පාදනය සඳහාද මිලියන 900 ක් පමණ වැය කිරීමට නියමිත අතර මනමේ හා මායා යන චිත‍්‍රපට සඳහා ඔහු වැය කිරීමට සූදානම් වන මුදල රුපියල් මිලියන 1,700 කට ආසන්න බව පැවසේ.
    ආර්. සදේශ් කුමාර් සහ ශ‍්‍රීමතී සදේශ් කුමාර් නම් තරුණ චිත‍්‍රපට නිෂ්පාදක යුවල විසින් පිහිටුවාගන්නා ලද රියල් ඉමේඡ් ප‍්‍රයිවට් ලිමිටඞ් චිත‍්‍රපට සමාගම විසින් මේවා නිෂ්පාදනය කරනු ලබයි.
    සදේශ් මෙලෙස ප‍්‍රදර්ශනය නොකරන චිත‍්‍රපට නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ක්ෂේත‍්‍රයේ කතා බහක් මතුව අතැයි ද පැවසේ.
     
    Last edited: