~~//....කව්ද වැරදි....??????????

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//....කව්ද වැරදි....??????????

කව්ද වැරදි....??????????
බෙදන අයද.....????.....බලල විසි කරන අයද....????
12-11-2011 "දිනමිණ"

ගුරු අණ පිළිපදින්න ගිය සිසුන් තිදෙනාට උසාවියේ නඩු
Mehamath_lokayak.jpg



සිරිසේන රාජපක්ෂ

කොළඹ අවට ප්‍රදේශයක පවත්වාගෙන යන උපකාරක පන්තියක (ටියුෂන් ක්ලාස්) ගුරුවරයෙක් සිසුන්ගෙන් ඉල්ලීමක් කළේය.එම ඉල්ලීමෙන් කියැවුණේ ඔහුගේ පන්තියක් පිළිබඳව අත් පත්‍රිකාවක් (ලීෆ්ලට්) ජනතාව අතර බෙදා හරින්නැයි කියාය. ඊට කැමැති සිසුන් තිදෙනකු අත් පත්‍රිකාව බෙදාහැරීමට ඉදිරිපත් වූහ. එක් සිසුවකු බොරැල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලක් ඉදිරිපිට සිටිමින් අත් පත්‍රිකා බෙදාහරිද්දී සෙසු සිසුන් දෙදෙනා බොරැල්ල නගරයේ උමං මාර්ගය තුළ සිට අත් පත්‍රිකා බෙදන්නට පටන් ගත්හ.
නගරය හරහා යන දහස් සංඛ්‍යාත ජනයා අතර අත් පත්‍රිකා බෙදා හැරිණ. ඒවා ලබා ගන්නා බොහෝ දෙනා ඒවා උඩින් පල්ලෙන් කියවා මහමඟ දමා යන්නට විය. මෙය බොරැල්ල පොලිසියට දැනගන්නට ලැබී වහාම ගොස් අදාළ සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ කැළිකසළ දමා නගරය අපවිත්‍ර කිරීමේ චෝදනාව මතය. ඒ අවස්ථාවේ සැකකාර සිසුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතා අදාළ චෝදනාවට සිසුන් නිවැරදිකරුවන් බව අධිකරණයට දන්වා සිටිමින් ඔවුනට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
නීතිඥවරයාගේ කරුණු සැලකිල්ලට ගත් මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය සිසුනට නගා ඇති චෝදනා විභාග කිරීමට දින නියම කරමින් සැකකාර සිසුන් තිදෙනා ඇප මත මුදා හැරියාය. නියමිත දින නඩු විභාගයට සිසුන් තිදෙනා අධිකරණයේ පෙනී සිටි අතර බොරැල්ල පොලිසිය පැමිණිල්ල මෙහෙයවීමට ඉදිරිපත් වී සිටියහ. ඒ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් බොරැල්ල පොලීසිය අධිකරණය වෙත කරුණු දක්වමින් සැකකරුවන් විසින් මංමාවත් පනත උල්ලංඝනය වන පරිදි මහාමාර්ගයට කුණු දැමීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව දන්වන ලදී.
අනතුරුව චූදිතයන්ගේ නීතිඥ ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවසීය. ස්වාමීනි! මේ සිසුන් තිදෙනා කිසිම නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නෑ. ඔවුන් කර ඇත්තේ අත් පත්‍රිකා බෙදාහැරීම පමණයි. අද කාලේ අත් පත්‍රිකා බෙදාහැරීම සුලභව සිදුවන දෙයක්. අත් පත්‍රිකා ලබා ගන්නා අය ඒවා කියවා හෝ නොකියවා අහක දැමීම ද සුලභ සිදුවීමකි. සිදුව ඇත්තේ එවැනි සිදුවීමකි. එසේ වුවත් නඩු කටයුතු ඉදිරියට ගෙන යාමෙන් සිසුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවන බවත් ඔවුන්ගේ මානසික තත්ත්වයද පිරිහී යාමට ඉඩ ඇති හෙයින් වරද පිළිගැනීමට අප සූදානම්ය.
“ස්වාමීනි ඔවුන්ගේ ශිෂ්‍යභාවය සහ සානුකම්පිතව සලකා බලන්නැයි මා ඉල්ලා සිිටිනවා” යැයිද කීවේය. නීතිඥවරයාගේ ඉල්ලීම ගැන සලකා බැලූ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවලට නොපෙළඹෙන ලෙස අවවාද කරමින් චූදිත සිසුන් තිදෙනා නිදහස් කළාය.
.