කවුද මේ අයි.එස්.අයි.එස්

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
කවුද මේ අයි.එස්.අයි.එස්

ලෝක දේශපාලනයේ මේ වනවිට වැඩි වශයෙන්ම අවධානයට ලක්වූ සංවිධානය සහ මාතෘකාව තමයි අයි.එස්.අයි.එස් නම් වූ ත්‍රස්ත සංවිධානය…

මෙලොව සාම්ප්‍රදායික රාජ්‍ය ප්‍රජාවට සහ ඒවායේ බලවත්ම රාජ්‍ය පන්තියට මෑත ඉතිහාසයේදී එල්ල වූ ප්‍රබලම අභියෝගය තමයි මේ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට ව්‍යාප්තව සිටින “අයි.එස්.අයි.එස් හෙවත් අයිසිස්” ලෙස හඳුන්වනු ලබන දැවැන්ත ත්‍රස්ත ජාලය… මෑතකදී මෙම සංවිධානය තරම් එක් ආරක ගමන් කරමින් සිටින ලෝක ප්‍රජාව තුල, වාණිජ, ජාතික සහ ජනප්‍රිය සංස්කෘතික ගත කතිකාවත් ඇරඹීමට තුඩු දුන් වෙනත් සංවිධානයක් නැති තරම් ….

මෙම සංවිධානයේ විස්තාරණය සහ ඔවුන් විසින් එම කළාපයේ නිර්මාණය කර ඇති දේශපාලන වික්ෂිප්තය හේතුවෙන් මොවුන් ගැන නිරවුල් පැහැදිලි කිරීමක් ලෝකයට ලැබී නැහැ…..මෙයට හේතුව තමයි නිශ්චිත තොරතුරු මූලාශ්‍රයක් නොමැති කම සහ පවතින තොරතුරු සහ ප්‍රවෘත්ති මූලාශ්‍රයන් සියල්ල ඔවුනොවුන්ගේ දේශපාලනික පක්ෂපාතීත්වයන් හේතුවෙන් හෝ හුදෙක් මෙම සංවිධානයට දක්වන බිය හේතුවෙන් ඔවුන් ගැන නිරවුල් මතයක් ප්‍රකාශ නොකර සිටීම….

මේ හේතුව නිසා ඔවුන්ගේ ව්‍යාප්තියට අදාළ කළාපයෙන් පිටත රටවලට ඔවුන් ගැන ඇත්තේ අපැහැදිලි අදහසක්…විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල සිටින ජාත්‍යන්තර දේශපාලනය හදාරන සිසුන්ට සහ ගවේෂකයන්ට ඒ ගැන නිසි අවබෝධයක් ලබාගන්න පුලුවන් තැන් විරලයි…

මේ නිසාම මම අදහස් කළා, මේ ලිපිය ඔස්සේ අයිසිස් සංවිධානයේ ආකෘතිය, එහි ක්‍රියාකාරීත්වය, සහ දේශපාලනික අරමුණු පිළිබඳව පිළිගත් මතවාදයන් ඇසුරෙන් නිරවුල්කරණයක් සකස් කරන්න….

කොහොමද මේ “අයිසිස්” (ISIS) සංවිධානය බිහිවුනේ…?…කවුද මේකෙ ආරම්භක නායකයන්…?… මෙවැනි සංවිධානයක් කළාපීය සහ ලෝක බලවතුන්ව අසරණ කලේ කොහොමද?….මේ ගැන ගවේෂණයක් කරමු….
“අයිසිස්” (ISIS) හඳුන්වා දීම

මෙහිදී ඔබ විසින් “අයිසිස්” නම් කෙටි නාමය ( පහසුව සඳහා භාවිතා කරන ), පුරාණ ඊජිප්තු ශිෂ්ඨාචාර වාසීන්ගේ මව් දෙවඟන වූ “අයිසිස්” දෙවඟන සමග පටලවා නොගත යුතුයි….

මේ නම හැදිලා තියෙන්නෙ මෙහෙමයි…..

ISIS = Islamic State of Iraq and Syria

37548.jpg




මෙම ත්‍රස්ත ජාලයේ මුල් ආරම්භය 2002 වසර තෙක් ඈතට දිව යනවා….2002 වසරේ ඉරාකයේදී ජෝර්දාන ජාතික ත්‍රස්ත සටන් කරුවෙකු වන අබු මුෂාම් අල් සර්කාවි විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාරය තමයි “තව්හිඩ් – වා – ජිහාඩ්” යන සංවිධානය…සුන්නි මුස්ලිම්වරයෙකු වූ සර්කාවි උපන්නේ පලස්තීනයේ සිට ජෝර්දානයට පලා ආ සරණාගත පවුලකට….

ඉන් පසුව ඔහු ඇෆ්ගනිස්ථානය නතු කරගෙන සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් වදින්නට ඇෆ්ගනිස්ථානයට ගියා…

පසුව ජෝර්දානයට පැමිණි හෙතෙම “ජූන්ද් අල්-ෂාම්” නම් කුඩා ආගමික සටන් කරුවන් කල්ලිය නිර්මාණය කර ගත්තා. වැඩි කළක් යෑමට පෙර රාජකීය ජෝර්දාන හමුදාවේ විශේෂ බළකාය ඔහුව පණපිටින් අත් අඩංගුවට ගත්තා…එහෙත් වසරක් ඉකුත්ව යෑමට පෙර ජෝර්දාන රජුගේ සමාවකින් ඔහු නිදහස ලැබුවා…මේ නිදහස ලැබීමෙන් පසුවත් ඔහු “ජුන්ද් අල්-ෂාම්” කල්ලිය යළි නිර්මාණය කිරීමෙහි නිරත වුනා…2001 වසරෙදි තමයි ඔහු ඉරාකයේ සිය ක්‍රියාන්විතය අරඹන්නෙ…

මූලික වශයෙන් සදාම් හුසේන්ගේ “බාත්” පක්ෂයෙන් සක්‍රීය දේශපාලනයට ආ සර්කාවි, පසුව යම් කාළයක් සදාම් යටතේ සිට, ඉන් පසුව සදාම්ගේ ඉස්ලාමික ජාතික යෙදුමෙහි ඇති ආගමික වශයෙන් නිශ්ක්‍රීය වන කරුණු කාරණා ගැන කළකිරී එයින් ඉවත්ව, මුලින්ම ගම් මට්ටමෙන් රැස්වීම් පවත්වමින් ඉස්ලාම් දහමේ මූල ධාර්මික ජීවන රටාව ලෙස ඔහු විශ්වාස කළ ජීවන රටාවක් හඳුන්වා දෙමින් කාළය ගත කළා…

2003 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා සදාම් රෙජීමය අවසන් කිරීම සඳහා ඉරාකය ආක්‍රමණය කරද්දී සර්කාවි “තව්හිඩ් – වා – ජිහාඩ්” සංවිධානය ගොඩ නගාගෙන අවසන්….ඇමරිකාව ජනපති සදාම් බලයෙන් පහකළ පසුව ඉරාකයෙහි එතෙක් යටපත්ව පැවති සුන්නි-ෂියා ආගමික වර්ග භේදවාදය යළි ඉස්මතු වීමෙන් පසුව ඇති වූ අතිශය අස්ථාවර තත්වය සර්කාවි සිය බලය තහවුරු කර ගැනීම සඳහා යොදා ගත්තා…

2003-2006 කාළය තුළ ඔහු ඇමරිකානු හමුදා ඉලක්ක වෙත සිය මනාව පුහුණු කරවන ලද සටන් කරුවන් යොදා දරුණු ප්‍රහාර එල්ල කරමින් එවකට ලොව පැවති විශාලතම සන්නද්ධ ත්‍රස්ත කල්ලිය වන “අල් කයිඩා” ( Al Qaeda) සංවිධානයේ හොඳ හිත දිනාගෙන වසර 2004 වන විට තමන්ගේ කල්ලිය අල්-කයිඩාවට අනුබද්ධ කර “අල් කයිඩා – ඉරාක්” ( AQI – Al Qaeda Iraq) යන නාමය භාවිතා කිරීම ආරම්භ කළා….

2004 වසරෙදි ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක සේවාවන් සියල්ල සර්කාවි සිය ලැයිස්තුවලට ඇතුළු කරනු ලැබුවා…2005 වන තෙක් සර්කාවි කිසිදු සටනකට සක්‍රීය සටන් කරුවෙකු ලෙස නොපැමිණ තමාව ලුහුබඳින ඇමරිකානු ආරක්ෂක අංශ වල අධි තාක්ෂණික උපක්‍රම වලින් ගැලවී ඉරාකයේ අල් කයිඩා සංවිධානයට විශාල පිරිස් බලයක් ලබා දුන් දක්ෂ බඳවා ගන්නෙකු බවට පත් වුනා….

2006 පමණ වන විට ජාත්‍යන්තර අල් කයිඩා ජාලයේ නායකයන් සහ සර්කාවි අතර අළු යට ගිණි පුපුරු සේ තිබුණු න්‍යායාත්මක සහ උපක්‍රමික මත භේදයක් ක්‍රමයෙන් ඇවිළෙන්න පටන් ගත්තා…මේ න්‍යායික නොගැළපීම මුලදී තදින් නොදැනුනත්, අල් කයිඩා සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ දිගු කාළීන අරමුණු ක්‍රමයෙන් ඉස්මතු වෙන විට එය මේ පාර්ශවයන් අතර ආරවුලක් බවට පත් වුනා…. ( ඇතැම් විශ්ලේෂකයන් මෙම ආරවුල ඇමරිකානු බුද්ධි අංශ විසින් නිර්මාණය කරන ලද්දක් බව කියනවා )

මේ න්‍යායික අවුල වූයේ:

අල් කයිඩා ජාත්‍යන්තර ජාලයේ අදහස උනේ තම සටන් කරුවන් ලවා දුර ඈත ඉලක්ක වෙත, එනම් බටහිර ලෝකයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරවිය යුතුය කියන එක… මේකට කියන්නෙ ඔවුන්ගේ Far Enemy Strategy

සර්කාවි ප්‍රමුඛ අල් කයිඩා ඉරාක ජාලයේ අදහස උනේ ළඟා වීම අතිශය දුෂ්කර සහ හොඳින් රැකවල් කරන ලද බටහිර ඉලක්ක වෙත ළඟා වීමට ගොස් සටන්කරුවන් සහ සම්පත් විනාශ කර නොගෙන, කළාපීය වශයෙන් සිටින ඇමරිකාව ප්‍රමුඛ බටහිරට හිතවාදී සාම්ප්‍රදායික නායකත්වයන් විනාශ කර දමා, කළාපීය රාජ්‍ය බලය අතට ගෙන Caliphate එකක් ( එනම් අරාබි බසින් “කිලාෆාත්” හෙවත් අධිරාජ්‍යයක් … මහා දේශයක් ) ගොඩ නැගිය යුතුයි කියන එක….මේකට කියන්නෙ ඔවුන්ගේ Near Enemy Strategy

එමෙන්ම ජාත්‍යන්තර අල් කයිඩාවන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරපු තවත් අදහසක් ක්‍රියාවේ යොදවන්න සර්කාවි උත්සාහ කළා….ඒ තමයි මෙකී කැලිෆේටය එහි වෙසෙන සුන්නි නොවන මුස්ලිම් සහ කුර්දි, ක්‍රිස්තියානි, යුදෙව් ප්‍රජාවන්ගෙන් තොර කර භයානක වාර්ගික පවිත්‍රකරණයක් (Ethnic Cleansing), හෙවත් වර්ග සංහාරයක් කළ යුතුය කියන එක…ඒ සඳහා සුන්නි මුස්ලිම් සංකල්පයන්ට අනෙක් වාර්ගික සහ ආගමික ප්‍රජාවන් නතු කර ගැනීමත්, එසේ නතු නොවන අය මරා දැමීමත් උපක්‍රම ලෙස ඔහු ඉදිරිපත් කළා….

මේ මතවාදී දෙදරා ‍යෑමේ ප්‍රතිපලයක් ලෙස 2006 වසරේ පෙබරවාරි මාසයේදී පහත සඳහන් සංවිධාන 18 සමග අල් කයිඩා ජාත්‍යන්තර ජාලයෙන් ඉරාකයේ අල් කයිඩා ශාඛාව වෙන් කර ගත් සර්කාවි “ඉරාක ඉස්ලාමික රාජ්‍යය” (Islamic State of Iraq = ISI) හෙවත් නිර්මාණය කර ගත්තා….

2006 ජූනි මාසයේ 6 වැනිදා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් එෆ්-16 ජෙට් ප්‍රහාරක යානා දෙකක් යොදා එල්ල කරන ලද සුසමාධිත නිරවද්‍ය තාක්ෂණික ප්‍රහාරයකින් ( Precision Strike )සර්කාවි මිය ගියා….මිය යනවිට ඔහුට වයස අවුරුදු 40 ක් වූ අතර, දැඩි මතධාරී ක්‍රියා පටිපාටිය නිසා ප්‍රබල දෙවැනි පෙළ නායකයෙක් හෝ නායකයන් සාදා තිබුනේත් නෑ…

මේ හේතුව ISI නිසාම ක්‍රමයෙන් දුර්වල වෙන්න පටන් ගත්තා….අලුතින් පත් වුනු නායකයන් කිහිප දෙනෙක්ම එකිනෙකාට ඉතාම ආසන්නයෙන් ඇමරිකානු හමුදා සහ ඉරාකයේ ඇමරිකානු ආධාර ලබන රජයේ හමුදා ප්‍රහාර වලින් මිය ගියා….

කවුද මේ අයි.එස්.අයි.එස් II http://www.elakiri.com/forum/showthread.php?t=1692546

අනිත් කට්ටියටත් බලන්න බුම්ප් එකක් දාන්න

https://theruamknatha.wordpress.com/2015/07/08/%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-isis-who-are-isis-isis/
 
Last edited: