කවුද මේ තමිල්නාඩුව හොල්ලපු කොමලවල්ලී
ඉන්දියාව ගැන මේ දවස් වල කතා කරද්දී සුලි සුලං වගේම තමිල්නාඩුවේ සැඩ සුලගක් උන ජයලලිතා ලොකු මාතෘකාවක්.මේ මං ජයලලිතා ගැන හොයද්දී හම්බ උන වැදගත් කරුනු ටිකක්.
මුල් කාලය
ජයලලිතාගේ ජයරාම්ගේ මුල් නම කොමලවල්ලී ජයරාම්ය.කොමලවල්ලී ලෙස නම තබා ඇත්තේ ඇගේ මිත්තනිය සිහිවීමටය.
ඇය තමිල්නාඩු මහ ඇමතිනිය වුවද උපත ලබන්නේ එදා මයිසූර් නමින් හැදින්වූ කර්නාටක ප්‍රාන්තයේ ය.
ඒ ඉන්දියාවේ නිදහසින් මාස 6කට පසුවයි.( 1948 පෙබරවාරි)
ඇගේ පියා කලා උපාධිධරයෙකි.ඔහු දක්ෂ නීතිඥයෙකි. (නමුත් ඔහු කිසි දිනෙක රැකියාවක නිරත වී නැති බවටද සමහර පුවත් පවතී).ඇගේ සීයා මයිසෝරයේ මහරාජා වූ සිව් වැනි ක්‍රිෂ්ණරාජා වොඩෙයාර්ගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් සේවය කර ඇත.එකල ඔවුන්ට මුදල් යහමින් තිබී ඇතැයි කියවේ.
ජයලලිතා ඔහුගේ පියාගේ දෙවැනි භාර්යාවගේ දියනියකි. පළමු බිරිය කන්නඩ කාන්තාවකි. ඔහු බිරියන් දෙදෙනා සමඟ සහගාමි දිවියක් ගෙවා ඇත.

ජයලලිතගේ පියා ඔහුගේ පියා ඉපැයූ ධනය අත දිගහැර වියදම් කර මත්පැනට, සූදුවට හා කාන්තා ඇසුරට යොමු වී ඇති අතර ජයලලිතාට අවුරුදු 3 පිරෙද්දී ඔහු මිය ගොස් ඇත.ඉන්පසු ඔහු සතු සියලු ධනය හිමි වී ඇත්තේ පළමු බිරිය වූ ජයම්මාටය.
කුඩාකල ඇගේ සිහිනය වී ඇත්තේ නීතිඥවරියක වීමටයි.
සිනමාව
ජයලලිතාගේ මව වන වේදාවල්ලි ඇගේ සහෝදරිය මාර්ගයෙන් සන්ධ්‍යා නමින් පූර්ණ කාලිනව රඟපෑමට එක් වී ඇත. කිසි දිනෙක තරුවක් වන්නට ඇයට නොහැකි වුවද චිත්‍රපට රැසක චරිත නිරූපණයට ඇයට අවස්ථාව ලැබී ඇත.ජයලලිතා සිනමාවට පැමින ඇත්තේ ඇය මාර්ගයෙනි.
ජයලලිතාගේ භරත නාට්‍ය කලඑළි බැසීමේ (අරන්ගේත්‍රම්) උත්සවය පැවැත්වෙන විට ඇය 12 හැවිරිදි දැරියකි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සිවාජි ගනේෂන්ය. ජයලලිතාගේ හැකියාව හා රූ සිරිය දුටු ඔහු ඇය කවදාහෝ දක්ෂ නිලියක වනු ඇතැයි අනාවැකි පල කලේය.ඔහුගේ අනාවැකිය ඵල දරමින් දශකයක් ඉක්මවන්නටත් පෙර ඇය සිවාජි ගනේෂන් සමඟ ප්‍රධාන චරිතයක්ද රඟපෑවාය.
එකල සිටි අනෙකුත් නිළියන් මෙන් නොව ජයලලිතා ඉහළ වංශයකට අයත් වූ නිලියෙකි. ඇයගේ වංශය බ්‍රාහ්මණ අයින්ගාර් වංශයයි.
ජයලලිතා රංගනයට දායක වූ මුල් කාලයේ හිටපු ඉන්දීය ජනාධිපති වී. වී. ගිරි මහතාගේ පුත්‍රයා වූ ෂන්කර් ගිරි ඇගේ රංගන කුසලතාව දැක ‘දි එපිස්ටල්’ (සන්දේශය) නම් චිත්‍රපටයේ චරිතයක් සඳහා ජයලලිතා යොදා ගන්නා ලදි. නමුත් චිත්‍රපටය රූ ගත කිරීම සඳහා බොහෝ කල් ගත වූ අතර එය ප්‍රදර්ශනය කෙරෙන විට ජයලලිතා තරුවක් බවට පත්ව සිටියාය. චිත්‍රපටය අසාර්ථක විය.

ජයලලිතා රඟ පෑ ප්‍රථම දෙමළ චිත්‍රපටය වූ ‘වෙන්නිරා ආදායි’ තිරගත වීමට පෙරම ආන්දෝලනයට ලක් විය. එය වැඩිහිටියන්ට පමණක් සීමා විය.නාන දර්ශන හා නැටුම් දර්ශන කීපයක් සම්බන්ධයෙන් රැඟුම්පාලක මණ්ඩලයට ද ගැටලු පැන නැඟී තිබිණි.
චිත්‍රපටය දින සියය ඉක්මවා ප්‍රදර්ශනය විය. ජයලලිතාගේ රංගනය පිළිබඳ විවිධ විචාර පළ විය. ජයලලිතා එක් රැයකින් ජනප්‍රිය තරුවක් බවට පත් වූවාය. 
ජයලලිතාගේ දෙවැනි දෙමළ චිත්‍රපටය වූ එය ‘අයිරතිල් ඔරුවනොර්’ (දහකින් එකෙක්) නම් රඟන විට ප්‍රධාන චරිත රඟපෑ එම්. ජී. රාමචන්ද්‍රන් 48 වැනි වියේ පසු වූ අතර ජයලලිතා 17 හැවිරිදි විය. දෙදෙනා අතර 31 වසරක වයස් පරතරයක් තිබුණද රිදී තිරයේ ඔවුහූ අපූරු පෙම් යුවළක් වූහ. නවයක් තුළ ඔවුන් දෙදෙනා චිත්‍රපට 28ක පෙම්වතුන් ලෙස රඟපෑහ.
ගීත කිහිපයක්ම ගායනා කර ඇති ඇය තම හඬින් ගැයූ පළමු ගීතය වූයේ ‘අම්මා එන්ඞ්රාල් අන්බු’ නම් එම ගීතයයි.එයට සංගීතය සපයන ලද්දේ කේ. වී. මහදේවන් විසිනි.ගීතය අතිශයින් ජනප්‍රිය විය.
එකල දෙමල සිනමාවේ ප්‍රේමවන්තයා සහ වීරයා වූ මරුතූර් ගෝපාල මෙනන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.රාමචන්ද්‍රන්(M.G.R.) ජයලලිතාට මෝහනය වී සිටියේය. ඔවුන් දෙදෙන නිත්‍යානුකූලව විවාහ වී නොසිටියද ඇය ඔහුගේ ආදරවන්තිය ලෙසින් සැලකිනි. තෙළිගු නළු ෂෝබන් බාබු සමඟද ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගත්තාය. විවාහකයකු වූ ඔහු තම බිරියගෙන් දික්කසාද වී ජයලලිතා විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළේය. එම සම්බන්ධය පිළිබඳව ඕපාදූප සඟරාවක් මගින් එළිදරව් කෙරුණු අතර එහි ප්‍රකාශකයනට ලිපියක් ලියූ ජයලලිතා ප්‍රේම සබඳතාවක් ඇති බවත්, ෂෝබන් තම බිරියගෙන් දික්කසාද වුවහොත් තමා ඔහු හා විවාහ වන බවත් ඇය කියා සිටියාය. එහෙත් එය කිසිදා සිදු නොවූ අතර ජයලලිතා මියයන අවිවාහක කාන්තාවක් විය.

1964 සිට 1978 දක්වා ජයලලිතා දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම්, හින්දි සහ ඉංග්‍රීසි බසින් නිපදවන ලද චිත්‍රපට 142ක රඟපෑවාය. මෙයින් චිත්‍රපට 77ක් දින සියය ඉක්මවා ප්‍රදර්ශනය කෙරිණි. 18ක් සති 25 ඉක්මවා ඇත.
දේශපාලනය
පසුකලෙක සිනමාවෙන් ඉවත් වූ එම්. ජී. රාමචන්ද්‍රන් තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා එය හරහා ජයලලිතා දේශපාලනයට යොමු කලේ ඔහුය. ඔහු ඇයගේ පෞද්ගලික ජිවිතයේ අනියම් සැමියා වූ අතර, දේශපාලන දිවියේ උපදේශකයා විය.
දේශපාලනයට පිවිසි ජයලලිතා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ප්‍රචාරක සහ පරිපාලන ලේකම් වූවාය. 1984දී රාජ්‍ය සභා මන්ත්‍රීවරියක වූ ඇය 1989දී තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත් වූවාය.
එම්ජීආර්ගේ බිරිය ජානකී , ජයලලිතා සමග ඔහු පැවැත්වූ අයථා සම්බන්ධයට බෙහෙවින් විරුද්ධ විය. එම්ජීආර් මියගිය පසු අවසන් කටයුතු සඳහා ජයලලිතාගේ පැමිණීම තහනම් කරන්නටද ජානකී කටයුතු කර තිබුණි.
(නමුත් ඇය ඔහුගේ අවමගුල් කටයුතු සඳහා සහබාගි විය)
එම්. ජී. රාමචන්ද්‍රන් 1987 අභාවප්‍රාප්ත විය. ඔහු නොමැති අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ බෙදීමක් හටගත්තේය. ඊට පාදක වූයේ රාමචන්ද්‍රන්ගේ බිරිය ජානකී සහ අනියම් බිරිය ජයලලිතා අතර ඇතිවූ අර්බුදයයි. ඉන් ජයලලිතා ජයගත් අතර පක්ෂය එක්සත් කොට තම නායකත්වය යටතේ 1991 මැතිවරණය ජය ගැනීමට ඇය සමත් විය.

ජයලලිතා තමිල්නඩුවේ මහ ඇමතිනිය ලෙස හතර වතාවක් පත්වී ඇති අතර සය වතාවක් දිවෘම් දී ඇත.
ඒ දෙවරක් නීති මගින් ඇයගේ මහ ඇමති ධුරය අහෝසි කොට යළි එම තනතුරට පත් වූ හෙයිනි.
අනුගාමිකයන් විසින් ජයලලිතා හඳුන්වනු ලබන්නේ “අම්මා’ යන ආදරණීය නාමයෙනි. අම්මා යන්නෙහි අරුත් දෙකක් ඇත. එකක් ‘මව’ යන්නයි. අනෙක ‘උත්තරීතර කාන්තාව යන්නයි.
1996 ජුනි 14 වනදා ජයලලිතා ජයරාම්ට විරුද්ධව නඩුවක් පවරන ලදී.ඒ නීති විරෝධී ලෙස අති විශාල ධනස්‌කන්ධයක් රැස් කලා යැයි පවසමිනි.
චෝදනා විභාග කිරීම සඳහා ඇයගේ නිවාස ඇතුළු දේපළ පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵලය වූයේ ඇය සතුව තිබු සාරි 12000 ක් අගනා සෙරෙප්පු කුට්ටම් 750 ක් හා කිලෝග්‍රෑම් 1.5 ක් බරැති දියමන්ති එබ්බවූ රන් බඳ පටියක්, කිලෝ 500 ක් බර රිදී ආභරණ, රන් වළලු 400 ක් ,රත්තරන් කිලෝග්රෑම් 38ක් පිළිබඳ තොරතුරු හෙළිවිය.

වැරදිකාරිය වූ ඇයට වසර හතරක සිර දඬුවම හා කෝටි 100 ක දඩයට අමතරව ඇය මහ ඇමැති ධුරයෙන් හා මන්ත්‍රී පදවියෙන් ඉවත් කලේය. එසේම වසර 10 ක කාලයකට නැවත මැතිවරණයක තරග කිරීම ද ඇයට තමනම් විය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ තමිල්නාඩුව උණුසුම් විය. තැන තැන පැන නැඟුණු විරෝධතා ගැටුම් හා ගිනි තැබීම වැනි තත්ත්වයකට පත්විය. 15 දෙනකු හෘදයාබාධවලින් මරුමුවට පත්විය.20 දෙනකු පමණ සියදිවි හානි කර ගත් හ .පාසල් සිසුවියක් ඇතුළු කිහිප දෙනකු සිය දිවි හානිකර ගැනීමට තැත් කලහ.

නමුත් 2015 මැයි මාසයේ කර්ණාටක මහාධිකරණය දුන් නියෝගයකට අනුව ඇයට නිදහස හිමි විය.
මයිසෝරයේ ජයලලිතාට නිවාස දෙකක් තිබිණි. ඉන් එකක් ‘ජය විලාස්’ වූ අතර අනෙක ‘ලලිතා විලාස්’ විය. ජයලලිතා යන්න ඇය භාවිතයට ගනු ලැබුවේ මෙම නිවෙස් දෙකෙහි නම් එක් කිරීමෙනි.
ඇගේ සුරතල් නාමය ‘අම්මු’ය.
ජයලලිතාගේ ජීවිතයේ අසලින්ම සිටි ශෂිකලාගේ ඥති පුත්‍රයකු වූ සුධාකරන් ජයලලිතා සිය දරුවකු මෙන් හදා වඩා ගත්තාය. 1995 සැප්තැම්බර් මාසයේදී සුධාකරන්ගේ මංගල උත්සවය මහා ඉහළින් පැවැත්වූ අතර එයට පැමිණි ආරාධිතයන් ප්‍රමාණය එක්‌ලක්‍ෂ පනස්‌දහසකි. සුධාකරන් විවාහ වූයේ ප්‍රකට නළු සිවාජි ගනේෂන්ගේ මිණිබිරියක සමගිනි. එදින ජයලලිතා හා ශෂිකලා සැරසුණේ නිවුන් සහෝදරියන් දෙදෙනකු මෙන් එකම වර්ගයේ සාරි දෙකකිනි. එම සාරිවල රනින් වැඩ දමා තිබූ අතර දියමන්ති ඔබ්බා තිබිණි. සුධාකරන්ගේ විවාහ උත්සවය වෙනුවෙන් ජයලලිතා වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි හැත්තෑපහකට අධිකයැයි පැවසේ.

තමා මිය යැමට පෙර ලංකාවට අයත් කච්චතිවු දූපත නැවත වරක් තමිල්නාඩුවට පවරා ගන්නා බව ජයලලිතා පවසා ඇත.

ඇයගේ නිවසේ වටිනාකම කෝටි 40ට අධිකය.
මරනය
ශ්වසන අපහසුතාවයකින් අවසන් වරට ඇතුලත් කිරීමෙන් පසුව ඇය දින 73ක් රෝහලේ ගත කළාය.
දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පෙලුනු ජයලලිතා 2016 සැප්තැම්බර් 22 වන දා ඇය රෝහලට ඇතුලත් කරනු ලැබුවේ තද උණ සහ විජලනය හේතුවෙනුයි. දෙසැම්බර් 5 දින සවස් යාමයේ දරුණු හෘදයාබාධයකට මුහුණ දුන් ඇය මිය යෑමට හේතුව හෘද්‍යාබාදයකැයි චෙන්නායි නුවර ඇපලෝ රෝහලෙන් ප්‍රකාශ විය.
ඇය මිය ගිය පසුව ඉන්දීය රජයට රෝහල අසළට පැමිණි දහස් ගණන් ආධාරකරුවන් පාලනය කර ගැනීමට 15,000ක පොලිස් බලඇණියක් යොදවන්නට සිදු විය.

( සමස්ත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේම සේවය කරන්නේ නිලධාරීන්/නිලධාරිනියන් 85,000 ක් පමනය.)

අභාවය සැලවීමත් සමඟ තමිල්නාඩු වැසියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබූ අතර, තවත් අයෙකු සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා.

ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 07 ක ශෝක කාලයක් ප්‍රාන්ත රජය මගින් ප්‍රකාශයට පත් කළා. එම කාලය තුළ සියලූම රජයේ ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කර තැබූ අතර, විනෝදාස්වාද කටයුතු තහනම් උනා
තමිල්නාඩුවේ පාසල් ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන ද දින 3ක් වසා තැබුනා.
ශෝකය හේතුවෙන් ගැහැනු පිරිමි භේදයක් නැතිව අති විශාල පිරිසක් හිස බූ ගාමින් ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කලා
ඇගේ දේහය මරිනා වෙරළ අසබඩ එම් .ජි රාමචන්ද්‍ර ස්මාරකය අසළට විදුරු ආවරණයක් සහිතව සුදු හඳුන් දෙනක තැන්පත්කර අවමගුල් භුමිය වෙත රැගෙන MGR ගේ සොහොන අසලම භුමදාන කලේ ජීවත්ව සිටියදී ඈ කල ඉල්ලීමකට අනුව බව පැවසේ
ඉන්දියාව ගැන මේ දවස් වල කතා කරද්දී සුලි සුලං වගේම තමිල්නාඩුවේ සැඩ සුලගක් උන ජයලලිතා ලොකු මාතෘකාවක්.මේ මං ජයලලිතා ගැන හොයද්දී හම්බ උන වැදගත් කරුනු ටිකක්.
මුල් කාලය
ජයලලිතාගේ ජයරාම්ගේ මුල් නම කොමලවල්ලී ජයරාම්ය.කොමලවල්ලී ලෙස නම තබා ඇත්තේ ඇගේ මිත්තනිය සිහිවීමටය.

ඇය තමිල්නාඩු මහ ඇමතිනිය වුවද උපත ලබන්නේ එදා මයිසූර් නමින් හැදින්වූ කර්නාටක ප්‍රාන්තයේ ය.
ඒ ඉන්දියාවේ නිදහසින් මාස 6කට පසුවයි.( 1948 පෙබරවාරි)ඇගේ පියා කලා උපාධිධරයෙකි.ඔහු දක්ෂ නීතිඥයෙකි. (නමුත් ඔහු කිසි දිනෙක රැකියාවක නිරත වී නැති බවටද සමහර පුවත් පවතී).ඇගේ සීයා මයිසෝරයේ මහරාජා වූ සිව් වැනි ක්‍රිෂ්ණරාජා වොඩෙයාර්ගේ පෞද්ගලික වෛද්‍යවරයා වශයෙන් සේවය කර ඇත.එකල ඔවුන්ට මුදල් යහමින් තිබී ඇතැයි කියවේ.

ජයලලිතා ඔහුගේ පියාගේ දෙවැනි භාර්යාවගේ දියනියකි. පළමු බිරිය කන්නඩ කාන්තාවකි. ඔහු බිරියන් දෙදෙනා සමඟ සහගාමි දිවියක් ගෙවා ඇත.

ජයලලිතගේ පියා ඔහුගේ පියා ඉපැයූ ධනය අත දිගහැර වියදම් කර මත්පැනට, සූදුවට හා කාන්තා ඇසුරට යොමු වී ඇති අතර ජයලලිතාට අවුරුදු 3 පිරෙද්දී ඔහු මිය ගොස් ඇත.ඉන්පසු ඔහු සතු සියලු ධනය හිමි වී ඇත්තේ පළමු බිරිය වූ ජයම්මාටය.

කුඩාකල ඇගේ සිහිනය වී ඇත්තේ නීතිඥවරියක වීමටයි.

සිනමාව
ජයලලිතාගේ මව වන වේදාවල්ලි ඇගේ සහෝදරිය මාර්ගයෙන් සන්ධ්‍යා නමින් පූර්ණ කාලිනව රඟපෑමට එක් වී ඇත. කිසි දිනෙක තරුවක් වන්නට ඇයට නොහැකි වුවද චිත්‍රපට රැසක චරිත නිරූපණයට ඇයට අවස්ථාව ලැබී ඇත.ජයලලිතා සිනමාවට පැමින ඇත්තේ ඇය මාර්ගයෙනි.
ජයලලිතාගේ භරත නාට්‍ය කලඑළි බැසීමේ (අරන්ගේත්‍රම්) උත්සවය පැවැත්වෙන විට ඇය 12 හැවිරිදි දැරියකි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සිවාජි ගනේෂන්ය. ජයලලිතාගේ හැකියාව හා රූ සිරිය දුටු ඔහු ඇය කවදාහෝ දක්ෂ නිලියක වනු ඇතැයි අනාවැකි පල කලේය.ඔහුගේ අනාවැකිය ඵල දරමින් දශකයක් ඉක්මවන්නටත් පෙර ඇය සිවාජි ගනේෂන් සමඟ ප්‍රධාන චරිතයක්ද රඟපෑවාය.

එකල සිටි අනෙකුත් නිළියන් මෙන් නොව ජයලලිතා ඉහළ වංශයකට අයත් වූ නිලියෙකි. ඇයගේ වංශය බ්‍රාහ්මණ අයින්ගාර් වංශයයි.
ජයලලිතා රංගනයට දායක වූ මුල් කාලයේ හිටපු ඉන්දීය ජනාධිපති වී. වී. ගිරි මහතාගේ පුත්‍රයා වූ ෂන්කර් ගිරි ඇගේ රංගන කුසලතාව දැක ‘දි එපිස්ටල්’ (සන්දේශය) නම් චිත්‍රපටයේ චරිතයක් සඳහා ජයලලිතා යොදා ගන්නා ලදි. නමුත් චිත්‍රපටය රූ ගත කිරීම සඳහා බොහෝ කල් ගත වූ අතර එය ප්‍රදර්ශනය කෙරෙන විට ජයලලිතා තරුවක් බවට පත්ව සිටියාය. චිත්‍රපටය අසාර්ථක විය.

ජයලලිතා රඟ පෑ ප්‍රථම දෙමළ චිත්‍රපටය වූ ‘වෙන්නිරා ආදායි’ තිරගත වීමට පෙරම ආන්දෝලනයට ලක් විය. එය වැඩිහිටියන්ට පමණක් සීමා විය.නාන දර්ශන හා නැටුම් දර්ශන කීපයක් සම්බන්ධයෙන් රැඟුම්පාලක මණ්ඩලයට ද ගැටලු පැන නැඟී තිබිණි.
චිත්‍රපටය දින සියය ඉක්මවා ප්‍රදර්ශනය විය. ජයලලිතාගේ රංගනය පිළිබඳ විවිධ විචාර පළ විය. ජයලලිතා එක් රැයකින් ජනප්‍රිය තරුවක් බවට පත් වූවාය. 
ජයලලිතාගේ දෙවැනි දෙමළ චිත්‍රපටය වූ එය ‘අයිරතිල් ඔරුවනොර්’ (දහකින් එකෙක්) නම් රඟන විට ප්‍රධාන චරිත රඟපෑ එම්. ජී. රාමචන්ද්‍රන් 48 වැනි වියේ පසු වූ අතර ජයලලිතා 17 හැවිරිදි විය. දෙදෙනා අතර 31 වසරක වයස් පරතරයක් තිබුණද රිදී තිරයේ ඔවුහූ අපූරු පෙම් යුවළක් වූහ. නවයක් තුළ ඔවුන් දෙදෙනා චිත්‍රපට 28ක පෙම්වතුන් ලෙස රඟපෑහ.

ගීත කිහිපයක්ම ගායනා කර ඇති ඇය තම හඬින් ගැයූ පළමු ගීතය වූයේ ‘අම්මා එන්ඞ්රාල් අන්බු’ නම් එම ගීතයයි.එයට සංගීතය සපයන ලද්දේ කේ. වී. මහදේවන් විසිනි.ගීතය අතිශයින් ජනප්‍රිය විය.

එකල දෙමල සිනමාවේ ප්‍රේමවන්තයා සහ වීරයා වූ මරුතූර් ගෝපාල මෙනන් රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.රාමචන්ද්‍රන්(M.G.R.) ජයලලිතාට මෝහනය වී සිටියේය. ඔවුන් දෙදෙන නිත්‍යානුකූලව විවාහ වී නොසිටියද ඇය ඔහුගේ ආදරවන්තිය ලෙසින් සැලකිනි. තෙළිගු නළු ෂෝබන් බාබු සමඟද ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගත්තාය. විවාහකයකු වූ ඔහු තම බිරියගෙන් දික්කසාද වී ජයලලිතා විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළේය. එම සම්බන්ධය පිළිබඳව ඕපාදූප සඟරාවක් මගින් එළිදරව් කෙරුණු අතර එහි ප්‍රකාශකයනට ලිපියක් ලියූ ජයලලිතා ප්‍රේම සබඳතාවක් ඇති බවත්, ෂෝබන් තම බිරියගෙන් දික්කසාද වුවහොත් තමා ඔහු හා විවාහ වන බවත් ඇය කියා සිටියාය. එහෙත් එය කිසිදා සිදු නොවූ අතර ජයලලිතා මියයන අවිවාහක කාන්තාවක් විය.

1964 සිට 1978 දක්වා ජයලලිතා දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම්, හින්දි සහ ඉංග්‍රීසි බසින් නිපදවන ලද චිත්‍රපට 142ක රඟපෑවාය. මෙයින් චිත්‍රපට 77ක් දින සියය ඉක්මවා ප්‍රදර්ශනය කෙරිණි. 18ක් සති 25 ඉක්මවා ඇත.
දේශපාලනය
පසුකලෙක සිනමාවෙන් ඉවත් වූ එම්. ජී. රාමචන්ද්‍රන් තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා එය හරහා ජයලලිතා දේශපාලනයට යොමු කලේ ඔහුය. ඔහු ඇයගේ පෞද්ගලික ජිවිතයේ අනියම් සැමියා වූ අතර, දේශපාලන දිවියේ උපදේශකයා විය.

දේශපාලනයට පිවිසි ජයලලිතා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ ප්‍රචාරක සහ පරිපාලන ලේකම් වූවාය. 1984දී රාජ්‍ය සභා මන්ත්‍රීවරියක වූ ඇය 1989දී තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත් වූවාය.
එම්ජීආර්ගේ බිරිය ජානකී , ජයලලිතා සමග ඔහු පැවැත්වූ අයථා සම්බන්ධයට බෙහෙවින් විරුද්ධ විය. එම්ජීආර් මියගිය පසු අවසන් කටයුතු සඳහා ජයලලිතාගේ පැමිණීම තහනම් කරන්නටද ජානකී කටයුතු කර තිබුණි.
(නමුත් ඇය ඔහුගේ අවමගුල් කටයුතු සඳහා සහබාගි විය)එම්. ජී. රාමචන්ද්‍රන් 1987 අභාවප්‍රාප්ත විය. ඔහු නොමැති අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ බෙදීමක් හටගත්තේය. ඊට පාදක වූයේ රාමචන්ද්‍රන්ගේ බිරිය ජානකී සහ අනියම් බිරිය ජයලලිතා අතර ඇතිවූ අර්බුදයයි. ඉන් ජයලලිතා ජයගත් අතර පක්ෂය එක්සත් කොට තම නායකත්වය යටතේ 1991 මැතිවරණය ජය ගැනීමට ඇය සමත් විය.

Last edited: