කවුද මේ හැමෝම හොයන මානවම්ම රජතුමා ???

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    දෙවන කාශ්‍යප රජුට මානවම්ම නැමති කුමාරයෙක් විය හෙතෙම සිංහල සිංහාසනයට උරුමකම තිබූ රාජ්‍ය වංශිකයෙකු වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය උරුමය වෙනුවෙන් ඇති වූ අඛණ්ඩ යුද කෝළාහල නිසා ඉන්දියාවට පිටත් විය

    මොහු සිය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරන වීර පුරුෂයෙකු මෙන්ම දක්ෂ පාලකයෙක් හා යුද සෙනෙවියෙකුද වශයෙන් ලංකා ඉතිහාසයේ හැදින්වේ කෙසේ වුවත් මොහු ඉන්දියාවට ගොස් පල්ලව රාජධානියේ පල්ලව හා චාලුක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති විය මේ යුද්ධයේ දී පල්ලව රජු වූ නරසිංහ වර්මන්ගේ යුද සේනාංකයන් භාරව කටයුතු කර වීර වික්‍රමාන්විත ලෙස පල්ලව රජුගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේය මේ නිසා ලංකා රාජ්‍ය හිමි කර ගැනීමේ කටයුතුතේදී ඔහුට පල්ලවයන්ගේ ආධාරය ලබා ගැනීමට ඉඩ කඩ සැලසුණි ඒ අනුව ඉන්දියාවෙන් විශාල බල ඇණියක් රැගෙන ලක්දිවට ගොඩ බට මානවම්ම කුමරු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළේය

    මේ වන විට ලක් රජය කළ දාඨෝපතිස්ස රජු මානවම්මගේ පල්ලව සේනාවට මුහුණ දීමට අපොහොසත් වීම නිසා අනුරාධපුරය අතහැර පළා ගියේය මානවම්ම කුමරුද පලා යන දාඨෝපතිස්ස රජු හා සේනාව ලහුබැද ගියේය දෙපිරිස සටන් ගෙන යන අතරේ මානවම්ම කුමරුට නරක දසාවක් උදා විය ඒ අනුරාධපුරය ජය ගැනීම තිබියදී පල්ලව දේශයේ අවශ්‍යතාවයක් අනුව පල්ලව සේනාව ඒ රටට කැදවීමයි මේ හේතුව නිසා මානවම්මගේ හමුදා බලය පිරිහී ගියේය දාඨෝපතිස්සගේ ප්‍රබල සේනාව හා සටන් කර ජය ගැනීම මානවම්මට තනිව කළ නොහැකි දෙයක් වූයෙන් පසු බැස ගිය මානවම්ම කුමරු යළි පල්ලව දේශයට පළා ගියේය

    මෙයින් මානවම්මගේ අපේක්ෂා බොද වී ගියද ඔහු තම අදිටන අත් නොහළේය පල්ලව දේශයට ගිය මානවම්ම නරසිංහ වර්මන් රජුට යළි සේනය කළ අතර ඔහු මිය ගියේය අනතුරුව බලයට පත් අනුගාමික පල්ලව රජුන් දෙදෙනෙකු ම ඔහු මනාපක්ෂපාතභාවයෙන් කටයුතු කළේය කෙසේ හෝ කාලය වර්ෂ වලින් විසි වසරක් ගත විය ඒ වන විට පල්ලව දේශයේ පාලකයා වූයේ දෙවන නරසිංහ වර්මන් රජතුමාය ඒ රජු විසින් සපයා දුන් සේනාව හා උපකාර නිසා ඔවුන් සමග ලක්දිවට ගොඩ බැස පළමුව උතුරු පෙදෙස ආක්‍රමණය කර අනතුරුව අනුරාධපුරය ජයග්‍රහණය කිරීමට කටයුතු යෙදවූයේය මේ වකවානුව වන විට ලංකාවේ සිංහාසනයේ තබා රූකඩ රජෙකු වශයෙන් සිටි හත්ථදාඨ රජතුමාය

    මේ තත්ත්වය මෙසේ පවතිද්දී ඒ වන විට සිංහල රජ වෙනුවෙන් සටන් කිරීමය යොදවා ගෙන සිටි දෙමළ අගම්පඩි සේනාව මෙහෙයවනු ලැබුවේ හත්ඛදාඨ හා පොත්ථකූඨ යන දෙදෙනා විසිනි මානවම්ම තෙමේ මේ සේනාව දෙකඩ කොට දෙදිසාවකින් පහර දී දෙදෙනාම අන්ත පරාජයකට පත් කරන ලදී අවසානයේදී හත්ථදාඨ යුද බිමෙහි මැරී වැටුණි පොත්ථුට්ඨ මාතලේ පෙදෙසේ කදුකරයක සැඟ වී ගත් අතර ඔහුගේ අවසානය එහිදී සිදු වී ඇත මානවම්ම කුමරු ලංකාවේ අභිෂේක ලැබූ අතර ඔහු වසර 35 ක් ලංකාවේ තිරසාර පාලකයක් ගෙන ගොස් තිබේ

    කෙසේ හෝ මානවම්ම අවුල් වියවුල් තිබූ ලක්දිවට සාමය හා ස්ථීරසාර වැඩ පිළිවෙළක් හදුන්වා දුන්නේය එසේම ලක්දිව අභිෂේක ලැබීමෙන් පසු නව රජ පරපුරක් පිහිටුවාලීමට ඔහුට හිමිකම ලැබුණි

    මෙහිදී මානවම්මගේ කාර්යයන් සුළුවෙන් හෝ විග්‍රහ කිරීම අත්‍යවශ්‍යය සැට වසරක් පමණ ලක්දිව භේද බින්නව අවුල් සහගත පාලන කටයුතු යටතේ සමෘධිමත් භාවය කෙළෙසී තිබුණි නගර පාලනය පමණක් නොව වැව් අමුණු,කෘෂිකර්ම කටයුතු,වාරිකර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය විය දිරාපත් වූ වෙහෙර විහාර ප්‍රකෘතිමත් කිරීමත් , ජනතාවගේ ශුභ සාධක කටයුතු යළි ක්‍රියාත්මක කිරීමත් පාලන තත්ත්‍රය ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය විය

    පළමුවෙන්ම ඔහු විසින් කරන ලද්දේ ලංකාවේ මුල් බැස ගෙන තිබූ කොල්ලකාරී ද්‍රවිඩ බලය මර්දනය කිරීමයි අනුරාධපුරයෙහි ප්‍රබලව සිටි ද්‍රවිඩ අධිපතීහු උසස් පදවි වලින් පහකළ මානවම්ම රජු ද්‍රවිඩ බලය මැඩලීම සදහා විශේෂ උපක්‍රම යෙදවීම

    එසේම මේ රජුගේ කාලය තුළ ඇතිවූ සිංහල හා පල්ලව සම්බන්ධය දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති බව පෙනී යයි පල්ලව කලා සම්ප්‍රදායයන් මෙරට බිහි වූයේ මානවම්ම රජ සමයේ සිට යයි කිවහොත් නිවැරදිය පල්ලව කැටයම් ශිල්පීන් විසින් කරන ලද ගල් කැටයම් අනුරාධපුර රාජධානියේ දක්නට ලැබෙන්නේ මේ යුගයේ සිටයි එසේම එම ශිල්පීන් විහාර කර්මාන්තවල යොදවන්නට ඇති බවද මේ අනුව විශ්වාස කෙරේ තවද ඔවුන්ගෙන් පැවතෙන්නන්ද දිගු කලක් ලක්දිව ජීවත් වූ බවට සැකයක් නැත
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Attatama baluwama manawamma wage dial thama sinhala niyama rajawaru kiyala kiyanna one. Et hama yakka pukama ara ravana kiyala melo wadk bari budiyan inna kammaliyek passe duwanawa u thama dial eka kiyala :lol: ravan is a myth. Manawamma is a real king
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    එකල මානවම්ම නන් මම් වෙම්හ කියල රනිල කොයි වෙලේක හරි කියනව.

    මුගෙ එක්කො ඉතිහාස පොතේ ඉදල තියෙන්නෙ මානවම්ම විතරමයි.
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකල මානවම්ම නන් මම් වෙම්හ කියල රනිල කොයි වෙලේක හරි කියනව.

    මුගෙ එක්කො ඉතිහාස පොතේ ඉදල තියෙන්නෙ මානවම්ම විතරමයි.
    කට පාඩම් කරපු ටිකනෙ හැම තැනම කියන්නේ. සබරගමු නැටුම් කලාව ගැන පාඩම් කරගෙන ආවා උනාට කවුරුත් ඇහුවේ නෑ
     
    Last edited: