කවුද හිගන්නො

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113


    අවුරුදු 25 ක් තිස්සේ සිඟාකෑමෙන් උපයා ගත් මුදලින් ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත් කර ඇති ඇස් නොපෙනෙන 65 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 4 දා අත්අඩංගුවට ගනු ලැබීය.

    තමාගේ ගෙවත්තේ ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියටදීම සඳහා අනික් නිවස තනාගෙන යන බවත් ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.

    ගම්පහ - කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක හිගාකෑමේ යෙදී සිටියදී මේ


    පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදීත් ඔහු ළඟ රුපියල් 4000 ක මුදලක් තිබි ඇත.

    ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගේ බිරිය මියගොස් ඇති අතර අවුරුදු 25 ක් තිස්සේ ඔහු දුම්රියවල සහ බස්රථවල සිඟාකෑමේ යෙදී ඇත.

    මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇති ආකාරයට මොහු පදිංචිව සිටින්නේද හිඟාකෑමෙන් උපයාගත් මුදලින් හැදූ නිවසකය. මොහුගේ දියණියන් දෙදෙනාම විවාහවී දරුවන් ද සිටින අතර ඔවුන්ගේ සැමියා ද රැකියාවල යෙදී සිටින්නේ වෙයි. දියණියන් දෙදෙනාට මෝටර් රථ දෙකක්ද තිබෙන බව ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.

    හිඟා කෑමෙන් තමා මාසයකට රුපියල් 150,000 ක පමණ මුදලක් උපයා ගත්තා බවද දෑස් නොපෙනීම මෙසේ ජීවත්වීමට ආශිර්වාදයක් කරගත් බවද ඔහු පවසා ඇත.

    පිරිසිදුව ඇඳ පැළඳ සිටි මේ පුද්ගලයා දුම්රියේ හිඟා කන බව ඔහුගේ දියණියන් දෙදෙනා ද දන්නා බවද ඔහු දුම්රියේ හිඟාකෑමට යන්නේ එන්නේ ත්‍රිරෝද රථයකින් බව ද ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළිවී ඇත.

    තම පියා දුම්රිය ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගත් බව දැනගත් එක් දියණියක් කොටුවේ දුම්රිය ආරක්ෂක මූලස්ථානයට පැමිණ ඇත්තේ ඇගේ මෝටර් රථයෙනි.


     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හිඟා කෑවටද අරෙස්ට් කරලා තියෙන්නෙ?
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    what about international begging ? i mean our country has taken so much funds from foreign nations
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    4000 madi normally it could be up to 10000 per day,

    Talawathugoda inawa wayasaka uncel keank one nam balannda, PS ekak gawa mama dawasak wahane inakota dakka uncel sali ganan karanwa :)