කවුද_වැරදි_එතකොට

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කවුද_වැරදි_එතකොට


    දිවුලපිටිය හේරත් ප්‍රා.ලේකම්වරිය
    පස්කැපීම ගැන කථාකරයි


    පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයක් පවත්වා ආන්දෝලයකට මැදිවූ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය වන එච්.එම්.එන්.එස්. හේරත් මහත්මිය එම සිද්ධියට මුල්වූ පස් කැපීම් කටයුතු ගැන සතිඅන්ත පවත්පතක් කළ විමසීමකදී දන්වා ඇත්තේ ඇය පස් කියුබ් 61,000ක් කපා ඇති බව දන්නේ නැති බවයි.
    මෙම කාරණාව තමාට අදාළ නොවන බවත් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයට අදාළ ගැටලුවකට
    තමන්ට උත්තර දෙන්නට බැරි බවත් කියමින් ඇය ඒ ගැන විස්තර කළ ආකාරය පහතින්

    පස් කැපීමේ බලපත්‍ර නිකුත් කිරීම ගැන ඔබ දැනුවත්ද?
    නෑ. නෑ.

    ඔබ ඒ ගැන කිසි දෙයක් දන්නේ නැද්ද?
    මේ බලපත්‍ර නිකුත් කරන්නේ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන්. අපි හරහා නෙවෙයි. වසර ගණනාවක ඉහත සිට ඒ අයයි නිකුත් කළේ. ගිය අවුරුද්දේ පමණක් අලුත් කිරීමේදී දිස්ත්‍රික් කමිටුවකට දාලා පරිසර අධිකාරිය, පුරාවිද්‍යා, භූ විද්‍යා කමිටුවකට දාලා එතැනින් පස්සේ තමයි අයැදුම්පත ඇවිත් තියෙන්නේ.

    ඔබතුමිය දන්නේ නෑ කිව්වට දිස්ත්‍රික් කමිටු තීන්දු ඔබතුමියට එනවනේ?
    ඒ කමිටුවේ අනුමත වුණාට පස්සේ අවුරුදු ගණනාවක සිට කපපුවා ඔක්කෝම ඉවර කළා. ගිය අවුරුද්දේ පමණයි කමිටු නිර්දේශය මත දුන්නේ.

    නිර්දේශයක් නැතිවයි බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ?
    ඔව්.

    වතුර නෑ. දූවිලි ප්‍රශ්න, පොළොව ඉරිතැළීම් ගැන පැමිණිලි ඔබතුමියට ලැබිලා තියෙනවද?
    ඔව්. ඒවා භූ විද්‍යා එකට සහ පරිසර අධිකාරියට දාලා පරීක්ෂණත් දාලා තිබුණේ. ඔය කෑගහන්නෙ ඊට ඉස්සර. ඔව්, ඔව් ඔය කෑගැහුවේ ඊට ඉස්සර.

    ඔබට අවසර තියෙනවා පස් කියුබ් 100ක් කපන්න අවසර දෙන්න. ඒත් පස් කියුබ් 61,000ක් කපලා. ඒ ගැන දන්නෙම නැද්ද? දැක්කෙම නැද්ද?
    අෑ. අෑ... මොකක්ද?

    (මම නැවත ප්‍රශ්නය යොමු කළෙමි.)

    ඒක මම දන්නේ නැහැ. භූ විද්‍යා එකෙන් දුන්නේ කීයද කියලා.

    ඔබට මේ ගැන සම්බන්ධයක් නෑ කියා මඟහරින්න පුළුවන්ද?
    භූ විද්‍යා එකෙන් අහලා බලන්න.

    වසර තුනක් තිස්සේ ජනතාව පැමිණිලි කළ ඒවාට මොකද වුණේ?
    (ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් පිළිතුරක් නැත)

    ඔබතුමියට බැනපු එකට නීතිමය පියවර ගන්නවද?
    පිළිතුරක් නැත.
    මාධ්‍යයට ඒවා කියන්න බැහැ. (යාන්තමින් ඇසෙයි)

    පස් කැපීම ගැන ඔබට කිසිම ගනුදෙනුවක් නැහැ.
    කිසිම ගනුදෙනුවක් නෙමෙයි, අපි කළේ දිස්ත්‍රික් කමිටුවට සහභාගි වන එක විතරයි.

    ඔබට ආපු පැමිණිලිවලට ගත් පියවර මොකක්ද?
    නිහඬයි.

    ප්‍රාදේශීය ලේකම්තුමිය දුරකතනය විසන්ධි කළාය.

    (සටහන -ප්‍රගීත් සම්පත් කරුණාතිලක)


     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රන්ජන්ගේ දේශපාලනේ කෙසේ වෙතත් මෙතනදිනන් රන්ජන් කරේ හරි වැඩක්. අර කුඩු ටීවී එකේ නිව්ස් එක මුල ඉඳන් හරියට පෙන්නුවේ නෑ.. මැද්දෙන් එඩිට් කරලා පෙන්නුවේ මිනිස්සුන්ට මේ සිද්ධියේ වරද රන්ජන්ට දාලා. ඔතන මුල හරියේ රන්ජන් ප්‍රශ්න කරනවා. එතකොට ලේකම් තුමිය ඔය ගැන වෙන අමාත්‍යාංශයකට කියන්න කියනවා. එතනට කතා කලාම එයාලා අපහු මේ ලේකම්තුමියට කියන්න කියනවා. කතා කලාම මෙයා මුලින් කෝල් එක කට් කරනවා. ඒ වෙලාවේ තමයි රන්ජන් බනින්නේ.
     
    • Like
    Reactions: Shadow.Walker

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රන්ජන්ගේ දේශපාලනේ කෙසේ වෙතත් මෙතනදිනන් රන්ජන් කරේ හරි වැඩක්. අර කුඩු ටීවී එකේ නිව්ස් එක මුල ඉඳන් හරියට පෙන්නුවේ නෑ.. මැද්දෙන් එඩිට් කරලා පෙන්නුවේ මිනිස්සුන්ට මේ සිද්ධියේ වරද රන්ජන්ට දාලා. ඔතන මුල හරියේ රන්ජන් ප්‍රශ්න කරනවා. එතකොට ලේකම් තුමිය ඔය ගැන වෙන අමාත්‍යාංශයකට කියන්න කියනවා. එතනට කතා කලාම එයාලා අපහු මේ ලේකම්තුමියට කියන්න කියනවා. කතා කලාම මෙයා මුලින් කෝල් එක කට් කරනවා. ඒ වෙලාවේ තමයි රන්ජන් බනින්නේ.

    :)
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මන් කියන්නේ රන්ජගේ acting සීන් වලින් වැඩක් නෑ . උට පරිසර ඇමතිකම දුන්නොත් ඌ අවුරුද්දෙන් ඕව නතර කරලා දෙනවා කිව්වනේ.. උට හරියට කකරගන්න පුළුවන් උනත් බැරිඋනත්.. උට පරිසර ඇමතිකම දෙන්න ඕන.. දීල කලොත් උ ඊලග පර චන්දෙන් ගොඩ යයි..නැත්නම් ගෙදර යයි.. කෙනෙක් වැඩක් කරන්නම් කියල ඉස්ස්සරහට එනවනම් උට අවස්ථාව දෙන්න ඕන.මොනවා උනත් දැන් මේ සීන් එක ඌ ගොඩ දැම්මනේ.
     

    Similar threads