කවුරුද ලගින් ඉන්නෙ දැන්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරුද ලගින් ඉන්නෙ දැන්...

    කවුරුද ලගින් ඉන්නෙ දැන්...
    තනියට ලගින් ඉන්නෙ දැන්...
    සුලගේ ඇදී යයි සැනින්....
    මිමිනූ අපේ පෙම් වදන්....
    මතකෙට නගා ගන්න බෑ...
    සවනට අසාගන්න බෑ.....
    වල්මත් වෙලා ජීවිතේ.......
    කවුරුද ලගින් ඉන්නෙ දැං ....
    ලගින් ඉන්නෙ දැං..... ඕ.......

    ඔහු සමගින් පියමැන්නේ....
    හසරැල් මුවග රැදෙන්නේ...
    සිපගත් දෑගිලි ගුලි වී.....
    වැලපෙයි හදවත ඉකි ගසමින්...

    මොහොතක් නතරවෙලා දැන්..
    ආ මග පසුපස බලමින්.....
    දකිනා වතෙහි මෙමාගේ......
    අභිනය රගදේ ඉහලින්.....

    කවුරුද ලගින් ඉන්නෙ දැන්...

    සමුගෙන ඈතට යන්නේ..
    නැතිදෝ මා සිහිවෙන්නේ...
    යහනේ සුසුමන් පිබිදී....
    මතකය අවුලනවා සැනෙකින්.....

    නිහඩයි ලොවට මෙමා නම්...
    තහනම් ආදර හැගුමන්...
    දොරගුලු ලා සිරකරමී....
    හදවත් සතුටු සිනාවන්.....

    කවුරුද ලගින් ඉන්නෙ දැන්...
    තනියට ලගින් ඉන්නෙ දැන්...
    සුලගේ ඇදී යයි සැනින්....
    මිමිනූ අපේ පෙම් වදන්....
    මතකෙට නගා ගන්න බෑ...
    සවනට අසාගන්න බෑ.....
    වල්මත් වෙලා ජීවිතේ.......
    කවුරුද ලගින් ඉන්නෙ දැං ....
    ලගින් ඉන්නෙ දැං..... ඕ.......

    fb3a5fc19f85fb3fff9173084a23282b.jpg