කසුන් එළිමහන් ප්‍රසංගවලට නොයන්නෙ ඇයි?

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,648
    2,426
    113
    30
    San Quentin State Prison
    කසුන් එළිමහන් ප්‍රසංගවලට නොයන්නෙ ඇයි?

    Kasun-Kalhara-450x450.jpg

    තරිඳු උඩුවරගෙදර

    පසුගිය සතියේ ගායකයන් සිව් දෙනෙකු සම්බන්ධ යෙන් අප ලියූ සටහනෙහි හොඳ කටහඬක් ඇති ගායකයන් සිව්දෙනෙකු ගැන ලීවෙමු. එහෙත් අප ලීවේ තවත් ඔවුන් වෙහෙසවිය යුතු බවයි. මේ තරුණයන් සිව්දෙනාම හැකියාවක් ඇත්තන් වුවත් කටපුරා වර්ණනා කරන්නට සුදුසුකම් ලත් අතිවිශිෂ්ටයෝ වූහ. ඔවුන් කතාකරන්නට තරම් විශේෂ වුණේ ඔවුන් ගායකයන්යැයි කිව හැකි සුදුසුකම් සැපිරූ සාමාන්‍ය මට්ටමේ සිටීමයි. දැන් සාමාන්‍ය වීමත් අගය කරන්නට සිදුව ඇති තැනට අපි පත්ව සිටින්නෙමු. හේතුව අතිබහුතරය සාමාන්‍ය මට්ටමට වඩා පහත් තැනක සිටීමයි.
    මේ සතියේ අප සමඟ කෙටියෙන් අදහස් දැක්වීමකට එක්වුණේ සාමාන්‍ය මට්ටමේ නොවන දශයකයක පමණ සිට සංගීතයේ උඩුගං පිහිනන විශිෂ්ටයා වන කසුන් කල්හාරයි. ඔහු අප සමඟ කීවේ ඔහු සංගීත ප්‍රසංගවලට නොයන්නට හේතුවයි. මේ සටහන ඔහු පළකළ අදහස් සහ අපගේ අදහස් ඇසුරෙන් ලියැවුණකි.

    එළිමහන් ප්‍රසංග
    දැන් සංගීතය දිවෙන හුය බවට පත්ව ඇත්තේ එළිමහන් සංගීත සංදර්ශන සංස්කෘතියයි. දැන් ගායකයන් මුදල් සොයන්නේ එළිමහන් ප්‍රසංග සහ රින්ග්ටෝන්වලිනි. දැන් ගායකයෝ සම්පූර්ණයෙන් ව්‍යාපාරිකයන් බවට පත්ව සිටිති. මුලින්ම ආයෝජනය කළ යුතුය. යම් මුදලක් වැයකරමින් ස්ටූඩියෝ එකක ගීය පටිගත කරගන්නා අතර තමන්ගේ කටහඬ තමන්ටවත් අඳුනාගන්නට බැරි ලෙස ගීය අවසන් කෙරෙයි. ඉන්පසුව එෆ්එම් සහ රූපවාහිනී නාලිකාවලට මුදලක් ගෙවා ගීය ප්‍රසිද්ධ කරවාගත යුතුය. ඉන්පසුව බණක් මෙන් උදේ හවා ඇහෙද්දී ගීය ‘ජනප්‍රිය’ වෙයි. සමාජ මාධ්‍ය තුළත් මුදල් ගෙවා ගීයක් ප්‍රචාරය කරවාගත හැකිය. ඉන්පසුව රින්ග්ටෝන්වලින් සහ සංගීත ප්‍රසංගවලින් මුදල් උපයාගත හැකිය. ඉල්ලීම අඩුවෙද්දී තවත් ගීයක් කළ හැකිය. මෙය ගායකයෙකුට සාර්ථක වීමේ මඟ බවට පත්ව ඇත.

    එෆ්එම් නාලිකා සහ රූපවාහිනී නාලිකාවල බලපෑමත් සමඟ එළිමහන් සංගීත ප්‍රසංග ලංකාවේ දැවැන්ත සංස්කෘතිකාංගයක් බවට පත්ව ඇත. සිනමාව වෙනුවෙන් සිනමාහලට නොයන විශාල පිරිසක් එළිමහන් සංගීත ප්‍රසංග වෙත යති. කලක් යුද්ධය නිසා අඩුවෙමින් පැවති සංගීත ප්‍රසංග මේ වෙද්දී දැවැන්ත ලෙස මතුව තිබෙන්නේ නව සංගීත කණ්ඩායම් රැසක් බිහිකරමිනි. ඒ සංගීත ප්‍රසංග සංස්කෘතිය ලංකාවෙ සංගීත ක්ෂේත්‍රය කෙරෙහි බලපෑම් කරන්නට පටන්ගෙන ඇත.

    කසුන් කල්හාර
    ඔහු සංගීත සංදර්ශනවල ගී ගයන්නේ නැත. ඒ නිසා කසුන් කල්හාර ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ භේදයකින් තොරව සියල්ලෝ රසවිඳිති. බාල මහලු භේදයක් නැතිව අපි කසුන්ට ආදරය කරන්නෙමු. ඔහු තවමත් විශිෂ්ට නිර්මාණ කරයි.
    “මම සංගීත සංදර්ශනවලට යන්නෙ නැහැ. ඒකට හේතු බොහොමයක් තියෙනවා. මගේ අත්දැකීම් අනුව නම් ගායන ශිල්පියෙක් විදියට එළිමහන් සංදර්ශනවලට ගැයීම කළ නොහැකි දෙයක්. මගේ අම්මා (මාලනී බුලත්සිංහල) විවෘත වේදිකාවල සිංදු කිව්ව කෙනෙක්.” කසුන් සිහිපත් කරන්නේ මීට දශක එකහමාරකට පෙර ප්‍රසංග වේදිකාව ගැනයි. දැනට සාපේක්ෂව එකල ප්‍රසංග වේදිකාවේ වුව සංගීතයට මුල් තැනක් ලැබුණි.

    සංගීත සංදර්ශන සංස්කෘතිය ඇරඹුණේ අද ඊයේ නොවේ. මිල්ටන්, ජෝති සිටි යුගයේත් සංදර්ශන තිබුණි. කපුගේලාත් සංදර්ශනවලට ආවේය. සංගීත සංදර්ශන ජනප්‍රිය වෙන්නට හේතුව මේ දැවැන්ත කටහඬවල පැමිණීමයි. එකල සහ මෙකල අතර වෙනස වෙනම විග්‍රහ කළ යුතුය. අනෙක් පැත්තෙන් එකල සිදුවූ දේ මෙකල තත්ත්වය මෙලෙස වෙන්නට හේතු වූ බවත් අසත්‍යයක් නොවේ. කොහොම වෙතත් මේ කතාබහ ප්‍රසංග දැන් පවතින තත්ත්වය ගැනයි.

    “අම්මා එක්ක මම පොඩිකාලේ සංදර්ශනවලට කිහිපවතාවක් ගිහින් තියෙනවා. මම ඒ අත්දැකීමුත් එක්ක තමයි සංදර්ශනවලට නොයන්නේ. ගායකයෙක් දිනකට වේදිකා කිහිපයකට නඟිනවා. එතකොට විනාඩි කිහිපයක් වේදිකාවේ ගී ගයන්න, පැය ගාණක් වාහනේ යන්න ඕනෑ. මනසට සැහැල්ලුවක් වෙනුවට ලොකු කලබලයකට මුහුණදෙන්න අපට සිද්ධවෙනවා. අන්තිමේදී වේදිකාවලට නඟින්න වෙන්නේ ලොකු වෙහෙසක් එක්ක. මම විශ්වාස කරන්නේ නෑ මියුසික් කරන්න ඒ විදියට පුළුවන් කියලා. ගීතයක් නිර්මාණයට යොදවන ශ්‍රමය විවේකය ඇතුළේ නිසංසලේ යොදවන්න ඕනෑ එකක්. මම හිතන්නෙ නෑ මේ විදියට වෙහෙස වෙන ගමන් ඒ නිර්මාණ කටයුතු කරන්න පුළුවන් කියලා. අනෙක් අතට ගීයක් ගැයීමක් කියන්නේත් ස්වර ඇතුළේ ගැයීම විතරක් නෙවෙයි. ගීයකට ආවේණික හැඟීම් මතුකරන්න ඕනැ. කටහඬ ඇතුළෙන් ගෙනෙන්න ඕනෑ හැඟීම් තියෙනවා. එහෙම කරන්න ගොඩක් වෙහෙසවෙමින් බැහැ.” ඔහුට සංදර්ශනවලට සහභාගී නොවීමට පළමු හේතුව ලෙස දැනෙන්නේ එයයි. අනෙක් අතට කසුන් පෙන්වන්නේ ප්‍රසංගවල හඬ කිසිදු ප්‍රමිතියකින් තොර බවයි.

    ප්‍රමිතියක් නැති ශබ්ද
    “විවෘත වේදිකාවේ මම දකින ප්‍රාථමික හා නරකම අඩුව තමයි ගී ගයන්නට පසුබිමෙන් පහසුකම් නැතිවීම. එක් උදාහරණයක් තමයි ශබ්ද පරිපාලනය පැත්තෙන් මුහුණදෙන අවුල්. කොච්චර කළත් එක දවසකින් වේදිකාව ගහලා පෙර පුහුණුවීම් නැතිව හොඳ සංගීතයක් දෙන්න බෑ. ලෝකයේ හොඳම තාක්ෂණය ගෙනාවත් ඒක කරන්න බෑ. ලෝකයේ ප්‍රසිද්ධ ගායකයන්ට තමන්ගෙ රසිකයන්ට ඉඩ සලසන්න පොඩි ශාලාවක් මදි නිසා ඔවුන් දැවැන්ත ක්‍රීඩාංගණවල ප්‍රසංග කරනවා. ඒ වගේ ප්‍රසංගයක් කරද්දී දින කිහිපයකට කලින් ගිහින් වේදිකාව හදලා පෙර පුහුණුවීම් ගොඩක් කරලා තමයි ප්‍රසංගය තියන්නේ. එහෙම පසුබිමක ලංකාවේ එළිමහන් ප්‍රසංග කරන්නෙ එක දවසක් ඇතුළත වේදිකාව හදලා පෙර පුහුණුවීම් නැතිව නම් ඒ වගේ පසුබිමක් කොහොමත් ගී ගයන්න සුදුසුවෙන්න බැහැ. ශාලාවක තියෙන නිශ්ශබ්දතාවත් එක්ක ගී ගයන්න පසුබිමක් හැදෙනවා. ඒත් එළිමහන් ප්‍රසංගවල ගීයක් කියන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෑ. ඒත් හොඳට ගයන්න බෑ. අනික මෙතැනට එන අයත් ගීතයක් රසවිඳීමේ ලොකු වුවමනාවක් තියෙන බව පෙනෙන අය නෙවෙයි. ගීයක් රසවිඳන්න අවැසි ශික්ෂණය එයාලා ළඟ නැහැ. එයාලා ශබ්ද කරනවා. කනවා, බොනවා. ගහගන්නවා. ඒක අස්සේ අපි ගී ගයන එකෙන් අපව විහිළුවක් වෙනවා කියලායි මට හිතෙන්නේ. මම කැමති නෑ ගීයක් රසවිඳින්න සූදානම් නැති පිරිසක් ඉදිරියේ විහිළුවක් වෙන්න. මොකද මම බොහොම මහන්සි වෙලා තියෙනවා සංගීතයේ මේ දේවල් කරන්න.” සංදර්ශනයක ගී ගැයීම කසුන්ට අනුව එවන් කටුක අත්දැකීමකි.

    “අනෙක් පැත්තෙන් විවෘත වේදිකාවේ ගායකයන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් නෙවෙයි ගී ගයන්නේ. දහයකට වැඩි පිරිසක් ගීත කියනවා. මේ එකිනෙකා අතර කිසි සම්බන්ධයක් නැහැ. එතකොට ප්‍රසංගය බලන්න එන අය එන්නේ අහවලාගේ ගී අහන්න කියලා හිතාගෙන නෙවෙයි. සමහරවිට එයාලා ගී ගයන අයව දන්නෙත් නෑ. මම මට තියෙන කුමන හෝ තත්ත්වයක් ලබාගන්න ගොඩක් මහන්සිවෙලා තියෙනවා. ඇත්තටම මම කැමති නැහැ ගායක ගායිකාවන් ලෙස හඳුන්වාගන්නා සමහර අය එක්ක එකට ගී කියන්නත්.” මල් පූජා කරන, බාර ඔප්පු කරන, පඬුරු ගැටගහන, හොටු හූරමින් හඬා වැලපෙන ගායකයන්යැයි කියාගත් පිරිසක් සමඟ කසුන් එකට දකින්නට අපගේද ආසාවක් නැත.

    තමා ගායකයකු ලෙස හඳුන්වාගන්නා සඳුන් පෙරේරා නම් පුද්ගලයෙක් සිටියි. ඔහු තාක්ෂණයේ ආධාරයෙන් උච්චස්වරයේ ගී කිහිපයක් ගයා ඇති අතර එළිමහන් ප්‍රසංගවලට ඔහුට ඉල්ලුමක් ලැබුණි. එහෙත් ඒ ප්‍රසංග අසද්දී පෙනෙන්නේ අර ගායකයාට කිසිදා අර උච්චස්වරයට යා නොහැකි බවයි. ඒ නිසා ලී ඉරන්නාක් මෙන් කෙඳිරිගාන හඬ පමණක් ඔහු සජීවීව ගී ගයද්දී රසිකයන්ට ඇසෙයි. එහෙත් සජීවී ප්‍රසංගවලට පැමිණෙන රසිකයන් මේ ලී ඉරන්නන්ට විරෝධය පාන්නේ නැත. රුවන් හෙට්ටිආරච්චි සුවිශේෂී කටහඬක් ඇති දක්ෂ ගායකයෙකි. එහෙත් ඔහු ප්‍රසංග වේදිකාවේ ඉල්ලුමක් ඇති ගායකයෙකු වෙන්නේ ඔහුගේ හැකියාව නිසාම නොවේ. ප්‍රසංග වේදිකාව ඉල්ලන බොළඳ දුගී රසය දෙන්නට ඔහුට හැකි නිසායි. ඔහු දැන් ප්‍රසංගවලදී තමන්ගේ දිව්‍යමය ගායන හැකියාව පෙන්වන්නට උත්සාහ නොකරයි. ගීයේ වචන ටික තාලයට ගැයීම ප්‍රමාණවත්ය. ඒ වර්ගයේම තවත් ගායකයෙකි චාමර වීරසිංහ. ඔහුටත් විශේෂ ගායන හැකියාවක් තිබුණි. එහෙත් ප්‍රසංග වේදිකාවට ඒ විශේෂ හැකියාවෙන් පලක් නැත. තාලයට වචන කීම ප්‍රමාණවත්ය. මේ ලිපිය ලියන්නට පෙර ප්‍රසංගවල ඔහුගේ ගැයීම් නැරඹූ ලියුම්කරුට අසන්න ලැබුණේ කුණුගොඩක් පමණි. බොහෝ තැන්වල ඩ්‍රම්ස් සහ ඔක්ටපෑඞ් හඬින් වැසී චාමරගේ හඬ ඇසෙන්නේත් නැත. ප්‍රසංග වේදිකාව නිසා අසංක ප්‍රියමන්ත පීරිස්ගේ සුන්දර ගී වෙනුවට විහිළුකාරයෙකු පමණක් ඉතිරිවිය. ඉතින් කසුන් ප්‍රසංග වේදිකාවේ පදයට නටන්නට ගියොත් ඔහුත් විහිළුකාරයෙකු පමණක් වනු ඇත.

    රසිකයෝ
    සංගීත සංදර්ශනවලට පැමිණෙන රසිකයන් ගැන පොදුවේ කසුන්ට මෙවන් අදහසක් ඇත. “තාමත් මිනිස්සු කියන්නෙ සංගීතෙ බලන්න යනවා කියලානේ. එතැනට යන්නේ කාලා බීලා නටලා විනෝද වෙන්න. එක විදියකට කානිවල් එකකට යනවා වගේ. යාළුවෝ සෙට් වෙන්න, විනෝද වෙන්නයි යන්නේ. මියුසික් රසවිඳින්න නෙවෙයි. මගේ නම් අදහස මියුසික් කානිවල් මට්ටමෙන් ගන්න ඕනෑ නෑ.”
    කසුන් පෙන්වාදෙන්නාක් මෙන් සංගීත සංදර්ශනයකට දැන් යන්නේ සංගීතය රසවිඳින්නට නොවේ. යම් තාලයකට නටන්නට පමණි. සංගීත රසයක් විඳින්නට පසුබිමක් කොහෙත්ම සංගීත සංදර්ශනයක නැත. එහෙත් මේවා මේ තරම් සමාජගත වී ඇත්තේ ජනප්‍රිය රූපවාහිනී සහ ගුවන්විදුල් නාලිකාවලින් මේවා වෙනුවෙන් යටකර ඇති මුදල් කන්දරාව නිසාය. දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘති විසින් සාමාන්‍ය ජනතාව වෙත සංගීතය නම් මෙයයැ’යි හිසට ඔබා ඇත. සංගීත සංදර්ශනයක් බලන්නට ලැබෙන්නේ නොමිලේය. එහෙත් සංගීත කණ්ඩායමට සහ ගායකයන්ට ඉහළ මිලක් ලැබෙයි. මුදල් වියදම් කරන්නේ එක්කෝ ජනප්‍රිය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාය. ඔවුන්ට අනුව මෙය ආයෝජනයකි. නැත්නම් විශාල ආයතන මුදල් යොදවයි. ඒ තමන්ගේ ප්‍රචාරණය උදෙසාය. නැත්නම් ප්‍රදේශයේ දේශපාලනඥයෝ සහ කළු සල්ලිකාරයෝ ගායකයන් සහ සංගීත කණ්ඩායම සඳහා මුදල් යොදවති. ප්‍රසංගයේ නිවේදකයෝ, සංගීත කණ්ඩායම සහ ගායකයෝ තමන් ගෙන්නන්නට මුදල් වියදම් කළ පුද්ගලයන් වර්ණනා කරති. “හිරු මගේ පණ වගේ” යැයි ගායකයා කියයි. “හිරු නම් සල්ලි තමයි” ප්‍රසංගයේ නිවේදකයා කියයි. එසේ නැත්නම් ඒ ඒ දේශපාලනඥයන්ට ගැළපෙන අගය කිරීම් කලාකරුවන්යැයි කියාගන්නාහු කියති. උදාහරණයක් ලෙස සෞඛ්‍ය ඇමතිවරයා වාර්ෂිකව සංවිධානය කරන ප්‍රසංගයකදී ඔහු හැඳින්වුණේ ‘නූතන සේනක බිබිලේ’යැයි කියාය. “කොල්ලන්ට හොඳට බොන්න දීල සංගීතයක් තිබ්බාම ගොඩ” දේශපාලනඥයන්ගේ ආකල්පය එය බවට පත්ව ඇත.
    ගායකයන් සහ කලාකරුවන්යැයි කියාගන්නා අයට ඇති තරම් මුදල් ලැබෙන නිසා මේ ක්‍රමය විවේචනයට ඔවුන් පෙළඹෙන්නේ නැත. ප්‍රාදේශීය චණ්ඩින්, දූෂිතයන්, මැරයන්ගේ මුදලින් ගී ගයා ඔවුන්ට සුදුහුණු ගෑම කලාකරුවන්ගේ ජීවනෝපාය වී ඇත. ඒ ජීවනෝපාය කරද්දී සංගීතය දෙවැනි තැනට වැටී ඇත.

    පීඩිතයන්ගේ සංගීතය
    එළිමහන් ප්‍රසංගවලට යන්නේ ලංකාවේ රසිකයන් තමන්ගේ ප්‍රසංගවලට ටිකට් අරගෙන නොඑන නිසායැයි කෙනෙකුට කිව හැකිය. ටිකට් ගන්නට සල්ලි නැති පීඩිතයන් වෙනුවෙන් ගී ගයනවායැයි කිව හැකිය. එහෙත් කසුන් පෙන්වන්නේ මෙවැන්නකි.
    “ලංකාවේ මේ වෙද්දී තනියෙන් ප්‍රසංගයක් කරලා සාර්ථක වෙන්න පුළුවන් ගායන ශිල්පීන් ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. දෙන්නෙක් එකතුවෙලා හොඳ ප්‍රසංගයක් කරන්න පුළුවන් අය ඉන්නෙත් කිහිපදෙනයි. මොකද එක දවසකින් ගායකයෙක්ට ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න බෑ. ඒකට පෞරුෂත්වයක් වගේම තමන්ගේ පෞරුෂය අලෙවි කරගන්න පුළුවන් කෙනෙක් වීමත් අවශ්‍යයි. ප්‍රසංගයකට සුදුසු තැනකට එන්නට කාලයත් අවශ්‍යයි. හැකියාව එක්ක තනාගත්ත නමක් තියෙන්නත් ඕනෑ. කෙනෙක්ට යම් පුද්ගලයෙකුගේ ප්‍රසංගයක් බලන්න එන්න හිතෙන්නත් ඕනෑනේ. අනික ඒ අය සංයමයෙන් අහන්න පුළුවන් විදියේ ගීත නිර්මාණය කරලා තියෙන්නත් ඕනෑ. ඉතින් ඔය වාගේ පසුබිමක් නැති අය එළියේ ප්‍රසංගවලට යනවා ඇති.”
    ගායකයන් ජීවත්වෙන්නට ඕනෑ නිසා ප්‍රසංග වේදිකාවට නගින බව කියයි. තරුණයන් කියන්නේ ඔවුන්ට කන්‍යාභාවය සමඟ සංගීතය කරන්නට ගියොත් ජීවත්වෙන්නට නොහැකි වනු ඇති බවයි. කසුන්ද කලෙක තරුණයෙකුව සිටින්නට ඇත. එකල සිටම සංදර්ශන වේදිකාවේ සිට අපිළිවෙළ ප්‍රේක්ෂකයන් කැලක් නටවන්නට නොගොස් කන්‍යාභාවය රැකගත්තේ කෙසේදැයි අපි ඇසුවෙමු.
    “අපි මේ තැනට ආවේ එක රැයකින් දෙකකින් නෙවෙයි. අපි ඒ දවස්වල ප්‍රසංග ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඕනෑ තරම්. ඉස්සර මට එළිමහන් ප්‍රසංගවලට කතාකළා. මම එතකොට ගෞරවයෙන් ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ නිසා දැන් මට කවුරුත් කතාකරන්නෙ නෑ. අපි නොකා නොබී හිටියා තමයි සමහර කාලවල. ඒත් සල්ලි හොයන්න කියලා අපි ප්‍රසංග වේදිකාවට ගියේ නෑ. සල්ලි හොයන්න හදිස්සියක් තිබුණේත් නෑ. ඒ කැපකිරීම කළාට පස්සේ තමයි අද මම ආත්ම ගෞරවය ඉදිරියෙන් තියාගෙන මේක ගැන කතාකරන්නේ. විශේෂයෙන් මේ කලාව ගැන ගෞරවයක් තියෙන්න ඕනෑනේ. කලා අතරින් සියුම්ම කලාව සංගීතය කියලායි කියන්නේ. ඒ සියුම්ව කලාව කරන්න අවැසි සියුම් බව තියෙන්න එපැයි.” කසුන් කියයි.
    කසුන්ගේ ප්‍රසංග බලන්නට ඕනෑතරම් සෙනඟ ඇදෙති. සංගීත සංදර්ශනවල නිරස බව දන්නා, උසස් සංගීතය රසවිඳින්නට කැමති තරුණ පරම්පරාවක් පුළුල් ලෙස බිහිවෙමින් පවතියි. එහෙත් ගැටලුව ඔවුන්ගේ රසවින්දන අවශ්‍යතාව පුරවන්නට තරම් නිර්මාණකරුවන් සිටින්නේද යන්නයි. සියල්ලන් බලන්නේ සංදර්ශන රැල්ලට යෑම ගැනයි. එහෙත් උසස් තත්ත්වයේ ප්‍රසංගයක් රසවිඳින්නට ශ්‍රවණාගාරයට පැමිණෙන්නට සූදානම් අය බොහෝය. ශ්‍රවණාගාරයක ප්‍රසංගයක් රසවිඳින්නට හැමෝටම මුදල් නැති නිසා මුදල් නැති පීඩිතයන් වෙනුවෙන් ගී ගයනවායැයි කෙනෙකු කිව හැකිය. කසුන්ගෙන් ඒ ගැනත් අපි ඇසුවෙමු.
    “ඕක බොරුවක්. එහෙම තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. සංගීතය රස විඳිනවාද, නැත්නම් කානිවල් වගේ නටන්නට සංදර්ශනවලට යනවාද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නය. දැන් උසස් සංගීතය ගැන දැනගන්න සල්ලි ඕනෑ නෑ. අන්තර්ජාලය දැන් අතේ දුරින්. ලෝකයේ ඕනෑම දියුණු සංගීතයක් විඳින්න දැන් අඩු මිලකට පුළුවන්. ඒ නිසා ඕනෑම කෙනෙක්ට සංගීතය ගැන උසස් රසවින්දන මට්ටමක් ලබාගන්න පුළුවන්. කොටින්ම ඔය එළිමහන් සංදර්ශනයක් නොමිලේ තිබ්බත් ප්‍රසංගයට එද්දී මිනිස්සු සෑහෙන වියදම් කරනවා. කන්න බොන්න වියදම් කරනවා. ඒ නිසා ඔය නිර්ධන පන්තියේ කතාව මිථ්‍යාවක්. රුපියල් පන්සීයක් දීලා හොඳ ප්‍රසංගයක් බලන්න අතිබහුතරයක් මිනිස්සුන්ට පුළුවන්.” කසුන් කියයි. දැන් කොත්තුවක් රුපියල් දෙසීයපණහක් පමණ වෙයි. කන්නට බොන්නට වියදම් කරන්නට සූදානම් මිනිසුන් ප්‍රසංගයක් නරඹන්නට වියදම් නොකරනු ඇතැයි සිතීම මිථ්‍යාවකි.
    දැන් තරුණයන් අතරින් බිහිවිය යුත්තේ තවත් කසුන් කල්හාරලා වැනි උඩුගං බලා පිහිනන නිර්මාණකරුවන්ය. ප්‍රසංගවල වෙහෙස වීම වෙනුවට දිව්‍යමය නිර්මාණ කරන්නට වෙහෙසවන නිර්මාණකරුවන්ය. ඔවුන් වෙනුවෙන් වෙළෙඳපොළක් දැන් නිර්මාණය වී ඇති බව ඇස් ඇර බලන්නෙකුට දැකගත හැකිය.■
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මේ...
    කස්ස ඕපන් ස්ටේජ් නගින්නෙ නැති එක හොදයි......
    ඌ උගේ ඔකෙස්ට්‍රා එකත් එක්ක උගේ සවුන්ඩ්ස් එක්ක සිංග් කරපුවාවේ....
    ඔය කියල තියන, අපි ආත්මයෙන් ම විදින සිංදු ටික කාබාසිනිය වෙන්න ඕන නෑ චොකාබයිල මියුසික් එක්ක.....
     
    • Like
    Reactions: CLAYFACE and corp

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සංගීත සංදර්ශන නං මහ ගෝසාවක් තමා :baffled: කවුරු කිව්වත් ඇහෙන්නේ "ටක්ක ටකර ටක්ක ටකර" ටකරන් තාලේ විතරයි
     
    • Like
    Reactions: corp

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    අනේ අම්මේ...
    කස්ස ඕපන් ස්ටේජ් නගින්නෙ නැති එක හොදයි......
    ඌ උගේ ඔකෙස්ට්‍රා එකත් එක්ක උගේ සවුන්ඩ්ස් එක්ක සිංග් කරපුවාවේ....
    ඔය කියල තියන, අපි ආත්මයෙන් ම විදින සිංදු ටික කාබාසිනිය වෙන්න ඕන නෑ චොකාබයිල මියුසික් එක්ක.....
    :yes: :yes: :yes:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    961

    Ela fatta true storiya mcn... Jayawewa
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,426
    113
    30
    San Quentin State Prison
    අනේ අම්මේ...
    කස්ස ඕපන් ස්ටේජ් නගින්නෙ නැති එක හොදයි......
    ඌ උගේ ඔකෙස්ට්‍රා එකත් එක්ක උගේ සවුන්ඩ්ස් එක්ක සිංග් කරපුවාවේ....
    ඔය කියල තියන, අපි ආත්මයෙන් ම විදින සිංදු ටික කාබාසිනිය වෙන්න ඕන නෑ චොකාබයිල මියුසික් එක්ක.....

    :yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සංගීත සංදර්ශන නං මහ ගෝසාවක් තමා :baffled: කවුරු කිව්වත් ඇහෙන්නේ "ටක්ක ටකර ටක්ක ටකර" ටකරන් තාලේ විතරයි

    කටුස්සෙක් කිව්වත් කතාව ඇත්ත. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පිරියයි බන්

    ත්රෙඩ් එක කියවලා මතක්වුන එක දැම්මේ.... එක එක සංස්කෘති බං....... එකෙක්ට රහයි තව එකෙක්ට වහයි. සාටර්ම සින්දු ගැහුව සන්ෆ්ලවර්ස්ල හිට් වුනෙත් මේ ලංකාවේම තමයි......
    බහුතර කැමැත්ත

    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ත්රෙඩ් එක කියවලා මතක්වුන එක දැම්මේ.... එක එක සංස්කෘති බං....... එකෙක්ට රහයි තව එකෙක්ට වහයි. සාටර්ම සින්දු ගැහුව සන්ෆ්ලවර්ස්ල හිට් වුනෙත් මේ ලංකාවේම තමයි......
    බහුතර කැමැත්ත

    :yes:
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,426
    113
    30
    San Quentin State Prison
    ත්රෙඩ් එක කියවලා මතක්වුන එක දැම්මේ.... එක එක සංස්කෘති බං....... එකෙක්ට රහයි තව එකෙක්ට වහයි. සාටර්ම සින්දු ගැහුව සන්ෆ්ලවර්ස්ල හිට් වුනෙත් මේ ලංකාවේම තමයි......
    බහුතර කැමැත්ත

    මොනව කරන්නද මුනුත් ජිවත් වෙන්න එපැයි
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම live සංගීත සංදර්ශන බලල තියෙන්නේ එකක් හෝ දෙකක් විතරයි !
    හැබැයි දුර බස් වල යද්දී ඕන තරං බලන්න සෙට් වෙලා තියෙනවා, ඇත්තටම එවයි තියෙන ගොන් පාට් සහ චොකා බයිලා එපාවෙලා තියෙන්නේ :angry:
     
    • Like
    Reactions: funny cook lanka