http://www.saaravita.lk/latest_news/491297/කසුන්-කල්හාරගේ-ආලයේ-ගාථ
ආලයේ ගාථා - සජ්ඣායනා කළා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නළල මත වගුරුවා
ආලිංගණය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙළා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ.......අභය භූමියේ දී මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...
ආලයේ ගාථා - සජ්ඣායනා කළා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා...
sinduwe terumath kawruhari dannako...




