කහවත්තේ මව ඝාතනයට බාල දුව සැකපිට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කහවත්ත වැල්ලඳුර නිවසක දී ඝාතනයට ලක් වූ මවගේ මරණයට සැකපිට සිය බාල දියණිය අද අළුයම 3.30 ටපමණ (16) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය පවසයි.

    පසුගිය 13 දා වැල්ලඳුර වෙලේවත්ත පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දර නැමති හැත්තෑ එක් හැවිරිදි කාන්තාව සිය නිවස පිටුපස ගෙල කපා මරා දමා තිබුණි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය ට ලක්වූ මවගේ බාල දියණිය වන තිස්අට හැවිරිදි අවිවාහක තරුණියකි.

    ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස ⁣සේවය කරයි.

    මියගිය කාන්තාව ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා දරුවන් හා ඥාතීන් පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරනු ලැබීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් දියණිය තම මව නිවස තුළ දී ගෙල කපා මරා පැය කිහිපයක ට පසුව නිවස පිටුපස ගෙන ගොස් දැමූ බවට පොලීසිය සැක කරයි.

    පසුව නිවස තුළ විසිර තිබූ ලේ පැල්ලම් සියල්ල ඉවත්වන සේ සම්පූර්ණයෙන් ම ගෙබිම සෝදා පිරිසිදු කර ඇතැයි පොලිසිය කියයි. පරීක්ෂණ කටයුතු නොමග යැවීම සඳහා එසේ කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

    ඝාතනය සිදු කිරීමෙන් පසුව පෙරවරු 11.40 සිය සේවා ස්ථානයට වාර්තා කර පස්වරු 3.40 ට නැවත කාර්යාලයේ සිට නැවත නිවසට පැමිණෙන්නට ඇති බවට ද පොලීසියට බලවත් සැකයක් මකුවී ඇතැයි පොලීසිය පවසයි.

    එදින පස්වරු 3.50 ට පමණ නිවස ට පැමිණ ඇති සැකකාරිය තම මවට කරදරයක් සිදුව ඇති බවට කෑ ගසන විට අසල්වැසියන් කිහිප දෙනෙකු නිවසට පැමිණ තිබේ.

    ඒ අතර කහවත්ත පොලීසිය වෙත ද මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසිනි.අසල්වාසීන් විසින් බිම ඇද වැටී සිටි කාන්තාව රෝහලට ගෙන යාමට සැරසෙන විටත් අදාල මියගොස් සිටි බව ට පොලීසිය වෙත සාක්ෂි ලැබි ඇත.

    මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි.

    මෙම ඝාතනය ට අදාල ව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඉස්සර ගම් හොඳ උනාට දැන් නම් කෙරෙන තරමක් cari වැඩ සිද්ධ වෙන්නේ ගම්වල. 1977 න් පස්සේ තමයි ඔක්කොම වෙනස් උනේ. 2005 නාකි මයිනා ආවට පස්සේ තත්වය තවත් බරපතල උනා.
     
    • Haha
    Reactions: kasunkaru

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි.


    හැහ්
    බල්ලො නැත්නන් කොරයි තොපි
    හැහ්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    ඔව්

    සාලෙ මැද රෙන්නයි, හැලි වලන් පෙරලන්නයි ඇරෙන්න වෙන මුකුත් ඕකුන්ට බැරි නිසා :yes:
    චෑහ් නෑ යකෝ. උන් ඔය බල්ලෝ වගේ හුෂ් හුස් ගාල ඉව කර කර දුවන්නේ නෑ. කෙලින්ම වැඩේ කරපු එකා ගාවට යනවා.

    ඉතින් පොලිසියේ උන්ට සුවර් නෑ බොරු සොබන නැති නිසා
     

    Sen-lu

    Well-known member
  • සැක විතරයි මතකනෙ පොලීසිය කලිනුත් ඔහොම එකෙක් දෙන්නෙක් අල්ලලා ෆ්රේම් කරල පස්සෙ වෙන උං අහු උනා.
    ඔන්න අද වැඩේ ඇත්ත උනා ඒ ගෑණු මනුස්සයා නිදොස්කර නිදහස්. පොන්න පොලිස් බොරුවට ලග ඉන්න උංව සැකපිට කියල අල්ලලා දානව. නඩුවට ඇප හම්බෙනකම් අර මිනිස්සු දවසක් හරි බන්ධනාගාරෙ තපින්න ඕන.

    මාධ්‍ය පොන්නයොත් ඒ ගෑණු කෙනා මැරුවම වගේ පෙන්නලා දැං තප්පර දෙකකින් විතර කියනව නිදහස් කියල.
     
    • Like
    Reactions: Max_r and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔන්න අද වැඩේ ඇත්ත උනා ඒ ගෑණු මනුස්සයා නිදොස්කර නිදහස්. පොන්න පොලිස් බොරුවට ලග ඉන්න උංව සැකපිට කියල අල්ලලා දානව. නඩුවට ඇප හම්බෙනකම් අර මිනිස්සු දවසක් හරි බන්ධනාගාරෙ තපින්න ඕන.

    මාධ්‍ය පොන්නයොත් ඒ ගෑණු කෙනා මැරුවම වගේ පෙන්නලා දැං තප්පර දෙකකින් විතර කියනව නිදහස් කියල.
    අර කහවත්තෙ පොඩි කොල්ලෙකුටත් ඕකම කරා. අන්තිමට හරි එකා අහුවුනම ඌ නිදහස් කරා. ඌ ඇවිත් එල්ලිලා මැරුණ.
     

    Sen-lu

    Well-known member
  • අර කහවත්තෙ පොඩි කොල්ලෙකුටත් ඕකම කරා. අන්තිමට හරි එකා අහුවුනම ඌ නිදහස් කරා. ඌ ඇවිත් එල්ලිලා මැරුණ.
    පව් බං මේ රටේනම් මනුස්ස ජීවිතේකට කිසි වටිනාකමක් නෑ. 😔
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අර කහවත්තෙ පොඩි කොල්ලෙකුටත් ඕකම කරා. අන්තිමට හරි එකා අහුවුනම ඌ නිදහස් කරා. ඌ ඇවිත් එල්ලිලා මැරුණ.
    ඇයි බන් දැන් මරණ දඬුවම නියම වෙලා ඉන්න හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් අහින්සකයෝ මැරුවේ දාම ඝාතකයා කියලා හිතලා නිකම්
     
    • Like
    Reactions: AnuradhaRa

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇයි බන් දැන් මරණ දඬුවම නියම වෙලා ඉන්න හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් අහින්සකයෝ මැරුවේ දාම ඝාතකයා කියලා හිතලා නිකම්
    වාස් ගොයියා නෙ.

    පොර මාට්ටු වෙන්නෙ නෑ උගේ ගෑනි අර කොල්ලෙක් රැග් කරපු seen එකෙන් තමා ඔක්කොම එලියට ඇදිල ආවෙ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_7cb4727606.jpg


    (ලසන්ත නිරෝෂණ සහ ඩබ්ලිව්.ජේ.ඕපනායක)

    කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සදහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් සැකය සැකකරු වෙත යොමූවිම නිසා බවත් ඒ නිසා සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය් විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීය.

    රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබේ .
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපෝ කහවත්ත කියන්නෙ නම් හෙන ජරා පැත්තක් බන්. මුන්ට මේ ගති ජානමය ව එනවද මන්දා.
     
    • Like
    Reactions: AnuradhaRa