කළුකොං (Turkey) පාළනය
සත්ත්ව පාළනයට කැමති, අය ගොඩක් ඉන්නවා. නමුත් ගොඩක් වෙලාවට අපි කරන්නේ හැම තැනම කරන, හැමෝම දන්න සත්ත්ව නිෂ්පාදන නේ. ඒත් අපිට පුළුවන් නම් හැමෝම නොකරන දෙයක් කරන්න ඒකෙන් ලැබෙන ලාභය ගොඩක් වැඩියි. ටිකක් ඉඩ කඩ තියන කෙනෙකුට, අක්කර කිහිපයක පොල් හෝ වෙනත් වගාවක් තියන කෙනෙකුට කළුකොං පාළනය හොද ආයෝජනයක්.
(පූර්ව අවවාදය :- අධි සංවේදී පුද්ගලයින්, සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වූවන්, ශාන්තුවරයට ඔසවාතැබීමට ඔන්න මෙන්න ඉන්න අය, තාපස උතුමන්ලා, මාර්ඝ ඵළ ලාභීන් මෙතැනින් ඔබ්බට මෙම ලිපිය කියවීමෙන් වළකින මෙන් ඉතා කාරුණිකව හා බැගෑපත්ව ඉල්ලා සිටිනු ලැබේ. කියන දේ නොඅසා මෙතැනින් ඔබ්බට මෙය කියවූයේ නම් ලිපියට කමෙන්ට් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. පළමු ඉල්ලීම ඉටු නොකළද, දෙවන ඉල්ලීම වත් අවම වශයෙන් ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු)
සාමාන්‍යයෙන් කළුකොං බිත්තරයක් රු. 50 ක් විතර වෙනවා. සංචාරක හෝටල් වල මේ සදහා ලොකු ඉල්ලුමක් තියනවා. ඒ වගේම කළුකොං මස් කිලෝවක මිල රු. 1200 ක් හෝ ඊට වැඩියි.
මාස 06 කට පසුව සාමාන්‍යයෙන් එක් සතෙකුගේ බර කිලෝ 5 ඉක්මවනවා. මාස 08 ක් පමණ ගිය විට එක් සතෙකුගේ වටිනාකම රු 10,000 කට ආසන්න හෝ ඊට වැඩ් වෙනවා. විකුනන්න පරක්කු වූවා කියා පාඩුවක් නොමැත්තේ ඔවුන් බිත්තරද දමන බැවිනි.
අප කොතරම් අකැමැති වුවද මස් පිණිස සත්ත්ව පාළනය කරන විශාල පිරිසක් ඉන්නවා. මස් පිණිස සතුන් ඇති කිරීම මා ද පෞද්ගලිකව අකැමැති කරුණක් වන නමුත්, යමෙකු එය සිදු කරක්නේ නම් වඩාත් වැඩි ලාභදායක ආයෝජන අවස්ථාවක් ලෙස එය සිදු කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කරන්න මා පැකිලෙන්නේද නැත. යමෙකු හට සත්ත්ව පාලනය නැවැත්වීමට අවශ්‍යතාවයක් ඇත්නම් මස් කෑම නැවැත්වීම ඊට ඇති හොදම හා සාධාරණම විසදුම වේ. ඉක් එකී කර්මාන්තයම සම්පූර්ණයෙන් ම නවතාලීමට වුවද පුළුවන. එසේම ඉන් කිසිවෙකුට හානියක්ද සිදු නොවේ.
Broiler කුකුළු පාලනයේ දී ලබන ලාභයට වඩා කළුකොං පාළනයේ දී දැකිය හැකි වාසිදායක ලක්ෂණ කිහිපයකි.
1. Broiler සතුන්ට අවශ්‍ය කෑම මුදල් ගෙවා මිලදී ගැනීම අනිවාර්ය වීම.
2. බිත්තර නිෂ්පාදනයක් සිදු නොවීම
3. මස් කිලෝවක මිල broiler වලට වඩා කිහිප ගුණයකින් වැඩි වීම හා ශරීරයට අහිතකර මස් වර්ගයක් නොවීම.
4. Broiler සතුන් අළෙවි කිරීමට පරක්කු වන තරමට වියදම වැඩි වීමක් පමණක් සිදු වන අතර කළුකොං පාළනයේ දී එසේ වුවහොත් බිත්තර වලින ඉහළ ආදායමක් හිමි කර ගත හැක් වීම.
5. ඊළඟ මුරය සදහා බිත්තර රක්කවා ගැනීම මගින් නොමිලයේ හෝ ඉතා අඩු මිලට පැටවුන් ලබාගත හැකි වීම.
6. අක්කර පහක හයක පොල් හෝ වෙනත් වගාවක් සහිත ඉඩමක් පවතින අයෙකුට නිදහසේ කළුකොං ඇති කරමින් කෑම වියදම ඉතාමත්ම අඩුවෙන් දරමින් ලාභ ඉපයීම උපරිම කළ හැකි වීම.
බිත්තර සදහා වසර පුරාම ඉල්ලුමක් ඇති අතර, මස් සදහා දෙසැම්බර් මාසයේ ඉල්ලුම වැඩිය. මස් සදහා කළුකොං ඇති කරන්නේ නම් මාර්තු, අපෙු්ල් වැනි මාස වල ආරම්භ ක යුතුය.
සතුන් 100 ක් ඇති කළ හොත් මාස 8 කින් රු. ලක්ෂ හත අටක ලාභයක් උපයා ගත හැක. අමාරුවෙන් හෝ අක්කර දහය පහලවක පොල් හෝ වෙනත් භෝග සහිත ඉඩමක සතුන් 1000 ක් පමණ ඇති කළ හොත් ලක්ෂ 50 ක පමණ ආදායමක් ඉපයිය හැක.
මෙම සතුන්ගේ පැටවුන්ට මුල් මාසය පුරා broiler සතුන්ගේ කෑම හා කොළ වර්ග ලබා දිය යුතුය. මෙම සතුන් ඉතා විශාලව වැඩෙන බැවින් කෑම වියදම ඉතා අධික වේ. එබැවින් පළමු මාසයෙන් පසුව විශාල ඉඩමක් පවතින අයෙකුට නිදහසේ සතුන් කෑම කෑමට සලස්වා, පිරිවැය අවම කර ගත හැක.
කූඩුව සෑදීමේ දී එක් ගඩොල් පේළියක් පමණක් බැදිය යුතු අතර, ඉන් පසු සියළු බිත්ති දැල් වලින් පමණක් ආවරණය කල යුතුය. එසේම වහළටද දැල් යොදා කූඩුව සාදා ගැනීමෙන් ආරක්ෂාව 100% ක් තහවුරු කරගත හැක. වහළට තහඩු යොදන්නේ නම් රස්නය අඩු කරන ෆොයිල් එකක් යෙදිය යුතුය. එක් සතෙකුට වර්ග අඩි 2 ක ඉඩක් අවශ්‍ය වේ. හැකි පමණ කොළ වර්ග ආහාරයට දිය යුතුය. සති පොළ අවසානයේ එවන් ස්ථානයකට ගිය හොත් නොමිලයේ ගෝවා, ලීක්ස්, රාඹු වැනි කොළ වර්ග අවශ්‍ය තරම් නොමිලයේ ලබා ගත හැක.
මෙය තරමක් වැඩ අධික කටයුත්තක් වුවද නිවැරදිව සිදු කිරීමෙන් අති විශාල ලාභයක් ලැබිය හැක.
ආයෝජන උපදෙස් ලබා දීම යනු වෘත්තීය කටයුත්තකි. එහිදී එම ආර්ථික කටයුත්ත නීත්‍යානුකූලද යන්න පමණක් අප සලකා බලන අතර, පිං - පවු පිළිබදව තැකීමක් නොකෙරේ. එම කටයුත්ත සිදු කරන්නේද නැද්ද යන්න පිළිබදව අදාළ පුද්ගලයා තීරණයක් ගත යුතුය. දැනටමත් broiler සතුන් ඇති කරන අයෙකුට මෙවැනි කටයුත්තක් සදහා කිසිදු අපහසුවකින් තොරව යොමු විය හැකි අතර දැනට වඩා අති විශාල ලාභයක් ඉපයිය හැක.
එකම එක මාස අටක් කට්ට කාගෙන මනා කැප වීමෙන් මෙවැනි කටයුත්තක නිරත වීමෙන්, වසර 5 ක් 6 ක් broiler සතුන් ඇති කිරීමෙන් ලැබෙන ලාභය මාස 8 න් ලබා ගත හැක.
පසුව ලියමි :- පිං පවු ගැන කමෙන්ට් කිරීමෙන් වළකින්න.
Crishantha Dissanayake
https://www.facebook.com/permalink.php?story_fbid=837866656547891&id=433703176964243

Api nam kiyanne කළුකුන්/කළුකුං kiyala 