කළුජාතික හාමුදුරුවෝ
ලොව්තුරු දහමේ සුවය අප්‍රිකාව පුරා පතුරුවන කළු ජාතික හාමුදුරුවෝ.....
https://www.facebook.com/mulane.gunanandathero/videos/1041138749286047/
උගන්ඩාවේ එන්ටැබේ නුවර ධනවත් කතෝලික පවුලක උපතලද බුද්ධරක්ඛිත හිමියන්හට බුදුදහම පිලිබඳ දැනගැනීමට ලැබුණේ අහම්බෙනි. ඉන්දියානු මධ්‍යම රජයෙන් පිරිනමනලද ශිෂ්‍යත්වයක් ලබාගත් උන්වහන්සේ 1990 දී චන්දිගාර්හි පන්ජාබ් විශ්වවිද්‍යාලයට ඇතුළුවිය. එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තායිලන්ත බෞද්ධ භික්ෂුන්වහන්සේලා දෙනමකගේ ඇසුර බුද්ධරක්ඛිත හිමියන්ට ලැබී ඇත. එම භික්ෂුන්වහන්සේලා දෙනමගේ නිහතමානී ගතිගුණ, ත්‍යාගශීලී සහ සන්සුන්භාවය පිළිබඳව තමන් තුළ කුතුහලයක් ඇතිවූ බව පවසන බුද්ධරක්ඛිත හිමියන් මෙනිසා ම තමන් උන්වහන්සේලා සමඟ සමීප ඇසුරක් ඇතිකරගන්නලද බවත් බුදුදහම පිළිබඳව මුලික අවබෝධයක් තමන්වහන්සේට ලැබුණේ එම කරුණාභර භික්ෂුන්වහන්සේලාගෙන් බවත් කියයි. අධ්‍යාපන කටයුතු අවසානයේ බුදුදහම පිළිබඳව වැඩිදුර ඉගෙනීම සඳහා බුද්ධරක්ඛිත හිමියන් තායිලන්තයේ සහ ඉන්දියාවේ සංචාරය කර ඇත. 1999 දී ඇමෙරිකාවට ගොස් වසර තුනක් භාවනා මධ්‍යස්ථානයකට සම්බන්ධවී කටයුතු කර 2001 දී උපාසකවරයෙකු ලෙසින් පුහුණුව ලබා 2002 දී කැලිෆෝනියාවේ තථාගත භාවනා අසපුවේ යු.සීලානන්ද හිමිපාණන් යටතේ සසුන්ගතවී ඇත. ඉන්පසුව බටහිර වර්ජිනියා බෞද්ධ විහාරයේ පුජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියන් යටතේ වසර අටක් බුදුදහම සහ භාවනා විධි පිළිබඳව ගැඹුරින් හැදෑරීමට උන්වහන්සේට අවකාශය ලැබී ඇත.
මේ අතරවාරයේ 2005 වසරේ දී උගන්ඩා බෞද්ධ සංගමය ආරම්භකළ බුද්ධරක්ඛිත හිමියන් ප්‍රථම වතාවට උගන්ඩාවේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භකිරීම සඳහා ද කටයුතු කළේය.
බුදුන්වහන්සේ හෝ උන්වහන්සේ වදාළ ධර්මය පිළිබඳව උගන්ඩාවේ කිසිම අයෙකු තුළ අංශුමාත්‍රයක පමණවත් දැනුමක් නොමැති බව බුද්ධරක්ඛිත හිමියෝ පවසති. අඩුම වශයෙන් විශ්වවිද්‍යාල සිසුන් හෝ ආචාර්යවරුන් අතරවත් බුදුන්වහන්සේ යනු කවුරුන්ද කියාවත් දැනුමක් ඇති කිසිවෙක් සොයාගැනීම අපහසු බව කියන උන්වහන්සේ මේ නිසාම බෞද්ධ විහාරස්ථානයක් ආරම්භකිරීමේ දී විවිධාකාර ගැටලු රාශියකට මුහුණදීමට සිදුවූ බව පවසති.
කෙසේවුවත් උන්වහන්සේගේ කැපවීම සහ උත්සාහය නිසා එම විහාරස්ථානය එනටබේ නගරයේ වික්ටෝරියා මහා ජලාශය අසල සුන්දර පරිසරයක පවත්වාගෙන යාමට හැකිවී ඇත. උගන්ඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සහ අනෙකුත් බෞද්ධයින් සුළු ප්රමාණයකගේ දායකත්වය එම විහාරස්ථානය පවත්වාගෙන යාම සඳහා ලැබෙන බව ද උන්වහන්සේ පවසයි. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ උගන්ඩා ජාතිකයින් සුලු පිරිසක් ද දැනට බුදුදහම පිලිබඳ ඉගෙනීමට යොමුවී ඇත. විහාරස්ථානයේ පැවැත්වෙන දහම් පාසල සඳහා පළාතේ දරුදැරියන් ද භාවනා පන්ති සඳහා වැඩිහිටියන් ද සැලකියයුතු උනන්දුවකින් සහභාගීවන බව ද උන්වහන්සේ පවසති.
උන්වහන්සේගේ මෑණියන් ද පුජ්‍ය උගන්ඩාවේ ධම්මකාමී නමින් සසුන්ගතවී ඇත.
බුද්ධරක්ඛිත හිමියන් උගන්ඩාවේ බුදුදහම ප්‍රචලිත කරවීම උදෙසා ඉමහත් වෑයමක් ගන්නා අතර ඇමෙරිකාව, බ්‍රසීලය, යුරෝපය, ඔස්ට්‍රලියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල්වල සංචාරය කරමින් භාවනා වැඩමුළු පවත්වති. උන්වහන්සේ මහනුවර ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාපීඨයේ භාවනා පුහුණුවීම් සඳහා ද තම දායකත්වය ලබාදෙති.
බුදුදහම පිලිබඳ උගන්ඩාවේ භාවිතාවන ස්වාහිලි බසින් සහ ඉංග්‍රීසි බසින් වටිනා පොත්පත් රැසක්ම රචනාකර ඇති බුද්ධරක්ඛිත හිමියන් ඉදිරියේ දී උගන්ඩා බෞද්ධ සංගමය තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීමට උත්සාහ ගන්නාබව ද පවසති.
බුකියෙන්