කළුතර පූජනීය බෝධීන් වහන්සේ................

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ................

    262600_445374902196512_626762809_n.jpg


    මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්රෛසිද්ධ කළුතර පුරවරය අ
    තීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්ෂිව දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්යගය වීමයි. සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්රෙස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත. මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ.

    කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ. ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය. ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි. කළුතර 1796 දී ඉංග්රීාසීන්ට අයත් විය. 19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය. කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්රීත මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.

    ගාලු කෙළඹ මහා මාර්ගයටත් දුම්රිය මාර්ගයටත් අතර රමණීය භූමි භාගයක් තුළ මනාසේ වැඩුනු තවත් බෝධීන් වහන්සේ නමක් සියවස් ගණනක සිට දක්නට ලැබුණු බවට ඓතිහාසික සාධක ඇත. එය ක්රිව.ව. 1042 දී කළුතර පාලනය කළ ඉන්දීය සම්භවයක් ඇති “වික්රාම පාණ්ඩ්යාය” රජු පහත මළුවේ රෝපණය කරන ලද්දක් බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ. ක්රිල.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්රීමමත් සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම‍ ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්යි හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්යතට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත.

    මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්යව තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්යිවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි. වර්තමානයේ එම කටයුතු සිදු කරන්නේ පේරාදෙණිය උද්භිද උද්යාවනයේ හිටපු අධ්ය ක්ෂත උද්භිත විද්යානඥ B. සුමිත්රා රච්චි මහතායි. කළුතර බෝධි පරිශ්රූයේ නම කියවෙත්ම “නීතීඥ ශ්රීහමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්යා ලය හා කළුතර විද්යානලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්ර්තිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම, ඇතුළු තවත් පුණ්යයකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්රාකප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්ර යේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි.

    01. උඩ මළුවේ වැඩ සිටින දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ :-

    වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්ෂ9ය වන "ශ්රී- මහා බෝධීන් වහන්සේ"ගේ දෙවන අංකුර පෙළට අයත් වේ.මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්රැයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්යසයට පත්වූ මෙම භූමිය බ්රි"තාන්යියන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ. අතීතයේදී මේ භූමිය (1597-පෘතුගීසි සමය) තුළ වූ එම විහාරය විනාශ කලේ "ජෙරනිමෝ ද අසවේදෝ" නම් සෙනෙවියාගේ අණ පරිදි "ජොර්ජ් ඇල්බකර්" නම් සෙනෙවියායි. අසවේදෝ මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් කළේය. ඇල්බකර් මෙම ස්ථානයේ දේවස්ථානයක් තනවා ඇති බව පුරාණලේඛන සනාථ කරයි. නැගෙනහිරින් පිහිටි මඩවගුර (වර්තමාන කොම්පඤ්ඤ වෙල) හා බටහිරින් ගලායන ගංගාවට සම්බන්ධ කළ විශාල දිය අගලකින් බල කොටුව ආරක්ෂාර විය. බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලිව හඳුනාගත හැකිවේ.

    වර්තමානයේ අටවිසි බුද්ධ ප්රතතිමා ස්ථාපිත කර සාදන ලද ප්රා‍කාරයත්, රන් වැටත් බෝධීන් වහන්සේගේ තේජාන්විත භාවය මනාව ඉස්මතු කර පෙන්වයි. මෙයට දකුණු දෙසට වන්නට ඇති ධර්ම ශාලාවට යාබදව බ්රිනතාන්යමයින්ට අයත් ඵ්ජන්ත නිල නිවස සේ භාවිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ මෙය නව ප්රතතිසංස්කරණය කර ඇති අතර එහි කොටසක් ගබඩාව ලෙස ද, ප්රාධාන කොටස තාවකාලික භික්ෂු ලැගුම් ගෙය ලෙස ද භාවිතා කරයි.

    ඉංග්රිලසි යුගයේ ඉදිකල බව සැලකෙන රිමාන්ඩ් බන්ධනාගාරය මෑතක් වනතුරු බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට තිබී ඇති අතර පසුව බෝධි භාරකාර මණ්ඩලයේ ඉල්ලීම මත එම ස්ථානයෙන් බැහැර කර තිබේ. රැඳවියන් භාවිතා කළ නාන ලිඳ අදටත් ඵම භූමියේ දැකගත හැකියි. 2007-11- 01දින මේ බෝ සමිඳු වැඩ වසන මළුව තෙක් පියගැට පෙල හා එම මග සරසා වියනක් සෑදීම ආරම්භ කර ඇති අතර එය මෙම භූමියේ යෝජිත නවතම ඉදිකිරීම වේ.

    02. පහළ මළුවේ වැඩ සිටින බෝධීන් වහන්සේ :-

    උතුරින් කළු ගගට යාබද බුදු මැදුරෙන් ද, නැගෙනහිරින් ගාලු-කොළඹ මහා මාර්ගයෙන් ද, දකුණු පසින් කුඩා ‍චෛත්යා වහන්සේටත් බටහිරින් ගාලු කොළඹ දුම්රිය මාර්ගයටත් මැදි වූ කුඩා වපසරියක වැඩ සිටින මේ මහා බෝධි වෘක්ෂදය ක්රිු.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්ර ම පාණ්ඩ්ය්ය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්රිබ.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්රිනසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්යා ර්ථ වී ඇත. වර්තමාන පහළ මළුවේ අභිවෘධියට කටයුතු කර ඇත්තේ ශ්රී මත් සිරිල් ද සොයිසා නීතීඥ මහතායි. ගම්මන්පිල උපාසක මහතාද ඔහු හා වන්දනා මාන කළ බව සදහන් වේ. පානදුර දානපතියෙකු වූ ජෙරමියස් ඩයස් මැතිණියගෙන් ලද රු.1000/= මුදල වැය කරමින් මෙම බෝධිය වටා කුඩා ප්රාූකාරයක් හා වර්තමාන පිංකැටය ඇති ස්ථානයේ මල් අසුනක් ද තනවා තිබේ. එතැන් සිට හුදකලාව සිටි මේ බෝධිය කෙරෙහි කෙමෙන් බැතිමතුන්ගේ අවධානය යොමු විය.1931 වර්ෂයේ ජුනි මස ශ්රීිමත් සිරිල් ද සොයිසා හා උක්වත්තේ ජයසුන්දර මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් “කළුතර බෞද්ධ සංගමය” පිහිට වූ අතර, එහි ප්ර ධාන අරමුණ වූයේ ද මෙම පරිශ්ර ය දියුණු කිරීමයි. පසු කලෙකදී බෝධි භාරකාර මණ්ඩලය විසින් අලංකාර ප්රාාකාරයක් සිව් කොනට හා නැගෙනහිරට විහිදුනු බුදු කුටි පහක් හා 1991 වසරේ ඉදිකරන ලද රන් වැටකින් බෝධීන් වහන්සේ ගේ ආරක්ෂාිවත්, අලංකාරයත්, බැතිමතුන්ගේ පහසුවත් සලසා තිබේ.

    03. විශේෂ කරුණු :-

    ශ්රීාමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ අයිතියෙන් යුත් “ස්වර්ණපාලි” නම් බස් සේවයක් මෙකල ආරම්භ විය. මෙම බස් රථ කළුතර පසු කර යන සෑම අවස්ථාවකම පඬුරක් දමා යා යුතු යැයි ඔහු විසින් නීතියක් පැනවීය. ඔහුගේ සේවයෙන් ඉවත්වූ රියදුරෙක් වෙනත් අයෙකුගේ බස් රථයක සේවය කර ඇති අතර දිනක් මෙම පඬුරු දැමීම දැඩි විචේචනය කරමින් ඔහු කළුතර බෝධිය පසු කර ගොස් ඇති අතර නුදුරේදීම අනතුරට පත්ව ඇත. මේ සිද්ධිය ප්රබසිද්ධවත්ම බෝධිය පිළිබදව දැඩි විශ්වාසයක් හා භක්තියක් ඇතිකරගත් බැතිමතුන් බෝධිය පසුකර යන සෑම අවස්ථාවකදීම පඬුරක් දැමීමට පුරුදු විය. වර්තමානයේද ආගමික හේදයකින් තොරව බෝධිය පසුකර යන අය පඬුරු දමා යනු දැකිය හැකියි. අද පූජනීය ස්ථානයක් සේ ලංකාවේ පඬුරු තුලින් වැඩිම ආදායම් ලබන එකම පූජනීය ස්ථානය වන්නේ ද කළුතර බෝධියයි.

    04. පහළ මළුවේ උතුරු පස බුදු මැදුර :-

    ක්රිර.ව. 1939 වන විට “සවුත්ලන්ඩ්” නමින් ප්රදසිද්ධියට පත්වූ සිරිල් ද සොයිසා මහතාගේ බස් රථ සේවයෙන් ලද ආදායමත්, බැතිමතුන්ගෙන් ලද ආධාරත් එකතුකර මෙම බුදු මැදුර සාදන ලද බව කියවේ. පහළ බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත.කළු ඟඟට යාව බැම්මක් බැඳ එහි පස් පුරවා සාමාන්යා මේසන් බාස් වරු ලවා මෙහි නිම කිරීම් කලද, මේ තාක් කිසිම උපද්ර වයකට ලක්ව නොතිබීම විශේෂත්වයකි.
    ශාන්ත ඉරියව්වකින් වැඩ හිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙලා ඇත. සිදුහත් උපත, කිරිපිඬු පූජාව, ශ්රීය මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙළුම් මල් රටාවන් මනාව තෙලි තුඩින් සිත්තම් කිරීම තුළින් බෞද්ධ විහාරයක අංග ලක්ෂණයන් මෙම බුදුමැදුර තුල විදහා පා ඇත.

    05. පහළ මළුවේ චෛත්යෂය :-

    පහළ මළුවේ බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට පිහිටා ඇති මෙය ප්ර මාණයෙන් කුඩාය. වර්ෂ 1939 දී පමණ මෙහි ආරම්භය සිදුවූ බව සඳහන් වේ. මෙම චෛත්යෙයත්,ගංගාව අසල බුදු මැදුරත් ඵකම කාලයක ඇරඹුනු බව දැක්වේ. මෙම චෛත්යටය වන්දනා කිරීමට සතර අතට විහිදුනු කුඩා බුදු කුටි 4ක් හා මල් ආසන 4ක් නිමවා ඇත. ක්රිය.ව. 1942 වසරේ වැඩ අවසන් වූ පසු ඵම වසරේම මැයි මස වෙසක් පුර පසලොස්වක පොහෝ දින ඊට කොත් පලඳවා ති‍බේ.

    06. විශේෂ කරුණු :-

    මෙම චෛත්යියට කොත් පැලඳවීම සියළු ආගමික වතාවත් මැද මහත් උත්සවාකාරයෙන් සිදුවූ බව කියවේ.මේ මඟුල් බෙර ශබ්ද පූජාව පවත්වන විට ඉන් නිකුත්වූ ශබ්දයන් නිසා උඩ මළුවේ සිටි සුදු ජාතික ඒජන්තවරයා උරණ වී බෙරකරුවන් පන්නා දැමූ බවත් ඉන්පසු ශ්රීදමත් සිරිල් ද සොයිසා මහතා බෙරකරුවන් 100ක් දෙනා ගෙනවිත් දවස පුරා බෙර වයා ඇති බවත් එවිට සුදු ජාතිකයා නිල නිවසද අතහැර ගිය බවත් සඳහන් වේ. පසුව රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්රරකාශයක් කළ මෙතුමා නුදුරු දිනකදීම උඩ මළුව ඉංග්රිාසි ජාතිකයන් ගෙන් මුදවා පූජා භූමියක් කරන බව දන්වා තිබේ.

    07. පහළ මළුවේ දකුණු පස බුදු මැදුර :-

    පහළ මළුවේ චෛත්යවට දකුණු පසට වන්නටත් ආනන්ද බෝධීන් වහන්සේට උතුරු පසට වන්නටත් මෙම බුදු මැදුර පිහිටා තිබේ.අතීතයේ මේ ගොඩනැගිල්ල නගර සභා කාර්යාල ගොඩනැගිල්ලට අයත්ව පැවතුනු අතර 1960-70 වර්ෂ තුල කච්චේරියට අයත් ගොඩනැගිල්ල බෝධි භාරකාර මණ්ඩළයට පවරා ගැනීම මත මේ ගොඩනැගිල්ලද පවරා ගන්නා ලදී.පසුව ධර්ම ශාලාවකට ඔබින අයුරින් සකසන ලද එහි විශාල හිඳි පිළිමයක් අඹා පුද පූජා හා ධර්ම ශ්රවවණයට උචිත වන අයුරින් සකසා තිබේ.

    08. ආනන්ද බෝධීන් වහන්සේ :-

    1960 වසරේ ඉන්දියාවේ මහා බෝධි සමාගමේ සාමාජිකයෙක්ව සිටි ශ්රී මත් සිරිල් ද සොයිසා මහතා ජේතවනාරාමයේ සංචාරයක නිරතව සිටියදී එහි වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩමවාගෙනවිත් මෙම ස්ථානයේ රෝපණය කර ඇත.පහළ මළුවේ දකුණු පස බෝධි පරිශ්රක සීමාවේ අන්තිමට වන්නට මෙය රෝපණය කර ඇත.

    නැගෙනහිර කුඩා බුදු මැදුරකින්ද, බටහිර දිශාව මල් ආසනයෙන්ද මෙහි මළුව නිර්මාණය වී ඇත.දශක 4ක් ඉක්මවා වැඩ සිටිනා බෝධීන් වහන්සේ සමස්ථයක් ලෙස ඉතාමත් නිරෝගීසුවයෙන් වැඩ සිටි නමුත් වරින් වර රෝගාතුර වූ පසු බටහිර දිශාවට විහිදුනු ශාඛාවන් කපා ඉවත් කර ඇති බව පෙනේ. පසුකාලීන සංවර්ධන කටයුතු තුළින් බෝධි භාරකාර මණ්ඩළය විසින්1997-06-20 පොසොන් පොහෝදා ඝණ්ඨාර කුළුණක් සාදා මේ මළුවේ නිරාවරණය කර තිබේ.මෙම මළුවේ අළුතින්ම ඉදිකිරීමට නියමිතව ඇත්තේ බෝධි ඝරයක් හා අලංකාර රන් වැටකි.බාහිර පරිසරයෙන් බෝධීන් වහන්සේට වන උපද්රතව අවම කිරීම බෝධි ඝරයේ ප්රකධාන අරමුණයි.

    09. උඩ මළුවේ මහා චෛත්ය්ය රාජයා (වටදාගෙය) :-

    වර්ෂ 1953 දී උඩ හා පහල මළුවේ අධිකාරීත්වය බෝධි භාරකාර මණ්ඩලයට පවරා ගැනීමෙන් පසුව උඩ, කඳුගැටය පිහිටි ප්ර දේශය සංවර්ධනය කර එහිද පූජනීය බිමක් කිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය. එහි ප්රපතිපලයක් වශයෙන් 1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබනලදී. වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්ය යේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්ර මාණය අඩි 335කි. අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්රී්ට් තට්ටුවකින් චෛත්යයය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්රාඅකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්රිවත් චිත්රද 75කින් යුක්ත වේ. මෙය චෛත්යව කුහරයට ගමන් කල හැකි ලොව ඇති එකම චෛත්යි ද වෙයි. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ. ඉංජිනේරු ශිල්පයේ අද්විතීය තැනක් හිමි කරගෙන සිටි A.N.S. කුලසිංහ මහතා මෙම වටදාගෙයි නිර්මාපකයායි. මෙහි චිත්රල 75, මහනුවර චිත්රට ශිල්පියෙකු විසින් සිත්තම් කර තිබේ.

    10. වටදාගෙය මධ්යනයේ ඇති කුඩා චෛත්යීය :-

    මෙම විශ්මිත වටදාගෙය මධ්යඩයේ උස අඩි 6ක චෛත්යනයක්(කුඩා ප්රතමාණයේ) පිහිටා තිබේ. සාම්ප්ර දායික චෛත්යාක සියළු කලා නිර්මාණයන් නිරූපණය කොට මෙම චෛත්යහය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් මෙය අංග සම්පූර්ණ චෛත්ය්යක ලක්ෂුණ විද්යාඳමාන කරයි. මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුවිය. වටදාගෙයට පිවිසෙන මග දොරටු 2 කින් සමන්විතයි. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත. ශ්රී් ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගිය මේ විශ්මිත වටදාගෙය, ඇතුලත චෛත්යටය හා ඵහි නිර්මාණ සිරිල් ද සොයිසා මහතාගේ සිතේ සනිටුහන් වූ පරිදිම ජීවමාන කිරීමට දායක වූයේ නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර ඇසෝෂියේට් හා ඉංජිනේරු දේශබන්දු විද්යාාජෝති ආචාර්ය A.N.S. කුලසිංහයන් ඇතුළු පිරිසේ දායකත්වයෙනි.අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්ෂිණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත්ය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්ෂමණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ.

    11. ධර්ම ශාලාව :-

    ඉපැරණි කච්චේරිය පැවති ස්ථානය ලෙස සැලකෙන මෙම භූමි භාගයේ මෙම සුවිසල් ධර්ම ශාලාව ඉදිකර ඇත.කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ හා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් මෙහි නිමැවුම සිදුවී ඇති අතර 1994-05-13 වෙසක් පොහෝ දින එවකට ශ්රීන ලංකා ජනරජයේ ජනාධිපති D.B.විජේතුංග මහතා අතින් විවෘත කරන ලද බව සඳහන් වේ. ශ්රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද විශාලතම ධර්ම ශාලාව වන මෙහි ඇති ප්රලයෝජනය පසක් වන්නේ පුර පසලොස්වක පොහෝ දිනයන්ට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහස් ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක් බැවිනි.

    12. සක්මන් මළුව :-

    කළු ගං ඉවුරට යාබඳව කොන්ක්රීකට් වැටකින් සීමාකර ගං ඉවුර දිගේ පටු තීරුවකින් සමන්විත මෙම වැලි මළුව පහන් සිතින් භාවනානුයෝගීව සක්මන් කිරීමටත් සිත සංසුන් කරගැනීමටත් හැකි ස්වභාවික පරිසර පද්ධතියකින් හෙබි බිමකි.මෑත කාලයේ වර්ෂ 2000-05-17 වෙසක් දින බෝධි භාරකාර මණ්ඩලයේ සංවර්ධන ව්යාබපෘති යටතේ මෙය නිර්මාණය කර විවෘත කරන ලදී.

    13. යටි බිම් හරස් මග (උමං මාර්ගය) :-

    මෙම පූජා භූමියට පැමිණෙන දහස් සංඛ්යායත සැදැහැවතුන්ගේ පහසුවසඳහා නව පාලම ඉදිකිරීම යටකතේ එවකට ශ්රී ලංකා ජනරජයේ ජනාධිපති වූ R.ප්රේඳමදාස මහතාගේ නියමය පරිදි මාර්ග සංවර්ධනඅධිකාරිය මගින් නිමවූ මෙම පාලමට සම්බන්ධ උමං මාර්ගය 1990- 01-27 දින එවකට අගමැති D.B. විජේතුංග මහතා විසින් විවෘත කරන ලදී. පොහෝ දින වලට වන්දනා කටයුතු පිණිස පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව හා ආරක්ෂා ව පිණිසත්, ගාලු-කොළඹ මහා මාර්ගයේ ඒ හෙතුවෙන් ඇතිවන රථ වාහන තදබදය අවම කිරීම පිණිසත් මෙම උමං මාර්ගය බෙහෙවින් ඉවහල් වේ.

    14.කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවීම :-

    ශ්රීනමත් සිරිල් ද සොයිසා මහතා අධිරාජ්ය වාදී යුගය නිමාකරමින් නිදහසින් පසු ශ්රී ලාංකික නිලධාරියෙක්කළුතර පාලනයට පැමිණියේ 1949 දීය.ඒ උප දසාපති C.P. ද සිල්වා මහතායි. බෞද්ධ නිලධාරියෙක් වූ ඔහු ශ්රී මත් සිරිල් ද සොයිසා මහතාගේ ගමනට මහත් රුකුලක් විය. ඒ වන විට උත්තර මංඩල සභාවේ උප සභාපති තනතුර දැරූ සිරිල් ද සොයිසා මහතා අගමැති D.S.සේනානායක මහතාට උඩමළුවේ ඓතිහාසික ගංගාතිලක විහාරය පිහිටි භූමි භාගය (ඒ වන විට පෘතුගීසින් එය විනාශ කර ඇත) හා දෙතිස් ඵල බෝධියේ හිමිකම කළුතර බෞද්ධ සංගමයට පවරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් එම සංගමය නීත්යාඉනුකූල නොවන බැවින් රජය එය ප්රගතික්ෂේප කළ පසු නීත්යා්නුකූල ව්යයවස්ථාපිත සංවිධානයක් බිහිකිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය.

    ඒ අනුව 1951-11-07 දින සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 08 කින් යුතු කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවීය.එහි පාලන භාරකාරීත්වය සිරිල් ද සොයිසා මහතා හා නීතීඥ V.T. ද සොයිසා මහතා දැරීය. වසර දෙකකට පසු අගමැති ජෝන් කොතලාවල මහතා උඩමළුව හා පහත මළුව ඇතුළු වර්තමාන පරිශ්රසය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දෙනු ලැබීය. එදා මෙදා තුර වර්තමාන අප දකින කළුතර බෝධි පරිශ්රරයේ ප්රිගතියට 100% කින් සක්රීළය දායකත්වය ලබා දෙන්නේ බෝධි භාරකාර මණ්ඩලයයි. පූජා භූමිය ප්රිධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් මෙහි ප්රකධාන ආදායම් මාර්ගය දායක පඬුරු වේ. ඒ හැරුනු කොට දායකයින් ස්වකැමැත්තෙන් කරන පරිත්යාැග මත මෙම පරිශ්රධයේ අභිවෘධිය සිදුවේ. (මෙහි නේවාසික භික්ෂුැ වාසයක් හෝ විහාරාධිපති භික්ෂූපන්ද නැත.)

    දිනපතා හේවිසි ශබ්ද පූජා පවත්වා උදෑසන 6.30ට, පෙ.ව11.30ට, ප.ව 6.00ට බෝධිරාජයාණන් වහන්සේලාට හා චෛත්යව, විහාර තුල වැඩ හිඳිනා බුද්ධ ප්රයතිමා වහන්සේලා හමුවේ බුද්ධ පූජා පවත්වන අතර, සෑම දිනකම ධර්ම දේශනා, සෙනසුරාදා හා ඉරිදා විශේෂ ධර්ම දේශනා,සතර පෝයට සිල් සමාදන් වන බැතිමතුන්ට ධර්ම දේශනා, දිනපතා පැමිණෙන බැතිමතුන්ට සියළු පහසුකම් සැපයීම බෝධි භාරකාර මණ්ඩලයේ නිත්ය සේවාවන් වේ.

    15. බැති සිතින් අසිරිමත් කළුතර බෝ සමිඳාණන් වන්දනා කරමු. බෝධීන් වහන්සේලා දෙනම හා චෛත්යභය රාජයාණන් දෙනම වන්දනා කරන ගාථාව :-

    සම්බුද්ධ චේතියං සුගංච දුමින්දද්වන්දං
    සම්බුද්ධ බිම්බපති මණ්ඩි මන්දිරංඛ
    නන්වාන ලද්ධ කුසලේන භවේ සුඛංච
    සංසාර මුඤ්චන සුඛංච සීවංලභාමි.

    තෙරුවන් සරණයි !


    Credit goes to (Aape Urumee.අපේ උරැමේ)


    අපේ ගම පළාත ළඟ කියහන්කෝ.........:yes::yes:
    Repost නම් සොරි..............:sorry::sorry:
    හොඳනම් Rep + 1ක් දීල යන්න...............:yes::):yes:
    BUMP 1කුත්...........:yes:
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සම්බුද්ධ චේතියං සුගංච දුමින්දද්වන්දං
    සම්බුද්ධ බිම්බපති මණ්ඩි මන්දිරංඛ
    නන්වාන ලද්ධ කුසලේන භවේ සුඛංච
    සංසාර මුඤ්චන සුඛංච සීවංලභාමි.


    rep දෙන්න බැ කියනවා:sorry:
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Elazzzz
    Good Post machan
    REP ++

    ඔබට පින් සහෝ ...

    Rep දැන්ම දෙන්න බැරිලු


    සම්බුද්ධ චේතියං සුගංච දුමින්දද්වන්දං
    සම්බුද්ධ බිම්බපති මණ්ඩි මන්දිරංඛ
    නන්වාන ලද්ධ කුසලේන භවේ සුඛංච
    සංසාර මුඤ්චන සුඛංච සීවංලභාමි.


    rep දෙන්න බැ කියනවා:sorry:


    watinawa machanz
    tnx share karata
    rep 9+
    B4SqP.gif


    good one!!!

    thnks hamotama............:):yes::)