කළු ඇමරිකානුවන්ගේ නිදහස් සටනේ ගිනිසිළුව - Maya Angelou

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    කළු අමෙරිකානුවන්ගේ නිදහස් සටනේ ගිනි සිළුවක් ලෙස මායා ඇන්ජලෝ හඳුන්වා දෙන්නට පුළුවනි. මාටින් ලූතර් කිං ජූනියර්, රෝසා පාක්ස් වැනි පතාක යෝධයන් අතර මේ පුංචි කාන්තාවගේ නමත් රන් අකුරින් ලියැවී තියෙනවා. 1928 වසරේ ඇමරිකාවේ මිසූරි හි උපත ලබන ඇය ස්වකීය කළු හම නිසාම මුහුණ පාන ඛේදයන් අනන්තයි. වයස අවුරුදු අටේදි ස්වකීය මවගේ පෙම්වතා අතින් දූෂණයට ලක්වන ඇය ඉන්පසු වසර කිහිපයක් ප්‍රකම්පනයට පත්ව හිඳිනවා.

    මායා ඇන්ජලෝ ලෝකයා හඳුනා ගන්නේ ඇය විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදාන මාලාව නිසායි. කෘතීන් හතකින් යුතු එහි පළමු කෘතිය නම් කරන්නේ “I Know Why the Caged Bird Sings” යනුවෙන්. එහි ඇගේ ළමා කාලයේ සිට අවුරුදු දහහතක් පමණවන යොවුන් සමය දක්වා තොරතුරු ඇතුළත්. මෙම ග්‍රන්ථ නාමය ගැනත් පුංචි කතාවක් තියෙනවා. තවත් කළු ඇමෙරිකානු ලේඛකයෙකු වන Paul Laurence Dunbar විසින් රචිත Sympathy නම් කවියේ එක් කොටසක් තමයි “I know why the caged bird sings”. මායා ඇන්ජලෝ එම කොටස තම කෘතියේ නාමය ලෙස යොදා ගත්තේ එය ඇගේ දිවිය විවරණය කරන අපූරු වචන පෙළක් නිසාම විය යුතුයි. එම මාතෘකාවම යොදා ගනිමින් ඇය විසින් රචිත කවි පෙළ එවක අවවරප්‍රසාදිත කළු ඇමරිකානුවන්ගේ හා අයෝමය පීඩනයකින් ඔවුන් සිරකර සිටි සුද්දන්ගේ ජීවිත ගැන කියවෙන මනා විග්‍රහයක්. ඉස්සර වෙලාම කවිය කියවන්නකො.

    I Know Why the Caged Bird Sings – Maya Angelou

    The free bird leaps on the back of the wind
    and floats downstream till the current ends
    and dips his wings in the orange sun rays
    and dares to claim the sky.

    But a bird that stalks down his narrow cage
    can seldom see through his bars of rage
    his wings are clipped and his feet are tied
    so he opens his throat to sing.

    The caged bird sings with fearful trill
    of the things unknown but longed for still
    and his tune is heard on the distant hill
    for the caged bird sings of freedom

    The free bird thinks of another breeze
    and the trade winds soft through the sighing trees
    and the fat worms waiting on a dawn-bright lawn
    and he names the sky his own.

    But a caged bird stands on the grave of dreams
    his shadow shouts on a nightmare scream
    his wings are clipped and his feet are tied
    so he opens his throat to sing

    The caged bird sings with a fearful trill
    of things unknown but longed for still
    and his tune is heard on the distant hill
    for the caged bird sings of freedom.

    Glossary –

    Downstream - යටිගං බලා යනවා / සුළං හමන දිශාවටම යනවා

    Current - ප්‍රවාහය

    Dare - ධෛර්යය

    Stalks down - හොරෙන් හොරෙන් යනවා / ගාට ගාට යනවා

    Seldom - කලාතුරකින්

    Fearful - බියජනක

    Trill - වෙවුලන ස්වරය

    Nightmare - භයංකර සිහිනය



    මෙහිදි ඇන්ජලෝ විසින් Caged Bird ලෙස සංකේතවත් කරන්නේ සකලවිධ සමාජ අසාධාරණයන්ට ලක් වූ අසරණ කළු ජාතිකයන්. ඔවුන්ගේ නිදහස අහිමි වීම කොයි වගේද කිව්වොත් ඔවුන් හරියට තටු හා පා ගැටගසා පටු කූඩුවක දැමූ කුරුල්ලෙක් වගෙයි. නමුත් සමාජයේ ආධිපත්‍යය පතුරවන සුද්දන් නිදහසේ සැරිසරා සියලු වරප්‍රසාද වින්දනය කරන අයුරු ඈ අපූරුවට දක්වනවා.

    මායා ඇන්ජලෝ 2014 වසරේ පරලෝ සැපත් වන විට ලෝකයේ විශ්වවිද්‍යාල පණහකින් පමණ පිරිනමන සම්මාන ආචාර්ය උපාධිවලට හිමිකම් කිව්වා.
     
    • Like
    Reactions: sudu23