කළු මකර බළ ඇණිය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කළු මකර බළ ඇණිය

    මනස අවියක් කොටගෙන, මනස, ආධ්‍යාත්මය සමඟ සාමය ඇතිකොටගෙන, එහි ආධාරයෙන් යුද කරන ක්‍රම වේදයන් ගැන චීන විශේෂ බළකාය මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිති… ඒ සඳහා පත් කරන ලද සුවිශේෂී ඒකකයට “කළු මකර බළ ඇණිය” ලෙස නම් තබා තිබේ…
    42b59c3e981-550x377.jpg


    වසර දහස් ගණනක් අතීතයට දිව යන චීන සටන් ක්‍රමවේදයන් අතුරින් අති විශිෂ්ඨතම ලෙස සැළකෙන “දාඕ” රහස් සහිත ( හු – ආ – ලාඕ සටනේදී සටන් කරුවන්ගේ සිරුරේ බර මල් කිණිත්තක තරමට සැහැල්ලු කරන “වායව” භාවනා ක්‍රම ඇතුළත් ) පැරණි පොතපත මේ සඳහා යොදා ගැනෙන අතර, පරීක්ෂණයෙහි මුල් පියවරේදී, සතුරන්ගේ “මනස, සිතීම සහ අභ්‍යන්තර ශක්තිය තේරුම් ගැනීම සහ එයින්ම සතුරන්ගේ දුර්වලතා වටහා ගැනීම” අරමුණු කොට ගෙන තිබේ… නවීනතම අවි පවා අක්‍රීය කරවන මනෝ ප්‍රහාර එම අභ්‍යාසයන්ගේ දෙවැනි ඉළක්ක මාලාවට අයත්ය… චීන හමුදා දෙවනි කාළතුවක්කු රෙජිමේන්තුව යටතේ පවතින කිලෝමීටර් 3600 පමණ ඓක්‍ය දිගකින් යුතු උමං පද්ධති තුළ පවත්වන මෙවැනි පාසැල් ගැන සී.අයි.ඒ සංවිදානය දැඩි භීතියකින් පසුවන බවද වාර්ථා වේ… චීනය පුරා සී.අයි.ඒ ඔත්තු කරුවන් ඉන්නා ස්ථානයන්ද භාවනා මඟින් සහ ලෝකායතනයෙහි චිත්ත පරීක්ෂා මඟින් හඳුනා ගැනීමට සමත් සෙබළු පුහුණු කිරීමටද චීනය බළාපොරොත්තු වේ…

    බටහිර තාක්ෂණය පමණක් එකම දැනුම කොටගෙන එය පසුපසින් යෑමෙන්, ඇමරිකාව අබිබවා යන්නට තව වසර ගණනක් ගතවනු ඇතිබව අවබෝධ කරගෙන සිටින චීනය, සිය ආධ්‍යාත්මික ශක්තීන් අවදි කරවා ගතහොත්, නූතන අවි බලය සහ ඔවුන්ගේ ප්‍රතාපවත් ශිෂ්ඨාචාරය එක්වන තැනේදී ඇමරිකාව අන්ද මන්ද වන බලයක් ඔවුන් වෙත ලැබෙනු ඇත… මහළු මකරා සතු දැනුම ගැන යම් අවබෝධයක් ඇති සී.අයි.ඒ සංවිධානය භීතියට පත්ව සිටින්නේ මේ නිසාය… මේ භීෂණය නැපෝලියන් වැනි චීනය හොඳින් තේරුම් ගත් බටහිර සේනාධිනායකයන්ටත් විය…

    බටහිර සුද්දා තමන්ගේ මෙන් විකුණන, ලොව පුරාවෙන් කොල්ලකාගත් දැනුමටම ආවඩමින් ඒ එකම ගැලවුම්කරුවානෝ යැයි සිතා ගන්නා කේවට්ටයන්ට සිතන්නට යමක් මෙහි ඇත. පෙරදිග සභ්‍යත්වයත් සමඟ එක්ව ගමන්ගත් මහා දැනුම් සම්භාරය වළලා දැමූ තැන්වලින් ගොඩගෙන ප්‍රාණවායුව පිඹීමට තවමත් ප්‍රමාද නැත. ජාතික චින්තනයක ගමන් මඟ ගැන යම් පමණකින් හෝ උනන්දුවක්, කැපවීමක් දක්වන නලීන් ද සිල්වා වැනි වියතුන්ගේ අදහස් නිකම්ම බැහැර කරනු වෙනුවට වරක් දෙවරක් නොව කීපවාරයක් සිතා බැලීමට කාලයයි මේ…
    කළු මකර බළ ඇණිය පුහුණු කරවන ඓක්‍ය දිගින් කිලෝමීටර් 3600 ක් පමණ වන චීන දෙවනි කාළ තුවක්කු රෙජිමේන්තුව මඟින් තනා පාලනය කරන සුවිශේෂී උමං සංකීර්ණය මෙම රූපයෙහි දැක්වේ… එහි එවැනි අති විශේෂ බළකායන් පුහුණු කිරීමට අමතරව අන්තර්-මහාද්වීපික බැලස්ටික් මිසයිල ගබඩා කර තැබීමටත්, පසුව පහර දීමටත් අවශ්‍ය සියළු පහසුකම් ඇත…චීනය සතු රහස් අවි පර්යේෂණාගාරද මෙම පර්යන්තයන්හි පිහිටා ඇත… මේ අනුව දැනට චීනය හෙළි කර ඇත්තේ න්‍යෂ්ඨික යුද ශීර්ෂ 800 ක පමන අයිතිය වුවද, සැබවින්ම චීනය සතුව යුද ශීර්ෂ 3000 ක් පමණ ඇතැයි ඇමරිකාව බිය පළ කරති…

    black-dragon.jpg


    ”මගේ රටේ ඉතිහාසය කුංග් ෆු සටන් කළාවේ එන “බළලාගේ ඇවිදීම ” වගේ සියුම්… භෞතික තාක්ෂණය සහ ආධ්‍යාත්මික තාක්ෂණ‍ය සමබරව මුණ ගැහෙන තැන තමයි චීනය… අපේ සතුරන්ට, අප කෙරෙහි බිය වන්නට කරුණු බොහොමයි..” – ජෙනරාල් චෙන් බින්ග්ඩේ (චීන මහජන හමුදා මාණ්ඩලික ප්‍රධානී…)