කළු සෙවණැලි මාව එලවගෙන ආවා -නෝමන් පළිහවඩන &#35

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කළු සෙවණැලි මාව එලවගෙන ආවා -නෝමන් පළිහවඩන &#35

    පසුගිය මස 29 වැනි ඉරිදා සුපුරුදු පරිදි නෝමන් පලිහවඩන නිවසින් පිටවූයේ කාර්යාලය බලා පිටත් වීමටයි. මඳ අසනීප ගතියකින් පෙළුණත් එය නොතකා සේවයට පැමිණියේ තම වෘත්තියට දැක්‌වූ දැඩි කැමැත්ත නිසාය. එලෙස පැමිණි ඔහු කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූයේ එහි සිටි ආරක්‌ෂක මුරකරුවන් දෙදෙනාටද විහිළුවක්‌ කරමින්ය. කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ ඔහුට ගමන් කිරීමට හැකිවූයේ පියවර කිහිපයක්‌ පමණි. එක්‌වරම අවට පරිසරය කැරකෙනවාක්‌ මෙන් දැනුණි. දෑස්‌ නිලංකාර වී ගියේය. කතා කිරීමට උත්සහ කළත් වචන පිටකර ගැනීමට නොහැකි විය. තත්ත්පර ගණනක්‌ ඇතුළත වූ ඒ සිදුවීමෙන් ඉමහත් බියට පත්වූ ඔහුට කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමට නොහැකි විය. සිහිසුන්ව ඔහුව ඇද වැටුණි.

    ගතවූයේ තවත් තත්ත්පර කිහිපයකි. කපාහෙළු කෙසෙල් කඳක්‌ මෙන් නෝමන් පලිහවඩනව ඇද වැටුණි.

    දුර තියා එය දුටු ඔහුගේ සගයෙක්‌ "නොමන් අයියා වැටුණා.. නෝමන් අයියා වැටුණා..." කියා බෙරිහන් දුන්නේය. එය ඇසී එක්‌රැස්‌වූ කාර්යාල සගයෝ වහාම ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්හ. නෝමන් පලිහවඩනට මතක, සිහිය නැතිව කාර්යාල භූමියේ ඇද වැටෙනවා පමණි. කාර්යාලයේ සිට රෝහලට රැගෙන යැමට ගතවූ විනාඩි දහයක පමණ කාලය තුළ ඔහුට සිහිය ඇවිත් තිබුණේ එක්‌වරක්‌ පමණි. ඒත් තත්ත්පර කිහිපයක්‌ පමණි. එලෙස සඳහන් කරන්නේ එම මොහොතේ ඔහුව රෝහල වෙත රැගෙන ගිය මිතුරන්ය.

    එලෙස සිහිය නැතිව සිටි කාලය අතරතුර නෝමන් පලිහවඩන අමුතුම ලෝකයකට ගොස්‌ තිබේ. එම ත්‍රාසජනක අත්දැකීම ඔහු විස්‌තර කරන්නේ මෙලෙසින්ය.

    norman

    "මට යාන්තමට මතක සිහිය නැතිව මාව ඇදගෙන වැටෙනවා පමණි. ඒ එක්‌ක මම හිටියේ කන්තෝරුව ඇතුළේ පත්තර කබඩ් එකක්‌ උඩ. ඒත් මගේ ශරීරය මට පෙණුනේ නැහැ. එතැන ඉඳන් මම බලා සිටියා ටික වේලාවක්‌. මගේ සගයෝ වැඩ කරන විදිහ. වෙනද වගේම ඒ අය තම රාජකාරි කරන විදිහ මට හොඳට පෙනුණා."
    norman.jpg

    "ටික වේලාවක්‌ එහෙම ඉන්නකොට මාව පාවෙලා යනවා වගේ දැනුණා. ඒ කියන්නේ කොස්‌ කොළයක්‌ පාවෙනවා වගේ. එහෙම ඉතා වේගයෙන් ඉහළටම මාව පාවෙලා ගියා. මට කිසි බියක්‌ දැනුණේ නැහැ. ඒක අමුතුම ලෝකයක්‌. මම කිසි දිනක දැකලා නැහැ ඒ වගේ තැනක්‌"

    "මාව පාවෙලා ගිය ඒ පරිසරය ඉතා අලංකාරයි. එහි සුන්දරත්වය මට වචනවලින් විස්‌තර කරන්න බැහැ. හැබැයි ඒ පරිසරයේ තිබුණ සුන්දරත්වය මම අත්වින්දා. ඒක මට හොඳට දැනුණා..."

    "දිගටම එලෙස පාවෙලා යනකොට මම දැක්‌කා එක ප්‍රදේශයක්‌ මීදුමෙන් වැහිලා තියෙනවා. ඒ මීදුම අතරින් මට පේනවා කර්මාන්තශාලා වාගේ ගොඩනැඟිලි වගයක්‌ තියෙනවා. කර්මාන්තශාලා කීවට ඒවා හුඟක්‌ ලස්‌සන බිල්ඩින්. ඒවා අතරිනුත් මාව පාවෙලා යනවා වාගේ මට දැනුණා. අධික මීදුමක්‌ තිබුණත් සීතල ගතියක්‌ මට දැනුණේ නැහැ..."

    "එහෙම තව ටිකක්‌ දුර යනකොට මට පෙනුණා කළු සෙවණැලි ගොඩක්‌ තියෙනවා. ඒ ගොල්ලෝ මාගේ ළඟට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කලු සෙවණැලි දැක්‌කම මට බය හිතුණා. ඒ එක්‌කම තවත් පැත්තක හිටියා සුදු සෙවණැලි ගොඩක්‌."

    "කලු සෙවණැලිවලින් පෙණුනේ මහ භයානක පෙනුමක්‌. සුදු සෙවණැලි ප්‍රියමනාපයි. ඒ ගොල්ලෝ මට කතා කරනවා වගේ දැණුනා ඒ පැත්තට එන්න කියලා. ඒ පැත්තට යන්න මම උත්සාහ කළා. ඒත් මට යන්න බැරිවුණා."

    "එක පාරටම කළු සෙවණැලි දෙකක්‌ ඇවිත් මාව අල්ල ගත්තා. මම ගොඩක්‌ බය වුණා. බය වැඩිකමට මම කෑගහන්නත් උත්සහා කළා. ඒත් කෑගහගන්න බැරිවුණා. ඒ සමඟම සුදු සෙවණැලි ඇවිත් මාව බේර ගත්තා."

    "සුදු සෙවණැලි අත් දෙකෙන් යමක්‌ වහනවා වගේ වහලා තමයි මාව බේර ගත්තේ. එහෙම බේර ගත්ත මාව බෙනයක්‌ ඇතුළට වීසි කළා. බෙනයක්‌ කිව්වට ඒක විශාල ලස්‌සන එකක්‌. ඒක ඇතුළෙ අමුතුම ලස්‌සන පාටක්‌ තිබුණෙ. ඒ වගේම පිවිතුරු සුවඳකුත් දැනුණා. හිතා ගන්න බැරිවුණා කොහෙද මම ඉන්නේ කියලා. ඒත් හැබැයි මට කිසිම වේදනාවක්‌ දැනුණේ නැහැ. කියා ගන්න බැරි තරමේ සුන්දර ලෝකයක ඉන්නවා කියලා තමයි මට දැනුණේ..."

    "ටික වේලාවක්‌ ඒ බෙනය ඇතුළේ ඉන්නකොට මට බය හිතුණා. ඒ එක්‌කම මම කෑගහන්න උත්සාහ කළා. ඒ පාර මොනවදෝ වචන වගයක්‌ මාගේ කටින් පිටවුණා වගේ කියලා මට දැනුණා. ඒ සමඟම මට ඇහුණා දොස්‌තර කෙනෙක්‌ කියනවා වම් කකුලට ඉන්ජෙක්‌ෂන් එක විදින්න කියලා. ඒ එක්‌කම මට සිහිය ආවා."

    "පසුව දැනගන්න ලැබුණා සිහිය එන්න තත්ත්පර ගණනකට පෙර කළු සෙවණැලි වගයක්‌ මාව අල්ල ගත්තා කියලා කෑගහලා තියෙනවා කියලා. ඇත්තටම මට පුදුමයි සිහි නැතිව හිටපු විනාඩි ගණනාව තුළ මම ලබපු අත්දැකීම. මට තවමත් හරියට හිතා ගන්න බැහැ ඒ විනාඩි කිහිපය තුළ මොන වගේ තැනකද හිටියේ කියලා. හැබැයි එකක්‌ මට හිතාගන්න පුළුවන්. ඒ එලොව ගිහින් මෙලොව ආවා කියලා..."

    ගයාන් සමරසිංහ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පෙර මතකය මුසුව යටි හිතේ දේවල් පෙනීමක් ද? :rolleyes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    "එහෙම තව ටිකක්‌ දුර යනකොට මට පෙනුණා කළු සෙවණැලි ගොඩක්‌ තියෙනවා. ඒ ගොල්ලෝ මාගේ ළඟට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කලු සෙවණැලි දැක්‌කම මට බය හිතුණා.

    "කලු සෙවණැලිවලින් පෙණුනේ මහ භයානක පෙනුමක්‌.

    "එක පාරටම කළු සෙවණැලි දෙකක්‌ ඇවිත් මාව අල්ල ගත්තා. මම ගොඩක්‌ බය වුණා. බය වැඩිකමට මම කෑගහන්නත් උත්සහා කළා. ඒත් කෑගහගන්න බැරිවුණා.

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඔය දිවයින පත්තරේම "ගොන්ජා" කියන දේශපාලකයා කරපු අපරාදයක් හෙලිකරල තියෙනවා..ත්‍රෙඩ් එකක් ඒකට දාලද කලින්..සත්ය සිදුවීමක්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    නෝමන් කියන්නේ පෑනයි පත්තරෙයි කියන්නේ මුලුලෝකෙම කියලා හිතන තමාගේ වැඩ අතිසොක්තියෙන් අදහන, මම තමා පොර කියල හිතන මනුස්සයෙක් ... මේ කියල තියන සියලුම දේවල් අපි කලින් කියවල තියන (එඩ්ගා කේශී වගේ අයගෙන් ) හැමෝම දන්නා කථා ටිකක් නේ . කොමා එකකිනුත් මු බොරු NEWS එකක් හදන්න හදනවා :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෝමන් කියන්නේ පෑනයි පත්තරෙයි කියන්නේ මුලුලෝකෙම කියලා හිතන තමාගේ වැඩ අතිසොක්තියෙන් අදහන, මම තමා පොර කියල හිතන මනුස්සයෙක් ... මේ කියල තියන සියලුම දේවල් අපි කලින් කියවල තියන (එඩ්ගා කේශී වගේ අයගෙන් ) හැමෝම දන්නා කථා ටිකක් නේ . කොමා එකකිනුත් මු බොරු NEWS එකක් හදන්න හදනවා :lol:

    :no::no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    "එහෙම තව ටිකක්‌ දුර යනකොට මට පෙනුණා කළු සෙවණැලි ගොඩක්‌ තියෙනවා. ඒ ගොල්ලෝ මාගේ ළඟට එන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කලු සෙවණැලි දැක්‌කම මට බය හිතුණා. ඒ එක්‌කම තවත් පැත්තක හිටියා සුදු සෙවණැලි ගොඩක්‌."

    "කලු සෙවණැලිවලින් පෙණුනේ මහ භයානක පෙනුමක්‌. සුදු සෙවණැලි ප්‍රියමනාපයි. ඒ ගොල්ලෝ මට කතා කරනවා වගේ දැණුනා ඒ පැත්තට එන්න කියලා. ඒ පැත්තට යන්න මම උත්සාහ කළා. ඒත් මට යන්න බැරිවුණා."

    "එක පාරටම කළු සෙවණැලි දෙකක්‌ ඇවිත් මාව අල්ල ගත්තා. මම ගොඩක්‌ බය වුණා. බය වැඩිකමට මම කෑගහන්නත් උත්සහා කළා. ඒත් කෑගහගන්න බැරිවුණා. ඒ සමඟම සුදු සෙවණැලි ඇවිත් මාව බේර ගත්තා."

    "සුදු සෙවණැලි අත් දෙකෙන් යමක්‌ වහනවා වගේ වහලා තමයි මාව බේර ගත්තේ. එහෙම බේර ගත්ත මාව බෙනයක්‌ ඇතුළට වීසි කළා. බෙනයක්‌ කිව්වට ඒක විශාල ලස්‌සන එකක්‌. ඒක ඇතුළෙ අමුතුම ලස්‌සන පාටක්‌ තිබුණෙ. ඒ වගේම පිවිතුරු සුවඳකුත් දැනුණා. හිතා ගන්න බැරිවුණා කොහෙද මම ඉන්නේ කියලා. ඒත් හැබැයි මට කිසිම වේදනාවක්‌ දැනුණේ නැහැ. කියා ගන්න බැරි තරමේ සුන්දර ලෝකයක ඉන්නවා කියලා තමයි මට දැනුණේ..."

    "ටික වේලාවක්‌ ඒ බෙනය ඇතුළේ ඉන්නකොට මට බය හිතුණා. ඒ එක්‌කම මම කෑගහන්න උත්සාහ කළා. ඒ පාර මොනවදෝ වචන වගයක්‌ මාගේ කටින් පිටවුණා වගේ කියලා මට දැනුණා. ඒ සමඟම මට ඇහුණා දොස්‌තර කෙනෙක්‌ කියනවා වම් කකුලට ඉන්ජෙක්‌ෂන් එක විදින්න කියලා. ඒ එක්‌කම මට සිහිය ආවා."

    "පසුව දැනගන්න ලැබුණා සිහිය එන්න තත්ත්පර ගණනකට පෙර කළු සෙවණැලි වගයක්‌ මාව අල්ල ගත්තා කියලා කෑගහලා තියෙනවා කියලා. ඇත්තටම මට පුදුමයි සිහි නැතිව හිටපු විනාඩි ගණනාව තුළ මම ලබපු අත්දැකීම. මට තවමත් හරියට හිතා ගන්න බැහැ ඒ විනාඩි කිහිපය තුළ මොන වගේ තැනකද හිටියේ කියලා. හැබැයි එකක්‌ මට හිතාගන්න පුළුවන්. ඒ එලොව ගිහින් මෙලොව ආවා කියලා..."

    ගයාන් සමරසිංහ

    කළු සෙවනැලි දොස්තරලගෙ. සුදු සෙවනැලි නර්ස්ලගෙ. ඉතිරිටික පැහැදිලි කරන්න ඕනෙ නෑනෙ:rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සුවර් එකට ගංජ සොට් එක සැරටම වදින්න ඇති.:oo:ක්ලෝරීන් දාල ගංජ ගහල වගේ.