ක්ලින්ටන් පරාජය වීම...
ක්ලින්ටන් පරාජය වීම...
14 November 2016
කතුවැකිය
ඡන්දයෙන් පසු චන්ද්‍රිකාගේ බොහීමියානු මිතුරන් රැළක් මුදල් හම්බ කිරීමේ ව්‍යාපෘතියට ඉතා දැනුවත්ව ඇතුළු විය Sri Lanka Telecom සිටAir Lanka දක්වා බොහෝ ආයතන පෞද්ගලික අංශයට ලබා දුන්නේය. හැරී ජයවර්ධන ‘අර ළමයාට උදව් කළ යුතු යැයි’ යන තේමාව යටතේ Raw Cash සහිත ආයතන සියල්ල මිලට ගත්තේය. සනත් ගුණතිලකගේ සිට සරත් සිල්වා දක්වා රෝමියෝලා විසින් දේශපාලන ක්ෂේත්‍රය නිර්නාමිකව පාලනය කළේය. වයඹ ඡන්දයේ සිට අනෝජාගේ නිවස ගිනිතැබීම හරහා රූකාන්තලාගේ කොණ්ඩ පිච්චීම දක්වා විහිළු සමාජය පුරා පැතිරී ගියේය. යුද්ධය අලුත් වටයකින් නිමා කර ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී කොටස් බල සබඳතාවල ඉස්මත්තට යමින් චන්ද්‍රිකා බලයෙන් පහ විය. අවසානයේ සිවිල් සමාජය විහිළුවක් බවට පත් වී කුමාර් රූපසිංහ ඡායාරූප ප්‍රදර්ශන පවත්වන්නකු බවට පත් විය.
අමෙරිකාවේ වයසින් මුහුකුරා ගිය මිනිසුන් හිලරි ක්ලින්ටන්ව ගෙදර යැව්වේ ඇය ‘හුදු ගැහැනියක්’ පමණක් නිසා නොවේ. අමෙරිකානු භූමියේ මිථ්‍යාමතික ගුප්ත ආරක්ෂකයා ගොපලු කොල්ලාය. ගොපල්ලන් ස්ත්‍රියක් තම බලයේ කේන්ද්‍රයට රැගෙන නොඑන බව පුදුමයට කාරණයක් නොවේ.
1994 වර්ෂයේ චන්ද්‍රිකාගේ ශරීරයේ එල්ලන ලද සියලුම පරමාදර්ශ සිවිල් අයිතිවාසිකම් ගැන කතා කරන පිරිමින් හිලරිගේ පිටේ ද ඇලවූ නමුත් ඇය පරාජය විය. මතුපිටින් ප්‍රකාශ කරන දෙයට වඩා සඟවා කරන දෙය බලවත් බව සාමාන්‍ය මිනිසුන් හොඳින් වටහාගෙන ඇත.
රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙළ ද මතුපිටින් එකක් කියා ඇත්තට වෙන දෙයක් කරන ආකාරයේ එකකි. ඇපලෝ නමින් කලින් හැඳින් වූ දැනට ලාභ ලබන රජයට අයිති දේපළ දෘශ්‍යමානයට අනුව විකුණන්නේ නැත කීවත් රහසින් එය විකිණීමට තීරණය කර ඇත. බම්බලපිටියේ පවතින පැරැණි තට්ටු නිවාස සංකීර්ණයට අදාළ භූමිය සංවර්ධනය කර අලුත් ගොඩනැගිල්ලක් සෑදීමට තීන්දු කර ඇත. ඒ සඳහා චීන ආයෝජකයෙක් සහ ඉන්දීය ආයෝජකයෙක් Bid කර ඇත. කාට දිය යුතුද යන්න අවසානයට තීරණය කරන්නේ අගමැතිතුමාය. මේ අදහස නරකය. රජයේ ඉඩම් සංවර්ධනය කර වාණිජ මට්ටමට ළඟා කරවීම විවෘත වෙළෙඳපොළ තුළ සිදු විය යුතුය. ඒ සඳහා ටෙන්ඩර් කැඳවිය යුත්තේ පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා ය. නමුත් එසේ කරන්නේ නැත. සිවිල් සමාජය කෙතරම් යටිගිරියෙන් කෑගැසුවත් තවම උතුරට බලය බෙදීමක් ගැන කතාවක් නැත. ලංකාවේ ‘බලය’ බෙදීම සරල නැත. ඒ සඳහා ජාතිවාදය පරදවන, හොරකම් නොකරන, කියන දෙය කරන ආණ්ඩුවක් රටට අවශ්‍යය.
පෙනෙන ආකාරයට ලැබී ඇත්තේ පතෝල ආණ්ඩුවක් ය. ගම්මිරිස් වැනි කට පුච්චා ගෙන යන ප්‍රශ්න තොගයක් සහිත රටක පතෝල උත්තර ගැළපෙන්නේ නැත. දයා ගමගේ බුදු පිළිම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යන්නේ උතුරට දේශපාලන විසඳුමක් ලබා දීමට කැමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඇතුළේ සිටය. දයා ගමගේ යනු දේශපාලනය හරහා ව්‍යාපාර කරන පුද්ගලයෙක් බව රනිල් හොඳින් දනියි.
දයා ගමගේ මේ කරන කැත වැඬේ රනිල් ඉවසන්නේ අනිත් පැත්ත Balance කරන්නට විය හැකිය. සජිත් ප්‍රේමදාසගේ වීඩියෝව මාධ්‍යවලට නිකුත් වන්නේ ද Balance කිරීමට විය හැකිය. (තමන් කරන්නේ කුමක්ද කියා ඔවුහු හොඳින් දනිති. නමුත් ඔවුහු එයම කරමින් සිටිති) හිලරි ක්ලින්ටන් ඡන්දයෙන් පරාජය වෙන්නේ මේ නරුමවාදී දේශපාලන හේතුවෙනි. රනිල් වික්‍රමසිංහ යනු ජාතිවාදියකු නොවේ. නමුත් සමාජ බලවේග ක්‍දබඑරදක කිරීම වෙනුවෙන් ‘ජාතිවාදය’ උපායිකව යොදා ගන්නා පුද්ගලයෙකි. නමුත් වැරැදිලාවත් මේ නරක පුරුද්ද නිසා වැරැදි දෙයක් වුණොත් මහින්ද නිසා ජවිපෙට අත් වූ ඉරණම ම රනිල්ට ද අත්වනු නියතයි. එහි දී සජිත්ගේ ආණ්ඩුවක ඇමැති පදවියක් දැරීමට දයා ගමගේට කිසිම බාධාවක් නැත. ප්‍රතිපත්ති වෙනුවට පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික අභිලාෂ ඉෂ්ට කරගන්න උත්සාහ කිරීම අහම්බයක් නොවේ. විමල් වීරවංශ අනෙකාට බෙදපු හැන්දෙන් අනෙකා දැන් ඔහුට බෙදමින් සිටී. උතුරේ සංවේදී ගැටලුව ගැන සෙල්ලම් කරන ව්‍යාපාරිකයෙක් වන දයා ගමගේ විසින් අවසානයට විනාශ කරන්නේ රනිල්වය. චන්ද්‍රිකාව ආරක්ෂා කරන්න අවසානයට සනත් ගුණතිලක ආවේ නැති බව ‘සිනහව අතරින්’ අපි දැක්කෙමු.
ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ලැබුවේ ද්විපාක්ෂික ක්‍රමය තුළ සමාජයේ තහවුරු වූ නරුමවාදී දේශපාලනය මිනිසුන්ට එපා වූ නිසාය. රනිල් වික්‍රමසිංහගේ උපාය මාර්ගික සගයා දයා ගමගේ නම් අලුත් ව්‍යවස්ථාවේ මතවාදය සකස් කිරීමට සහය දෙන ලාල් විජේනායක මහතාගේ අනාගතය අඳුරුයි. 2020 දී ඡන්ද දිනන්න 2016 දී ගහන Gameවලින් 2020 දී පරදින්න පිළිවන. මන්ද මේ Game යනු Politics නොවේ. මිනිස්සු 2020 දී ලංකාවේ දී ට්‍රම්ප් දිනෙව්වොත් දේශපාලන විසඳුමක් මුලින් දිය යුතු වන්නේ සිවිල් සමාජයටය. මන්ද, එවැනි යුගයක ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්න කිසිවකු නැති නිසාය.
ක්ලින්ටන් පරාජය වීම...
14 November 2016
කතුවැකිය
1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් වූයේ දහසක් බලාපොරොත්තු මැදය. වසර 17ක පාපයෙන් රට ගලවා ගැනීම අංක එක විය. උතුරට දේශපාලන විසඳුමක්, ධනවාදයට මානුෂික මුහුණක්, 89 අරගලයේ දී නීතිය ඉක්මවා කළ අපරාධවලට සහභාගී වූ රජයේ නිලධාරීන්ට චෝදනා ඉදිරිපත් කිරීම, විනයගත පාලනයක් යනාදී පොරොන්දු මල්ලක් චන්ද්‍රිකාගේ අත්බෑගයේ විය.
නමුත් රටට උරුම වූයේ කුමක්ද?