ක්ෂයරෝගය - Tuberculosis

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.



    ක්ෂයරෝගය කියන්නේ Mycobacterium tuberculosis කියන බැක්ටීරියාව මගින් වැළඳෙන රෝගයක්. මේ රෝගය බහුලවම බලපාන්නේ පෙනහලු වලට උනාට සිරුරේ වෙනත් අවයව වලටත් බලපාන්න පුලුවන්කමක් තියෙනවා. උදා : මොලය, වකුගඩු.

    මේ බැක්ටීරියාව පැතිරෙන්නේ වාතය මගින්. බෝවෙන ක්ෂයරෝගය වැළඳුණු කෙනෙක් කැස්සම, කිවිසුම් ඇරියම පෙනහලු වල ඉන්න බැක්ටීරියා
    විශාල ප්‍රමාණයෙන් ඉතා කුඩා බිඳිති ලෙස වාතයට පිට වෙනවා. නිරෝගි පුද්ගලයෙක් මේ බිඳිති ආශ්වාස කරාම මේ බැක්ටීරියාවන් ඔහුගේ පෙනහලු වලට ඇතුල් වෙලා වර්ධනය වෙන්න ගන්නවා.

    නමුත් බැක්ටීරියාවන් ඇතුල් වෙන හැම කෙනෙක්ටම ක්ෂයරෝගය වැළඳෙන්නේ නැහැ. ඇතුල් වෙන අයගෙන් 10%කට වගේ තමයි ලෙඩේ හැදෙන්නේ. අනිත් අයගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය
    මගින් බැක්ටීරියාව තව තව වර්ධනය වෙලා පැතිරෙන එක වළක්වනවා. බැක්ටීරියාවන් පෙනහැලි වල අක්‍රියව රැඳී ඉන්නවා.

    මෙහෙම අක්‍රියව ඉන්න කාලෙ වෙනත් කෙනෙකුට රෝගය බෝවීමක් වෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය දුර්වල වෙන වෙලාවක් ආවොත් ආයි ක්‍රියාත්මක වෙලා රෝගය ඇති කරන්න පුලුවන්.
    උදා : HIV ආසාදනය වීම, දිගුකාලීන ස්ටීරොයිඩ් ඖෂධ භාවිතය, මන්දපෝෂණය, දිගුකාලීනව මද්‍යසාර වලට ඇබ්බැහි වීම, දියවැඩියාව.

    බැක්ටීරියා සක්‍රිය වෙලා රෝගය වැළඳිලා ඉන්න පුද්ගලයෙක් එක්ක සමීප, දිගුකාලීනව ඇසුරක් පවත්වා ගන්නා කෙනෙක්ට රෝගය බෝවීමේ හැකියාව වැඩී. රෝගී පුද්ගලයන් බෙහෙත් ගන්නේ නැතුව හිටියොත් අවුරුදු 5කට පස්සේ රෝගීන් 50%ක් පමණ මිය යන්න පුලුවන්. පෙනහලු වල සිදුරු ඇති වීමක් සිදු වෙනවා.

    ක්ෂයරෝගයේ රෝග ලක්ෂණ :

    1. දිගුකාලීන කැස්ස - සති 3කට වඩා පවතින කැස්ස
    2. සෙම සමඟ ලේ පිට වීම
    3. පපුවේ වේදනාව
    4. හුස්ම ගැනීමේ අපහසුව
    5. උණ සහ රාත්‍රියට දහඩිය දැමීම
    6. කෑම අරුචිය
    7. බර අඩු වීම
    8. තෙහෙට්ටු ගතිය

    ක්ෂයරෝගියෙක්ට මෙවැනි රෝග ලක්ෂණයක් හෝ ලක්ෂණ කීපයක් තියෙන්න පුලුවන්. මෙවැනි ලක්ෂණ තියෙනව නම් හැකි ඉක්මනින් ළඟම රෝහලට හෝ ළය චිකිත්සාගාරයට යන්න.

    ක්ෂයරෝගය යැයි සැක කරන රෝගියෙක්ගේ සෙම සාම්පල් ලබා ගෙන ඒවායේ මේ විශේෂ බැක්ටීරියාව ඉන්නවද කියල අන්වීක්ෂය මගින් පරීක්ෂා කරල බලනවා. සෙම සාම්පල් ලබාගන්නා ක්ලිනික් එකට ඔබව යොමු කිරීමක් කළාට පස්සේ එතනට යන පළමු දවසේ එක සාම්පලයක් එයාලගේ නිරීක්ෂණය යටතේ අරන්, ඊළඟ දවසේ උදේ නැගිට්ට ගමන් තව සාම්පලයක් ගෙදරදී ලෙඩාට අරන් එන්න කියනවා. එය ලබා ගන්නා
    ආකාරය ගැන උපදෙස් එතනින් ඔබට ලබා දෙනවා. දෙවෙනි දිනයේ උදෑසන සෙම සාම්පලය අරන් ආවට පස්සේ එදිනම තව සාම්පලයක් ලබා ගන්නවා. මෙහෙම සෙම සාම්පල් තුනක්ම අරන් බැක්ටීරියා ඉන්නවද බලනවා.

    සෙම සාම්පල් ගැනීමට කට පළල් හොඳින් වැසිය හැකි මූඩියක් සහිත ලේබල් කරන ලද කුඩා කෝප්පයක් ඔබට ලබා දෙනවා.
    උදෑසන සාම්පලය ගැනීමේදී උදේ නැගිට්ට ගමන් සාමාන්‍ය වතුරින් කට හෝදල,
    ජනේලයක් වැනි වාතාශ්‍රය එන තැනක සිට, ගෙදර අනිත් අයගෙන් ඈත් වෙලා දෙතුන් වතාවක් හොඳට ගැඹුරු හුස්ම ගන්න.
    ඊට පස්සේ හොඳට කැහැලා පපුවෙන් එන සෙම අඩුම ගානෙ 2ml ප්‍රමාණයක් වත් කෝප්පයට එකතු කරගන්න.
    කටේ තියෙන කෙල හෝ නහයෙන් එන ස්‍රාවයන් කෝප්පයට දාලා වැඩක්
    නැහැ.
    අවශ්‍ය ප්‍රමාණයට සෙම එනකන් දෙතුන් පාරක් කැහැල සෙම එලියට ගන්න. ඊට පස්සේ කෝප්පය මූඩිය හොදින් තද වෙන විදියට වහන්න.

    මේ අතරතුර පපුවේ X-ray පරීක්ෂණයක් සහ Mantoux (මාන්ටු) පරීක්ෂාවද කරනවා. මාන්ටු පරීක්ෂාවේදී කරන්නේ PPD (Purified protein derivative) යන ද්‍රවය 0.1 ml ප්‍රමාණයක් කුඩා එන්නත් කටුවක් මගින් අතේ වැලමිටට යටින් ප්‍රදේශයේ සමේ ඇතුල් ස්ථරයට විදින එක. මෙය
    වෛද්‍යවරයෙක් හෝ පුහුණු හෙදියක් විසින් කරාට පස්සේ පැය 72කින් පස්සේ නැවත පරීක්ශා කරගන්න ලෙඩාට එන්න කියනවා. විදපු තැන රතු වීමක් හා කුඩා එසවීමක් ඇති වෙන්න පුලුවන්. පැය 72කට පසු ඇති වූ එසවීම මැන බැලූ විට විශ්කම්භය 10 mm හෝ ඊට වැඩී නම් මාන්ටු ටෙස්ට් එක පොසිටිව් කියල ගන්නවා.

    නමුත් මේකෙන් ක්ෂයරෝගය ගැන ඉඟියක් විතරයි ගන්න පුලුවන්. හරියටම සක්‍රිය රෝගය වැළඳී ඇතැයි කියන්න බැහැ. BCG එන්නත විදපු කෙනෙක්ටත් මේක පොසිටිව් වෙන්න පුලුවන්.
    ඒවගේම HIV ආසාදිතයින්ට, මන්දපෝෂණය, දරුණු බැක්ටීරියා ආසාදන ක්ෂයරෝගයද ඇතුලුව, වෛරස් ආසාදන උදා : චිකන්පොක්ස්, සරම්ප,
    පිළිකා සහ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ ගන්න අයගේ මේ මාන්ටු ටෙස්ට් එක වැරදි ආකාරයෙන් නෙගටිව් ලෙස පෙන්වන්නත් පුලුවන්.

    මීට අමතරව Sputum culture එකක් කරල සෙම වල ඉන්න බැක්ටීරියාවන් විශේෂ මාධ්‍යයක වගා කිරීමෙන් ඔවුන් වර්ධනය උනොත් කල්චර් පොසිටිව් කියල ගන්නවා. නමුත් කල්චර් පරීක්ෂාවේ ප්‍රතිපල එන්න සති 6-8ක් අතර කාලයක් ගත වෙනවා. එතකන් ඉන්න බැරි නිසා කලින් කියපු සෙම සාම්පල්
    තුනෙන් දෙකක බැක්ටීරියා සිටියොත් හරි තුනෙන් එකක හරි බැක්ටීරියා ඉඳල එක්ස් රේ පරීක්ෂාවේ අදාල වෙනස්කම් තිබුනොත් හරි ප්‍රතිකාර පටන් ගන්නවා​
    .
     
    Last edited: