ක්ෂය රෝගය හොයන්න මීයෝ එති

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ක්ෂය රෝගය හොයන්න මීයෝ එති

    ක්ෂය රෝගය හඳුනා ගැනීමට සහ බිම් බෝම්බ තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා මීයන් පුහුණු කිරීමේ වැඩ සටහනක් ටැන්සානියාවේ ක්‍රියාත්මක කැර ඇත.
    හොර ගති ඇති මීයා රෝග බෝකරන්නකු ලෙස ප්‍රකටය. මේ සඳහා මීයන් යොදා ගැනීමෙන් මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකියාව ඇතැයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ටැන්සානියාවේ ඇපෝ සංවිධානයේ ප්‍රධාන් බාර්ට් විට්ජෙන්ස් පවසයි.
    විට්ජෙන්ස් පවසන්නේ තමන් විසින් පුහුණු කර ඇති මීයන්ට පැයකට වර්ග අඩි 200 ක් පරික්ෂා කිරීමට හැකි බවයි. මෙම ප්‍රමාණය අතින් පරික්ෂා කිරීමට පැය 50 ක් ගතවේ. ක්ෂයරෝගය අනාවරණය කිරීමේ පරික්ෂා කිරීමට පුහුණු කර ඇති මීයන්ට මිනිත්තු 8 කදී සාම්පල 50 ක් පරික්ෂාකර හැකිය. මෙම ප්‍රමාණය රසායනාගාර කාර්මිකයෙකුට පරික්ෂා කිරීමට දවසක් පමණ ගතවේ.
    මෙලෙස මීයන් පුහුණු කිරීමේ දී මීයන් පැටවුන් කාලයේදී මිනිසුන් සමග ගැවසීමට ඉඩසලසයි. පසුව මෙම මීයන්ට රටකජු හෝ කෙසෙල් දීමෙන් තෘප්තිමත් කරති. ඊට පසු පුපුරණ ද්‍රව්‍ය හෝ ක්ෂය රෝග සාම්පල ඉවකර හඳුනා ගැනීමට සලස්වයි.
    ක්ෂය රෝගය හඳුනා ගැනීම පුහුනු කරණු ලබන්නේ මීයන් රසායනාගාර තුල තබාගනිමිනි. ඒ පුහුණුව මාස හයකි. බිම් බෝම්බ සොයා ගැනීමට පුහුණු කරණු ලබන මීයන් පළමුව වැලි පිරවු පෙට්ටියක් අතරට යවයි මෙහි ටීඑන්ටී වැනි පුපුරණ ද්‍රව්‍ය ඉවකිරීමට යොමු කෙරේ. මෙම කටයුත්ත සඳහා මීයන් මාස නමයක් පුහුණු කෙරේ.
    ඇති තරම් මීයන් සිටින බැවින් මේ කාර්යයට මීයන් යොදා ගැනීම ඉතා ලාබදායි බවයි. බල්ලන් මේ සඳහා පුහුණු කිරීමට ඊට වඩා තුන්ගුණයක් වැය කිරීමට සිදුවන බව ද ඇපෝ සංවිධානය කියයි. මීයන් ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු බැවින් අවශ්‍ය තැනට ප්‍රවාහනය පහසු බව ද එම සංවිධානය පෙන්වාදෙයි.


    Hero-rats-1.jpg


    Hero-rats-2.jpg


    ලංකාදීප