Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්රිකට් උන්මාදේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්රිකට් උන්මාදේ

ක්රිකට් උන්මාදේ බලව් කළ අපරාදේ

ක්රිකට් උපන්නේ එංගලන්තයේය. මහත්වරුන්ගේ ක්රීඩාව ලෙස මෙය ප්රකටව ඇත්තේ සුදු දිග්කලිසමත් සුදු කමිසයත්, සපත්තු කුට්ටමකුත් දමා හෙල්මට් පැළඳ ක්ලීන් සූට් පිට කරන සෙල්ලමක් නිසාය.

එංගලන්ත යටත් විජිත බවට පත්වූ බොහෝ රටවලට මේ ක්රිකට් ක්රීඩාව පැතිර ගියේ සීත කාලයේදී, හිරු එළිය සොයා ආසියාවට, අප්රිකාවට ගිය සුද්දා ඒ රටවලදී ක්රිකට් ගසන්නට පටන්ගත් පසුවය. සුද්දා ක්රිකට් ගසද්දී හතරේ සීමාව ඉක්මවා යන පන්දු අහුලන්නට එකල ශ්රී ලාංකිකයන්ට අවස්ථාව ලැබිණි. කොහොමින් කොහොම හෝ සුද්දාගේ ක්රිකට් ක්රීඩාව දුටු මෙරට තරුණයන්ද ලෙදර් බෝල වෙනුවට කදුරු ගෙඩියක්ද, ලෙදර් පිත්ත වෙනුවට පොල් පිත්තක්ද ගෙන ක්රිකට් ගසන්නට ගත්තේ එහි අපූර්වත්වයක් තිබූ නිසාය.

ඕවර්, නෝබෝල්, අවුට්, කැච් ආදී වචනද වයිඩ් යන වචනද එක දෙක අහුලාගත් ගමේ තරුණයන්ද ක්රිකට් ගසා, ලොකු සතුටකුත් ක්රීඩාවේ ආශ්වාදයත් විඳ ගත්හ.

මෙහෙම රටට හුරු වූ ක්රිකට් පසුව කොළඹ ඇතුළු ජනප්රිය පාසල්වල ප්රධාන ක්රීඩාවක් බවට පරිවර්තනය වූයේද සුද්දාගේත් සුද්දන්ගේ දරුවනුත් පාසල් වල ක්රිකට් ගසන්නට වූ පසුවය.

82 දී ශ්රී ලංකාවට ටෙස්ට් වරම් ලැබිණි. එකල රටේ ජනාධිපති වූ ඡේ. ආර්. ජයවර්ධනත්, ඇමැති ගාමිණී දිසානායක මහතාත් ක්රිකට් වලට විශාල කැමැත්තක් දැක්වූවා පමණක් නොව ක්රිකට් ක්රීඩාව මෙරට ජනප්රියම ක්රීඩාව බවට පත් කරන්නට පාර කැපුවේය.

මෙරට ටෙස්ට් ක්රිකට් කණ්ඩායම හරි අපූරුවට හිස ඔසවමින් තිබියදී ප්රකට අප්රිකන් සංචාරය නිසා මෙරට ප්රධාන පෙළේ ක්රිකට් ක්රීඩකයන් රැසකට ක්රිකට් තහනම් ක්රීඩාවක් බවට පත්විය. ඒ වර්ණවාදී ගැටුම උත්සන්නව තිබූ සමයය. පසුව යළි ශ්රී ලංකා ක්රිකට් පිල හිස ඔසවා ආසියානු ශූරතාව දිනාගත් විට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සතුට වැඩිකමට රජයේ නිවාඩු දිනයක්ද ප්රකාශ කර මේ ක්රිකට් ජයට විශාල වටිනාකමක් එක් කළේය.

එතැන් පටන් ක්රිකට්, රටේ ජාතික ක්රීඩාව තරමටම රටේ තරුණ පිරිස් වෙත ළංවිය.

නෝබෝල්, නිපන්දුව බවටත්, කැච් එක උඩ පන්දුව ආදී වශයෙන් ක්රීඩාවට සිංහල වචනද එක් කෙරිණි.

ඕවර් පනහේ තරගද ටෙස්ට් තරගද එකසේ ජනප්රිය වෙද්දී දිවා රාත්රි ක්රිකට් තරග වලට ක්රිකට් ලෝලීන් විශේෂ කැමැත්තක් දක්වන්නට වූහ.

කදුරු ගෙඩියට පොල්පිති පහර දුන් ගමේ කොල්ලන්, කොළඹ ක්රීඩා සමාජ වලට බැඳී ඉහළට එද්දී ක්රිකට් ලෝකය කනපිට හැරිණි. සීමිත පන්දුවාර තරගවලදී මුල් පන්දු ඕවර පහළොව සෙමින් ලකුණු රැස්කිරීම නවතා එවන එවන බෝලයට අපේ කොල්ලෝ හය හතර ගසන්නට වූ කල සුද්දොa අන්ද මන්ද වූහ. බැරිම තැන ලංකාවේ කොල්ලන්ව අනුකරණය කළ සුද්දොa පළමු පන්දුවේ සිටම වැරෙන් පහර දෙන්නට පටන් ගත්හ.

පන්දු ඕවර පනහේ තරග ආවේ ඊට පසුවය. ටුවෙන්ටි, ටුවෙන්ටි තරග දැන් හරි ජනප්රියය. අයි. පී. එල්. මෙන්ම එස්. පී. එල්. බී. පී. එල්. ආදී වශයෙන් රටවල ප්රීමියර් ලීග් තරගමාලාද ආවේ ඒ අනුවය.

ක්රිකට් උන්මාදය පැතිර ගියේ එලෙසිනි. ක්රිකට් යනු දැන් මුදල් මවන යන්ත්රයක් බඳුය. තම පුතු දොස්තර ඉංජිනේරුවකු වනු දක්නට කැමති වූ දෙමාපියන් දැන් වඩාත් කැමැති පුතා දක්ෂ ක්රිකට් ක්රීඩකයකු වනු දැකීමටය. ඒ තරමටම ක්රිකට් ගසා ඉහළටම ඒමට හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ.

ඒ නිසාම ක්රිකට් උන්මාදයකුත් පැතිර ගොස් තිබේ. පසුගිය ඉරිදා (07 වැනිදා) අවසන් වූ විස්සයි විස්සේ ලෝක ක්රිකට් ශූරතා තරගාවලිය අවසානයේ වූ දේවල් දෙස බැලීමේදී අනේ අපොයි කියා සිතේ. හේතුව ක්රිකට් නිසා ක්රිකට් වලට ලොල් වූ ආශා කළ ප්රේම කළ හය දෙනකු නිකරුණේ මිය පරලොව යැමය.

ඉන්දියාව, පාකිස්තානය ආදී රටවල නම් ක්රිකට් උන්මත්තකයන් පිළිබඳ කතා නිතර ඇසේ. නමුත් ශ්රී ලංකාවේ ඒ තත්ත්වය පෙර නොවූ සේ මතුවූයේ පසුගිය විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අවසානයේදීය. ශ්රී ලංකාව හා කොදෙව්වන් අතර පැවැති අවසාන මහ තරගාවලිය බලන්නට ක්රිකට් ලෝලීන් පොර කෑහ. තරගය පැවැති කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයට අතුරු සිදුරු නැතිව ක්රිකට් ලෝලීන්

රැස්වූයේ ශ්රී ලංකාව අනිවාර්යයෙන් කුසලානය දිනන බව කියමිනි. සමහරු ඔට්ටු ඇල්ලූහ. තවත් අය නිවසේ රූපවාහිනිය අසලට වී තරගය නැරඹුවේ සතුටිනි. මුලින්ම පිති ප්රහාරයට පැමිණි කොදෙව්වෝ එකා පිට එකා දැවී යද්දී කොයි කවුරුත් සතුටු වූයේ කමෝන් ශ්රී ලංකා, ඔහොම යං, ඔහොම යං කියමිනි. කොදෙව්වෝ ඕවර විස්සට ලකුණු එකසිය තිස් හතක් ලබාගත් විටත් ශ්රී ලාංකික ක්රිකට් ලෝලීන් සිතුවේම ලේසියෙන්ම එම ලකුණු ඉක්මවා ගොස් කප් එක අපි උස්සනවා යෑයි කියමිනි.

සියල්ල උඩුයටිකුරු විය. ඒ අතර කැස්සට දෙන කොරෙක්ස් පානය කර එයින් අමුතු මත්වීමක් ලබමින් තරගය නැරඹූ හිරිමල් තරුණයන් තිදෙනකු තරගයේ ජය පරාජය විසඳෙන්නටත් පෙර සිය ජීවන තරගයෙන් පරාජය ලබා තිබිණි. එලෙස මියගියේ කඩුවෙල රචිත දිල්ශාන්, චමෝද් මුතුමාල, මුල්ලේරියාවේ කසුන් මධුසංඛය.

මෙලෙස මියගිය රචිත ක්රිකට් ලෝලියෙක් පමණක් නොව ක්රිකට් ක්රීඩකයෙකි. ඒ දරුවන් තිදෙනා ගංජා පානය කර ඒ මතට තවත් මත එක්කාසු කරන්නට කොරෙක්ස් පානය කර තිබේ. කොරෙක්ස් යනු කැස්සට දෙන බෙහෙත් වර්ගයකි. කොරෙක්ස් අළවිය තහනම් කිරීමටද මෙම මරණ තුන හේතු විය.

මෙවර විස්සයි විස්ස මහ තරගය අවසානයේදී හැටන් හි මහේන්ද්රන් නම් තිස්හත් හැවිරිදි අයකු ගෙල වැලලාගෙන මිය ගියේය. අධික ලෙස මත්වතුර බී මිතුරකුගේ නිවසේ ක්රිකට් තරගය නැරඹූ ඔහු ශ්රී ලංකාව පරාද වූ පසු නිවසට පැමිණ එල්ලී මියගොස් තිබිණි. එක්කෝ ඔහු කා සමග හෝ ඔට්ටු අල්ලා ඔට්ටුව පැරදී දිවි නසා ගත්තේද, නොඑසේනම් ක්රිකට් පරාජය දරාගත නොහැකි වූයේද යන්න අප දන්නේ නැත. ඔහුගේ ඥතීන් නම් පොලිසියට කියා තිබුණේ ක්රිකට් තරගයෙන් ශ්රී ලංකාව පරාජයට පත් වූ සිත්තැවුලෙන් ඔහු මියගිය බවකි. ඉතා දුප්පතකු වන මහේන්ද්රන් ක්රිකට් ක්රීඩාවට අසීමිත ලෙස ලොල් වූ ක්රිකට් ලෝලියකු බවද කියෑවිණි.

හංවැල්ල, හිරිපොල ලක්ෂිත කාරියවසම් නම් දාහත් හැවිරිදි හිරිමල් යොවුන් වියේ සිටි තරුණයකුද අවසාන තරගයෙන් පසු ගෙල වැලලාගෙන මියගිය පුවතක් වාර්තා විණි. අනෙක් මරණය ශෝකය වැඩි වී හෘදයාබාධයකින් සිදුවූ මරණයකි. එසේ මියගියේ ප්රීතිකා රණවීර නමැති තිස්පස් හැවිරිදි ගැබිනි මවකි. ඇයද ක්රිකට් ක්රීඩිකාවකි.

කොහොමින් කොහොම හරි මෙවර විස්සයි විස්ස ලෝක ක්රිකට් ශූරතා තරගාවලිය අවසානයේ දී ක්රිකට්වලට පෙම් කළ ක්රිකට් තරග නොවැරදීම නරඹන ඔල්වරසන් දෙන විටක ජයග්රහණයෙන් සතුටු වූ පරාජයේදී දුක් වූ ශ්රී ලාංකිකයන් හය දෙනකු මිය ගියහ.

ක්රිකට් තරග හමුවේ සිදුවූ මේ මරණ අපේ රටට අලුත්ය. ඒ තරමටම ක්රිකට් වලට ලොල් වන්නේ මන්ද? මෙය ක්රිකට් උන්මාදයකි. ක්රිකට් ක්රීඩකයන් ක්රිකට් සෙල්ලම් කර ක්රීඩාශීලී ජවය ගොඩනගා ගනී. ක්රීඩාවෙන් ඔවුහු සතුටක් ලබති. ජය පරාජය කෙසේ වෙතත් ක්රිකට් ක්රීඩකයන්ට ජනප්රියත්වය තිබේ. මහජන ආදරය ලැබේ. කීර්තිය ප්රශංසා ලැබේ. මුදල් ලැබේ. විදෙස් සංචාර ලැබේ. විදෙස් තරග ලැබේ.

ක්රිකට් ලෝලියාට ලැබෙන්නේ ක්රීඩාවේ ආශ්වාදයය. දින්නත් පැරදුනත් ක්රිකට් ලෝලියාට දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත. බුකීකරුවන් හා ඔට්ටු අල්ලනව මිස සාමාන්ය ක්රිකට් ලෝලියකුට අහිමිව යන්නේ සතුට හා රටට ලැබීමට තිබූ ආඩම්බරය හා අභිමානය පමණි. අපි කොයි කවුරුත් රටට ආදරේය. ගමට ආදරේය. තම තමන්ගේ පවුලේ උදවියට ආදරේය. ඥතීන්ට මිතුරන්ට ආදරේය. අපේ රට නියෝජනය කරමින් ක්රිකට් ගසන වෙනත් තරගවලට සහභාගි වන අය දිනන විට අපට දැනෙන්නේ එය අපේ ජයක් ලෙසිනි. පැරදෙන විට අපට දැනෙන්නේ එය අපේ පරාජයක් ලෙසිනි. ක්රීඩාවේ හැටි ඒකය. ක්රීඩාවේ අපූර්ත්වයද ඒකය. ඒ අපූර්වත්වය උන්මාදයක් බවට පත්කරගත යුතු නැත. මේ ක්රිකට් තරග අදින් අවසන් නොවේ. හෙටත් ක්රිකට් ගසති.

අලුත් ක්රීඩයෝ බිහි වෙති. එනිසා අපි ක්රිකට් වේවා, වෙනත් තරගයක් වේවා, උන්මන්තකයන් සේ ඒවා වැළඳගෙන ඒ මත්තේම නැසෙන්නට පෙළඹිය යුතු නොවේ. මේ විස්සයි විස්සේ ක්රිකට් තරග අස්සේ සිදුවූ මරණ අපට පාඩමක් කියා දී තිබේ. ඒ පාඩම හරියට ඉගෙන නොගන්නේ නම් මේ උන්මාදය රටට විනකටින්නක් බවට පත්වනු ඇත.

ශිරාන් රණසිංහ

ape minissu ape rata gana hithala cricket baluwata ape team eke samahara un dollar gana hithala thama cricket gahanne.menna moo wage.

[YOUTUBE]PfsW1t3EIrU[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 13632221, member: 427884"] [b]ක්රිකට් උන්මාදේ[/b] [COLOR="Black"][SIZE="6"]ක්රිකට් උන්මාදේ බලව් කළ අපරාදේ [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]ක්රිකට් උපන්නේ එංගලන්තයේය. මහත්වරුන්ගේ ක්රීඩාව ලෙස මෙය ප්රකටව ඇත්තේ සුදු දිග්කලිසමත් සුදු කමිසයත්, සපත්තු කුට්ටමකුත් දමා හෙල්මට් පැළඳ ක්ලීන් සූට් පිට කරන සෙල්ලමක් නිසාය. එංගලන්ත යටත් විජිත බවට පත්වූ බොහෝ රටවලට මේ ක්රිකට් ක්රීඩාව පැතිර ගියේ සීත කාලයේදී, හිරු එළිය සොයා ආසියාවට, අප්රිකාවට ගිය සුද්දා ඒ රටවලදී ක්රිකට් ගසන්නට පටන්ගත් පසුවය. සුද්දා ක්රිකට් ගසද්දී හතරේ සීමාව ඉක්මවා යන පන්දු අහුලන්නට එකල ශ්රී ලාංකිකයන්ට අවස්ථාව ලැබිණි. කොහොමින් කොහොම හෝ සුද්දාගේ ක්රිකට් ක්රීඩාව දුටු මෙරට තරුණයන්ද ලෙදර් බෝල වෙනුවට කදුරු ගෙඩියක්ද, ලෙදර් පිත්ත වෙනුවට පොල් පිත්තක්ද ගෙන ක්රිකට් ගසන්නට ගත්තේ එහි අපූර්වත්වයක් තිබූ නිසාය. ඕවර්, නෝබෝල්, අවුට්, කැච් ආදී වචනද වයිඩ් යන වචනද එක දෙක අහුලාගත් ගමේ තරුණයන්ද ක්රිකට් ගසා, ලොකු සතුටකුත් ක්රීඩාවේ ආශ්වාදයත් විඳ ගත්හ. මෙහෙම රටට හුරු වූ ක්රිකට් පසුව කොළඹ ඇතුළු ජනප්රිය පාසල්වල ප්රධාන ක්රීඩාවක් බවට පරිවර්තනය වූයේද සුද්දාගේත් සුද්දන්ගේ දරුවනුත් පාසල් වල ක්රිකට් ගසන්නට වූ පසුවය. 82 දී ශ්රී ලංකාවට ටෙස්ට් වරම් ලැබිණි. එකල රටේ ජනාධිපති වූ ඡේ. ආර්. ජයවර්ධනත්, ඇමැති ගාමිණී දිසානායක මහතාත් ක්රිකට් වලට විශාල කැමැත්තක් දැක්වූවා පමණක් නොව ක්රිකට් ක්රීඩාව මෙරට ජනප්රියම ක්රීඩාව බවට පත් කරන්නට පාර කැපුවේය. මෙරට ටෙස්ට් ක්රිකට් කණ්ඩායම හරි අපූරුවට හිස ඔසවමින් තිබියදී ප්රකට අප්රිකන් සංචාරය නිසා මෙරට ප්රධාන පෙළේ ක්රිකට් ක්රීඩකයන් රැසකට ක්රිකට් තහනම් ක්රීඩාවක් බවට පත්විය. ඒ වර්ණවාදී ගැටුම උත්සන්නව තිබූ සමයය. පසුව යළි ශ්රී ලංකා ක්රිකට් පිල හිස ඔසවා ආසියානු ශූරතාව දිනාගත් විට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සතුට වැඩිකමට රජයේ නිවාඩු දිනයක්ද ප්රකාශ කර මේ ක්රිකට් ජයට විශාල වටිනාකමක් එක් කළේය. එතැන් පටන් ක්රිකට්, රටේ ජාතික ක්රීඩාව තරමටම රටේ තරුණ පිරිස් වෙත ළංවිය. නෝබෝල්, නිපන්දුව බවටත්, කැච් එක උඩ පන්දුව ආදී වශයෙන් ක්රීඩාවට සිංහල වචනද එක් කෙරිණි. ඕවර් පනහේ තරගද ටෙස්ට් තරගද එකසේ ජනප්රිය වෙද්දී දිවා රාත්රි ක්රිකට් තරග වලට ක්රිකට් ලෝලීන් විශේෂ කැමැත්තක් දක්වන්නට වූහ. කදුරු ගෙඩියට පොල්පිති පහර දුන් ගමේ කොල්ලන්, කොළඹ ක්රීඩා සමාජ වලට බැඳී ඉහළට එද්දී ක්රිකට් ලෝකය කනපිට හැරිණි. සීමිත පන්දුවාර තරගවලදී මුල් පන්දු ඕවර පහළොව සෙමින් ලකුණු රැස්කිරීම නවතා එවන එවන බෝලයට අපේ කොල්ලෝ හය හතර ගසන්නට වූ කල සුද්දොa අන්ද මන්ද වූහ. බැරිම තැන ලංකාවේ කොල්ලන්ව අනුකරණය කළ සුද්දොa පළමු පන්දුවේ සිටම වැරෙන් පහර දෙන්නට පටන් ගත්හ. පන්දු ඕවර පනහේ තරග ආවේ ඊට පසුවය. ටුවෙන්ටි, ටුවෙන්ටි තරග දැන් හරි ජනප්රියය. අයි. පී. එල්. මෙන්ම එස්. පී. එල්. බී. පී. එල්. ආදී වශයෙන් රටවල ප්රීමියර් ලීග් තරගමාලාද ආවේ ඒ අනුවය. ක්රිකට් උන්මාදය පැතිර ගියේ එලෙසිනි. ක්රිකට් යනු දැන් මුදල් මවන යන්ත්රයක් බඳුය. තම පුතු දොස්තර ඉංජිනේරුවකු වනු දක්නට කැමති වූ දෙමාපියන් දැන් වඩාත් කැමැති පුතා දක්ෂ ක්රිකට් ක්රීඩකයකු වනු දැකීමටය. ඒ තරමටම ක්රිකට් ගසා ඉහළටම ඒමට හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ. ඒ නිසාම ක්රිකට් උන්මාදයකුත් පැතිර ගොස් තිබේ. පසුගිය ඉරිදා (07 වැනිදා) අවසන් වූ විස්සයි විස්සේ ලෝක ක්රිකට් ශූරතා තරගාවලිය අවසානයේ වූ දේවල් දෙස බැලීමේදී අනේ අපොයි කියා සිතේ. හේතුව ක්රිකට් නිසා ක්රිකට් වලට ලොල් වූ ආශා කළ ප්රේම කළ හය දෙනකු නිකරුණේ මිය පරලොව යැමය. ඉන්දියාව, පාකිස්තානය ආදී රටවල නම් ක්රිකට් උන්මත්තකයන් පිළිබඳ කතා නිතර ඇසේ. නමුත් ශ්රී ලංකාවේ ඒ තත්ත්වය පෙර නොවූ සේ මතුවූයේ පසුගිය විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අවසානයේදීය. ශ්රී ලංකාව හා කොදෙව්වන් අතර පැවැති අවසාන මහ තරගාවලිය බලන්නට ක්රිකට් ලෝලීන් පොර කෑහ. තරගය පැවැති කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයට අතුරු සිදුරු නැතිව ක්රිකට් ලෝලීන් රැස්වූයේ ශ්රී ලංකාව අනිවාර්යයෙන් කුසලානය දිනන බව කියමිනි. සමහරු ඔට්ටු ඇල්ලූහ. තවත් අය නිවසේ රූපවාහිනිය අසලට වී තරගය නැරඹුවේ සතුටිනි. මුලින්ම පිති ප්රහාරයට පැමිණි කොදෙව්වෝ එකා පිට එකා දැවී යද්දී කොයි කවුරුත් සතුටු වූයේ කමෝන් ශ්රී ලංකා, ඔහොම යං, ඔහොම යං කියමිනි. කොදෙව්වෝ ඕවර විස්සට ලකුණු එකසිය තිස් හතක් ලබාගත් විටත් ශ්රී ලාංකික ක්රිකට් ලෝලීන් සිතුවේම ලේසියෙන්ම එම ලකුණු ඉක්මවා ගොස් කප් එක අපි උස්සනවා යෑයි කියමිනි. සියල්ල උඩුයටිකුරු විය. ඒ අතර කැස්සට දෙන කොරෙක්ස් පානය කර එයින් අමුතු මත්වීමක් ලබමින් තරගය නැරඹූ හිරිමල් තරුණයන් තිදෙනකු තරගයේ ජය පරාජය විසඳෙන්නටත් පෙර සිය ජීවන තරගයෙන් පරාජය ලබා තිබිණි. එලෙස මියගියේ කඩුවෙල රචිත දිල්ශාන්, චමෝද් මුතුමාල, මුල්ලේරියාවේ කසුන් මධුසංඛය. මෙලෙස මියගිය රචිත ක්රිකට් ලෝලියෙක් පමණක් නොව ක්රිකට් ක්රීඩකයෙකි. ඒ දරුවන් තිදෙනා ගංජා පානය කර ඒ මතට තවත් මත එක්කාසු කරන්නට කොරෙක්ස් පානය කර තිබේ. කොරෙක්ස් යනු කැස්සට දෙන බෙහෙත් වර්ගයකි. කොරෙක්ස් අළවිය තහනම් කිරීමටද මෙම මරණ තුන හේතු විය. මෙවර විස්සයි විස්ස මහ තරගය අවසානයේදී හැටන් හි මහේන්ද්රන් නම් තිස්හත් හැවිරිදි අයකු ගෙල වැලලාගෙන මිය ගියේය. අධික ලෙස මත්වතුර බී මිතුරකුගේ නිවසේ ක්රිකට් තරගය නැරඹූ ඔහු ශ්රී ලංකාව පරාද වූ පසු නිවසට පැමිණ එල්ලී මියගොස් තිබිණි. එක්කෝ ඔහු කා සමග හෝ ඔට්ටු අල්ලා ඔට්ටුව පැරදී දිවි නසා ගත්තේද, නොඑසේනම් ක්රිකට් පරාජය දරාගත නොහැකි වූයේද යන්න අප දන්නේ නැත. ඔහුගේ ඥතීන් නම් පොලිසියට කියා තිබුණේ ක්රිකට් තරගයෙන් ශ්රී ලංකාව පරාජයට පත් වූ සිත්තැවුලෙන් ඔහු මියගිය බවකි. ඉතා දුප්පතකු වන මහේන්ද්රන් ක්රිකට් ක්රීඩාවට අසීමිත ලෙස ලොල් වූ ක්රිකට් ලෝලියකු බවද කියෑවිණි. හංවැල්ල, හිරිපොල ලක්ෂිත කාරියවසම් නම් දාහත් හැවිරිදි හිරිමල් යොවුන් වියේ සිටි තරුණයකුද අවසාන තරගයෙන් පසු ගෙල වැලලාගෙන මියගිය පුවතක් වාර්තා විණි. අනෙක් මරණය ශෝකය වැඩි වී හෘදයාබාධයකින් සිදුවූ මරණයකි. එසේ මියගියේ ප්රීතිකා රණවීර නමැති තිස්පස් හැවිරිදි ගැබිනි මවකි. ඇයද ක්රිකට් ක්රීඩිකාවකි. කොහොමින් කොහොම හරි මෙවර විස්සයි විස්ස ලෝක ක්රිකට් ශූරතා තරගාවලිය අවසානයේ දී ක්රිකට්වලට පෙම් කළ ක්රිකට් තරග නොවැරදීම නරඹන ඔල්වරසන් දෙන විටක ජයග්රහණයෙන් සතුටු වූ පරාජයේදී දුක් වූ ශ්රී ලාංකිකයන් හය දෙනකු මිය ගියහ. ක්රිකට් තරග හමුවේ සිදුවූ මේ මරණ අපේ රටට අලුත්ය. ඒ තරමටම ක්රිකට් වලට ලොල් වන්නේ මන්ද? මෙය ක්රිකට් උන්මාදයකි. ක්රිකට් ක්රීඩකයන් ක්රිකට් සෙල්ලම් කර ක්රීඩාශීලී ජවය ගොඩනගා ගනී. ක්රීඩාවෙන් ඔවුහු සතුටක් ලබති. ජය පරාජය කෙසේ වෙතත් ක්රිකට් ක්රීඩකයන්ට ජනප්රියත්වය තිබේ. මහජන ආදරය ලැබේ. කීර්තිය ප්රශංසා ලැබේ. මුදල් ලැබේ. විදෙස් සංචාර ලැබේ. විදෙස් තරග ලැබේ. ක්රිකට් ලෝලියාට ලැබෙන්නේ ක්රීඩාවේ ආශ්වාදයය. දින්නත් පැරදුනත් ක්රිකට් ලෝලියාට දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත. බුකීකරුවන් හා ඔට්ටු අල්ලනව මිස සාමාන්ය ක්රිකට් ලෝලියකුට අහිමිව යන්නේ සතුට හා රටට ලැබීමට තිබූ ආඩම්බරය හා අභිමානය පමණි. අපි කොයි කවුරුත් රටට ආදරේය. ගමට ආදරේය. තම තමන්ගේ පවුලේ උදවියට ආදරේය. ඥතීන්ට මිතුරන්ට ආදරේය. අපේ රට නියෝජනය කරමින් ක්රිකට් ගසන වෙනත් තරගවලට සහභාගි වන අය දිනන විට අපට දැනෙන්නේ එය අපේ ජයක් ලෙසිනි. පැරදෙන විට අපට දැනෙන්නේ එය අපේ පරාජයක් ලෙසිනි. ක්රීඩාවේ හැටි ඒකය. ක්රීඩාවේ අපූර්ත්වයද ඒකය. ඒ අපූර්වත්වය උන්මාදයක් බවට පත්කරගත යුතු නැත. මේ ක්රිකට් තරග අදින් අවසන් නොවේ. හෙටත් ක්රිකට් ගසති. අලුත් ක්රීඩයෝ බිහි වෙති. එනිසා අපි ක්රිකට් වේවා, වෙනත් තරගයක් වේවා, උන්මන්තකයන් සේ ඒවා වැළඳගෙන ඒ මත්තේම නැසෙන්නට පෙළඹිය යුතු නොවේ. මේ විස්සයි විස්සේ ක්රිකට් තරග අස්සේ සිදුවූ මරණ අපට පාඩමක් කියා දී තිබේ. ඒ පාඩම හරියට ඉගෙන නොගන්නේ නම් මේ උන්මාදය රටට විනකටින්නක් බවට පත්වනු ඇත. ශිරාන් රණසිංහ [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B]ape minissu ape rata gana hithala cricket baluwata ape team eke samahara un dollar gana hithala thama cricket gahanne.menna moo wage.:angry::angry::angry:[/B][/SIZE][/COLOR] [YOUTUBE]PfsW1t3EIrU[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom