ක්‍රිකට්-බියර්

Santa_Baby

Member
Dec 16, 2014
53
3
0
Colombo
ක්‍රිකට්-බියර්

ක්‍රිකට් ආයතනය ලංකාවේ සිංහයා කියා බියර් සිංහයා විකුණලා

24f13dfd02fd46bd71a7e0abea42e3b3_L.jpg


එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගවල දකින්නට ලැබෙන සිංහයා ලයන් බියර් සිංහයා බව "ශ්‍රී ලංකා මිරර්" වෙත වාර්තා වේ.

මේ බියර් සිංහයාට දෙරටේ නායකයින් කාසියේ වාසිය උරගා බලනු ලබන ස්ථානයට පවා යාමට අවසර ලබාදී ඇතැයි පැවසේ.

නිශාන්ත, වජිර බූන් ඇන්ඳුව හැටි

බියර් සිංහයාට එසේයාමට අදාල අවසරය ලබාගෙන ඇත්තේ මේ තරගාවලියේ තරග තීරක වන ඩේවිඩ් බූන් ගොනාට ඇන්දවීමෙන් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංගගේ උපදෙස් මත ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ ප්‍රධානී වජිර දසනායක මහතා විසින් බූන්ට ශ්‍රී ලංකා පිලේ සුරතල් සතා ලෙස මේ බියර් සිංහයා හඳුන්වාදෙමින් අදාල අවසරය ලබාගෙන ඇත.

එම ලයන් බියර් සිංහයා පාවිච්චි කිරීම වෙනුවෙන් ලයන් බෘෘවරි සමාගම අති වශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදී ඇති බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර කළු පැහැති ටී ෂර්ට් ඇඳගෙන බියර් සිංහයා සමඟ දෙපසින් සිටින දෙදෙනාගේ ටී ෂර්ට් ද ලයන් බෘෘවරි සමාගමේ අලුත් බියර් වර්ගයක වෙළෙඳ ලංඡනයක් සටහන්ව තිබෙන බව පැවසේ.

ක්‍රීඩා නීතිය අනුව මතද්‍රව්‍ය දැන්වීම් ක්‍රීඩාවට සම්බන්ධකර ගත නොහැකි වන අතර, මහින්ද චින්තනයට අනුවද මතට තිත ප්‍රතිපත්තිය යටතේද එය එලෙසම ක්‍රියාත්මක කළ යුතු වුවද ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවට ලයන් බියර් සිංහයා යොදා ගැනීම ගැන ක්‍රිකට් ආයතනයේ බොහෝදෙනා කලකිරී සිටින බවද පැවසේ.

-srilanka mirror-
http://www.sinhala.srilankamirror.c...-srilankamirror-has-discovered-that-sri-lanka
ප.ලි- මාත් දැක්කා 'පපරේ' ද කොහෙද කියලා බියර් එකකුත් හදුන්වලා දීලා තිබුනා.
 
Last edited:

Similar threads