ක්‍රිකට් බුබුල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ එංගලන්තයෙන් මෙරටට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ටයි​

    2021-01-13
    ShareFacebookTwitterEmail





    බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි විදෙස් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.
    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේ.
    නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා ගෙන් වෛරසය ව්‍යාප්තවීම අවම කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
    එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී කොවිඩ් ආසාදිතයෙකු බවට පසුගිය ජනවාරි මස 04 වෙනිදා හඳුනා ගනු ලැබුවා.
    රට තුල කොරෝනා වෛරස ආසාදිතයින් වැඩිවීමක් පෙන්නුම් කරන ප්‍රදේශවල ආසාදිතයින් ගේ ජෛව සාම්පල් පටක නිරන්තරයෙන්ම ජාන විශ්ලේෂණ පරීක්ෂණ වලට ලක් කිරීම සිදුකරන බව ද නියෝජ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ.
    එම ජාන විශ්ලේෂණ මගින් සමාජය තුල එම වෛරස් ප්‍රභේද ඇතිවීමේ අවධානමක් ඇත්ද යන්න ගැන දැඩි අවධානයෙන් පසුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113


    එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලේ දෙදෙනකුට කොරෝනා​


    බැලුවෝ - 4223 අදහස් - 3

    (ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ සිරංගිකා ලොකුකරවිට)



    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යබෙර්ට්‍රම් ද සිල්වා මහතා පැවසීය.

    මෙම දෙදෙනා අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.

    මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ සංචාරක හෝටලයේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද හෝටල් පාර්ශවයෙන් සාර්ථක ප්‍රතිචාර නොදැක්විණි.

    ආසාදිත සේවකයින් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

    මෙම සේවකයන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

    හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි.

    එංගලන්ත ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා හේතුවෙන් ක්‍රීඩා පිටියේ සේවය සඳහා දෛනිකව පිටත්ව යන හෝටල් සේවකයන් 10 දෙනකුට තරග ආරම්භයට පෙර පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර ඔවුන්ට කොරෝනා ආසාදනය වී තිබුණේ නැති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලීට ආසාදනය වී තිබුණේ කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන බවට හඳුනාගත් එංගලන්ත නව ප්‍රබේදය බව පසුගිය 13 වැනි දා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබිණි.

    කෙසේ වුවද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පසුව ප්‍රකාශ කළේ එංගලන්ත ක්‍රීඩකයාගෙන් මෙරට කිසිවකුට නව ප්‍රබේධය වැළඳී නොමැති බවයි.

    Share Th