ක්‍රි.පූ10,000-Kelaniya Avatars- කැලණිය කඩවත නාගයෝ නා ගසෙන් ලයිට් ගත්ත හැටි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    නාගාශකපන්ඩුකය නැමැති පුස්කොළපොත සුද්දන් විසින් සොරාගෙන ගොස් තිබේ. එහි තිබූ විස්තර උපයෝගී කරගැනීමෙනුයි සුප්‍රකට අවතාර් (Avatar) චිත්‍රපටය නිර්මාණය වූයේ. එම චිත්‍රපටයේ තිබුණ අති විශාල ගස් වර්ගයක් වන Home Tree ඔබට මතකද? ඒ අන් කිසිවක් නොව නාග ලෝකයේ ඇති නා ගසයි. නාගයින් විසින් පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වෙද්දී නා ගසේ පත්‍ර තම කොණ්ඩය සමග සම්බන්ධ කරගනිමින් තම චිත්ත ශක්තිය වර්ධනය කරගෙන තිබේ.

    හෙළ අවුරුදු උත්සවයේදී හිස තෙල් ගෑමේදී බොහෝ විට හිසට නා පත් තබන්නේ ඉපරණි නාගයින්ගේ ශක්තිය ලබාගැනීමේ තාක්ෂණයට අනුව බව ඔබ දැන සිටියාද?

    නා ගසේ ඇති එම ශක්තිය එහි පත්‍ර වල විශේෂයෙන්ම තිබෙන්නේ විද්‍යුත් ශක්තිය ලෙසටයි.

    නා දළු කාන්තාවන්ගේ තොල් පෙති වලට උපමා කර ඇති බව ඔබට මතක ඇති. "අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි..." ඒ අනුව නා දල්ලෙන් ගම්‍ය වන්නේ ස්ත්‍රීත්වය හෙවත් විශ්වයේ ඇති සෘණ (-) ශක්තියයි. අනික් පසට මෝරපු නා කොළයෙන් ගම්‍ය වන්නේ පුරුෂත්වය හෙවත් විශ්වයේ ඇති ධන (+) ශක්තියයි.

    රාවණ ශක්ති මන්ත්‍රය යනු රාවණ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාවේ දැක්වේ. එතුමා එය නිර්මාණය කළේ දඬුමොණරයේ රසදිය ශක්තිය වැඩි කිරීමටලු. මනස නිශ්චලව තබා ගනිමින්, රාවණ ශක්ති මන්ත්‍රය නිසි ලෙස උච්ඡාරණය කිරීමෙන් එහි ශබ්ද තරංග මගින් නා දල්ලේ සෘණ ශක්තියත්, නා කොළයේ ධන ශක්තියත් අවදි වෙයි. එවිට විද්‍යුත් ධාරාවක් නිපදවේ. එමගින් බැටරිය අරෝපණය වෙයි.

    පර සුද්දන් කැලෑ වල සතුන් දඩයම් කරමින් යද්දී විද්‍යුත් ශක්තිය පවා සොයාගෙන ඉන් වැඩගෙන තිබූ හෙළ යකුන් රකුසන්ගෙන් පැවත ඒම ඔබ හට අභිමානයක් නොවේද?

    “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

    නා ගසේ පත්‍ර මගින් ෆෝන් බැටරියක් චාර්ජ් කිරීම.



    (1). ඔබගේ ජංගම දුරකථනයේ කවරය විවෘත කරන්න.

    (2). බැටරිය එලියට ගන්න.

    (3). නා දල්ලක් සහ, මෝරපු නා කොළයක් ඒවායේ නැටි කොහේවත් ස්පර්ෂ නොවන පරිදි නා ගසකින් කඩා ගන්න. බැටරිය ආරෝපණය කිරීමට යොදාගන්නා තුරු ඒවයේ අග්‍ර කොහේවත් ස්පර්ශ නොවිය යුතුයි.


    4). පළමු රූපයේ (බෝ පත්‍ර තබා ඇති) ආකාරයට දැක්වෙන පරිදි, නා දල්ල බැටරියේ සෘණ අග්‍රය වෙතටත්, මෝරපු නා කොළය බැටරියේ ධන අග්‍රය වෙතටත් තබන්න.

    chargin-shamibwoy.jpg


    (5). හොඳින් හුස්මක් ගෙන, ඔබගේ සිත නා පත්‍ර දෙක පමණක් මෙනෙහි කරමින් එකඟව තබා ගන්න.

    (6). දැන් විනාඩි පහක් පමණ පහත දැක්වෙන රාවණ ශක්ති මන්ත්‍රය ඉතා පැහැදිළි හඬින් ජප කරන්න.

    ඕං ශ්‍රී රාවණා ශක්ති සද්ධිං විඣිමාහ හරිං හරිං ශ්‍රී ය:

    ඔබ ඉහත අදියරවල් මැනැවින් සිදුකළානම් දැන් බැටරිය ආරෝපණය වී තිබෙයි. මතක තියා ගන්න විනාඩි හත අටක් එලෙස කළහොත් බැටරිය "Over Charge" වී විනාශ වීමට ඉඩ තිබේවි.

    (7). දැන් එම ආරෝපිත බැටරිය නැවතත් ජංගම දුරකථනය තුළට දමා සිවිචය දමන්න. ප්‍රතිඵලය ඔබ දකීවි.

    (8). ආරෝපණය අඩුනම්, නැවතත් අළුත් නා කොළ දෙකක් යොදා ගනිමින් ඉහත ක්‍රියාවලිය නැවතත් සිදු කරන්න. එහිදී නා පත්‍ර අල්වාගෙන සිටීම විනාඩි දෙකකට පමණක් සීමා කරන්න.




    මෙහි තාක්ෂණය
    ============

    නා ගස යනු නාග ලෝකයේ ගසයි. නාගයින් එය යොදාගනිමින් ශක්තිය (විදුලිය) නිපදවූ බව ඉපැරණි පුස්කොළපතක් වන නාගාශකපන්ඩුකය හි දැක්වෙයි.

    වර්තමානයේදී "නාවිකයා" යන පදය මූදු යන්නන්ට භාවිතා කළත් අතීතයේ රාවණ යුගයේ එම පදය භාවිතා කලේ නා ගසේ පත්‍ර යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන්නාටය. වර්ගපූර්ණිකාවට අනුව නාවිකයා ට, නා=නාගසෙන්, වි=විදුලිය, කයා=නිෂ්පාද"කයා", හෙවත් "නාගසෙන් විදුලිය නිෂ්පාදකයා" යන හෙළ නිරුක්තිය ලැබේ.

    නාගදෙනියේ අතීත නා විදුළි බලාගාරයක් තිබූ බව මෑතකදී කැණීම් වලින් මතුවූ සෙල් ලිපියක දැක්වුණි. නමුත් හෙළ ඉතිහාසය සඟවා තැබීමේ තුච්ඡ උත්සාහයට අනුව බලධාරීන් වීස්න් ඒ ගැන කිසිවක් හෙළි කර නැත.

    එම සම්ප්‍රදායේ යමින් නා ගස ශ්‍රී ලංකාවේත් ජාතික වෘක්ෂය කර ඇත්තේ නා ගසේ ශක්තිය ගැන කාලාන්තරයක් තිස්සේ හෙළයින් දැන සිටි නිසයි. :yes: :yes: :yes:

    http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_24.html

     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අවුරුදු දහදාහක ට කලිනුත් අපි ෆෝන් චාජ් කරපු ජාතියක්
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    (6). දැන් විනාඩි පහක් පමණ පහත දැක්වෙන රාවණ ශක්ති මන්ත්‍රය ඉතා පැහැදිළි හඬින් ජප කරන්න.

    රාවනාගේ ඇටේ කුම්බකර්නගේ කටේ, රාවනාගේ ඇටේ.........
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක විහිළුවක් නෙවෙයි බං!
    කොටින්ම උඹල දන්නවද, රාවණාගේ කාලේ ආශ්‍රිතව කරපු එකදු කැනීමකින් වත් දුරකථන රැහැන් හමු වී නැති බව!
    ඒ කියන්නේ ඒ යුගය වෙන විටත් ජංගම දුරකථන භාවිතා වෙමින් තිබුනයි කියන එක!
    :yes: :yes:
     
    • Haha
    Reactions: ewijesekara