ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් #cyclingsunday ඇරඹේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    rate thiyana prashna wisadanawa ekin eka

    තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ Spinner Cycling Centre සමඟ එක්ව සෑම ඉරිදා දිනකම සවස 4 සිට රාත්‍රී 7 දක්වා පාපැදි පැදීම සඳහා මංතීරුවක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    එහි නියමු ව්‍යාපෘතිය ඊයේ (31) ආරම්භ වූ අතර, කිඹුලාවල සිට ජපාන මිත්‍රත්ව මාවත, රාජගිරිය, බොරැල්ල හන්දිය දක්වා සහ, සිංහල ක්‍රීඩා සමාජය (එස්එස්සී) දෙසින් ආපසු, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් දක්වාද පැමිණ, තුරඟ තරඟ පිටියේදී ‘Good Market’ මඟින් සංවිධානය කරන ලද ක්‍රියාකාරකම්වල නිරත වීමට පාපැදි කරුවන්ට හැකි අතර මංතීරුව ආරම්භක ස්ථානයේදීම අවසන් වේ.

    කිඹුලාවල සහ තුරඟ තරඟ පිටියේ සුළං පොම්ප මධ්‍යස්ථාන ද පිහිටුවා ඇති අතර කිඹුලාවල සිටම පාපැදි පැදීම ආරම්භ කළ යුතු යැයි නීතියක් නොමැති බැවින් යමෙකුට මෙම මංතීරුවේ ඔවුන් කැමති ඕනෑම තැනකට සම්බන්ධ වීමට හැකි බව පැවසේ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ado සුළං පොම්ප මධ්‍යස්ථාන kiwwe oya pus bicycle walata hulan ghnna than mun hadnwa kiyalada 🤦‍♂️ 🤦‍♂️
    Animated GIF
     
    • Haha
    Reactions: hodakolla and RLT4U