නවකවදය පටන්ගත්තේ කවදාද?

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    නවකවදය පටන්ගනිද්දි අපි ඉපදිලත් නෑ,
    ❗

    ඔබ දන්නවාද?
    නවකවදයේ මූලාරම්භය අටවන ශතවර්ශය දක්වා අතීතයට විහිද යන බව, සත්‍ය වශයෙන්ම නවකවදය මිනිස් මොළයට ඇතුල් වූයේ කවදාද? මෙම ලිපිය තුළින් කාලතරණය කිරීමෙන් නවකවදයේ මූල බීජය ගවේෂණය කරමු!
    🚫
    මෙය 2025.මාර්තු.22 දින අප අකර්මන්‍ය වූ පිටුවෙන් පල කරන ලද්දක් අතර, නැවත පලකිරීමයි.!

    රාජ්‍ය විශ්වවිද්‍යාල වලට නවකවදය නම්
    අමා||නු||ශි||ක, නි||න්||දි||ත, අස||හ||න||කාරී
    අ|||ප||රා||ධය කිසිවෙකු හෝ මුල් වශයෙන් හඳුන්වාදීමට පෙර සිටම "නවකවදය" යන වචනයින් අර්ථ නොගැන්වූ නමුත් ඊට සමාන ක්‍රියාවලියක් ලෝකය තුළත්, මිනිස් මොළය තුළත් තිබූ බවට ඓතිහාසික සාක්ෂි දෙස බැලීමේදී අවබෝධ කරගත හැකි ය.

    "නවකවදය" යන වචනයේ ප්‍රායෝගික ක්‍රියාවලින් ගවේෂණය කිරීමේදී අපට ජේසුස් වහන්සේගේ යුගයේ ආරම්භක සමයට කාලතරණය කිරීමට සිදුව්. Anno Domini නැතහොත් In the year of lord එසේත් නැතිනම් "AD" සමය තුළදී අමානු||ෂික නොවන නවකවදය පැවති බවට ඉතිහාසය මඟින් සාක්ෂි ලබාදෙන අතර එම නවකවදය ක්‍රි.ව. 8 වන සියවස වනවිටදී තරමක් මෘදු ස්වරූපයක් ගෙන තිබේ.
    ග්‍රීසියේ පැවති සුප්‍රකට ඔලිම්පික් තරඟ තුලින් වර්ධනය වූ නවකවදය, පසුව විවිධ රටවල සන්නද්ධ හමුදා විසින් චාරිත්‍රයක් ලෙස හමුදාමය චාරිත්‍රයකට ඇතුලත් කර බවට දක්නට ලැබේ. හමුදා අධ්‍යාපන ආයතන තුලින් අධ්‍යාපන ආයතන වසඟයට ගත් "නවකවදය", ඉන් පසුව ඉංජිනේරු, වෛද්‍ය විද්‍යාව වැනි අධ්‍යාපන ආයතන කෙරෙහි පැමිණි බවට සිතිය හැකි ය.

    18 වන සියවස තුලදී ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය තුළ ශිෂ්‍ය සංවිධාන ආරම්භ වූ අතර, ඒ ප්‍රකාරව මෙම සාමාන්‍ය නවකවද පිළිවෙත සන්නද්ධ හමුදා සහ අධ්‍යාපන ආයතන වල සාමාන්‍යයීකරණයට ලක් වූ බව දැකිය හැකි යි. කෙසේවෙතත් මෙම කාලය වනතෙක් නවකවදය අමිහිරි දසුන් ලෝකය අත්වින්දේ නැත.

    නමුත්, ප්‍රථම ලෝක යුද්ධ||යෙන් පසුව ඉතුරු වූ ලෝකයේ බටහිර ප්‍රදේශවලට නවකවදය ඉතාම විශාල කරදරයක් වීමට පටන්ගෙන තිබුණි. ඊට හේතුව නම් ප්‍රථම ලෝක යුද්ධය සමඟින් නවකවදය රෞ|ද්‍ර වීම හා භාවිතයට ගැනීම නිසා යුද්||ධයින් පසු නැවතත් අධ්‍යාපන ආයතනය පැමිණි සිසුන් අධ්‍යාපන ආයතන තුළ එම නවකවදය ක්‍රියාත්මක කිරීමට පටන්ගැනීම යි. සන්|නද්ධ හමු|දා වලට යොදාගත් නවකවදය අධ්‍යාපන ආයතන වල ක්‍රියාත්මක වීම ඉතාම බරපතල කරුණක් බවට බටහිර ලෝකය තේරුම්ගත්තේ එම කාලය තුලදී යි.
    කාලයත් සමඟ ප්‍රංශයේ සිට ඇමරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාල වලට සංක්‍රමණය වන සිසුන්ට Dress Code පැලඳවීමක් සිදු වී තිබේ. ඇමරිකාවේ අධ්‍යාපන ආයතන තුල කාලයත් සමඟ එය සංස්කෘතියක් බවට පත් වූ අතර, වත්මනද එහි විවිධ නෂ්ඨාවශේෂ ඇමරිකාවේ Oklahoma වැනි විශ්වවිද්‍යාලයන් තුළ දක්නට ලැබේ. මීට අමතරව, අතීත ඊජිප්තුව, රෝමය සහ ග්‍රීසියද නවකවදය දැන සිටි බවට ඓතිහාසික වාර්තා උදාහරණ සපයයි.

    එංගලන්තයේ මධ්‍යතන යුගයේ සිටි Duke of Exteter ගේ සහය මත නවකවදය එංගලන්තයටත් සංක්‍රමණය වූ බවට UNICEF මඟින් සඳහන් කරයි. Ra|ck නමින් හඳුන්වන විශේෂ ලී වලින් නිපදවූ දඬු||වම්|| උපකරණයක් භාවිතා වූ අතර, එයද පසුව නවකවදය සඳහා එකතු වූයේ අභාග්‍යස||ම්පන්න ලෙසිනි. 1962 දී නෙදර්ලන්ත දෙවන ලෝක යුධ කඳු||වුරු තුලද මෙම නවකවදය ආරම්භ වූ බව හේතු දැක්විය හැකි අතර, එක් අවස්ථාවක ජේස්ධ සිසුවෙකු හොකී පිත්තකින් ප||හ||ර දී සිසුවනුගේ මොළයට හා.||නි කර තිබිණි.

    මීට අමතරව තරුණයින් 200 කට වැඩි පිරිසක් නි||රු||ව•|ත්||ව හෝ අ||ඩ නි||රු||ව|||ත්||ව කුඩා කාමරයකට දමා මි||ලේ||ච්ඡ ක්‍රියා කර තිබූ බවට සඳහන් ය. (එය නම් වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලය වලත් පවතී) මෙම ගැටලුව ප්‍රංශය කරාද පැමිණි අතර ප්‍රංශයේ "brim a de" නම් වචනය තුලින් නවකවදය අර්ථ ගැන්වීමට පටන්ගැනිනි. 1920 කාලයේ ප්‍රංශයේදී මෙම Brim a de ට විරුද්ධව අරගලයක්ද ඇතිවූ බව සඳහන් ය. මේ හේතුවෙන් ප්‍රංශයේ අධ්‍යාපන ආයතන තුලින් මෙම සම්ප්‍රදාය තහනම් කළ අතර, යුධ අමාත්‍යවරයාද මෙම පිලිවෙත නවත්වන ලෙස නියෝග කර තිබිණි.

    1928 දී the New York Times සඟරාව ලිපියකින් මෙම brim a de සම්ප්‍රදාය සීමා පැන ඇති බව සඳහන් කර තිබුණි. මෙම නවකවදය විනෝදයක් වූවේ හමුදා පාසල් තුළයි. ප්‍රංශයින් පසුව මෙම Brim a de සම්ප්‍රදාය කැනඩාවටත් සංක්‍රමණය විය. ඊට හේතුව නම් ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාත්‍ය ග්‍රීක ජනතාව මෙම රටවල් වලට පැමිණීමයි. මේ හේතුවෙන් මෙම නවකවදය කැනඩාවටද ගැටලුවක් විය.
    මේ නිසා නවකවදය ගෝලීය අර්බුධයක් බවට පත් විණි. මෙම නවකවදය පිලිබඳව බටහිර සාහිත්‍යයන් වලද ලියවී ඇත්තේ එබැවිනි. ඔබ විසින් Roald Dahl ගේ Tom Brown's Schooldays and Boy කියවූවොත් ඒ පිලිබඳව දැනගත හැකි වනු ඇත. 2001 - 2002 පමණ කාලයේදී ධනවතුන් හා දුප්පතුන් යන නිර්ණායක මත ඇමරිකාවේ සහ යුරෝපයේ මෙම නවකවදය සිදුවූ බවට සඳහන් ය. අඩු ආර්ථිකමය ශක්තියක් ඇති දුප්පත් සිසුන් නිරතුරු ආයතන තුල නවකවදයට ලක් ව තිබේ.

    එක් වසරක පකිස්ථානයේ Medical Collages හයක අවසන් වසර සිසුන්ගෙන් කළ සමීක්ෂණයකදී සිසුන්ගෙන් 52% ක් නවකවදයට ලක්වූ බව සඳහන් කර තිබිණි. මෙසේ ලෝකයෙන් ඇරඹ කෙමෙන් කෙමෙන් පැමිණ ඉන්දියාවට සංක්‍රමණය වූ නවකවදය, සමස්ත ඉන්දියාවම වෙළාගෙන, ශ්‍රී ලංකාවට පැමිණ SayNoToRag පිටුවක අවශ්‍යතාවක් දක්වාම උඩුනැගුණි!
    ✌️


    ශ්‍රී ලංකාවේ 1960 - 1970 අතර කාලයේදී නවකවදය දැවැන්ත ගැටලුවක් බවට පත් වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය බවට පත් වූ University of Ceylon තුළ මෙය දැවැන්ත ගැටලුවක් බවට පත්විණි.විශ්වවිද්‍යාල පරිසරයේ, අධ්‍යනය ශාලාතුල, ආපනශාලාතුල, පුස්තකාල තුල, මහමාර්ග තුල, උද්‍යාන තුල ද නවකවදය සිදුව තිබිනි. පොතක් අනිත්පැත්ත හරවා කියවීම, සිග..රට්ටුවක දැල්වූ ප්‍රදේශය මු||ඛ||යට තැබීම, සපත්තු ගැලවීම, දනගැ||ස්සවීම වැනි ක්‍රියා තුල අතීත නවකවදය සිදුව තිබුණි.

    මෙසේ ආරම්භ වූ නවකවදය 2025 දක්වා ගමන් ගත් මඟ පැහැදිලි කල යුතු නැත!

    කෙසේ හෝ ශ්‍රී ලංකාවේ නවකවදය තහනම් විණි. නමුත් අවසානයේ රජයකට පාලනය කිරීමට හැකි, නමුත් පාලනයක් සිදු නොකරන හේතුව නිසා සමාජ කතිකාවක් මතුවිණි. ඒ කතිකාව සඳහා සහයෝගය ලබාදීම වෙනුවෙන් #SayNoToRag නිර්මාණය විය!
    මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල වල සහ අධ්‍යාපන ආයතන වල වන නවකවදය යනු 100% ක්ම බරපතල දඬුවම් ලැබිය හැකි අපරාධයකි!
    ❤️

    නවකවදය යනු, ඉතා ඈත අතීතයේ පටන් දුර කතර ගෙවා මේ සුන්දර රටට පැමිණි විශබීජයක් බවට දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. මෙය ගෝලීය අර්බුධයක් බවට පත්ව ආසියාවට සංක්‍රමණය වූ විශබීජයකි!
    ❤️


    Fb උපුටා ගන්නා ලදි...​
     
    Last edited:

    Similar threads