ක්‍රෙඩිට් කාඩ් පොලී පහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    QRRUthu.jpeg


    ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු පොලී අනුපාතික පහළ දැමීමට මෙරට බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ.

    ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙතෙක් 36% ක් ලෙස පැවති වාර්ෂික පොලී අනුපාතිකය 34% ක් දක්වා අඩු කරනු ලබන බව එම බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී ඇත.
    මෙම ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික සංශෝධනය, 2023 ජූලි 01 දින සිට බලපැවැත්වෙන බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි.
    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට භාවිතයේ ඇති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,929,984 ක් බවයි. මෙය 2022 දෙසැම්බර් මාසය අවසානයේ පැවති 1,952,991 ක්වූ කාඩ්පත් ප්‍රමාණයට වඩා කාඩ්පත් 23,007 ක අඩුවීමකි.

    http://biz.adaderana.lk/ක්‍රෙඩිට්-කාඩ්-පොලී-පහළට/
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    එච්චරම දැනෙන ගානක් නෙවෙයි නේද මචන්. පහුගිය කාලේ credit card වල පොලිය වැඩි උන තරමට මේ අඩුවිල්ල දැනෙන්නේවත් නැති තරම්. credit card වල outstanding තියන් ඉන්න අයව බැන්කු ගසාගෙන කන්නේ දැන් කාලේ