ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!

    ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!

    22 ජූලි, 2017

    තාරක වික්‍රමසේකර
    සල්පිල

    කාඩ්-පත් භාවිතයෙන් කරනු ලබන ගනුදෙනුවලත් පුදුමාකාර විදිහේ ඉහළ යෑමක් දකින්න පුළුවන්. 2014 අවුරුද්දෙ පළමු කාර්තුවේ කාඩ්-පත් ගනුදෙනු දැක්වුණේ 5000000කට මඳක් වැඩි සංඛ්‍යාවක්. එය දෙවන කාර්තුවේ 6000000ට ආසන්න වුණා. තුන්වන කාර්තුවේ ඒ සංඛ්‍යාව 6000000ක් බවට පත් වුණා. සිව්වන කාර්තුවෙ ඒ ප්‍රමාණය 6000000 ඉක්මවා ගොස් තිබෙනවා.
    ඉස්සර අපේ ගමේ-ගොඩේ හැම කඩේකම ණය පොතක් තිබුණා. ගමේ ඉන්න අයගෙන් වැඩි පිරිසක් බඩු ගත්තෙ මේ ණය පොතට. මාසෙ අන්තිමට අතට එකතු වෙන ගාන දීල ඊළඟ මාසෙ ඉඳල ආයෙත් ණයට බඩු අරගන්නවා. මේ විදිහට තමයි ගමේ-ගොඩේ කොයි-කවුරුත් ‍දවසේ 'රෝල' ගෙනිච්චෙ.
    නගරයේ ඉන්න අය අතරේ මේ විදිහේ පොඩි-පොඩි ණය ගනුදෙනු නෙමෙයි සිද්ධ වුණේ. ලොකු-ලොකු ගනුදෙනු නිසා ඒවා ලොකු විශ්වාසයකින් සිද්ධ කරගන්න අවශ්‍ය වුණා. මේ නිසා තමයි ඒ අය අතරේ චෙක්පත් ගනුදෙනු පටන්ගැනුණේ.
    කොහොම වුණත් මේ ණය දීමේ ක්‍රමවේදය දිනෙන් දිනම වර්ධනය වෙලා, ඒ වගේම දියුණු වෙලා අන්තිමට 'ණය කාඩ්-පතක්' නැත්නම් දන්න භාෂාවෙන්ම කියනවා නම් 'ක්‍රෙඩිට් කාඩ්-පතක්' ආවා.
    මේ ක්‍රෙඩිට් කාඩ්-පත තොයි තරම් අපටට සේවය කළාද? නැත් නම් අපට අපහසුතා ඇති වුණාද කියන-එක ගැන සොයා බැලීම හුඟක් වටිනවා. 1989 වසරේ තමයි ක්‍රෙඩිට් කාඩ් භාවිතය අපේ රටේ ආරම්භ වුණේ. මේ කාඩ්-පතත් හරියට අර මුදලාලි‍ගේ ණය පොත වගේ තමයි. වෙනසකට තියෙන්නේ මේ කාඩ්-පතින් පහසුකම් තියෙන ඕනෑම තැනකින් භාණ්ඩ නැත් නම් සේවාවන් ලබාගන්න පුළුවන් වෙන-එක විතරයි.
    අපෙන් කිසිම මුදලක් තැන්පතු හැටියට තියාගෙන නෙමෙයි මේ කාඩ්-පත ලබා දෙන්නේ. ඒ වුණත් ඒ කාඩ්පත දරන්න අපට හැකියාව තියෙනවද කියල කාඩ්-පත ලබා දෙන බැංකුව නැත් නම් මූල්‍ය ආයතනය සොයා බලනවා.
    මේ වෙන කොට ලංකාවේ බැංකු 13කින් හා එක් මූල්‍ය සමාගමකින් ක්‍රෙඩිට් කාඩ්-පත් ලබා දීම සිදු කරනවා.
    1989 අවුරුද්දේ පටන් ගත් මේ ක්‍රෙඩිට් කාඩ්-පත් භාවිතා කිරීම පසුගිය වසර අවසන් වෙන කොට 1300000ත් ඉක්මවා තිබුණා.
    මේ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙනවා මිසක්, අඩු වෙන්නෙ නැහැ. ක්‍රෙඩිට් කාඩ්-පත හරියට දැළිපිහියන් කිරි කනවා වගේ දෙයක් කියලයි අපට කියන්න වෙන්නේ.
    ක්‍රෙඩ්ට් කාඩ්-පතක් ලබාගත්තාම හුඟක් අයට හිතෙන්නේ ඒකට ගෙවන්නෙ බැංකුව කියන මතයයි. මොකද: කඩේකට ගිහින් බඩු ගන්න වෙලාවෙ අතින් සල්ලි ගෙවන්නෙ නැහැ නේ... මේ නිසා ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න වෙළෙඳපොළට නැත් නම් සුපිරි වෙළෙඳසලට ගියාම හුඟක් අයට හිතෙනවා. කාඩ්-එකේ සීමාව ඉක්මවා යන තරමටම ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න මේ අය කටයුතු කරනවා. කාඩ්-එකෙන් බඩු ගත්තට මොකද, මාසෙකට විතර පස්සෙ ගත්ත භාණ්ඩවල බිල එන කොට තමයි තරු පේන්නෙ! තමන් හිතුවට වඩා බිලක් ආවහම ගෙවන්න විදිහක් නැහැ... ඉතින් මේ ගැන දන්න බැංකුවත් කරන්නෙ ගෙවන්න තියෙන සම්පූර්ණ මුදලෙන් 5%ක් වත් ගෙවන්න කියල පැහැදිලිවම ලියලා එවනවා. ඒක ලොකුවට දකින්නත් සලස්වනවා. 'ගෙවිය යුතු අවම මුදල' කියල.
    ඉතින් අපේ බොහෝ අය මේ අවම මුදල ගෙවල 'ෂේප්' වෙනවා. ඊළඟ මාසෙ ඉතිරි 95%ටම පොලිය ගෙවන්න වෙන බව හුඟක් අය දන්නෙ නැහැ. බැංකුවල අධිකම පොලියක් අය කරන්නෙ ක්‍රෙඩිට් කාඩ්වලටයි. ඒක දැන් 28%ක් වගේ ලොකු වාර්ෂික පොලියකට ඉහළ ගිහින් තියෙන්නෙ.
    ඒ කියන්නෙ රු. 25000ක භාණ්ඩ ගත්ත කෙනකුට ගෙවන්න වෙන අවම මුදල වන රු. 1250 ගෙවල ෂේප් වුණොත් ඊළඟ මාසේ ඉතිරි රු. 23750ට මාසෙකට රුපියල් 555ක් විතර ගෙවන්න වෙනවා. ඒ තත්ත්වය මාසෙන් මාසෙ වැඩි වෙනවා. අපි කරන්නෙ හැම මාසෙකට 5%ක අවම මුදල ගෙවල ඇඟ බේර ගන්න එකයි. ඒකේ වාසිය ලබන්නෙ බැංකුව මිසක් අපි නෙමෙයි අන්තිමට පොලිය එකතු වෙලා ගෙවා ගන්න බැරිව හිර වුණාම නිකම් ඉන්නවා.
    ඒත් බැංකුව නිකම් කරබාගෙන ඉන්නෙ නෑ. බැංකුව ඒ වගේ රොත්තක් එකතු වුණහම නඩු දානවා. එහෙම නඩු දාල මාසික වැටුපෙන් රු. 500ක් විතරක් ඉතිරි කරල ඉතිරි සියල්ල අධිකරණය හරහා බැංකුවට ලබාගන්න කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඒ තත්ත්වයට ගියාම කාඩ්-පත් හිමියා නන්නත්තාරයි: කටඋත්තර නෑ: ආයිත් කතා කරන්න දෙයක් නැහැ. තමන් වරද කරල තියෙද්දි කරන්න කියන්න කිසි දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.
    මේ මොන තත්ත්වය මත වුණත් තමන්ගේ ජාමේ බේරගෙන කාඩ්-එකෙන් ගන්න තියෙන උපරිම වාසිය ගන්න අයත් ඉන්නවා. උත්සව කාලෙට කාඩ්-පත් හිමියන්ට අදාළ බැංකුවලින් විශේෂ වාසි සලසා දෙනවා. සමහර විට පාවහන් නැත් නම් රෙදිපිළිවලට 25%ක විතර වට්ටමක් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට අත දිග ඇරලා ගෙවන්න පුළුවන් ගානට භාණ්ඩ ගත්තට කමක් නැහැ.
    මොකද: ඒ වාසිය වැඩි නිසා. ඒ වගේම සමහර ආයතනවල පොලිය රහිතව මාසික වාරිකවලින් වාරික 36ක් -ඒ කියන්නෙ අවුරුදු 3ක් වගේ දීර්ඝ කාලයක්- ගෙවන්න භාණ්ඩ දෙනවා. ඒ වාසියත් ගොඩක් හොඳයි
    මේ තත්ත්වය දැනගෙන තමන්ගේ පොකට්-එකට නොදැනෙන්න කාඩ්-එකෙන් වැඩ කරගත්තෙ නැත් නම් ඔබට සිද්ධ වෙන්නෙ 'වත්ත බද්දට දීල ඇස්සට දත නියවගන්න' තමයි.
    අප කොයි දේ කරත් සීමාවක් ඇතිව ඒ ගැන හොඳින් දැනගෙන කළොත් ගොඩ යන්න පුළුවන්. නැත් නම් ඉතින් 'කටඋත්තර' නැහැ. සමහර අය කාඩ් දෙක-තුනක් තියාගන්නවා. ඒකෙ ඇති වරදක් නැහැ. ඒත් ඉතින් වාර්ෂික ගාස්තුවක් ගෙවන්න වෙනවා.
    මේ හැම දෙයක් ගැනම හිතලා කටයුතු කළොත් තමන්ට දියුණු වෙන්න පුළුවන්. ඒත් අපේ රටේ විශාල පිරිසක් සංඛ්‍යාත්මකවම කියනවා නම් ලක්ෂයකට කිට්ටු පිරිසක් මේ වෙනකොට ක්‍රෙඩිට් කාඩ් පත්වලට ණය ගෙවීම් පැහැර හැරලා තියෙනවා. මේ ප්‍රමාණය සුළු පටු නැහැ. ඒත් මේ අය දන්නෙ නැහැ බෙල්ලට තොණ්ඩුව වැටෙන බව. මේ වෙනකොටත් මේ සියලුම දෙනා අසාදු ලේඛනගත වෙලා අවසානයි. කිසිම බැංකුවකින් ණය මුදලක් ගන්න බැහැ. කාට වත් ඇපයකට අස්සන් කරන්නත් බැහැ.
    ඒ වගෙම තමයි කාඩ්-පත් භාවිතයෙන් කරනු ලබන ගනුදෙනුවලත් පුදුමාකාර විදිහේ ඉහළ යෑමක් දකින්න පුළුවන්. 2014 අවුරුද්දෙ පළමු කාර්තුවේ කාඩ්-පත් ගනුදෙනු දැක්වුණේ 5000000කට මඳක් වැඩි සංඛ්‍යාවක්. එය දෙවන කාර්තුවේ 6000000ට ආසන්න වුණා. තුන්වන කාර්තුවේ ඒ සංඛ්‍යාව 6000000ක් බවට පත් වුණා. සිව්වන කාර්තුවෙ ඒ ප්‍රමාණය 6000000 ඉක්මවා ගියා.
    2015 මුල් කාර්තුවේ 6000000ට ආසන්න වුණු ගනුදෙනු ප්‍රමාණය දෙවන කාර්තුවේ 6500000ට ආසන්න වුණා. තුන්වන කාර්තුවේ ඒ අගය 6500000ත් ඉක්මවා ගිහින්. හතරවන කාර්තුවේ ඒ සංඛ්‍යාව 7000000ත් හුඟක් ඉක්මවා ගිහින්.
    2016 අවුරුද්දෙත් ඒ විදිහටම මේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වුණා.
    2016 පළමු කාර්තුවේ 7000000ක් වුණු ගනුදෙනු සංඛ්‍යාව දෙවන කාර්තුවේ 8000000ට කිට්ටු වුණා. තුන්වන කාර්තුවේ ඒ ප්‍රමාණය 8000000 ඉක්මවා ඉහළ ගියා. 2016 වසරේ අවසන් කාර්තුව ඒ කියන්නෙ 4 වන කාර්තුවේ ඒ සංඛ්‍යාව 9000000 දක්වා ඉහළ නැග්ගා. මේ තත්ත්වයෙන් අපේ රට තුළ අසීමිත ලෙස කාඩ්පත් භාවිතයක් වන බවයි පෙනෙන්නේ. 2016 අවුරුද්දේ අවසන් කාර්තුවේ විතරක් කාඩ්පත් හරහා ගනුදෙනු සිදු වුණු මුදල රුපියල් බිලියන 45ක් වුණා. මේ තත්ත්වයෙන් අපට කාඩ්පත් හරහා බැංකුවලට ලැබෙන ආදායම ගැනත් හිතන්න පුළුවන්. හැම ගනුදෙනුවකින්ම 3%ක් බැංකුවට යනවා. මේ නිසා ලබා දෙන්න පුළුවන් හැම අයකුටම කාඩ්-පත් ලබා දෙන්න බැංකුව පියවර ගන්නවා.
    2014 අවුරුද්දේ කාර්තු හතර තුළ 180000කට ආසන්න කාඩ්පත් සංඛ්‍යාවක් අලුතින් නිකුත් කර තිබෙනවා. 2015 අවුරුද්දේ ඒ සංඛ්‍යාව දැක්වුණේ 200000ක් ලෙසින්. 2016 කාර්තු 4ම එකතුව ආසන්න වශයෙන් 260000ත් ඉක්මවා ගොස් තිබුණා.
    මේ විදිහට අලුතින් කාඩ්පත් එකතු වුණත් අපේ අය කාඩ්පත්වලට පොලු තියෙන එකනම් වැඩිවෙලා බවයි කියන්නෙ වෙන්නේ.
    2015 අවුරුද්ද අවසන් වෙනකෙට කාඩ්-පත්වලට නොගෙවා හිටපු එහෙම නැත් නම් පොලු තියපු අය හිටියෙ 73125ක් විතරයි ඒ තත්ත්තවය 2016 අවසන් වෙන විට 84155ක් වෙලා. ඒ කියන්නෙ වැඩි වීම 15%ක් වෙලා. කොහොම වුණත් 2016 අවුරුද්ද අවසන් වෙන කොට මේ විදිහට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය රුපියල් මිලියන 5800ක් විතර වෙනවා. හිතාගන්න පුළුවන්ද අපේ රටේ අයගෙ තත්ත්වය.
    මේ මුදල එකවර තිබුණා නම් ග්‍රාමීය රෝහල් කීයක් හදන්න තිබුණද? බස් රථ නං කීයක් ගන්න තිබුණද? රටේ ආර්ථිකයට තමයි මේ සේරම බාධාවන් තියෙන්නේ. ඒත් එකක් මතක තියාගන්න වෙනවා: බැංකු මේ මුදල් ලබාගන්න කටයුතු කරනවා. ඒක හින්ද පුළුවන් විදිහට ගෙවල දාන-එක ඇඟට ගුණයි කියලයි කියන්න වෙන්නේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    credit card use karanna igena ganna finance leverage eka godak wadi karagnna pluwan. installment payments walin badu gnna pluwan finance management hoda kenek ta godk hoda deyak. statement sate ekta pahuwenida badu arn maximize krnna period of credit
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    i have never paid any interest at all just pay the full amount before the deadline simple as that
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    personally I don't like to get any kind of loan. But I had a credit card for about one year.
    What I have learned is that, if you can manage your finance, a credit card would be an advantage.
    But with the recent tax increment on credit cards, I decided to cancel my credit card. Because I just don't want to pay extra money to just keep my credit card.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඕකට Credit Card එකකට බැනල වැඩක් නැහැ. Credit Card එකක් ගන්න කෙනා පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. මොකද credit card එකක් හරියට පාවිච්චි කලොත් ගොඩක් ප්‍රොයෝජනවත් වෙනවා
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    People who knows how to handle credit cards never pay any extra charges. :rolleyes:

    හරියටම දවස බලලා ගාන ගෙවනවනම් කිසි අවුලක් නෑ බං... NTB නම් sms reminder එකකුත් එවනවා. මමත් කවදාවත් Interest or Late payment fees ගෙවලා නෑ... මම 2010 ඉඳන් පාවිච්චි කරනවා
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    0% installments denawa kiyana ekath boru kathawak, Installments yanawanam eka ganakui one time pay karanawanam thawa ganakui dala thiyenne. installment yanakota kohomath interest eka add karala thiyenne. Eka parak man TV ekak aran aurudu 5kata 0% geuwa ekanam maarama watinawa danunewath naha :)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    100% ක්‍රෙඩිට් කාඩ් එකෙන් විතරයි පේමන්ට් කරන්නෙ. ඩියු ඩේට් එකට සම්පූර්ණ බැලන්ස් එක යන්න ඩිරෙක්ට් ඩෙබිට් එකක් කරන්ට් එකවුන්ට් එකට දාල තියනවා. ඒ හින්ද ක්‍රෙඩිට් කාඩ් එකෙන් දෙන සේරම ඔෆ්ර්ස් ගන්නවා. කවදාවත් පොලියක් ගෙවල නෑ. මනි බැක් ඔෆ්ර්ස් වලින් මාසෙට දන්නෙම නැතුව Rs4000 විතර එනවා.
    දැන ගියොත් කතරගම! :lol: