කාදිනල් හිමි සම්බන්ධ හඬ පටයට කතෝලික සභාවේ මතය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානිවන අන්දමේ හඬ පටයක් පිළිබඳව නාමල් කුමාර නැමැත්තා පසුගියදා සිදුකළ පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    අද (29) අගරදගුරු නිල නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා මේ බව සඳහන් කළේය.

    කාදිනල් හිමිගේ ප්‍රතිරූපයට හානිවන අන්දමේ හඬ පටයක් සංසරණය වන බව පවසමින් ඒ පිළිබඳ පරික්ෂණයක් කරන්නැයි ඉල්ලා නාමල් කුමාර නැමැත්තා දෙසැම්බර් 24 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළේය.

    කතෝලික සභාව අද ඒ පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කළේය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා,

    "නාමල් කුමාර, කදිනල් හිමියන්ට මෙවැනි චෝදනාවක් කිරීම ගැන මුළු කතෝලික ප්‍රජාවම හෙළා දකිනවා. නාමල් කුමාර නැමැත්තා කාගේ හෝ වුමනාවකට සැලසුම් සහගතව කාදිනල් හිමියන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට ගන්නා උත්සාහයක් ලෙස අපි දකිනවා.

    නාලක සිල්වා සහරාන් පිළිබඳ විමර්ශනය කළා ඔහුගේ සැලසුම් හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගන්න. නමුත් එය වැළැක්වීමට නාලක සිල්වා පිළිබඳ නාටකයක් හදලා ඔහුව හිරේ දාන්නේ. ඒ තුළ පාස්කු බෝම්බය පුපුරා ගියා. එය සිදුවෙන්න ඕනේ නිසා නාලක සිල්වා හිරේ දැම්මා. මේ සැලැස්මේ මූලිකයා තමයි නාමල් කුමාර. මේ පිළිබඳ බැලුවම අපිට පැහැදිලියි නාමල් කුමාර කාගේ හෝ වුවමනාවකට අලුත් නාඩගමක් නටන්න යනවා. රාජපක්ෂලගේ හෙවනැලි තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

    ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ චෝදනාවෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිරූපයට සිදුවූ හානිය ගැන විමර්ශනයක් කරලා සාධාරණය ඉටු කරලා දෙන්න කියලා".

    namal kumara hema anduwak eddima aluth script ekak ussan enawa,

    mata hithenne kalin andu thiyenne mu karapu drama me anduwen awussanna hadana nisa, eken berenna me anduwath shape kara ganna hadapu script ekka wenna athi mekath