චමුදිතට-රූපවාහිනී නාළිකා 5කට CD පට උසාවියට දෙන්න නියෝග

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සමාජ ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර විසින් කාදිනල් හිමිපාණන්ට හා කතෝලික ආගමට අපහාස කරනු ලැබීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඒ ප්‍රකාශය විකාශය වූ බව කියන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අයත් යූටියුබ් චැනලයට සහ රූපවාහිනී ආයතන පහකට එම සීඩී පට කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙස කොළඹ අංක 8 මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (26) නියෝග කළාය.





    කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ දිනයේ මෝසමක් ගොනු කරමින් කොළඹ අලුත්කඩේ අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

    එම විමර්ශනයට අදාළව නාමල් කුමාර යන අය විසින් සිදු කළ ප්‍රකාශය විකාශය කළ නාළිකාවල දර්ශන ඇතුළත් සීඩී පට විමර්ශන සඳහා ලබා දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.




    මේ සම්බන්ධයෙන් ජාතික කතෝලික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝග සිදු කළාය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගෙන් ප්‍රකාශ ගෙන ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

    එම නියෝගය රූපවාහිනී නාළිකා සහ චමුදිත සමරවික්‍රම යූටියුබ් නාළිකාවල ප්‍රධානීන්ට නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වන ලෙස නියෝග කළාය.