කාන්තාවන්ගෙන් 90% කට අතවර

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කාන්තාවන්ගෙන් 90% කට අතවර



crowded-bus.jpg


ලංකාවේ පොදු ප්‍රවාහන මාධ්‍යන් තුළ ගමන් කරන කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීමේ ඉහල ප්‍රවණතාවයක් පවතින සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලංකාවේ සියළු පළාත් නියෝජනය වන පරිදි කාන්තාවන් 2500 ක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයකදි හෙළිවී තිබෙන්නේ පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ ගමන් කරන කාන්තාවන්ගෙන් 90% ක් ලිංගික හිංසනයට ලක්ව ඇති බවයි.

ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර විසින් පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයකදි මෙම සමීක්ෂණය පිළිබදව කරුණු අනාවරණය කරන ලදි. පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනය යන මැයෙන් පවැති මෙම සම්මන්ත්‍රණයේදී ඇය සදහන් කළේ එවැනි අවස්ථාවකදී පොලිසියේ සහය ලබාගැනීමට කටයුතු කර ඇත්තේ 4% ක් වැනි සුළු පිරිසක් බවයි.

මෙම සමීක්ෂණයේදී පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ කාන්තාවන් හිංසනයට ලක්වූ අකාර 30 ක් පමණ හදුනාගැනීමට හැකි වී ඇති අතර බහුලවම සිදුවන ක්‍රියාවන් කිහිපයක් විශේෂ අවධානයට ලක්ව තිබේ.

හිංසකයාගේ ලිංගික අවයව වින්දිතයාගේ ශරීරයේ ඇතිල්ලීම,දුරකථන අංකය ඉල්ලීම,සිතා මතා කකුල පෑගීම,කාමුක බැල්ම සහ අසුන් ගැනීමේදී අයෝග්‍ය ලෙස හැසිරීම යනාදි ක්‍රියාකාරකම් ප්‍රමුඛව සිදුවන බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. දුරගමන් සේවාවලදී මෙම තත්වය බහුල අතර ජංගම දුරකථන භාවිතයෙන් කාන්තාවන්ගේ අවයව පටිගත කරගැනීම වැනි ක්‍රියාවන් ද මෑත කාලින ව බහුලවම සිදුවන හිංසනයක් බවට පත්ව ඇත.

මෙවැනි ලිංගික හිංසනයන් සදහා වර්ෂ 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටසට අනුව දැඩි දඩුවම් ලබාදිය හැකි වරදක් වන අතර අංක 119 අමතා හෝ පොලිස් හා ළමා කාන්තා කාර්යංශයේ පැය 24 ම විවෘත අංක 0112 44 44 44 යන දුරකතන අංකය අමතා පැමිණිලි කල හැකි වනවා.
 

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පියුමිලා වගේ අයට රජය සහය දෙන්නේ නැති එකේ වැරැද්ද තමයි....:rofl::rofl:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    හිංසකයාගේ ලිංගික අවයව වින්දිතයාගේ ශරීරයේ ඇතිල්ලීම:confused::confused::confused: