කාන්තාවන් සදහා විශේෂයි!!!

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කාන්තාවන් සදහා විශේෂයි!!!

    "පනින්නට පෙර සිතා බලන්න" පැරැන්නෝ කියලා තියෙන්නේ එහෙමයි... නමුත් මේක දැන් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා "අදින්ට පෙර සිතා බලන්න" කියලා.

    කාන්තාවනි ඔබ අලුතෙන් මිලදී ගත් ඇගලුම් අදින්නට පෙර හොදින් සෝදන්න...මේ ලිපිය ප්‍රවේශමෙන් කියවා ආදහසක් ගන්න.

    අප එදිනෙදා මිලදී ගන්නා බොහෝ ඇගලුම් වෙනත් රටවලින් ආනයනය කරන ලද ඒවා වෙති. බොහෝවිට මෙහිදී සිදුවන ක්‍රියාදාමය තරමක් සංකීර්ණය. බොහෝ විට ඇගලුම් කොටස් එකිනෙකට වෙනස් රටවල නිෂ්පාදනය කර අවසානයේ නිමි ඇදුමක් බවට පත්වන්නේ වෙනත් තැනක වීම ඇගලුම් නිෂ්පාදනයේ ප්‍රධාන ලක්ෂණයයි. සරලව කියන්නේ නම් අතින් අත ගොස් අවසානයේ අප අතට නිමි ඇදුමක් ලෙස පත්වේ.

    සෑම රටකම පාහේ විවිධාකාර වූ ඇසට නොපෙනෙන පරපෝෂීත සතුන්, ශාක සිටින බව ඔබත් මමත් දනිමු. එය අප රටටද පොදු ලක්ෂණයකි. මෙය කියවා බලන්න... කෙතරම් භයංකර දෙයක්ද යන වග ඔබට පැහැදිලි වේවි.

    සිය පර්යේෂණයක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් යලි මවු රටට පැමිණි මානව විද්‍යාඥවරියක වූ සුසන් මැකින්ලි (Susan McKinley) හට සිය වම් පයෝධරය ආශ්‍රිතව යම් අසාමාන්‍යතාවක් දැකිය හැකිවිය. එය සාමාන්‍ය පලු දැමීමක් ලෙස ඇය සැලකුවාය. නමුත් තන පුඩුව ආශ්‍රිතව දැනේන සියුම් තුඩකින් ඇතුලතින් අන්නින්නාක් මෙන් මොහොතින් මොහොත වැඩිවෙමින් දැනෙන වේදනාව හෙයින් අවසානයේ අය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට තීරණය කළාය.
    නමුත් වෛද්‍යවරයාට මෙම රෝගී තත්වය හදුනා ගැනීමට අපහසු විය. සාමාන්‍ය උපකල්පනයක් යටතේ ඇයට ප්‍රතිජීවක ඖෂධ වර්ග කිහිපයකුත් වේදනාව අවම කිරීම සදහා වූ නියමිත වේදනා නාශක ආලේපනයකුත් නියම කරන ලදී.
    දිනක් දෙකක් ගත වුනාද මේ කිසිවකින් ඇයගේ පයෝදරය තුල වූ වේදනාව සමනය නොවූ අතර එය මොහොතින් මොහොත ඉවසා සිටිය නොහැකි තරම් වන තරමට බැරෑරුම් වන්නට විය. වම් පියවුරුව ගිනිගන්නවා මෙන් ඇයට හැගෙන්නට විය. තව මොහොතකින් පියවුරු පුඩු ආශ්‍රිත ප්‍රදේශයෙන් රුධිරය වහනය වන්නට ද විය.

    කල යුත්තක් සිතා ගත නොහැකි වූ ඇය කලේ සිය ලේ ගලන පියයුරුව තුවාල වෙලනයකින් ආවරණය කර, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීමයි. Dr. Lynch නම් වූ එම වෛද්‍යවරයාටද ආසාදනය කුමක්දැයි හරි හැටි වටහා ගැනීමට නොහැකි වූ නමුත් ඇයට ලබාදුන් උපදේශනය වුයේ වහාම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසෙන ලෙසයි. මෙහිදී ඇයට එක් වරම සිහියට ආවේ තම මිතුරු චර්ම රෝග වෛද්‍යවරියයි. අවාසනාවට මෙන් ඇයද සිය වාර්ෂික නිවාඩුව ගත කරමින් වෙනත් පළාතකට ගොස් සිටි නිසා ඇයට තවත් සති දෙකක් ඒ වෙනුවෙන් වේදනාව දරගෙනම සිටින්නට සිදුවිය. සිය මිතුරැ චර්ම වෛද්‍යවරිය පැමිණි වහාම සුසන් ඇය වෙත ගියාය.

    වෛද්‍ය McKinley නම් වූ මෙම චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරිය සුසන්ගේ පියවුරු ආවරණය කල වෙළුම ඉවත් කල සැනින් මහත් වූ පුදුමයට පත්වුවාය. එහි ඇය දුටුවේ පියයුරුව තුල වැඩුන නලියන පිළවුන් වැනි සතුන් කොටසකි. එසේම ඇයගේ වම් පියයුරුව වනයක් බවට පත් වී තිබුණි.

    m7uz.jpg


    3ix5.jpg


    brxd.jpg



    වෛද්‍ය McKinley මෙනවියගේ අවසන් නිගමනය වුයේ සුසන් ගේ දකුණු අප්‍රිකා සංචාරයේදී යම් පරපෝෂිතයෙක් ශරීරය තුල වර්ධනය වී ඇති බවයි. පියවුරු කොටස් පරීක්ෂාවකින් පසු කරුණු එකින් එක විශ්ලේෂණය කල විට අවධාරණය වුයේ යම් මල් වර්ගයක (ලංකාවේද ඇත) වූ ඇට මගින් මෙම ආසාදනය සිදුවී ඇති බවය. එමෙන්ම ස්ත්‍රී පියවුරු ආශ්‍රිත ප්‍රදේශය අධික මේද සහිත පෝෂණ කලාපයක්වන හෙයින් පරපොශිතයෙකුගේ වර්ධනය සදහා එය ඉතාමත් සුදුසු මාධ්‍යක් වන බවයි.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙය මා හට ලැබුනේද E-Mail පණිවිඩයක් මගිනි. එහි වූ අන්තර්ගත කරුණු එලෙසම සිංහලට පරිවර්තනය කර මෙහි පලකරමි. තවද මේ කරුණ සම්බන්දව සාක්ෂි තහවුරු කර ගැනීමට අන්තර්ජාලය තුලින් උත්සහ කලද මේ සම්බන්දයෙන් පලවී ඇති කරුණු කාරනා නම් එකිනෙකට පරස්පරය. එනිසා මෙය හුදෙක් අලුතෙන් මිලට ගත ඇගලුමක් නිසිලෙස සෝදා පිරිසිදු කර භාවිතා කිරීම දිරිමත් කිරීමේ අරමුණින්. ගොතන ලද්දක්ද විය හැක. සත්‍යක්ද විය හැක. කෙසේ නමුත් අප මිලදී ගන්නා සෑම ඇගලුමක්ම නිසි අයුරින් හොදින් සෝදා වෙලා භාවිතයට ගැනීමට මින් මතුවටවත් අනිවාර්යයෙන් කිරීමට වගබලා ගැනීම අපගේ වගකීමයි.

    මේ සම්බන්දයෙන් කරුණු අන්තර්ජාලය තුලින් සෙවීමට අවශ්‍ය නම් "
    Lotus Seed Pod" යන්න සෙවුම් වචනය ලෙස භාවිතා කරන්න.

     
    • Like
    Reactions: D@sun and stv

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේක බොරුවක් මචන්.

    http://www.hoax-slayer.com/breast-larvae.html
    මමත් දැක්කා මචං මේක.. තවත් තැන්වල තියන අනිත් ඒවත් එක්ක බැලුවහම පරස්පර විරෝධී අදහස් ගොඩාක් තියනවා. හරි දේ තෝරලා ගමු. මමත් පෞද්ගලිකව හිතනවා මේක බොරුවක් වෙන්න ඇති කියලා. නමුත් ලිපියෙන් ලැබෙන අදහස වටිනවා කියලා හිතලා පරිවර්තනය කරලා දැම්මා. :yes:
     
    මමත් දැක්කා මචං මේක.. තවත් තැන්වල තියන අනිත් ඒවත් එක්ක බැලුවහම පරස්පර විරෝධී අදහස් ගොඩාක් තියනවා. හරි දේ තෝරලා ගමු. මමත් පෞද්ගලිකව හිතනවා මේක බොරුවක් වෙන්න ඇති කියලා. නමුත් ලිපියෙන් ලැබෙන අදහස වටිනවා කියලා හිතලා පරිවර්තනය කරලා දැම්මා. :yes:


    අනේ මන්ද බං. මේක ප්‍රසිද්ධ chain letter එකක්. කියවන උන් බොරුවට බය වෙන එක තමයි වෙන්නෙ.
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    :eek::eek::eek:
    Thanks for Share machan


    අනේ මන්ද බං. මේක ප්‍රසිද්ධ chain letter එකක්. කියවන උන් බොරුවට බය වෙන එක තමයි වෙන්නෙ.

    බය උනත් මචං වෙන්නේ හොදක් නම් පොඩ්ඩක් බය උනාට කමක් නෑනේ

    මමත් දැක්කා මචං මේක.. තවත් තැන්වල තියන අනිත් ඒවත් එක්ක බැලුවහම පරස්පර විරෝධී අදහස් ගොඩාක් තියනවා. හරි දේ තෝරලා ගමු. මමත් පෞද්ගලිකව හිතනවා මේක බොරුවක් වෙන්න ඇති කියලා. නමුත් ලිපියෙන් ලැබෙන අදහස වටිනවා කියලා හිතලා පරිවර්තනය කරලා දැම්මා. :yes:

    කොහොමත් ඇදුමක් ගත්තම හොද්න්නේ නැතිව අදින්නම එපා. විශෙෂයෙන් යට ඇදුම් නම් ඩිටොල් ටිකක් දාලා හෝදල අදින එක තමා වඩා හොද
     
    බොරුවක්ම කියන්න බෑ.. අනේ මන්ද?
    viewer discretion advised


    http://www.youtube.com/watch?v=-fKA_sUDxcQ

    ඔය video එකේ තියෙන්නෙ වෙනම case එකක් මචන්.


    Other versions of the message also include a graphic video that ostensibly depicts larvae being removed from "Miss McKinley's" breast. Although the video is genuine, it has no relation whatsoever to the breast rash image or the spurious claims made in the message. The video was originally published online as part of a 2004 BMC Surgery journal article, that describes a case of Furuncular myiasis of the breast caused by the larvae of the Tumbu fly (Cordylobia anthropophaga). The patient in the video is in fact a 70-year-old women living in Nigerian who had fourteen larvae removed from her right breast. The video footage shows no evidence of the lotus-seed like rash and it clearly does not depict the same woman featured in the hoax message picture. (The video is available for viewing via a link within the BMC Surgery article).

    Cordylobia anthropophaga eggs can be deposited in soil or wet and dirty clothing that is hung out to dry, and the article advises that good personal hygiene and ironing clothes before wearing can be effective preventative measures against infestation. While eggs can be present in soiled clothing, their presence in brand new, store bought clothing seems fairly unlikely. The journal article notes:
    C. anthropophaga is a large, robust brownish yellow fly found widely throughout tropical Africa. It deposits 100–300 eggs on soil polluted with animal excrement or on clothing saturated with perspiration and soiled diapers. After hatching, the larvae can stay alive for seven to twenty days, while attached to contaminated articles and clothing or the soil. On contact with the skin of man or other vertebrates they easily penetrate the skin.

    Given the mode of transmission described, older clothing that has been directly exposed to the fly and poorly laundered is probably a lot more likely to harbour the larvae than new and unworn store-bought underwear.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    ඔය video එකේ තියෙන්නෙ වෙනම case එකක් මචන්.
    :shocked: එහෙමද? එහෙනම් අවුලක් නෑ.. description ටික load වුනේ නෑ.. botfly කියන එක දන්නෙ නෑ.. මම හිතුව මේකම කියල.. ත්‍රෙඩ් එකේ තියන කරුනු වගේමනෙ. :sorry:
    http://answers.yahoo.com/question/index?qid=20080126165220AArL6Ng

    http://myths.answers.com/other/are-those-notorious-breast-larvae-pictures-real

    අවු 6 කට කලින් උත්තර දීල තියෙන්නෙ. :cool:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මගේම අත්දැකීමක් මම කියන්නම්. මම දැනට ඉන්නේ අප්‍රිකානු රටක. අපිට මෙහෙ එද්දිම දෙන එක උපදෙසක් තමා ගෙදර ඇතුලේ සෙරෙප්පු සෑමවිටම දාගෙන සිටිම සහ එලියට යනවා නම් අනිවා සපත්තු දාන්න කියල.
    හේතුව තමා මෙහේ පස් වල ඉන්නව ඇහැට නොපෙනන පරපෝෂිත පනුවන්. උන් අපේ කකුල් ඇගිල් වලින් ඇතුල් වෙලා කකුලේ ඇතුලේ වර්ධනය වෙනවා . පහුවෙද්දි කකුල උන්ගේ කොළනියක් වන තරම් උන් වර්ධනය වෙනවා.

    අනිතිමට කකුල පලලා තමා උන්ව අයන් කරන්න වෙන්නේ..

    අපිත් එක්ක වැඩ කරපු දෙන්නෙකුට ඔය පනුවො රින්ගලා බෙහෙත් කරන්න වුනා

    මේ ත්‍රෙඩ් එකේ කථාව අත්ත හො බොරු වෙන්න පුලුවන්. නමුත් අප්‍රිකානු රටවල හදුනා නොගත් පරපොෂිතයත් තාමත් ඉන්නවා ඒක නම් ඇත්ත
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Natgeo balanna programs yanawa oyawage scene. Meka boruwak unata atta dewalauth thiyanawa.
     

    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    මේකේ ඇත්තක් වෙන්න පුළුවන් ඇදුම් වලින් ඒත් සත්තු හැදුනේ කොහොමද කියලා තමා හිතාගන්න බැරි

    මමත් ඇදුමි වගයක් ගත්තා export reject වෙචිච ඒවා දවසක් එක ඇදුමක් ඇන්දා ඇන්ද වෙලේ ඉදන් කසන්න ගත්තා. මට තේරුනා මේ ඇදුමේ මොකක් හරි දෙයක් කියලා.ඊට පස්සේ ඒක ගැලවලා දැම්මත් හරි ගියේ නැහැ. මම ගියා අපේ family dr ගාවට එයාට විස්තරේ කීව ගමන් කිවා ඒ ඇදුමි වලට සත්තු එන්නෙ නැති වෙන්න බෙහෙත් ගහනවළු ඒවා අපිට විෂ නිසා කහන්න පටන් ගන්නවළු
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මගේම අත්දැකීමක් මම කියන්නම්. මම දැනට ඉන්නේ අප්‍රිකානු රටක. අපිට මෙහෙ එද්දිම දෙන එක උපදෙසක් තමා ගෙදර ඇතුලේ සෙරෙප්පු සෑමවිටම දාගෙන සිටිම සහ එලියට යනවා නම් අනිවා සපත්තු දාන්න කියල.
    හේතුව තමා මෙහේ පස් වල ඉන්නව ඇහැට නොපෙනන පරපෝෂිත පනුවන්. උන් අපේ කකුල් ඇගිල් වලින් ඇතුල් වෙලා කකුලේ ඇතුලේ වර්ධනය වෙනවා . පහුවෙද්දි කකුල උන්ගේ කොළනියක් වන තරම් උන් වර්ධනය වෙනවා.

    අනිතිමට කකුල පලලා තමා උන්ව අයන් කරන්න වෙන්නේ..

    අපිත් එක්ක වැඩ කරපු දෙන්නෙකුට ඔය පනුවො රින්ගලා බෙහෙත් කරන්න වුනා

    මේ ත්‍රෙඩ් එකේ කථාව අත්ත හො බොරු වෙන්න පුලුවන්. නමුත් අප්‍රිකානු රටවල හදුනා නොගත් පරපොෂිතයත් තාමත් ඉන්නවා ඒක නම් ඇත්ත
    :shocked: